කායික හා මානසික අනන්‍යතාව
මනසට අදාළ පෝෂණ පදාර්ථ කවරේ දැයි
මැනවින් තේරුම් ගත්විට, එසේ තේරුම් ගත් පුද්ගලයා ඒවා මනස තුළ පැවතිය
හැකි අවිධිමත්
තත්ත්වයෙන් නිදහස් කර ගෙන ආපසු මනස සාමාන්‍ය තත්ත්වයට පත්කර ගන්නේ කෙසේ
දැයි දනී. උදාහරණයක් ලෙස, හිර වන්නට පැළඳ ගත් වෙස් මුහුණක් නිසා සමෙහි
කැසීමකින් රෝගියකුගේ සිතෙහි නුරුස්නාවක් ඇති විය හැකි ය. එහෙත් වෙස්
මුහුණ
යන්තමක් බුරුල් කළ විගස
ගැටලුව විසඳෙනු ඇත.
වෛද්‍ය පී.එන්. රාජක්‍රිෂ්ණ
පරිවර්තනය - නාරාවිල පැට්රික්
මිනිස් සිරුර සහ මිනිස් මනස බැලූ බැල්මට හෝ සිතූ සිතුමට දෙකක් ලෙස
පෙනෙන්නට පුළුවන. එහෙත් කයෙහි සහ මනසෙහි ප්‍රකෘති ස්වභාවය එක සමාන
ආවේණික චරිත ලක්ෂණ දරා සිටී. මේ මූලධර්මයන්ගේ එකමුතුව මනස සහ ද්‍රව්‍ය
ලෝකයට අදාළව පවතින විශ්ව සාධාරණ ස්වභාවය විවරණය කරයි.
මෙහිදී මිනිස් මනස මිනිස් සිරුර සමඟ සසඳමින් ඒවායේ ස්වභාවයේ ඇතැම්
බලපෑම් විවරණය කරන්නට උත්සාහ දරා ඇත.
භෞතික වූ අපේ සිරුර එහි පැවැත්ම හෙවත් නඩත්තුව සඳහා අඛණ්ඩ ඔක්සිජන් සහ
පෝෂණ පදාර්ථ සැපයීමත් බලාපොරොත්තු වෙයි. ඔක්සිජන් හා පෝෂණ පදාර්ථ කායික
මූලද්‍රව්‍යයන්ගේ සංයෝජන කාර්යාවලිය සඳහා නොකඩවා පරිභෝජනය කරනු ලැබේ.
මේ පරිභෝජන කාර්යාවලියෙන් කවර ද්‍රව්‍යයක් නිර්මාණය කරනු ලැබුවත් ඒ හැම
දෙයක් ම අස්ථිරය. එනම් ක්ෂණ භංගුර හෙවත් වහ වහා බිඳි බිඳී යන සුලුය.
එහෙත් ඒ එක්ක ම හනික ක්ෂය වන හෝ නැතුව යන ද්‍රව්‍යය වෙනුවට එයට
මුළුමනින්ම වෙනස් ස්වරූපයක් හෝ අන්තර්ගතයක් සහිත අලුත් ද්‍රව්‍යයක්
නිෂ්පාදනය වෙයි. මේ කාර්යාවලියේ අඛණ්ඩත්වය දිගින් දිගටම පවත්වා ගනු
ලැබේ. මේ සංසිද්ධිය අන් කිසිවක් නොව අපේ කායස්කන්ධය ලෙස පෙනී සිටින
ක්ෂණ භංගුර ද්‍රව්‍යයේ ස්කන්ධමය අවිච්ඡින්නතාව යි. එනම් අඛණ්ඩ සේ පෙනෙන
පැවැත්ම යි. අප පඤ්චස්කන්ධය ලෙස හඳුනා ගෙන ඇත්තේත් එයම යි. ඒ අතර
යථාර්ථයෙන් ගතහොත් එය අන්කිසිවක් නොව විපරිණාම ධර්මයේ අනුක්‍රමය යි,
වෙනස්වීම හෝ චක්‍රීයකරණය යි. මේ වනාහි අනිත්‍යතාවේ ස්වභාවය වන අතර
විශ්වයේ ආවේණික ලක්ෂණය ද වෙයි.
මනස පාලනය කරන න්‍යායයේ ස්වභාවය ද මීට සමාන ය. අපේ මනසේ පැවැත්ම
පිණිසත්, එයට අඛණ්ඩව සැපයෙන ‘පෝෂණ පදාර්ථ’ අවශ්‍ය වෙයි. මේ පෝෂණ පදාර්ථ
වන්නේ ඇස, කන, නාසය, දිව , කය හා මනස විසින් අරමුණු කර ගනු ලබන රූප,
ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා චෛතසික හෙවත් සිතිවිලි ය. විශේෂ කාල පරාසයක්
අතර මනසෙහි ඇති වන ප්‍රත්‍යක්ෂ අවබෝධය, එක්තරා දුරකට එවැනිම තවත් කාල
පරාසයක් තුළ සපයන ලද පෝෂණ පදාර්ථයන්ගේ ස්වභාවය විසින් තීරණය කරනු
ලැබේ.
වෙනත් හැටියකින් කියතොත්, අප අවට පරිසරයේ ඇති වන වෙනස්වීමකින්, අපේ
මානසික තත්ත්වය තුළ වෙනසක් හෙවත් මාරුවක් ඇති වන්නට පුළුවන. ඔක්සිජන්
බෙදා හැරීමේ තාක්ෂණයේ කිසියම් අඩු පාඩුවක් නිසා, රෝගියකුගේ ඔක්සිජන්
සන්තෘප්තිය පහත වැටීමට හේතුව වෛද්‍යවරුන් විසින් සොයා ගෙන ඇත්තේ මේ
අනුව ය. එබැවින් රෝගියකුගෙන් පරිබාහිර පරිසරයේ ඇති වන කිසියම්
විපරීතයකට තදනුරූපව රෝගියකුගේ මානසික තරාතිරම හෙවත් තත්ත්වය බිඳ වැටිය
හැකිය.
මේ අනුව මනසට අදාළ පෝෂණ පදාර්ථ කවරේ දැයි මැනවින් තේරුම් ගත්විට, එසේ
තේරුම් ගත් පුද්ගලයා ඒවා මනස තුළ පැවතිය හැකි අවිධිමත් තත්ත්වයෙන්
නිදහස් කර ගෙන ආපසු මනස සාමාන්‍ය තත්ත්වයට පත්කර ගන්නේ කෙසේ දැයි දනී.
උදාහරණයක් ලෙස, හිර වන්නට පැළඳ ගත් වෙස් මුහුණක් නිසා සමෙහි කැසීමකින්
රෝගියකුගේ සිතෙහි නුරුස්නාවක් ඇති විය හැකි ය. එහෙත් වෙස් මුහුණ
යන්තමක් බුරුල් කළ විගස ගැටලුව විසඳෙනු ඇත.
කායික විසින් ඇතිවන ඕනෑ ම සංසිද්ධියක් එක් හේතුවක් නොව හේතු කීපයක
ප්‍රතිඵලයක් විය හැකි ය. හේතු කීපයක ප්‍රතිඵලයක් වීමෙන් තොරව, හුදෙක්
මේ සිරුර ඇසුරු කරගෙන එතුළ කිසිවක් සාර්ථක වන්නේ නැත. මේ අර්ථයෙන්
ගත්කළ මිනිස් සිරුර සංකීර්ණ යන්ත්‍රයකි. එහි ක්‍රියාත්මක වන හැම
කාර්යයක් ම කිසියම් හේතුවක ප්‍රතිඵලයකි. අපේ මනසෙහි (විඥානයෙහි) හැම
මූල ධාතුවක්ම හේතු පද්ධතියක සංයුක්තයක් මිස අන් කිසි ප්‍රතිඵලයක්
නොවෙති යි කියතොත් පාඨකයා එක්වර ම එකඟ නොවන්නට පුළුවන. එසේ ම මෙහි දී
වැදගත් ම තර්කය වන්නේ මනසේ කිසිදු චෛතසික මූලික සංසිද්ධියක් හේතුවකින්
තොරව හුදකලාව රඳා පවතින්නක් නොවන බව යි. එකල්හි පුද්ගලයෝ වනාහි
මනෝකායික කලාප (පොදි හෙවත් මිටි) අවස්ථා මිස අන් කිසිවක් නොවේ.
මේ මනෝකායික තත්ත්වයන් පිළිබඳ අස්ථාවර ස්වභාවය ඇති සැටියෙන් හඳුනා
නොගත් කල්හි ‘මම’ සහ ‘මගේ’ යන හැඟීම ඇතිවෙයි. ‘මම’ සමඟ ‘මමකම’ හෙවත්
‘මමත්වය’ නැඟී සිටීමෙන් තෘෂ්ණාව ජනිත වෙයි. තෘෂ්ණාවෙන් ලබා ගැනීමට සිතන
දේ ලබාගත නොහැකි වූ විට පටික්කූ®ල සඤ්ඤා හෙවත් පිළිකුල ජනිත වෙයි.
තෘෂ්ණා හේතුවෙන් ලබා ගන්නට පතන දෙයක් ලැබුණු විට තෘප්තියක් දැනෙයි. එහි
ප්‍රතිඵලය සතුටයි. පතන දෙයක් නොලද විට තෘප්තියක් නොලැබීමේ ප්‍රතිඵලය
දුක්ඛිත භාවය යි.
එහෙත් යමකු ‘මම’ වනාහී අනිත්‍ය වූ මනෝකායික තත්ත්වය පිළිබඳ ස්කන්ධයක්
මිස අන් කිසිවක් නොවෙති යි හඳුනා ගත් කල්හි ‘මම’ පිළිබඳ මුලාව අභාවයට
යයි. එවන් මනසක් ව්‍යවහාරයේ භාවිත ග්‍රහණය කළ යුතු හෝ ප්‍රතික්ෂේප කළ
යුතු සංයුක්ත හෝ වියුක්ත කිසිදු සංකල්පයක් ඇතැ යි නොදනී. ඒ වෙනුවට මනස
කිසිදු අරගලයකින් තොරව යථා තත්ත්වයෙන් සිදුවන සහ සුදුසු ලෙස ක්‍රියාකරන
කවරක් වුවත් පිළිගනී. එවිට තෘෂ්ණාව හෝ පිළිකුල තවදුරටත් මනස ආක්‍රමණය
කරන්නේ් නැත. මනස කවර ආකාරයක හෝ කෙලෙස් වලින් තොර වූ විට ප්‍රකෘති
ස්වභාවය තුළ රඳා පවතී. එනම්, තැන්පත් හා සාමකාමී ලෙසයි.
උදාහරණයක් ලෙස ‘මම’ දෘෂ්ටිය ඇත්තෙක් මෙසේ කියයි. එනම් ‘මම පින්තූරයක්
දකිමි’ යනු යි. මෙහිදී මානසික මූලධර්ම පිළිබඳ හේතුඵල නියමය දකින්නෙක්
හේතුඵල සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ඒ මොහොතේ පින්තූ®රයක් දැකීමේ
ක්‍රියාව සිදු වී ඇති බව තේරුම් ගනී. එහිදී ‘මම’ යන හැඟීම පිළිබඳ
අවුලක් ඇති නොවෙයි. එවිට ‘මම’ සමඟ බැඳී ඇති මානසික කිලුට (තෘෂ්ණාව සහ
පිළිකුල) හටගන්නේ නැත.
ඉහත දැක්වුණේ නියත උදාහරණයක් විය හැකිය. කෙසේ වෙතත් ‘මම’ පිළිබඳ හැඟීම
අල්පතර වන විට බලවත් විය හැකි මානසික පීඩාව ද සැහැල්ලු වෙයි. නිවැරැදි
දෘෂ්ටියක් සහිත එවන් රෝගියෙක් ‘මට වේදනාවක් වුවමනා නැත’ හෝ ‘මට
ප්‍රසන්න හැඟීමක් වුවමනා ය’ යි සිතන්නේ නැත. ඔහු කුමක් සිදුවුවත් එය
ඇති සැටියෙන් පිළිගන්නා අතර ‘මම’ යන හැඟීම ඉක්මවා හේතුව සහ ඵලය දකී.
මෙසේ ඔහු මනස සහ ද්‍රව්‍ය ලෝකය පිළිබඳ යථාර්ථ ස්වභාවය සමඟ එක පෙළට සිට
ජීවත් වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ අසහනය පහව යෑම සහ සාමකාමීත්වය
ස්ථාපිතවීම යි.
තවද සිරුර අනර්ථදායක නියෝජිතයකු හෙවත් වයිරසයකට මුහුණ දෙන විට සිය
ආරක්ෂාව පිණිස ආරක්ෂක උපක්‍රමයක් වැඩි දියුණු කර ගනී. උදාහරණයක් ලෙස
ඉදිමුමක් හෙවත් තඩිස්සියක් සහිත දැවිල්ලක් වැන්නකි. එහෙත් ඇතැම් විට මේ
කායික ප්‍රතිචාර අනර්ථදායක නියෝජිතයන් හෙවත් වයිරසයකටත් වඩා හානිකර විය
හැකිය.
එවන් විට වෛද්‍යවරු කායික ප්‍රතිචාරය සමනය කරනු පිණිස ප්‍රතිශක්ති
කාරකයක් හෝ ප්‍රතිදාහකයකින් පිළියම් යොදති. මනස සම්බන්ධයෙන් ගත් කළ
සත්‍ය තත්ත්වය මෙවැනිය. අමිහිරි හැඟීමක් ඇති වූ කල්හි නොදැනුම්වත්කමින්
අපි නුරුස්නාවෙන්, පිළිකුලින් හෝ ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වමු. එවන්
මානසික ප්‍රතිචාරය අමිහිරි හැඟීමට වඩා බරපතළ හානියක් සිදුකරයි. ඩෙංගු
වයිරසයක් ඉදිරියෙහි හරියට ම වාගේ සිරුර ‘සෙයිටෝකයින්’ රසායනිකය
නිෂ්පාදනයේදී විෂම චක්‍රයක් ක්‍රියාත්මක වන විට සහ කම්පන තත්ත්වයක් ඇති
වෙද්දී තදනුරූපව මානසික ද්වේෂ සහගත කෝපය විසින් මෙහෙයැවෙන තියුණු
ව්‍යාකූලත්වයක් සහ අසහනයක් වෙත යොමු කරනු ලැබේ. මූලික විසින් මේ
පිළිකුල් සහගත තත්ත්වය හුදෙක් අමිහිරි හැඟීමක් වෙත යොමු වෙයි. ඉක්බිති
එය හනික පීඩාකාරී වේදනාවකට ගොදුරු කරගත හැකි කිසියම් පුද්ගලයකු හෝ
පුද්ගලයන් වෙත ව්‍යාප්ත කරනු ලැබේ. එහිදී එයට ගොදුරු වුණු තැනැත්තා
අජිවී ද්‍රව්‍ය හෝ වස්තුවලට පවා ද්වේෂ කරන්නට පටන් ගනු ඇත. මෙවන්
තත්ත්වයකදී පහසුවෙන් ගිනි ගන්නා ඕනෑ ම දෙයක් ගොදුරු කර ගන්නා ගින්නක්
මෙන් පිළිකුල් සහගත ද්වේෂය මනසට එන ඕනෑ ම සිතිවිල්ලක් ගින්නක් මෙන් සිට
වෙළාගනී.
එබැවින් සෘණාත්මක හෙවත් ප්‍රතිෂේධාත්මක චින්තනයේ ප්‍රගුණනය නතර කරනු
පිණිස මනසට ප්‍රතිශක්ති මර්දන එන්නතක් අවශ්‍ය වෙයි. එය අන් කිසිවක් නොව
මානසික දූෂණය නිවැරැදිව තේරුම් ගැනීමයි. එය ලබාගත හැකි වන්නේ ඕනෑ ම
කෙනෙකු තමන්ගේ මනස දෙස තමන් ම බැලීමෙනි. එනම් තමාගේ මනස තමා ම
අධ්‍යායනය කිරීමෙනි.
මෙයින් තුන්වැන්න අනෙක් දෙකට ම වඩා වෛද්‍යවරයාගේ නිගමන කෙරෙහි මහත්තර
බලපෑමක් කරයි. මානසික වෙහෙසට හෙවත් ආයාසයට සහනය සලසන දැනුම ඉහත සඳහන්
තුන් ආකාරය තුළ ම එක සේ පවත්නා බව අප අමතක නොකළ යුතුය. කෙසේ වෙතත්
කායික හා මානසික සංසිද්ධි විෂයයෙහි සෘජු අත්දැකීම නියමිත වෙනස ඇති
කිරීම කෙරෙහි බලපායි. උදාහරණයක් ලෙස, යම් කිසිවකු කෝපයෙහි අහිතකර
ප්‍රතිඵල කියවා හෝ අසා තිබෙන්නට පුළුවන. එය පළමුවැනි වර්ගයේ දැනුමට
අදාළ ය. එසේ ම තවත් කෙනෙකු කෝපයෙන් ගැහෙන මිනිසුන් දැක ඒ අනුව කෝපයෙහි
හානිකර ප්‍රතිඵල ගැන අනාවැකි පල කරන්නට පුළුවන. එය දෙවැනි වර්ගයේ
දැනුමට අදාළ ය. එහෙත් කිසිම විටෙක කෝපයෙන් නියම සහනයක් ලැබෙන්නේ නැත.
කෙනෙකුට තමන්ගේ කෝපය පිළිබඳ සෘජු අවබෝධයක් ලැබෙන්නේ හුදු ස්වායත්ත
නිරීක්ෂණයෙන් වන අතර කෝපය සමනය කරන මිත්‍රත්වය (මෛත්‍රිය) වගා
කිරීමෙනි.
රෝගියකු සම්බන්ධයෙන් අනුගමනය කරන රෝග සුවකර ගැනීම ගැන ඉගැන්වෙන
විද්‍යාවට අනුකූල නිරවද්‍ය ස්වභාවය තේරුම් ගැනීමේදී ‘කිසිවක් කිරීම
අවශ්‍ය නොවේ. සාවධානව නිරීක්ෂණයේ යෙදෙන්න’ යන මූලධර්මය උපයුත්ත වෙයි.
කිසිවක් කිරීම අවශ්‍ය නොවෙන්නේ, කිසියම් මැදිහත්වීමක් හේතුවෙන්
ක්‍රමෝපායයේ සත්‍ය ස්වභාවය පැහැදිලිව දකින්නට නොහැකි වීමෙනි. සාවධාන
නිරීක්ෂණය යනු කුමක් සිදුවන්නේදැයි අවදියෙන් බලා සිටීම යි.
නියත මූලධර්මය මනස සමඟ ක්‍රියාකිරීමේදී ස්ථාවරව පවතී. මනස පිරිසුදු
කිරීමට වුවමනා වන්නේ සෘජු නිරීක්ෂණය යි. නිරීක්ෂණය සාවධානව බලා සිටීමට
සමාන ය. නිරීක්ෂණය ධනාත්මක පවිත්‍ර සාක්කියකි. කැමැත්ත හෝ නොකැමැත්ත යන
දෙකින්ම තොර මධ්‍යස්ථතාව යන අර්ථයෙන් නිරීක්ෂණයේ පවිත්‍රත්වය රඳා පවතී.
උදාහරණයක් ලෙස, කෙනෙකුට කෝපයේ යථා ස්වභාවය දැන ගන්නට වුවමනා නම්, කෝපයේ
අරමුණට කැමැත්තක් ඇතිව හෝ නැතිව, ඔහුගේ මනසෙහි කෝපය ඇතිවූ කල්හි එය
දැක ගන්නට හැකිවනු ඇත. කවර ආකාරයේ හෝ කැමැත්තකින් හෝ නොකැමැත්තකින්
තොරව, යමෙක් සිය සිතිවිලි විභාග කර බලන්නට පටන් ගන්නේ නම්, සිතිවිලිවල
සත්‍ය ස්වභාවය ඒවා විසින් ම හෙළිදරවු කරන්නට පටන් ගනු ලැබේ. එකල්හි
මානසික හේතු පාලනය කරන න්‍යාය වැඩි වැඩියෙන් පැහැදිලි බවට පැමිණෙයි.
එවිට පුද්ගලයා අසහනය සහ පීඩාව උපත ලබා ඇත්තේ තමාගේ ම මනස තුළ බව හඳුනා
ගන්නට එළඹෙයි. එහි ප්‍රතිඵල විසින් චිත්ත පීඩාවෙන් වළකින්නේත් තමා තුළ
ජනිත වන සාමයෙන් සතුට ලබන්නේත් කෙසේදැයි ඔහු හඳුනා ගනී.
වෛද්‍යවරු ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින් මිනිස් සිරුර පිළිබඳ නව
දැනුමක් ලබා ගනිති.
1. කියවීමෙන් සහ ඇහුම්කන් දීමෙන් ලබාගන්නා දැනුම
2. විමර්ශනාත්මක චින්තනයෙන් හෝ තර්කානුකූල චින්තනයෙන් ලබාගන්නා දැනුම
3. තමන් විසින් තමන්ගේ ම ශාසනික අත්දැකීමෙන් ලබාගන්නා දැනුම
(2010.01.23 වන දා බුදුසරණ පුවත්පතේ පළකරන ලද පී.එන්. රාජක්‍රිෂ්ණ
වෛද්‍යවරයාණන්ගේ Body Versus Mind මැයින් වූ ලිපියේ පරිවර්තනයකි) |