කෙලෙස් නසන
මරණ සතිය
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය,
වීරපොකුණ වෙල්ලංගිරිය
පුරාණ රාජමහා විහාරාධිකාරී,
ගලගෙදර රතනවංස හිමි
බුදු දහම තුළින් අවධාරණය කරන්නේ
අවසන් ගමන යන විට
කුසල් අකුසල් පමණක් ගෙනියන බවයි.
ඒ බව කොතරම් පැහැදිලි කර දුන්න ද,
භෞතික සම්පත් මතම
ඇලීම සත්වයාගේ ස්වභාවයයි.
සදාකාලික විධියට සිතුම් පැතුම් පොදි බැඳගෙන
උපාදානයෙන් දිවි ගෙවමින්
තමන්ටත් හොරා මාරයා පැමිණි කල
කුමක් කරන්න ද?
බුදුරජාණන් වහන්සේගේ දේශන අතර විවිධ භාවනා ක්‍රම උගන්වා ඇත. ඒ අතර
මරණානුස්සති භාවනාවට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. එයට හේතුව එම භාවනාව
ප්‍රායෝගිකව ජීවිතයකට බෙහෙවින්ම සමීප වන බැවිනි. මරණය කාටත් පොදු වූ
ධර්මතාවකි. බුදු, පසේ බුදු මහරහත් යන උත්තමයන් වහන්සේටත් රාජ රාජ
මහාමාත්‍යාදීන්ටත්, දුගී මඟී කාටත් එකසේ බලපාන සදාතනික ධර්මතාව මරණය
යි. ඒ නිසා ඒ පිළිබඳ නිරන්තරයෙන් මෙනෙහි කිරීම ඉතා වැදගත් ය.
එසේ වූව ද සමාජය තුළ දක්නට නොලැබෙන්නේ ද එයම ය. එය ප්‍රායෝගික ජීවිතයකට
සම්බන්ධ කර නොගැනීම නිසා ඇතිවන ප්‍රශ්න ගැටලු එමට ය. මීට වසර 20 කට 30
කට එහායින් එහි මරණයක් වූ කල එහි විපර්යාසය සංවේදී බව සේම, කුතුහලය දින
ගණනාවක් පවතී. මට මතකයි මට අවුරුදු එකොළහ දොළහක යුගය තුළ මරණය සම්බන්ධව
පැවැති වාතාවරණය, එකළ කෙනෙකු මැරුණහම අපි බියට පත්වූයෙමු. අපි මළ සිරුර
බැලීමට ද පසුබට වූයෙමු. ඒ තරමට එහි අමුතුම වෙනසක් සිතට ගතට දැනිණි. අපි
සොහොන් පිටියක් ළඟින් යන්නටත් එකළ බිය විය. එහි හොල්මන් ඇත. මිය ගිය
කෙනා එහි ඇත යනාදී වශයෙන් ඒ පිළිබඳ ටික කාලයක් සිහි කල්පනාවට එන
ස්වභාවයක් පැවතිණි. ඇත්තෙන්ම ඒ තුළින් මරණයේ දෝංකාරය කාටත් දැනුනා සේම
එසේ වන බව සිතා එදිනෙදා ජීවිත ධාර්මිකව පවත්වාගෙන යන්නට සියල්ලෝම වග
බලා ගත්හ.
අද සමාජය තුළ මළ ගෙදරක් වුණාම කරන්නේ මරණ සඤ්ඤාව උපදවා ගැනීම නොවේ.
කාඩ් ගැසීම, බූරු ගැසීම, කැරම් ගැසීම, දාන් ඇදීම, මත්ද්‍රව්‍ය විකිණීම
හා පානය කිරීම, සිගරැට්, සුරුට්ටු පානය කිරීම ආදී පහත් දේවල් ය. ඒ
තුළින් බෞද්ධකමත් මනුෂ්‍යකමත් පිරිහෙනු ඇත. ඉස්සර කෙනෙකු මළ කල්හි
මිනිසුන් රැස්ව පන්සිය පනස් ජාතක පොත, බණ පොත ආශ්‍රයෙන් ධර්මය සවේගයක්
ඇති කරගත්හ. ජීවිතයේ අනිත්‍ය, ස්වභාවයත්, මරණයේ සදාතනික බවත් මෙනෙහි
කළහ, ඒ වාගේම ශරීරයේ ඇති අස්ථාවරත්වය හා මේ ශරීරය දෙතිස් කුණුප කොට්ඨාස
වලින් සැදුම් ලත් බවද මෙනෙහි කළහ.
අද සියල්ල සිදුවන්නේ හා සිදු කරන්නේ නොමැරෙන අය ලෙස සිතාගෙන ය. ඒ
තුළින් තමන්ගේ හානියත් අන්‍යාගේ හානියත් සිදුවේ. අපි මැරෙන මිනිසුන්
නේද? කියන කාරණය අමතක කරන ඇත්තෝ පටු පරමාර්ථ වලින් ජීවිතය ගොඩ නඟා ගනී.
එහිදී ආත්මාර්ථකාමී සිතිවිලි උද්ගත වේ. ඒ තුළින් අනුන් විනාශ කොට තමාගේ
අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට උත්සාහවත් වීම ස්වභාවිකය. ඒ නිසා කිසිම
මොහොතක අමතක නොකළ යුතු කාරණයක් ලෙස මරණානුස්මතිය හැඳින්විය හැකි ය. මේ
කාරණය අමතක කිරීමෙන් අද ලෝක යුද්ධ පවා සිදු වේ. එක රටක් තවත් රටක්
ගොදුරු කර ගැනීම, ලොකු මිනිසා කුඩා මිනිසා තලා පෙළා යටත් කර ගැනීම ආදී
වශයෙන් මෙම මත්ස්‍ය න්‍යාය ඇති වන්නේ ඉහත කාරණය අමතක කිරීම තුළිනි.
උපන් සත්ත්වයාගේ මරණය නියතය. සත්වයා උපත ලබා ඇත්තේ මරණය සමඟ ය. එය
බලාපොරොත්තු රහිත ලෙස කවර අවස්ථාවක වූවද සිදුවිය හැකි ය. ජීවිතය ආවරණය
රහිතව ඇති දැල්වෙන පහනක් බඳු ය. හමා එන සුළං රැල්ල නිසා පහන කවර විටක
වූවද නිවී යා හැකි ය. ජීවිතයේ ස්වභාවයද එබඳු ය. ඒ නිසා ජීවිතය තණ අග
දිලෙන පිණි බිදුවකට හා දිය බුබුළකට සමාන කර ඇත. ජීවිතය කරා මෙලෙස
ඒකාන්තයෙන් ම ළඟා වන මරණය භාවනාවකට අරමුණු කර ගැනීම මුලින් සඳහන් කළ
ආකාරයට එය මරණානුස්සති භාවනාවයි.
මෙය රාගාදී කෙලෙස් සිතිවිලි නැතිවීමට හේතුවෙයි. වනයෙහි හැසිරෙන සතුන්
සිංහයාගේ නාදය අසා යම් සේ කම්පිත වන්නේ ද එමෙන්ම මරණානුස්සති භාවනාවෙන්
රාගාදී කෙලෙස් කම්පිත වන බව සඳහන් වෙයි. මෙම භාවනාව වැඩීමෙන් ලද හැකි
උදාර අනුහස් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
මරණසති භික්‍ඛ වෙ භාවෙතෙ මරණ සති භික්කවේ භාවිත
බහුලිකතා මහපථලාහොති මහානිසංසා අමතොගධා අමත පරියොසානා
මහණනි, මරණය මෙනෙහි කරන්න. මරණ සතිය නිතර නිතර භාවිතා කරන ලද්දේ බහුල
වශයෙන් පුරුදු පුහුණු කරන ලද්දේ ද මහත්ඵල මහානිශංස ගෙන දෙයි. නිවනට
පැමිණීම හේතු වෙයි.
මරණානුස්සති කර්මස්ථානය
පවාත දීප තුල්‍යාය සායුසනතතියාක්‍ඛයං පරූපමාය සමපපස්සං භාවයෙ මරණස්සති
“සුළං හමන තැනක දල්වන ලද පහනක් මෙන් තමාගේ ආයුෂ ද ගෙවී යන අයුරු
අන්‍යයන් උපමා කොට බලමින් මරණානුස්සති භාවනාව කළ යුතු වෙයි.”
මහාසමපත්ති සමපත්තා යථා සත්තා මතා ඉධ
තථා අහං මරිස්සමි මරණං මම හෙස්සති
“මිනිස් ලොව මහත් සම්පත් ලද උතුම් සත්වයෝ යම් සේ මළාහු ද එමෙන් ම මම ද
මැරෙන්නෙමි. මට ද මරණය වන්නේ ය.”
උප්පත්තියා සහෙවෙදං මරණං ආගතං සදා
මරණතථාය ඕකාසං වධකො විය ඵසති
“මේ මරණය උපතත් සමඟ ම පැමිණියේ ය. එසේම වධකයෙකු මෙන් මරණයට අවස්ථාවක්
සොයන්නේ ය.”
“ඊසකං අනිවත්තනතං සතතං ගමනුසසුකං
ජීවිතං උදයායත්ථං සුරියො විය ධාවති
“ජීවිතය මොහොතකු දු නොවන්නේ ය. නිරන්තරයෙන් ම ගමනට උත්සාහවත් ය. උදා වූ
හිරු අස්තයට යන්නාක් මෙන් මරණය කරා දුවන්නේ ය.”
“විජ්ජුබුබබුළ උස්සාව ජලරාජි පරික්‍ඛයං ඝාතකොව රිපූ තස්ස සබ්බත්‍ථාපි
අවාරියො
“මේ ජීවිතය විදුලියක් මෙන් ද, දිය බුබුලක් මෙන් ද, පිනි බිඳක් මෙන් ද,
දියෙහි ඇඳි ඉරක් මෙන් ද ක්‍ෂය බවට යේ. මා වෙත සතුරෙකු මෙන් ලුහුබැඳ එන
මරණය නැමැති සතුරා සෑම තන්හි ම නොවැළැක්විය හැක.”
සුයසත්‍ථාම පුඤ්ඤිදධි බුදධිවුදධි ජිනදවයං
ඝාතෙසි මරණං ඛිප්පං කාතු මාදිසකෙ කථා
“මහත් යසසින්ද, ශක්තියෙන්ද, පිනින් ද, සෘද්ධියෙන් ද ,බුද්ධියෙන්ද, වැඩි
සිටියා වූ බුදු, පසේ බුදු, උතුමෝ මරණය විසින් නසන ලදහ. එබදු යසස් ආදිය
නැති මා වැන්නකු වෙත මරණය එනු පුදුමයක් ද (කියනු ම කවරේද?)
පචචයා නඤච වෙකල්‍යා බාහිර ජඣතතුපදදවා
මරාමොරං නිමෙසාපි මරමානො අනුක්‍ඛණන්ති
“ඇසිල්ලක් පාසා ක්‍ෂණික මරණයෙන් මිය යන්නා වූ මම ආහාර ප්‍රත්‍ය ආදීන්ගේ
නොලැබීමෙන් ද බාහිර උපද්‍රව්‍යයන්ගේ ද, අධ්‍යාත්මික ශරීරගත
උපද්‍රව්‍යයන්ගෙන් ද ඇසිපිය හෙළන කාලයකටත් අඩු කලකින් මිය යා හැකි
කෙනෙක් වෙමි.”
ඉහතින් සඳහන් කළ මරණානුස්සති කර්මස්ථානය එකින් එක ප්‍රගුණ කිරීම තුළින්
ජීවිතයත් මරණයත් අතර කාලය පිළිබඳ නිශ්චය කර ගැනීමට පුළුවන. ජීවත්වන
කාලය යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකි වන්නේ එවිට ය. නිතර සිතිය
යුත්තේ ජීවිතය අනිත්‍යයි මරණය නියතයි යන බුදු වදනයි. එසේ වූවද අද සමාජය
තුළ මිනිසුන් කොතරම් දුරට ඉහත මාතෘකාවට පිටුපා සිටීද? ඉහත මාතෘකාවෙන්
බැහැර වී සිටීද? මුළු ජීවිතය පුරාම කරන්නේ හරක බාන, වතු පිටි, මිල
මුදල්, ගේ දොර ඉඩ කඩම් යන ලෞකික දේවල් සමඟම ගැටී ඇලී ඒවාම රැස් කිරීම
ය. ලෝභය, ද්වේශය, මෝහය ආදී අකුසල් සිතුවිලි වර්ධනය වන තැනට කටයුතු
කිරීම ය.
බුදු දහම තුළින් අවධාරණය කරන්නේ අවසන් ගමන යන විට කුසල් අකුසල් පමණක්
ගෙනියන බවයි. ඒ බව කොතරම් පැහැදිලි කර දුන්න ද, භෞතික සම්පත් මතම ඇලීම
සත්වයාගේ ස්වභාවයයි. සදාකාලික විධියට සිතුම් පැතුම් පොදි බැඳගෙන
උපාදානයෙන් දිවි ගෙවමින් තමන්ටත් හොරා මාරයා පැමිණි කළ කුමක් කරන්න ද?
එබැවින් අපි අද අද මාරයාට මුහුණදීමට උත්සුක විය යුතු ය. මාරයා හෙට
අනිද්දා එයි කියා මොහොතකටවත් නොසිතිය යුතු ය.
ද සමහර තැන්වල මළ ගෙවල් සිදුවන විට ඒ වෙලාවට එය දැක සාමාන්‍ය සිදුවීමක්
හැටියට සිදු කරනවා හැර එතුළින් ආදර්ශවත් පණිවිඩයක් දීමට හෝ ගැනීමට
පසුබට වීම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. එබැවින් අපි සියල්ලෝම මරණයට
පත්වනවා නේද? කියන මරණ සඤ්ඤාව ඇති කර ගනිමින් ජීවත් වන කාලය තුළ ගුණ
ගරුක මිනිසුන් වශයෙන් තම යුතුකම්, වගකීම් ඉටුකරමින් රටට දැයට වැඩ ඇති
මිනිසකු හැටියට මිය යෑමටත් මෙලොව පරලොව ජය ගැනීමටත් උත්සහාවත් වීම කළ
යුතුව ඇත. |