සැපතට – නිවනට
පිවිසෙන දොරටුව
මහනුවර අස්ගිරිය
මහා විහාර මහ පිරිවෙනේ
බංග්ලාදේශයේ අස්සජි හිමි
පුද්ගලයා ලෝකයට සම්බන්ධ කරන ප්‍රධාන දොරටු තුනකි. එනම් සිත, කය,
වචනයයි. තිරිසන් ගත සත්ත්වයා වචනය හෙවත් භාෂාව වෙනුවට ශබ්ද හා ඉරියව්
භාවිත කරයි. තුන්දොර පහත් පැත්තට, නොමඟට අශීලාචාරකමට හැරෙනවිට
මිනිස්කමද පහළ වැටේ. එය තිරිසන්කමට, අමනුස්සකමට ඇද වැටීමකි. තුන්දොර
උසස් පැත්තට සුමඟට හැරෙන විට මිනිස්කමද රැකේ. මිනිස්කම තිරිසන්කමටත්
වඩා පහළ වැටීමට ඉඩ නොතබා එය දේවත්වය නැතහොත් බ්‍රහ්මත්වය දක්වා උසස් කර
ගැනීමට ආගම් වලින් මග පෙන්වනු ලැබේ. මිනිස්කම නරක, තිරිසන්, පේ‍්‍රත,
අසුරයන් පහත් තත්ත්වයකට ඇද වැටීමට ඉඩ නොතබා එය සියලු අමනුෂ්‍යයන්ගෙන්,
මනුෂ්‍යයන්ගෙන් දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලැබීමට
සුදුසු වන ආර්ය තත්ත්වයකට පත්කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු එකම ගමන්මග
බුදුදහම ඉදිරිපත් කරයි. ඒ නිසාම ලෝකයේ සියලුම ආගම්වලට වඩා වෙනස්වන ආර්ය
ධර්මය හෙවත් සද්ධර්මය බුද්ධ ධර්මයයි.
සීලය
01. තුන්දොරින් කය හා වචනය යන දෙක පහත් තත්ත්වයට, නොමඟට , පාපයට හැරීමට
ඇති ඉඩකඩ වළක්වන වැට සීලයයි. සීලය කය, වචන දෙකේ නොමිනිස්කම්, පව්කම්
වළක්වයි. එය කය වචන දෙකේ මිනිස් කුසලතාව, හික්මීම, දමනය, සංවරය,
සදාචාරය, හෙවත් ආචාරශීලිභාවය, විනය, චරිතවත් භාවය, පෞරුෂ වර්ධනය
ගොඩනඟයි. එය සිත සංවර කර ගැනීමටද මුල් වේ.
02. සීලය කය වචන දෙකින් සිදුවන පව්කම් ජීවිතයට ඇතුළුවීමට ඉඩ කඩ අහුරන
ආරක්‍ෂක වැටකි.
03.පින්කම්, කුසලතා, ගුණධර්ම ගොඩනැඟීමට මුල්වන පදනමකි. අත්තිවාරමකි.
04.කය වචන දෙක ආවරණය කරන අලංකාර කරන කඩවසම් ඇඳුමකි. ගමනේ වැදගත්කම අනුව
ඇඳුමේ කඩවසම්කමද උසස් විය යුතුය.
05.සීලය පින්කම් කුසල් පාරමී හා බෝධිපාක්‍ෂික ධර්ම යන ධනය හා වත්කම්
තැන්පත් කරන ගබඩා කාමරයේ ප්‍රධාන දොරටුවකි.
06.සීලය කුසල චේතනා, කුසල ආකල්ප නමැති සායම් පහසුවෙන් උරා ගන්නා
පවිත්‍ර සුදු වස්ත්‍රයයි.
07.පව්කම් වලට ඇතුළු වීමට ඉඩ නොතබන, පින්කම් හා ගුණධර්ම ආරක්‍ෂා කරදෙන
ආරක්‍ෂක වැටකි සීලය.
08.ජීවිත නමැති මංජුසාවෙහි (පෙට්ටියෙහි) ගබඩා කරන ගුණධර්ම නොහැලී
රැකීමට උපකාරී වන අඩිය එයයි.
09.කෙනෙකු පුණ්‍ය මාර්ගයට, කුසල මාර්ගයට සදාචාර මාර්ගයට, ස්වර්ග
මාර්ගයට, ආර්ය මාර්ගයට , නිර්වාණ මාර්ගයට ඇතුළත් කරන කඩුල්ල සීලයයි.
10. කය, වචන, දෙක සංවර කරන, චරිතවත් කරන, සීලය බෞද්ධ අබෞද්ධ ගිහි
පැවිදි ස්ත්‍රී පුරුෂ සැම දෙනාටම පොදුය. පංච සීලය, ආජීව අට්ඨමක සීලය ඒ
කාටත් පොදුය. ඒ කාටත් සමාදන් විය හැකි ශික්‍ෂා කීපයකි. ආජීව අට්ඨමක
සීලය බෝධි සත්ත්ව ප්‍රතිපදාවකි. බෝධි සත්වයෙකු වීමට අබෞද්ධයකුට වුවද
බාධාවක් නැත.
11. සරණ සීලය හා චාරිත්‍ර සීලය ගිහි පැවිදි දෙපිරිසටම පොදු ආචාර
ධර්මයකි. පස් පවට බර වූ බෞද්ධයෙකුට වුවද ඒවා පුරුදු කළ හැකිය. ඒ නිසා
කෙතරම් පව්කම්වලට බර වූවත් කිසිම බෞද්ධයෙකු, කිසිම හිමිනමක් දුස්සීලයකු
හැටියට ප්‍රතික්‍ෂේප කිරීම සුදුසු නොවේ.
12. ගිහි සීලය පැවිදි සීලය යනුවෙන් ගිහිකම හා පැවිදිකම අනුව එය
දෙකොටසකට බෙදිය හැකිය. සිල්වත් ගිහියෙකු හෙවත් බෞද්ධයෙකු වීම සඳහා
පන්සිල් රැකීම අත්‍යවශ්‍යවේ. සරණ සීලයෙන් බෞද්ධකමත්, චාරිත්‍ර සීලයෙන්
ඒ බෞද්ධකම ඔපවත් කර ගැනීමට අවශ්‍ය වන ශ්‍රද්ධාව හා බෞද්ධ පරිසරයත් ගොඩ
නැගේ. එහෙත් බෞද්ධයාගේ කය වචන දෙකේ සංවරකමත් තිසරණය පිහිටීමත්,
බෞද්ධකමත් හොඳින් පදිංචි වීමට තිසරණය සහිත පංච සීලයෙහි මැනවින් පිහිටිය
යුතුය. පංච සීලය සිල්වත් බෞද්ධයාගේ නිත්‍ය සීලයයි. බෝසත්වරුන්ගේ නිත්‍ය
සීලයක් වූ ආජිවට්ඨමක සීලය ද පන්සිල් සුරැකීමට සමත් වන සිල්වත්
බෞද්ධයෙකුට තම නිත්‍ය සීලය බවට පත්කරගත හැකිය. එහෙත් සිල් පද පහවත්
හරිහැටි සුරැකීමට බෙහෙවින් අපහසු දායක පිරිසකට සිල්පද අටක් (ආජීව
අට්ඨමක සීලය) පැවරීමට යාම හොඳ හිතින් කරනු ලබන අනුවණකමකි.
ගිහියන්ගේ නිත්‍ය සීලය පංච සීලයයි. පෝය දවසෙහි, උපෝසථ දවසෙහි සමාදන්ව
ආරක්‍ෂා කළ යුතු උපෝසථ සීලය අෂ්ඨාංග සීලයයි.
පැවිදි සීලය සාමණේර සීලය හා උපසම්පදා සීලය යනුවෙන් දෙයාකාර වේ. අවුරුදු
(20) විස්සට අඩු සාමණේර පොඩි හාමුදුරුවන් විසින් ආරක්‍ෂා කරනු ලබන
අඩමසකට (දෙසතියකට ) වරක් නැවත සමාදන්ව අළුත් කරගත යුතු පැවිදි දස සීලය
සාමණේර සීලය නමින් හැඳින්වේ. උපසම්පන්න ස්වාමීන් වහන්සේලාගේ නිත්‍ය
සීලය වූ සතර සංවර සීලය උපසම්පදා සීලයයි. එයට ශික්‍ෂා 220 ක් ඇතුළත් වන
අතර අඩමසකට වරක් පෝය කිරීමෙන්, ආවත් දෙසීමෙන්, වත්මනත් පිරීමෙන් එම
සීලය පවිත්‍ර කරගත යුතුය. |