ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම පුරාණ
මහා විහාරයේ තෙමහල් ධර්ම මන්දිරයට මුල්ගල තැබීම පසුගියදා
සිදු කැරිණි. දකුණු කොරියාවේ යොරේ බෞද්ධ බුද්ධ නිකායේ මහා
නායක සොක් ඉන් වොං මහා නාහිමියන් සහ සොල් නගරයේ යක්‍ෂ ෂා
මහා විහාරාධිපති හේයන් නා හිමියන් ඇතුළු කොරියානු දූත
පිරිස තෙමහල් ධර්ම මන්දිරයට මුල්ගල තැබීමට සූදානම් වූ
අවස්ථාව. විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ
එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක
අමුගොඩ සෝමරතන නා හිමියෝ ද, අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා
විහාරාධිකාරි ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියෝද,
කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කේ.කේ.ජී.
මෛත්‍රිපාල මහතාද ඡායාරූපයේ වෙති. |