චුල්ල ධනුද්ධර ජාතකය හා
මනමේ නාටකය
ශාස්ත්‍රපති - වික්‍රමසිංහ අතපත්තු
කුමරිය රැක ගැනීමේ අභිලාෂයෙන් පෙළුණු මනමේ ද කුමරිය හිමිකර ගැනීමේ
බලාපොරොත්තුවෙන් පෙළුණු වැදි රජුද දැවැන්ත සටනකට අවතීර්ණය වන්නේ කුමරිය
කේන්ද්‍ර
කොටගෙනය. ඇගේ අතෙහි තිබූ අසිපත වැදිරජු අතට
පත්වීමේ අනුවේදනීය තත්ත්වය ජාතක කතාකරුවා හා නාට්‍යකරුවා දෘෂ්ටි කෝණයන්
දෙකකින් බලා ඇති බව පැහැදිලි වේ
තක කතාවකින් අපේක්ෂා කරන පරමාර්ථය චුල්ල ධනුද්දර ජාතක කතාවෙන් ඉටුවී
ඇති අතර හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මානව චින්තනයෙහි ඇති සුබාසුබ
ගති ලක්ෂණයන් විවරණය කිරීමටත් ජාතක කතාකරුවා තත්කාලීන සමාජ තත්වය
උපයෝගී කොටගෙන සාර්ථක චරිතයන් ගොඩනගයි. අංග සම්පූර්ණ කතාවක් පැවසීමත්,
එමගින් උපදේශාත්මක ආදර්ශනයක් පාඨකයාට (ශ්‍රාවකයාට) සැපයීමත් ජාතක කතාවේ
කාර්යභාරය විය. ධනුද්දර කුමරු සිප්සතර හදාරා තක්සලාවෙන් නික්මෙන මොහොතේ
සම්ප්‍රදායානුකූලව ලැබුණ දිසාපාමොක් දියණිය තම චපල වූ පහත් චේතනාවන්
ක්‍රියාත්මක කරවා අතින් මරුමුවට පත් කරවන අයුරු ජාතක කතාවේ විස්තර
කරනුයේ සමස්ත ස්ත්‍රී වර්ගයාම දෝෂ දර්ශනයට ලක්කරමිනි. එය බොහෝ කතා
වස්තුවලින් කළ පරිදිම හේතු සාධකද සහිතවම ඉදිරිපත් කර ඇත.
නාට්‍යකරුවාගේ අභිලාශය වන්නේ ස්ත්‍රිය දෝෂ දර්ශනයට ලක්කිරීම හෝ කතාව
තුළින් උපදේශයක් දීම හෝ නොව රසවින්දනාත්මක නිර්මාණයක් ඉදිරිපත්
කිරීමයි. මිනිස් හැඟීම් පිළිබඳ අන්තගාමී පිළිවෙතක් අනුගමනය නොකොට
තුලනාත්මක චෛතසික විභාගයක් කරමින් සිද්ධි ගවේෂණයක යෙදෙන නාට්‍යකරුවා,
කිසිවෙකු දෝෂ දර්ශනයට ලක්කිරීමක් හෝ කිසිවකු පරමාදර්ශී කරවීමක් සිදුකොට
නැත. මනමේ කුමරිය කුමරුන් සමග අතිනත ගත්තේ එවකට පැවති පේ‍්‍රමනීය
අපේක්ෂාවක් මුදුන්පත් කරගනිමිනි. ඔවුන් දෙදෙනා අතර පේ‍්‍රමයක් පැවති
බවට ජාතක කතාකරුවා කරුණු නොදක්වයි. එහි පරමාර්ථයට එවන් පසුබිමක් අවශ්‍ය
නොවේ.
එදිරිවීර සරච්චන්ද්‍රයන් සිතා මතා කළ නිර්මාණයක් ලෙස මනමේ කුමරු හා
කුමරියගේ ආදර කතාවත් නාට්‍යයට ඇතුළත් වේ. මනමේ කුමරු තක්සලාව අතහැරයාම
මහත් සංවේගයක් ලෙස ප්‍රකාශ කරන්නේ එහෙයිනි.
දියණිය ඇදුරින්දු -රුව මාගේ සිතේ ඇන්දූ
රුසිරූ එසුර ලන්දූ - දැඩි ආලේ ළයේ බැන්දූ
කෙළෙසේ ඈ හැර යම්දෝ - සරණේට කෙසේ ගම්දෝ
ඔවුන් දෙදෙනා අතර පැවති ආදරය වන මැද දී වැදිරජු සමග ඇතිවන සටන හා එහි
ප්‍රතිඵලය කෙරෙහි ඍජු ලෙසට බලපෑමක් ඇති කරයි. කුමරිය රැක ගැනීමේ
අභිලාෂයෙන් පෙළුණු මනමේ ද කුමරිය හිමිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් පෙළුණු
වැදි රජුද දැවැන්ත සටනකට අවතීර්ණය වන්නේ කුමරිය කේන්ද්‍ර කොටගෙනය. ඇගේ
අතෙහි තිබූ අසිපත වැදිරජු අතට පත්වීමේ අනුවේදනීය තත්ත්වය ජාතක කතාකරුවා
හා නාට්‍යකරුවා දෘෂ්ටි කෝණයන් දෙකකින් බලා ඇති බව පැහැදිලි වේ.
මනමේ කුමරු සමඟ තනිවම සටන් වැදුණ වැදි රජු කෙරෙහි කුමරියගේ සිත උපන්
අනුකම්පාව නාට්‍ය අවස්ථාවක් ලෙස දැකගත හැකිවන්නේ මෙලෙසිනි.
දිරියෙන් යුද කළ ඔබ සමගින්නේ
සෙනගින් පිහිටද නොම සොයමින්නේ
තනියෙන් සටනට සැරසි එමින්නේ
මෙකගින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ
ජාතක කතාකරුවා බලාපොරොත්තු වූ කුමරියගේ අතින් සොරදෙටු වෙතට අසිපත ලැබීම
මෙම නාට්‍ය අවස්ථාව හා සම්බන්ධ වනුයේ මානව චින්තනයෙහි ගැඹුරු
අධ්‍යායනයක්ද සමගිනි.
වැදි රජු නොමැරිය යුතු යැයි බිසව සිතනුයේ තම සැමියාට එරෙහිවීමක් ලෙස
නොව අනුකම්පා සහගත සාධාරණ සංකල්පයක් ලෙසටය. තම සැමියාට එරෙහිව අසිපත
මෙහෙයවන්නට මෙය කදිම අවස්ථාවක්දැයි පේ‍්‍රක්ෂකයා විසින් කුතුහලයෙන්
යුතුව විමසිලිමත් වෙත්දි වැදි රජු ක්‍රියාත්මක වී අසිපත උදුරාගන්නා
ආකාරය දර්ශනය වේ. වැද්දාගේ ස්ථානෝචිත ක්‍රියාශීලිත්වය හා බිසවගේ
අවිනිශ්චිත සිතුවිලි ගැටුම සටන නිමාවට පසුබිම උදා කළේය.
මනමේ රජු මරුමුව වැටුණු අයුරු නරඹන පේ‍්‍රක්ෂකයා මනමේ බිසව පිළිබඳ
ද්වේශයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීමට සමත් නොවේ. ජාතක කතාකරුවා එවැනි
ස්වභාවයක් සිතා මතාම තම කතාවට ඇතුළත් කරයි.
කුමරියගේ වැළපීම තම සැමියා අහිමි වීමේ වේදනාවෙන්ම බව නාට්‍ය රචනයේදී
සරත්චන්ද්‍රයන් තහවුරු කර ඇත.
“ මා පිය සැමියා මරුමුව වැටුණා - කිමද කළේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා – මේ ඔබ දෝසා මේ ඔබ දෝසා ..”
තම විජිතය ආරක්ෂා කර ගැනීමේ වගකීම වැදි රජු අත පැවරී ඇති බැවින් සහ
කුමරිය හිමි කර ගැනීමේ අභිලාශයෙන් පෙළුණු වැදි රජුගේ හදවත කුමරියගේ
විලාපයෙන් තෙත් වූ බව, ඔහු ස්වකීය නිවැරැදි බව තහවුරු කිරීමට කුමරිය
සමග කරන සංවාදයෙන් පැහැදිලිය. අවසානයේදි අන්සරණක් නොමැති වූ කුමරියට
වැදි රජුගේ සරණ ලැබීම දෛවෝපගත සිදුවීමක් වුවද පේ‍්‍රමය වෙනුවෙන් පතිදම්
රැකීමට හෝ සැමියා ගිය මග යාමට හෝ පුහුදුන් ගැහැණියක ලෙස මනමේ කුමරිය
සමඟ බැඳී සිටියායැයි නාට්‍යකරුවා කිසිසේත් නොඅදහයි. චපල වූ ගැහැණියකට
දිය යුතු දඬුවම ජාතක කතාව තුළින් නිර්දය ලෙස ලබාදුන්නද මානව චින්තනය
පිළිබඳ කරන ලද තුලනාත්මක ෂඬශ්චයට එවැන්නක් සිදුකිරීමේ වගකීම
නාට්‍යකරුවා සතුව නොපැවතුණි.
ජාතක කතාකරුවා මනමේ කුමරිය කඩුව සොරදෙටුවා අතට දීම නිර්මාණය කර ඇති අතර
නාට්‍යකරුවා එය වැදි රජු විසින් කඩුපත උදුරා ගැනීමක් ලෙස නිර්මාණය
කරයි.
“ වැදි රජු වහාම ඔහුගෙන් මිදි පැනවිත් බිසවගේ අතින් කඩුව ගෙන මනමේ රජුට
ඇන ඔහු මරයි “
නාට්‍යකරුවාගේ් පරමාර්ථය සාර්ථක කරගනු පිණිස එවැනි වෙනසක් සිදුකිරීමේදි
පේ‍්‍රක්ෂක මනස තුළ මනමේ කුමරියගේ නිරවද්‍යතාවය පිළිබඳව පැහැදිලි
සටහනක් වේ. එයින් නොනැවතුණ නාට්‍යකරුවා යුක්තිය හා ස්වාමි භක්තිය අතර
අතරමං වූ අවිනිශ්චිත බවක් කුමරිය කෙරෙහි සම්බන්ධ කරයි.
“දිරියෙන් යුදකළ ඔබ සමඟින්නේ....” කුමරිය එසේ විමසයි.
ස්වාමියා පිළිබඳව පවතින පති භක්තිය එසේම පවතිද්දි වැදි රජු පිළිබඳ
දයානුකම්පාවක් දැක්වීම කුමරියගේ සිරිතේ පවතින යුක්තිගරුක බව ප්‍රකාශ
කිරීමක් ලෙස කල්පනා කිරීමට බාධාවක් නොවන පරිදි ඊළඟ පරිච්ඡේදය
නාට්‍යකරුවා නිර්මාණය කරයි. ස්වාමි භක්තියත්, යුක්ති ගරුක බවත් අතර
අතරමංවන මනමේ කුමරියගේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගන්නා වැදි රජු එම තත්පර
කීපය තුළ අසිපත උදුරාගෙන කුමරු මරා දමයි. එහිදී වැලපෙන මනමේ කුමරියගේ
දුක්මුසු වාග් ප්‍රවාදයෙන් හද රැඳි පතිදම හා සෙනෙහස නොමදව පල කරයි.
“නැති වුණි මට දැන් අන් කිසි සරණා
මෙතනම මරණා වෙනුනම් නියතා “
මනමේ කුමරියගේ විලාපය වැදි රජුගේ අනුකම්පා සහගත සිතුවිලි අවදි කිරීමට
සමත් වන්නේ තවදුරටත් කුමරියගේ අභ්‍යන්තරික මනස ගවේෂණය කරන්නට
පේ‍්‍රක්ෂකයාට ඇරයුම් කරමිනි.
“ මම වෙමි ඔබ හට සැමදා සරණා “
යනුවෙන් වැදි රජු තම සිතැඟි පැවසීමේදී ක්ෂණයකුදු පමා නොවන කුමරිය මෙසේ
කියයි.
“ නැත අන් සරණා ඔබ හැර මෙමටා
වනයේ විසුමා වන්නේ සැමදා “
මනමේ කුමරිය වැදි රජුට අවනත වීම එසේ සටහන් වන්නේ නාට්‍යකරුවාගේ
පරමාර්ථය මදක් පාලනය කරගත නොහැකි අයුරින් අන් මගකට යොමු වෙමිනි. වැදි
රජුගේ සරණ ක්ෂණයකින් කුමරිය පැතීම නාට්‍යකරුවා විසින් නිර්මාණය කළ
යුක්තිගරුක ආදරවන්තියගේ චරිතයට කැළලකි.
මෙහිදී අපි අවධානය යොමු කළ යුතු තවත් අවස්ථාවක් ලෙස මනමේ කුමරුන්ගේ හා
රාජගුරු දියණියගේ පෙම් පුවත සාකච්ඡාවට ගත යුතුය. ජාතක කතාවේදී මනමේ
කුමරු රජගුරු දියණිය හා පෙමින් බැඳෙන්නේ නැත. විවාහය සිදුවන්නේ හුදෙක්
ගුරුගෙදර සිරිතක් ලෙස පමණි. එහෙත් දෙදෙනාගේ පේ‍්‍රමය සමස්ත නාට්‍ය
පුරාම සුවිශේෂී චමත්කාරයක් පතුරුවයි. ඔවුන් දෙදෙනා පේ‍්‍රමයෙන් බැඳ
තැබීම නාට්‍යකරුවා සිතා මතාම කළ දෙයකි. එම නිසා වැදි රජුට අවනත වීම
ඉක්මනින් සිදුවීම පිළිබඳව කුමරිය කෙරෙහි ගැටළුවක් පැන නගී.
නාට්‍යයේදි පෙම් වදන් දොඩමින් වන සිරි නරඹමින් සිටිද්දී වැදි සෙනග
පැමිණේ. පී‍්‍රතිමත් අවස්ථාවට ප්‍රතිවිරුද්ධ වූ බියජනක අවස්ථාවක්
වේදිකාවේ නිරූපනය වීම නාට්‍යෝචිත අවස්ථාවකි.
“දැදුරු කර නිසලතා රුදුරු හඬ ගොරවමිනා
අඳුරු සෙවෙනේ සැගවි වැදි දන මතු වෙන්නා”
නාට්‍යයේ ත්‍රාසය මතු කරවන අවස්ථාවක් මේ මොහොතේ වේදිකාවේ නිරූපණය වේ.
“ ගියා වැද්දෝ නොම විද්දෝ” උන් යළි ආපසු නොයෙතැයි කල්පනා කරන කුමරු යළි
එබඳු බියජනක මොහොතක් නොඑළඹෙනු ඇතැයි කල්පනා කරන අතර,
“පසු එද්දෝ බිය නැද්දෝ “ යනුවෙන් කුමරිය කල්පනා කරයි. මෙම එකිනෙකට
වෙනස් වූ සංකල්පනාවන් අතර උත්ප්‍රාස රසය වඩාත් වැඩි කරවන අවස්ථාවක යළි
වැදි සෙනඟ වැදි රජු සමග පැමිණේ. ජාතක කතාවේදි කුමරා සිය ශක්තිය යොදා
සොර මුළ පරාජය කරයි. ඉන් අනතුරුවයි සොරදෙටු සමග සටන ඇතිවන්නේ . එම
තත්වය මත කුමරා සතු එඩිතර බවක් හා සොරදෙටු සතු දුබලතාවක් ඉස්මතු කරගත
හැකි වුවද නාට්‍යයේදී එම ඉඩ ප්‍රස්තාව වැදි රජු ලබාගනී. ඔහු නාට්‍යයේදි
වැදි සෙනග ඉවත් කොට මනමේ හා තනිව සටන් කිරීමට පෙළඹීමෙන් එඩිතර, සාධාරණ
සටන්කාමියෙකුගේ ස්වරූපයක් මවයි. එම පරිවර්තනය තුළ මනමේ කුමරියගේ මානසික
තත්වය ජාතක කතා කරුවාගේ පරමාර්ථය වෙනස්කොට නාට්‍යකරුවාගේ පරමාර්ථයන්
විනිවිද යන අයුරින් සකස් වේ.
“මොහුගේ නම් භයංකර විලාශයක් නැත්තේය. කුමරුවනි, තේජස් පෙනුමින් ඔහු
රජෙකු විය යුතුයැයි හගිමි “
මුලින් කී කුමරියගේ මානසික පරිවර්තනය නාට්‍යකරුවා සිතාමතා ඇතුළත්
නොකළත් වැදි රජුගේ චරිත විග්‍රහය තුළ මනමේ කුමරියගේ චරිත විපර්යාසයට
අත්‍යවශ්‍ය සාධක නිර්මාණය වී ඇත. ඇය තවදුරටත් අසිපත ඉල්ලා සිටින
සැමියාට යුක්තියේ සියපත දිගුකරයි.
“ තනියෙන් සටනට සැරසි එමින්නේ
මෙ කගින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ “
එහෙත් ඇයගේ එම තර්කය කුමරා පසුවන මානසික තත්වය පසිඳලනු පිණිස
ප්‍රමාණවත් නොවේ. නාට්‍යකරු මනමේ කුමරිය මගින් තවදුරටත් යුක්තියේ
ශක්තිය මතු කරයි.
“ ඔහු ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරා දැමීම
නොවටින්නේය හිමියනි. ඔහුට සමාව දුන මැනවි.”
කුමරිය තම සැමියාගෙන් කරන ඉල්ලීම ඉටුකිරීම පිළිබඳව යුක්ති යුක්ත බව
සිහිකිරීම නිසා සිදුවන තත්පර කිහිපයක ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගන්නා වැදි
රජු කුමරිය අතින් කඩුවගෙන ඇගේ සැමියා මරයි.
නාට්‍යයකට උචිතවන අයුරින් එම අවස්ථාව නිරූපණය කිරීමේදි ජාතක කතාව
ශ්‍රවණය කරන ශ්‍රාවකයාගේ මනෝමය සිතුවමට වඩා සන්දෘෂ්ටික චිත්‍රයක්
පේ‍්‍රක්ෂකයා ඉදිරියෙහි නිර්මාණය වේ.
ජාතක කතාකරුවා ගොඩනැගූ කුමරියගේ චරිතයට වඩා නාට්‍යකරුවා බිහිකළ මනමේ
කුමරිය නම් වූ ගැහැණිය වඩාත් සංවේදීතාවයකින් යුතුව පේ‍්‍රක්ෂකයාගේ
මනෝමය අධිකරණයට සම්ප්‍රාප්ත වේ. ඇගේ සාධාරණත්වය විනිශ්චය කිරිමේ අයිතිය
හා වගකීම ජාතක කතාකරුවා මෙන් තම ඒකාධිකාරයට යටත් නොකොට ජනතා විනිශ්චයකට
පැවරීම නාට්‍යකරුවාගේ විශිෂ්ට ගුණයකි.
|