ධම්ම පද සැහැල්ල - 13 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
(51) යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා අඵලා හෝති අකුබ්බතො
පැහැය ඇති සුවඳ නැති – මල් අගය අඩු දෙයකි. මිහිරි වූ අරුත් සුන් – වචනය
ද එසේ මය.
හිතවතුනි; වචනවල – අරුත් සුන් වූ විටෙක - සුවඳ නැති මලක මෙන් – අගය අඩු
වන්නේ ය...
(52) යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්ධකං,
ඒවං සුභාසිතා වාචා සඵලා හොති සකුබ්බතො.
පැහැය සහ සුවඳ ඇති – මල් ඉතා අගනේ ය. මිහිරි වූ අරුත් බර – වචනය ද එසේ
ම ය...
හිතවතුනි; වචනවල – අරුත් බර වූ විටෙක - සුවඳ පිරි මලක මෙන් – අගය වැඩි
වන්නේ... ය...
(53) යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණේ බහු,
එවං ජාතෙන මච්චේන කත්තබ්බං කුසලං බහුං.
හපන් මල්කරු තෙමේ – මල් රැසක් පෙළට ගෙන – විසිතුරුව මල් දමක් - ගොතන්නා
පරිද්දෙන්/උපන් හැම මිනිසා ම – පින් දහම් කිරීමෙන් - මේ අඳුරු ජීවිතය –
ආලෝක කළ යුතු ය...
හිතවතුනි; හැමවිට ම – පින් දහම් කරන්නා - අසල්වැසි දනන්ගේ - සිත් දිනා
ගන්නේ ... ය...
(54) න පුප්ඵ ගන්ධෝ පටිවාතමෙති න චන්දනං තගර මල්ලිකා වා
සතං ච ගන්ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාති.
මල් සුවඳ උඩු සුළං - අතට විහිදෙන්නෙ නෑ. - සඳුන් සුවඳත් යන්නෙ - සුළං
යන අතටමය./ ඒ වුනත් සත් පුරුෂ – ගුණ සුවඳ එහෙම නෑ - ඒ සුවඳ ලෝකයේ - දස
දිශාවට ඇදේ...
හිතවතුනි; තුන් දොරින් - සංවරව හැසිරෙන්න. – එවිට ලොව හැම දෙනා - අතර
ඔබ පිළි ගැනේ...
මතු සම්බන්ධයි
|