අංගුත්තර නිකායෙන්...
‘වී නංඩු’ උපමාව
බෙලිඅත්ත නිහිළුව
ධම්මානන්ද මූලික පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි
සිත පුදුමාකාර
වස්තුවකි.
සියලු අකුසල් සිතිවිලි, පාපී
සිතිවිලි ආදියක් වේද ඒ
සියලු ධර්ම සිත
පෙරටු කරගෙන ඇත.
(මනොපුබ්බංගමා) සිත
පෙරටු කරගෙන ම කුසල දහම් ද උපදියි. කුසලා’කුසල
ධර්මයන්ට පළමුව මනස
උපදියි. (මනො තෙසං
ධම්මානං පඨමං
උප්පජ්ජති) ඒ හා
සමගම කුසලාකුසල
දහම් ද උපදියි.
බුදුසමයේ
ඇගයෙනුයේ ප්‍රඥා
වෘද්ධිය සඳහාම
කටයුතු කිරීමයි.
එතදග්ගං භික්ඛවෙ
වුද්ධීනං යදිදං
පඤ්ඤාවුද්ධි මහණෙනි!
සියලු වෘද්ධි අතුරින් ප්‍රඥා
වෘද්ධිය අග්‍ර වේ.
එනිසා නුඹලා නිතර
“අපි ප්‍රඥා
වෘද්ධියෙන්
වැඩෙන්නෙමු” යි
හික්මිය යුතුයි.
මාර්තු 23 දා පත්‍රය හා සම්බන්ධයි
මහණෙනි, උඩු අක්කොට නොතබා වැරැදි අයුරින් තැබූ හැල් වී නංඩුව වැදුණු අත
හෝ පය හෝ තුවාල නොවේ. ලේ නොඋපදවයි. එලෙසින් ම වරදවා තැබූ සිතින්
(මිච්ඡා පණිහිතෙන චිත්තෙන) අවිද්‍යාව නැතිකර විද්‍යාව උපදවා නිර්වාණය
සාක්‍ෂාත් කිරීම නම් කෙසේවත් සිදු නොවේ.
තුවාල වනසේ උඩු අක් කොට මනාව තැබූ හැල්වී නංඩුවෙන් අත හෝ පය බිඳී ලේ
වගුරුවන්නාක් මෙන් මනාව සකස්කර තැබූ සිතින් (සම්මා පණිහිතෙන චිත්තෙන)
අවිද්‍යාව බිඳ විද්‍යාව උපදවයි. නිර්වාණාවබෝධය සිදු කරයි.
මෙලොව යමෙක් ද්වේෂ සහගත සිතින් (පදට්ඨ චිත්තං) කළුරිය කරන්නේද ඔහු සුව
නැති හෙයින් අපාය නම් වූ නපුරු ගති ඇති හෙයින් දුගති නම් වූ විනිපාත
නිරයෙහි උපදියි. ප්‍රසන්න වූ සිතින් (පසන්න චිත්තං) මිය යන පුද්ගලයා
සැප ගති ඇති සුගති ස්වර්ග සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේය.
කැළැඹුනු සිතින් (ඇවිලෙන චිත්තෙන) ආත්මාර්ථය, පරාර්ථය හෝ උභයාර්ථය ම
දැනගත නොහැක. මනුෂ්‍යභාවය ඉක්මවූ උතුරු මිනිස් දහමක් ද අවබෝධ නොකර
ගන්නේය. උභයාර්ථය අවබෝධ කරගෙන, උතුරු මිනිස් දහම් අවබෝධ කරගත හැක්කේ
නොකැළඹුණු සිතට (අනාවිලස්ස චිත්තස්ස) පමණි.
ඒ සඳහා නොපහන් වූ කැළඹුණු දිය ඇති විලක් ආසන්නයේ සිටි පුද්ගලයාට විල
තුළ වූ කැට කැබලිති හා මාළු නොපෙනීමත්, දිය පහන් වූ නොකැළඹුණු විල්
තෙරක සිටින්නහුම විල තුළ පීනන මාළුන් හා නේකවර්ණ කැටකැබිලිති දකියි” යන
උපමාව ගෙන ඇත.
ගස් අතුරින් මෘදු බවින් හා කර්මණ්‍ය (වැඩට යොදාගත හැකි) බැවින්
අග්‍රවනුයේ බුදුරුදමුනු ගසයි (ඵදතො) එමෙන්ම ලෝකය පවතින වස්තු අතරින්
වඩන ලද්දේ අතිශයින් මෘදු වනුයේ කර්මණ්‍ය වනුයේත් සිතයි. (චිත්තං
භික්ඛවෙ භාවිතං බහුලීකතං මුදුච හොති කම්මඤ්ඤඤ්චාති)
වහා ඉපිද නස්නා සුලු සිත බඳු අන් එකඳු දහමක් නොදකින බව දෙසූ බුදුරදුන්
සිතේ වහා පෙරැලීමට උපමාවක් පැවසීම ද පහසු නොවන බව මෙසේ වදාළහ.
“යාවඤ්චිදං භික්ඛවෙ උපමාපි න සූකරා යාව ලහුපරිවත්තං චිත්තං” එමෙන් ම
භවාංග සිත ප්‍රභාස්වර බව කියවෙනුයේ ද මෙම වග්ගයෙහිය. එය ආගන්තුක
ජවනාදීයේ උපදින රාගාදියෙන් කිලිටි වේ. “පභස්සර මිදං භික්ඛවෙ චිත්තං,
තංච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං” ප්‍රභාස්වර වූ භවාංග සිත
ආගන්තුක ක්ලේශයන්ගෙන් ඳදිය හැකිය.
සිතේ පවත්නා මෙම අසිරිය අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයා නොදන්නා බව සයවන
ප්‍රභාස්වර වර්ගයේදී කියැවේ. එනිසා ඔහුට චිත්ත භාවනාවක් නම් නැත. භවාංග
සිතේ ප්‍රභාස්වර බව දන්නේ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා පමණි. ඔහුට චිත්ත
භාවනාවක් ඇත.
“මෙත් සිතේ බල මහිමය”
යමෙක් අසුරුසණක් ගසන වේලාවක (අච්ඡරා සංඝාත මත්තම්පි) හෝ මෙත් සිත
පතුරුවන්නේ නම් ඔහු:-
1. නොසිස් වූ ධ්‍යාන ඇතිව වෙසේ (අරිත්තඡඣානො විහරති)
2. ශාස්තෘ අනුශාසනය ඉටුකරන්නෙක් වේ (සත්‍ථුසාසනකරො)
3. බුද්ධ අවවාදය පිළිපදින්නේ වේ (ඔවාද පතිකරො)
4. ණය නොවූ පිණ්ඩපාතාහාරය වළඳන්නේ වේ.( අමොසං රට්ඨපිණ්ඩං පරිභුඤ්ඡති)
මෙත් සිත ඇසුරු කරයි ද (ආසෙවති) වඩයි ද (භාවෙති) මෙනෙහි කරයි ද
(මනසිකරොති) ඒ සැමට මෙවැනි ආනිසංස ලැබේ නම් නිතරම, බහුල වශයෙන් මෙත්
සිත පතුරුවන්නාට ලැබෙන ආනිසංස පිළිබඳව කියනුම කවරේද?
මෑතදී ලෝක විනාශයක් පිළිබඳව ඇතිවූ මතවාදයේ දී මෙත් සිත පතුරුවන්නෝ ඉන්
බේරෙන බවට ද වූ මතයක් (අදහසක්) ඉදිරිපත් වූ බව සිහිපත් කරනු
කැමැත්තෙමි.
සිත පුදුමාකාර වස්තුවකි.සියලු අකුසල් සිතිවිලි, පාපී සිතිවිලි ආදියක්
වේද ඒ සියලු ධර්ම සිත පෙරටුකරගෙන ඇත. (මනොපුබ්බංගමා) සිත පෙරටුකරගෙන ම
කුසල දහම් ද උපදියි. කුසලා’කුසල ධර්මයන්ට පළමුව මනස උපදියි. (මනො තෙසං
ධම්මානං පඨමං උප්පජ්ජති) ඒ හා සමගම කුසලාකුසල දහම් ද උපදියි.
ඉන්පසු සත්වන විරියරම්භ වග්ගයද ඇතුලුව සූත්‍ර ධර්ම රාශියකින්
කියැවෙනුයේ කුසලා’කුසල දහම් වැඩි දියුණු වීමට හේතුවන බලපාන කරුණු
පිළිබඳවයි.
“නූපන් අකුසල් උපදවන,, උපන් කුසල් පිරිහවන ධර්ම” පළමුව විමසා බලමු.
(අනුප්පන්නා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා
පරිහායන්ති)
1. පමාදො – ප්‍රමාදය, කුසල් දහම්හි ප්‍රමාදය
2. කොසජ්ජං - කුසීත බව, කම්මැලිකම, අලසකම
3. මහිච්ඡතා - (මහා+ඉච්ඡ) බොහෝ ආශා ඇති බව, මහත් වූ ප්‍රාර්ථනා ඇති,
බොහෝ දේ ඕනෑ බව.
4. අසන්තුට්ඨිතා - ලද දෙයින් සතුටු නොවන බව
5. අයොනිසො මනසිකාරො - නුවණින් මෙනෙහි කිරීම, ඇත්ත ඇති සැටියෙන්
නොදැකීම, යථාර්ථය නොදැකීම.
6. අසම්පඡඤ්ඤං - මුලාවීම, මිසදිටු අදහස් ගැනීම, මෝහයෙන් වෙලී සිටීම.
7. පාපමිත්තතා - පාපී මිත්‍ර ඇසුර, පවට බර - සමාජ විරෝධී කටයුතු කරන
පුද්ගලයන් හා පාපී සිත් ඇසුරු කිරීම.
8. අනුයොගො අකුසලානං ධම්මිනං - අනනුයොගො කුසලානං ධම්මානං
අකුශල ධර්මයන්හි යෙදීම සහ චාතුර්භූ®මික කුශල දහම්හි නොඇලීම.
(චාතුර්භූමක යනු කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර කුසල්
සිත්ය.)
අටවන කල්‍යාණමිත්‍ර වග්ගයේ දීත් නව වන ප්‍රමාද වග්ගයේ දී ඉහත සඳහන්
දසවන අඡ්ඣත්තික වග්ගයේදීත් පාපී කරුණු මහත් වූ අනර්ථය පිණිස පුද්ගලයාගේ
ලෞකික ලෝකෝත්තර පිරිහීම පිණිස හා භෞතික අධ්‍යාත්මික පිරිහීම පිණිස
පවතින බව කියැවේ.
උපන් කුසල් දහම් වැඩිදියුණු කරවන, නූපන් කුසල් දහම් උපදවන, උපන් අකුසල්
මැඩ පවත්වන ධර්ම පිළිබඳව දැන් විමසා බලමු. මේ ධර්ම මහත්වූ අර්ථය යහපත
පිණිස/ලෞකික ලෝකෝත්තර සුගතිය (අභිවෘද්ධිය) පිණිස පවතියි.
1. අප්පමාදො – ප්‍රමාද නොවීම (අප්පමාදො අමතපදං නොපමා බව නිවනට හේතුවේ)
(කුමටද කුසලට කම්මැලි වන්නේ?)
2. විරියාරම්භො - වීර්යාරම්භය, උත්සාහය, ථිනමිද්ධ දුරලූ ස්වභාවය
3. අප්පිච්ඡතා - (අප්ප+ඉච්ඡ) මඳ ආශා - ප්‍රාර්ථනා ඇති බව/ස්වල්ප
දෙයකින් සතුටුවන බව.
4. සන්තුට්ඨිතා - ලද දෙයින් සතුටුවීම
5. යොනිසො මනසිකාරො - නුවණින් මෙනෙහි කිරීම, ඇත්ත ඇති සැටියෙන් දැකීම
6. සම්පඡඤ්ඤං - සම්‍යක් ප්‍රඥාව - එනම් තීරණ ප්‍රඥාව ඇති බව.
7. කල්‍යාණ මිත්තතා - කලණ මිතුරන් ඇසුරු කරන බව, යහපත් සිතිවිලි ඇසුරු
කරන බව.
8. අනුයොගො කුසලානං ධම්මානං - අනනුයොගො අකුසලානං ධම්මානං කුශල දහම්හි
යෙදීම හා අකුශල දහම්හි නොයෙදීම.
යොනිසො මනසිකාරයෙන් ම (නුවණින් මෙනෙහි කිරීමෙන්ම) නූපන් බොජ්ඣංග ධර්ම
උපදියි, උපන් බොජ්ක්‍ධංග ධර්ම වැඩි දියුණු වෙයි. එනිසා යොනිසෝ මනසිකාරය
නිතර සිතෙහි පිහිටුවාගත යුතු බව බුද්ධ දේශනාවයි.
බුදුසමයේ නිතර ඇගයෙන දෙයකි ප්‍රඥාව. මේ සම්බුදු දහම ප්‍රඥාවන්තයන්ට මිස
දුප්‍රාඥයන්ට නොවන බව බුද්ධ දේශිතය. ප්‍රඥාවේ වැදගත් කමද ඒකක නිපාතයේ
දී අවධාරණයට පත් වේ.
ඤාති පරිහානිය, භෝග පරිහානිය හා යස පරිහානිය ඉතා අල්පමාත්‍ර වේ. එබඳු
පරිහානි අතුරින් බරපතල වනුයේ ප්‍රඥා පරිහානියයි. (එතං පතිකිට්ඨං
භික්ඛවෙ පරිහානීනං යදිදං පඤ්ඤා පරිහානීති) එසේම අප නිතර ඤාති වෘද්ධිය,
භෝග වෘද්ධිය, යස වෘද්ධිය සඳහා කටයුතු කරමු. බුදුසමයේ ඇගයෙනුයේ ප්‍රඥා
වෘද්ධිය සඳහාම කටයුතු කිරීමයි. එතදග්ගං භික්ඛවෙ වුද්ධීනං යදිදං
පඤ්ඤාවුද්ධි මහණෙනි! සියලු වෘද්ධි අතුරින් ප්‍රඥා වෘද්ධිය අග්‍ර වේ.
එනිසා නුඹලා නිතර “අපි ප්‍රඥා වෘද්ධියෙන් වැඩෙන්නෙමු” යි හික්මිය
යුතුයි.
ප්‍රඥාව දියුණු කරගැනීමට නම් සද්ධර්මය අවශ්‍ය වේ. සද්ධර්මය විනාශ වීමට,
අතුරුදහන් වීමට (සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති) හේතුවන
කරුණු අටකි. ඒවානම් ඉහතින් දැක්වූ ප්‍රමාදය, කුසීත බව, මහිච්ඡතාව,
අසන්තුට්ඨිතාව, අයොනිසො මනසිකාරය, අසම්පජඤ්ඤය, පාපමිත්ත බව හා අකුසල
දහම්හි යෙදී කුසල දහම්හි නොඇලීමයි. මේවාට ප්‍රතිවිරුද්ධ වූ අප්‍රමාදය,
වීර්යාරම්භය යනාදී ධර්ම අට සද්ධර්මයේ චිරස්ථිතිය දිගුකාලීන පැවැත්ම
පිණිස පවතින්නේය. (සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති)
යම් භික්‍ෂුවක් අධර්මය ධර්මය යැයි ද ධර්මය අධර්මයයි ද අවිනය විනය යැයි
ද විනය අවිනය ලෙස ද තථාගතයන් වහන්සේ නොවදාළ දෙය තථාගතයන් වහන්සේ දෙසුවේ
යැයි ද දෙසූ දෙය තථාගතයන් නොදෙසී යැයි ද තථාගතයන් නුපුරුදු කරන ලද දේ
පුරුදු කළ ධර්ම ලෙසත් පුරුදු කළ කරුණු නුපුරුදු කළ ධර්ම ලෙසත් දක්වන්නේ
නම් එබඳු වූ පාපී භික්‍ෂුව
1. බොහෝ ජනයාට අහිත, දුක්, අනර්ථ පිණිස කටයුතු කරයි.
2. ඔහුද බොහෝ පවු රැස්කර ගනියි. (බහුඤ්ච අප්‍රඤ්ඤං පසවති)
3. මේ සද්ධර්මය අතුරුදහන් කරයි.
එකොළොස්වන අධම්මවග්ගය වෙන් වනුයේ බොහෝ දෙනාට හිත පිණිස, සුව පිණිස,
බොහෝදෙනාට වැඩ පිණිස, දෙව් මිනිසුන්ට හිත පිණිස සුව පිණිස
පිළිපන්නාවූත් තමන්ට බොහෝ පින් රැස්කරගන්නාවූත් ශ්‍රී සද්ධර්මය
චිරස්ථිතික කරන්නාවූත් භික්‍ෂුවගේ ස්වභාවය පැවසීමටයි.
එම භික්‍ෂුව ධර්මය ධර්මය ලෙස දක්වයි. අධර්මය අධර්මය බව දක්වයි. විනය
විනය වශයෙනුත්, අවිනය අවිනය වශයෙනුත් දක්වයි. තථාගතයන් වහන්සේ විසින්
නොදෙසන දේද නොතෙපලූ දෙය තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි
නොතෙපලීයැයිද කියයි.
තථාගතයන් දෙසූ දෙය දෙසූ ලෙස දක්වයි. තථාගතයන් වහන්සේ පුරුදු කළ දෙය
පුරුදු කළ දෙය ලෙසත් නුපුරුදු කළ දෙය නුපුරුදු කළ දෙය ලෙසත් දක්වයි.
තථාගතයන් වහන්සේ නොපැනවූ දෙය නොපැනවූ ලෙස දක්වයි. පැනවූ දෙය ඒ අයුරින්
ම දක්වයි. අනාපත්ති ආපත්ති ලෙස දක්වන භික්‍ෂුව ද බොහෝ දෙනාට අහිත පිණිස
කටයුතු කර අනුන් ද නසා, තමනුත් නැසී සද්ධර්මයත් අතුරුදහන් කරන බව
දොළොස්වන අනාපත්ති වග්ගයේ කියැවේ. විනය පැනවීම් ඒ අයුරින් ම දක්වන
භික්‍ෂුව ආත්මාර්ථ, පරාර්ථ සාධනයෙහි යෙදී සද්ධර්මය ද සුරක්‍ෂිත කරයි.
මතු සම්බන්ධයි |