සමාජය නිවන් මඟට ගෙනෙන
පැවිද්දේ අගය වටහා ගැනීම
තුම්බෝවිල ඉසිවර අරණවාසී
නුගේගොඩ පුණ්ණ හිමි
සාකච්ඡා කළේ පි‍්‍රයංකා කුරුගල
භික්ෂු අධ්‍යාපනය සැකසිය යුතු වන්නේ සමාජයට උතුම් අරමුණු ගොඩනඟන
පිරිසක් බිහි කිරීම උදෙසාය. භික්ෂූන් වහන්සේ වෙත සපැමිණෙන
දායකකාරකාදීන්ට මෙලොව, පරලොව දෙලොවම යහපත් කැර ගැනීමට, සුවපත් කැර
ගැනීමට හේතුවන නිර්වාණ මාර්ගය පෙන්වා දිය යුතුය. මරණයට පෙර කෙසේ හෝ
සෝතාපන්න වීමට ධර්ම මාර්ගයේ ගමන් කැරවීමට උනන්දු කැර විය යුතුය.
මේ උතුම් අරමුණෙහි පිහිටන සේ භික්‍ෂූන් වහන්සේ ගොඩනැගීම දැනට පවතින
අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ඉටු වනුයේ කලාතුරකිනි.
භික්‍ෂූන් වහන්සේ ඉතා හොඳ සිල්වත් අයකු විය යුතුය. උපතින්ම සිල්වත් වන
උදවිය ද, තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලයේ මෙන් ඉතා උනන්දුවෙන් සීල
සමාධි ගුණ දම් පුරන උදවියද අප අතර සිටිති. ඇතැම් භික්ෂූන් වහන්සේ ධර්මය
පිළිබඳ මැනවින් විමසා සිල්වත් බව තමන් කෙරෙහි පිහිටුවා ගැනීමට උනන්දු
වෙති.
එබඳු භික්ෂූන් වහන්සේ වැඩ විසීම, මිනිස් සමාජයේ වාසනාවකි. මෙහිලා
අවධාරණය කළ යුතු වැදගත්ම කරුණක් වනුයේ යහපත්, සිල්වත් ගුරුවරයකු යටතේ
හැඩ ගැසෙන්නේ නම් ඔහුට ද සිල්වත් විය හැකි බවයි. සැබවින්ම භික්‍ෂුවක
සතු වටිනාම දෙය වනුයේ ද තමන් විසින් රකින්නා වූ සීලයයි. භික්‍ෂුව
අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදීම සසරින් එතෙර වීමේ අරමුණින් පැවිදි වූ අයකු
විය යුතුය. මේ ජීවිතයේදිම මාර්ගඵල ලැබීම සඳහා වූ උතුම් අදහසින් භික්ෂුව
වාසය කළ යුතුය. ඒ අතර තමන්ට සමාජ සේවය කළ හැකි නම් ඒ සේවය උදෙසාද කැප
විය යුතුය.
සැබවින්ම රාජ්‍ය නායකයකුට කිරීමට බැරි බොහෝ කටයුතු භික්‍ෂූන් වහන්සේ
නමකට කළ හැකි බව අපගේ අදහසයි. භික්ෂුවකගෙන් මහජනතාව භෞතික ලාභ අපේක්‍ෂා
නොකරයි. භික්‍ෂූන් වහන්සේට සිවුපසය ලබාදෙති.
තවද පිච්ච මල් පූජාව වැනි පින්කම් සඳහා ලබා දෙන ප්‍රචාරය එතරම් ප්‍රබල
නොවුණත් ලක්‍ෂ ගණන් මහජනතාව ඒවාට රැස් වන අයුරු සලකා බලන්න.
ජල පහසුකම් වැසිකිළි, කැසිකිළි පහසුකම් පවා විරල ව තිබියදී ලක්ෂ ගණනික්
මිනිසුන් මේවාට සහභාගි වීමෙන් පෙනී යන්නේ, බුදු සසුන පිළිබඳ ඔවුන් තුළ
පවතින ශ්‍රද්ධාවේ විශාලත්වය නොවේද?
මිනිසුන් රැස්වීමේ අරමුණත් ශාසනික කටයුතුවලට මිනිසුන් මෙසේ රැස්වීමත්
අතර වෙනස භික්ෂූන් වහන්සේ විසින් හොඳින් වටහාගත යුතු යැයි සිතමි.
භික්ෂූන් වහන්සේගෙන් ගිහි සමාජය අපේක්‍ෂා කරනුයේ අධ්‍යාත්මික සංවර්ධනය
සඳහා වූ සහායක්ම බව මේ අනුව පැහැදිලි වෙයි.
මහජනතාව ධර්මය වෙත, ශාසනය, වෙත යොමු වනුයේ, භික්ෂූන් වහන්සේගේ දේශපාලන
බලය සැලකිල්ලට ගැනීම නිසා නොවෙන බව පැහැදිලිය.
තමන්ගේ සිල්වත් බව, ගුණවත් බව තමන් වෙතින් දුරු වී ගිය දිනෙක, මේ ජනතා
ප්‍රසාදය මෙසේම තමන් වෙත නොලැබෙන බවද, භික්ෂූන් වහන්සේ අමතක නොකළ
යුතුය.
මෙයින් ගම්‍ය වන වැදගත්ම සත්‍යයක් තිබේ. එනම් භික්‍ෂූන් වහන්සේ,
දේශපාලනය නොකළ ද පාසල් ගුරුවරු නොවුවද වෙද හෙදකම් යන්ත්‍ර මන්ත්‍ර
ගුරුකම් නොකළද සමාජ වෙනුවෙන් කළ හැකි වැදගත් වැඩ කොටසක් උන් වහන්සේ වෙත
පැවරී ඇති බවයි. ඒ භික්ෂූන් වහන්සේ යනු, මුළු සමාජයේම වැඩිම
පිළිගැනීමක්, ගෞරවයක්, ලබන සමාජ කොටසයි. භික්‍ෂූන් වහන්සේට සමාජයේ ඕනෑම
තැනකදී හිමිවන්නේ මුල්තැනයි .තවමත් ශි‍්‍ර ලාංකීය සමාජය ජීවිතයට
මාර්ගෝපදේශකත්වය අපේක්ෂා කරන්නේ භික්ෂූන් වහන්සේගෙන් බව අප හැම දෙනා
විසින්ම වටහාගත යුතු වැදගත් සත්‍යයකි.
ඒ අනුව බුදු සසුන පිළිබඳ සහ සමාජ නායකත්වය පිළිබඳ වගකිවයුත්තන් මේ බව
මැනවින් සිතා බැලිය යුතුය. එහෙයින් භික්‍ෂූන් වහන්සේට අධ්‍යපනය ලබා දිය
යුතු වන්නේ උන් වහන්සේ ගොඩනැංවිය යුතු වන්නේ වැදගත් අධ්‍යාපනික අරමුණු
සාක්ෂාත් කැර ගැනීම උදෙසාය. අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්ම කැප වූ
භික්ෂු සමාජයක් බිහි වීම, මුළු මහත් සමාජයටම යහපතකි. වාසනාවකි.
එක් අවස්ථාවකදී සැරියුත් මහරහත් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් යම්
පුද්ගලයන් පිරිසක් පැවිදි කිරීමට විමසා සිටි අවස්ථාවේදී බුදුරජාණන්
වහන්සේ පැවසුවේ හැකිනම් එක් අයකු පමණක් මහණ කරවන ලෙස ය. මෙයින්
පැහැදිලි වන්නේ භික්ෂූත්වයේ දුර්ලභ බව හා ශ්‍රේෂ්ඨත්වයයි.
නව භික්ෂූන් වහන්සේ බිහිකිරීම සඳහා නැණ ගුණ සපිරි උතුම් ගුරුවරු සිටිය
යුතුය. ගුරුවරයා, ශ්‍රද්ධාව ඇති අයෙකු විය යුතුය. සිල්වත් අයකු විය
යුතුය. එසේම ගුරුවරයා සතුව පිරිසුදු ධර්ම ඥානයක් තිබිය යුතුය. ගුරුවරයා
එසේ වී නම්, එබඳු ගුරුවරුන් වෙතින් නික්මෙන ගෝලයන්ද එසේම වනු ඇත.
කුඩා දරුවන් පැවිදි කරවීමද අප සමාජයේ සුලබව දක්නට ලැබෙයි. අලුතෙන්
පැවිදි වන ගෝලයා ලොකු වුවද, කුඩා වුවද වැදගත් වන්නේ එය නොවේ. වැදගත්
වන්නේ නිරවුල් ධර්මාවබෝධයක් වුවද නිවැරැදි හික්වීමත් ඔහුට ලබාදීමේ
හැකියාව, ශාසනය සතුව පවතිනවා ද යන්නයි.
පිරිවෙනක පැවැතිය යුතු වනුයේ ධර්මාවබෝධය සහ ධාර්මික ප්‍රතිපත්තිවලට
රුකුල් දෙන පරිසරයකි. ධර්ම මාර්ගයට බාධා පමුණුවන ඊට එරෙහි
ක්‍රියාකාරකම් එවැනි ස්ථානයක සිදුවෙයි නම්,
එවැනි තත්ත්ව වෙනස් කොට සුදුසු ලෙස ඒවා සංවිධානය කිරීම, සසුනේ
අභිවෘද්ධිය සඳහා අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. |