බෞද්ධ රාජ්‍ය පරමාදර්ශය
දස සක්විති වත්
රත්නපුර රත්ගඟ කුඩාව විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති
රක්වානේ සුමනනන්ද හිමි
ඉන්දීය රාජ්‍ය සම්ප්‍රදාය අනුව
රජකුගේ මූලික තම සුදුසුකම
වූයේ දිග්විජය බවයි.
ධර්මාශෝක අධිරාජයාණන් විසින් මේ
ප්‍රතිපත්තියට
දෙන ලද නම ධර්ම විජය යන්නයි.
වෛදික කල්ප ශාස්ත්‍ර අනුව
රජකු අධිරාජයකු කරවන
වැඩ පිළිවෙළක් අශ්ව මේධ
යාගයෙන් ක්‍රියාත්මක කෙරිණි.
නමුත් බුදු දහමේ
සඳහන් වන අයුරින් දස
රාජ ධර්මය රජකු
අධිරාජයකු කරන අයුරු
පෙන්වයි. ධර්මාශෝක රජතුමා
තෝරා ගත්තේ
මෙයින් දස රාජ ධර්ම බව ඔහුගේ
සෙල් ලිපි වලින්ම පැහැදිලි වෙයි.
සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාඨක
වර්ගයට අයත් “චක්කවත්ති - සීහනාද” සූත්‍රයෙහි ය. එහි සඳහන් කර ඇති
අන්දමට චක්‍ර රත්නය පහළ වීමෙන් සක්විති රජයට පත් වන්නේ මේ දස සක්විති
වත් වලින් සමන්විත තැනැත්තායි. ඒ ඇති කර ගත යුතු දස සක්විති වත් මෙලෙස
සඳහන් කළ හැකිය.
01. ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹු
දරුවන්ගේ ආරක්‍ෂාව සැලසීම. (අන්තෝජනස්මිං)
02. රටේ ආරක්‍ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු)
03. රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු)
04. රාජ්‍ය තන්ත්‍රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු)
05. රටෙහි වෙසෙන බ්‍රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද
(බ්‍රාහ්මණ ගහපතිකේසු)
06. නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු)
07. රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද
(සමණ බ්‍රාහ්මණෙසු)
08. මෘග පක්‍ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි
ආරක්‍ෂාව සැලසීමද,
09. තමන්ගේ රජයෙහි අධර්මක්‍රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට
ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද,
10. තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ
පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත්
හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද
කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, මේ
දස කරුණු චක්‍රවර්තී වත් යනුවෙන් හැඳින්වයි.
නිතර ඇතිවන වාද භේද සමහන්කොට පාලනය කිරීමට පාලකයකු අවශ්‍ය විය. ජනතාවගේ
පාලනයට ජනතාවගේ සම්මතයෙන් ජනතාව විසින් ම පාලකයෙක් පත් කර ගන්නා ලදී.
මහා ජන සම්මතයෙන් ජනතාව විසින්ම තෝරා ගනු ලැබූ බැවින් “මහාසම්මත” නම්
වූ බව අග්ගඤ්ඤ සූත්‍රයෙහිම සඳහන් වේ. ඔහුගේ කාර්යය වූයේ සම්මත නීති කඩා
ක්‍රියා කරන කවරකුට වුවද එයට නිසි දඩුවම් පැමිණ වීමයි. ඒ සඳහා ඔහුට
ජනතාව විසින් නිපදවනු ලබන හැල් අස්වැන්නෙන් කොටසක් රජුගේ වේතනය සඳහා
දෙන ලදී. මේ මහා සම්මත රජතුමායි.
ආදිම රජතුමාද පත් කොට ඇත්තේ ජනතාවගේ සේවය සඳහා ජනතාව විසින්ම
ප්‍රජාතන්ත්‍රවාදී ලෙසය. මිනිසුන් තුළ මනුෂ්‍ය ධර්ම හෙවත් දස කුලය ධර්ම
පැවති කාලයෙහි මිනිසා පාලනය වූයේ ඒ මනුෂ්‍ය ධර්ම මගින් ඉබේටමය.
සක්විතින් රජුන් බවට පත්වන අය දස සක්විති වත් පුරන්නේ මේ දස කුසල
ධර්මයෙහි මැනවින් පිහිටා සිටිමින් එයින් අන් අයට ආදර්ශයක් දෙන
පරිද්දෙනි. සක්විති රජුනගේ තැනට එන උතුමන් ක්‍රියා කරන්නේ
ක්‍ෂාන්තියෙන්, අවිහිංසාවෙන්, මෛත්‍රියෙන් හා කරුණාවෙනි. අනුනට
ආරක්‍ෂාව සැලසීම තමන්ගේ ආරක්‍ෂාව වන බව ඔවුන්ගේ ස්ථිර
පිළිගැනීමයි.දැහැමි චක්‍රවර්තීන් තුළ තිබිය යුතු දස රාජ ධර්මයක් ජාතක
පාලියෙහි මෙසේ සඳහන් කර ඇත.
“දානං සීලං පරිච්චාගං අජ්ජවං මජ්ජවං තපං
අක්කොධං අවිහිංසංච ඛන්තිංච අවිරොධනං”
එසේම චක්‍රරත්නය පහළ වූ ධාර්මික චක්‍රවර්තී රජුන්ගේ කාලය පිරිහීමට යන
කල්හි ධනය නැති අයට අවශ්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා මූල ධනයක් පරිත්‍යාග
කිරීම පෙර දැහැමි සක්විති රජුන්ගේ සිරිතයි. පිරිහෙන යුගයෙහි ධනය නැති
අයට එබඳු දීමනා නොකෙරෙන බැවින් රටේ දිළිඳුකම වැඩි වෙයි. දිළිඳුකම
වැඩිවන කල්හි සොරකම බහුල වෙයි. එසේ කල්හි එම රජවරු ඔවුන්ට ධනය දුන්හ.
සොරකම් කරන අයට රජු ධනය දෙයි යන කරුණ අසා සොරකම් බහුල විය.සොරුන් අල්ලා
අවි බලයෙන් මරවාලී ය. සොරුන් අතරද අවි ආයුධ බහුල වීය. පසුව සත්ව ඝාතනය
බහුල විය.එයින් පසු ජනතාව ආයුෂයෙන් ද, වර්ණයෙන් ද පිරිහුණු
අල්පායුෂ්කයෝ වූහ. බොරු කීම නිසා මුසාවාදය බහුල වීමෙන්ද. කේලම බහුල
වීමෙන්ද, මිථ්‍යාචාර බහුල වීමෙන්ද, පරුෂ වචනය හා සම්පප්‍රලාපය බහුල
වීමෙන්ද, ක්‍රම ක්‍රමයෙන් සියක් අවුරුදු ආයුෂ පරමායුෂ දස හවුරුද්දක් වන
මිනිසුන්ද ලොව උපදනා කාලයක් එන බව පවසයි. ක්‍රමයෙන් මිනිසුන් මනුෂ්‍ය
ධර්ම නැති පිරිසක් බවට පත් වී අකුශලයෙහි යෙදෙත්, ක්‍රමයෙන් ඔවුනොවුන්
මරා ගන්නා තැනටම ඔවුහු පත් වෙති.දුක් විදීමෙන් පසු එහි විපාක දැනගෙන දස
අකුසලයෙන් වැලකී දස කුසලයෙහි හෙවත් මනුෂ්‍ය ධර්මයෙහි පිහිටති. යලිත්
සම්පත්තීන් ආඩ්‍යව මනුෂ්‍ය ධර්මයෙනුත් සම්පත්තියෙනුත් වැඩී මෛත්‍රී
බුදු රජාණන් වහන්සේගේ ලොව පහළ වීම ආදී තොරතුරු චක්කවත්තී සීහනාද
සූත්‍රයෙහි සඳහන් වෙයි.
රාජ්‍ය පිළිබඳ එකල පැවති ආකෘති දෙකක් සැලකිල්ලට ගත් බුදුන් වහන්සේ රජ
කෙනෙකු විසින් රට පාලනය කිරීම සඳහා වූ රාජාණ්ඩු ක්‍රමය සහ රසවරයන්
පිරිසක් විසින් රට පාලනය කරන ගණතන්ත්‍ර ආණ්ඩුක්‍රම යන දෙකම ජනහිතකාමී
ප්‍රතිපත්ති මත මෙහෙය විය හැකි බව පැහැදිළි කර දුන්හ. මෙයින් එකක්
සම්බන්ධයෙන්වත් විශේෂ පක්‍ෂ පාතීත්වයක් බුදුරදුන් දක්වා නොමැත.
ගණතන්ත්‍ර රාජ්‍ය සඳහා බුදුරදුන් විසින් දෙන ලද උපදසේ “මහා පරිනිබ්බාන”
සූත්‍රයෙන් සප්ත අපරිහානිය ධර්ම වශයෙන් දක්වා තිබේ. එම ධර්ම ඔවුන් අතර
දිගු කලක සිට පැවති ඒවා නොව ඔවුන් අනුගමනය කරන්නේ නම් යහපත් බව බුදුන්
වහන්සේ විසින් ඔවුන්ට උගන්වන ලද ඒවාය. ඒවායින් පළමු වැන්න නම්:
1. නිතර නිතර රැස්වීම
2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.
3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම.
4. වැඩිහිටියන්ට ගරු කිරීම.
5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම.
6. සම්ප්‍රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර
නොපිරිහෙලා ඉටු කිරීම.
7. පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ
පිළිගෙන ගරු සත්කාර කිරීම.
මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්‍ර රාජ්‍ය නොපිරිහෙන බව
බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. මෙම ධර්ම මගින් බලාපොරොත්තු වන්නේ
සාමුහිකව පාලනය කරනු ලබන සාමාජික හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන්
දේශපාලන සංවිධානය මෙහෙය වීමයි. නිතර රැස්වීම පිළිබඳ ප්‍රතිපත්තිය මෙයට
සම්බන්ධ වූ විට නූතන පාර්ලිමේන්තු ක්‍රමයේත් අපේක්‍ෂා කරන සාමූහික
වගකීම හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ග තහවුරු වන බව පෙනේ.
රාජ්‍යයේ ප්‍රභවය සම්බන්ධ පැරැණි භාරතීය අදහස් අතර වෛදික උපනිෂද්
චින්තන, පරම්පරාවෙන් ඉදිරිපත් කරන අදහස් බෞද්ධයන් විසින් අනුමත කරනු
නොලැබේ. බෞද්ධයන් ඊශ්වර නිර්මාණවාදය පිලිනොගත් හෙයින් ඔවුන් රාජ්‍ය
පිළිබඳව දරන්නේ මානව කේන්ද්‍රීය ඓතිහාසික මතයකි. එය ලංවන්නේ නූතන සමාජ
ගිවිසුම්වාදී සංකල්පයටයි. බෞද්ධයන් දක්වන්නේ රජකම මිනිසුන් අතර ඇති වූ
ආකාරයයි. ඉහතදී අග්ගඤ්ඤ සූත්‍රයෙන් පෙන්වා සිටි ආකාරයට සමාජයේ නාමය හා
සංවරය ඇති කිරීමට රජ පදවිය ඇති විය.
බුදු දහමෙහි එන චක්‍රවර්තී ධර්මය හා පැරැණි සිංහල රජවරු දස රාජ ධර්මය
හා සතර සංග්‍රහ වස්තුව ගරු කරමින් දාන, සීල, භාවනාහි නිරතව ක්‍රියා කළ
අයුරු වෙස්සගිරි ලිපියෙහි සඳහන් වී ඇත.
01. ස්වස්ති සිරිබර් සැහැකුලකොත් ගුණ අම්බරණික් සෑ.
02. දි ලක් පොලෝ මෙහෙසනම් තලාටික් බන්දු දසරද්ධම්.
03. විසි රූ තුමා පාටිලි කළ සිරිසඟබෝ අබා මිහින්දු මහරජ්හ්.
යන ආදී පුරාණ ශිලා ලිපි වලින් ඔප්පු වන්නේ ය.
චක්‍රවර්ති නාමය පවා අපේ පැරැණි සිංහල රජවරුන් ස්වකීය නම් සමඟ යොදා
ගැනීම ගෞරවයක් කොට සලකා ඇත්තේ ඒ සක්විතිවත් ආදි ගුණ පිරීමට තමන් බැදී
සිටින බව ඇඟවීමටය. “පරාක්‍රමබාහු චක්‍රවර්තීන් වහන්සේට” “ශ්‍රී ජයවීර
පරාක්‍රමබාහු චක්‍රවර්තී ස්වාමීන් වහන්සේට” නිදසුන් වේ.
ද්වීපචක්‍රවර්ති අශෝක අධිරාජයාද අනුගමනය කරන්නට ඇති බව පෙනේ. බෞද්ධ
සමාජවාදය ක්‍රියාවට නැගීම සඳහා ජීවිතයම කැප කොට උත්සාහ දරා ඇත්තේ අශෝක
රජතුමායි.
බුදුරජාණන් වහන්සේ ධර්මචක්‍රවර්තීය. එසේ කියන්නේ දම්සක් පවත්වන බැවිනි.
රජවරු ආඥාචක්‍රවර්තීය. අණසක පතුරුවන බැවිනි. අශෝක රජතුමා
ආඥාචක්‍රවර්තිත්වය ධර්මචක්‍රවර්තීත්වයට පරිවර්තනය කර ඇති බව කියවේ.
මේ සියලුම කරුණු වලින් අපට පැහැදිළිවම සඳහන් කළ හැක්කේ බෞද්ධ
සාහිත්‍යයේ දැක්වෙන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය සක්‍රීය රාජ්‍ය
සංකල්පයක් බවයි.අශෝකගෙන් අරඹුණු සක්‍රීය රාජ්‍ය සංකල්පය අදද ලොව පුරා
ප්‍රචාරය වනවා අපට පෙන්විය හැක. එයට නිදසුන් අශෝක රජතුමා විසින්
පිහිටුවන ලද සෙල් ලිපි වලින්ම පැහැදිලි කොට ඇත. ධර්මාශෝක රජතුමා
චක්‍රවර්තී රජකු වශයෙන් සඳහන් කිරීමට හැකි සාධක බොහෝ ඇත.
“මීට අවුරුදු නවසියයකට පෙර බුද්ධගයාවෙහි මහා බෝධි විහාරය ගැන
ස්ත්‍රෝත්‍රයක් ලියූ චීන බෞද්ධ සංචාරක “චෙයින්ංශියා පියස්” ධර්මාශෝක
අධිරාජයන් වර්ණනා කළේ මෙසේ ය.
‘පහදා අසිරිමත් ලෙස දහම දැනගෙන
අනුවම ඊට සියදිවි ගෙවූ අධිරජුගේ
පැතිරිණ සිත් සුවඳ දසතෙහි ඉතා දුර”
ඉන්දීය රාජ්‍ය සම්ප්‍රදාය අනුව රජකුගේ මූලික තම සුදුසුකම වූයේ දිග්විජය
බවයි. ධර්මාශෝක අධිරාජයාණන් විසින් මේ ප්‍රතිපත්තියට දෙන ලද නම ධර්ම
විජය යන්නයි. වෛදික කල්ප ශාස්ත්‍ර අනුව රජකු අධිරාජයකු කරවන වැඩ
පිළිවෙළක් අශ්ව මේධ යාගයෙන් ක්‍රියාත්මක කෙරිණි. නමුත් බුදු දහමේ සඳහන්
වන අයුරින් දස රාජ ධර්මය රජකු අධිරාජයකු කරන අයුරු පෙන්වයි. ධර්මාශෝක
රජතුමා තෝරා ගත්තේ මෙයින් දස රාජ ධර්ම බව ඔහුගේ සෙල් ලිපි වලින්ම
පැහැදිලි වෙයි. රජතුමාගේ වදනින්ම සෙල් ලිපියක (XIII)මෙසේ සඳහන් කර
ඇත.
“එක් ලක්‍ෂ පනස් දහසක් ප්‍රාණීහු රටින් බැහැර ගෙන යනු ලැබූය. ලක්‍ෂයක්
පමණ එහිදී මැරුම් කෑහ. කාලිංග යුද්ධයේදී මෙවැනි දෙයක් සිදු වී ඇත. එතැන්
පටන් අද දක්වාම දක්නට ඇත්තේ ධර්මශීලී භාවයකි. ධර්මය පිළිබඳ
ඇල්මකි.ධර්මානුශාසනයට අනුයුක්ත වීමකි”. මේ සෙල් ලිපියෙන්ද හෙළි වන්නේ
ධර්මාශෝක අධිරාජයා දිග්විජය අත්හැර දමා ධර්ම විජය ස්වකීය විදේශ
ප්‍රතිපත්තිය බවට පත් කර ගත් බවයි.
ධර්මාශෝක රජතුමාගේ ධර්ම විජය වැඩ පිළිවෙල යටතේ එහි ප්‍රථිපලයක් වශයෙන්
මුළු විජිතයෙහිම ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති වීම රජුගේ වචනයෙන්ම
කියනවානම් “දඹදිව වැසියන් හා නොගැවසුණු දෙවියෝ මේ කාලය තුළ ඔවුන් හා
ගැවසීමට පත් වූහ.”
“මට මෙසේ සිතිණ. ධර්ම ශ්‍රවණයන් සලසාලමි. ධර්මානුශාසනා කරවමි. මේවා අසා
ජනතාව ඒ අනුව පිළිපදින්නේය. ප්‍රගතියට යන්නෝ ය. ගුණදහම් වැඩුමෙන්
ඒකාන්තයෙන්ම දියුණු වන්නෝ ය.” ධර්මාශෝක අධිරාජයාණන් ධර්ම විජයට අවතීර්ණ
වූයේ මෙසේ ය. අශෝක ලිපි කීපයකම විස්තර සඳහන් කර ඇත. ධර්මාශෝක රජතුමා
තමාගේ පාලන තන්ත්‍රය ධර්ම විජයට යොමු කරන ලද අයුරු මෙසේ පෙන්වා දිය
හැක.
“මේ කාර්යය පිණිස ඔබ භාරයෙහි ඇති පළාතෙහි සෑම තැනම නිල ගමනෙහි යෙදිය
යුතුය.” අධිරාජයෝද මේ සඳහා නිල ගමනේ යෙදී ඇත. ඇමතිවරුන්ට හා නිලධරයන්ට
රජු උපදෙස් දී තිබුණේ මෙසේ ය. අභිෂේකයෙන් දහතුන් වසරක් ගිය කළ අශෝක
රජතුමා ධර්ම මහාමාත්‍ර නම් නව කාර්යය මණ්ඩලයක් පිහිටුවා ඇති බව ඍසෙල්
ලිපියේ සඳහන් කර ඇත. ධර්මාශෝක අධිරාජයාණන්ගෙන් අපට උගත හැකි පාඩම් බොහෝ
ඇත. සක්‍රීය රාජ්‍යයකට අවශ්‍ය සංකල්ප රාශියක් පෙන්වා ඇති අධිරාජයාගේ
මෙවැනි කියමන් අපට කෙසේවත් අමතක නොකළ හැකිය.
“මහජන සේවය සඳහා වගකීම් භාරගත් කෙනෙකු (අධිරාජයාණන් වුවත්) ඒ සඳහා
දවසෙහි සෑම මොහොතක්ම යොදාලීමට සැරසී සිටිය යුතුය. තමාගේ සැප පහසුකම්
විවේකය මෙන්ම පෞද්ගලිකත්වය සහමුලින්ම මහජන සේවයට කැප කිරීම ඔහුගේ
යුතුකමකි,”
දඹදිව අසහාය චක්‍රවර්ති රජකු මෙන් වැජඹුණු ධර්මාශෝක අධිරාජයා මිනිසාගේ
හිත සුව පිණිස කෙබඳු හැඟීමකින් කටයුතු කළේද යන්න දැනගැනීම අශෝක
සෙල්ලිපි පරිශීලනය කිරීමෙන් දැන ගත හැකි බව ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා
සඳහන් කරයි.
ඉහත සඳහන් කරුණු වලින් පෙනෙන්නේද බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන චක්‍රවර්තී
රාජ්‍ය සංකල්පය සක්‍රීය රාජ්‍ය සංකල්පයක් බවයි. මෑතක රාජ්‍ය කළ
ධර්මාශෝක අධිරාජයාගෙන් අපට මෙයට නිදසුන් ඉදිරිපත් වී තිබේ.
ආශ්‍රිත ග්‍රන්ථ:
බෞද්ධ සංස්කෘතිය,
ත්‍රිපිටකයේ සංස්කෘතික ලක්‍ෂණ
ධර්මාශෝක ධර්මවිජයෙහි ආභාසය හා ආදර්ශය. |