තිරසාර සංවර්ධනයකට
මඟ පෙන්වන බෞද්ධ අධ්‍යාපනය
බෞද්ධ අධ්‍යාපනය
ශාස්ත්‍රපති
පේ‍්‍රමතිලක වරාවිට
ගුරු සිසු සබඳතාව බුදුන් වහන්සේ පෙන්වා දි ඇති තවත් අධ්‍යාපන
උපදේශනයකි. ‘සිඟාලෝවාද සූත්‍රයේ’ ගුරු භූ®මිකාව සම්බන්ධ වැදගත්
සදූපදේශයක් සපයයි. ගුරුවරයා විසින් ශිෂ්‍යයා
මනාකොට හික්මවීමද (සුවිනීතං විනෙත්ති) යහපත් ලෙස
ඉගැන්වීමද,, (සුග්ගහිතං ගහාපෙන්ති) තමන් දන්නා ශිල්ප අඩු නැතිව දීමද,
(සබ්බ සිප්පසුතං සමක්ඛායිකා භවන්ති)
හිත මිතුරන් හඳුන්වාදීමද, (මිත්තා මච්චේසු පටියාදෙන්ති) යම් අන්තරායක්
වේ නම්, එය වැළැක්වීමද (දිසාසු පරිත්තානං කරෝන්ති) යන කරුණු පහකින්
සංග්‍රහ කළයුතු බව දක්වා ඇත.
පසුගිය පත්‍රය හා සම්බන්ධයි
චින්තන නිදහස මනුෂ්‍යයාට ඉගැන්වූ පළමු ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේය.
වෙනත් ආගමික නායකයෝ ඔවුන්ගේ දර්ශනයට ශ්‍රාවකයින් කොටුකර තබා එම
දර්ශනයෙන් ඉවත්වීම සදාකාලික නිරයට වැටෙන මහා පාපයක් ලෙස පෙන්වා දුන්හ.
සත්‍යය කුමක්ද යන්න නිදහස් ලෙස සිතන්නට උපදෙස් දුන් දාර්ශනිකයින්ට
අකාලයේ ඔවුන්ගේ ජීවිත වලින් සමුගන්නට සිදුවූ බව ඉතිහාසය සාක්ෂි දරයි.
නිවැරදි ලෙස තමන් තේරුම් ගන්නට අපහසු නම්, තමන් වහන්සේ එය කිව්වත්
නොපිළිගන්නා ලෙස, බුදුන්වහන්සේ උපදෙස් දුන්හ. ඒ බව අංගුත්තර නිකායේ
‘තික’ නිපාතයේ ‘කාලාම සූත්‍රයෙන්’ හෙළිදරව් වේ. බුදුන් වහන්සේ
කාලාමයින් අමතා ‘කාලාමයෙනි, යමක් ඇසූ පමණින්, පරම්පරාවෙන් පැවත එන
පමණින්, ආගමික පොත්පත් වල තිබූ පමණින්, තර්කයට හෝ න්‍යායට ගැලපුණු
පමණින් තමා සිතූ අදහසට එත්තු ගිය පමණින්, කියන පුද්ගලයාගේ විශේෂත්වයක්
තිබූ පමණින්, තමන්ගේ ආචාර්යයන් වහන්සේ කියා ඇති පමණින් භාර නොගන්නා
යැයි උපදෙස් දුන්හ. මනෝවිද්‍යාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා ස්වාධීනව
සිතන්නට අවකාශ සැලසීම ඉතා වැදගත් දෙයකි.
මනෝ විද්‍යාත්මක උපදේශනය
බුදුන් වහන්සේ මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින්
පුද්ගලයින් සුවපත් කළහ. මහා පන්ථක හිමියන් තම සොහොයුරු, චුල්ල පන්ථකට
ඉගැන්වූ එක ගාථාවක්වත් මතක තබා ගැනීමට නොහැකි වූ බැවින්, ඔහු තමා
කෙරෙන් ඉවත් කිරීමට සූදානම් වන අවස්ථාවේදී බුදුන් වහන්සේ චුල්ල
පන්ථකයන්ගෙන් කරුණු විමසා ඔහුට පිරිසුදු රෙදි කඩක් දී ‘රජෝ හරණං - රජෝ
හරණං’ යන්න කියමින් අඛණ්ඩව පිරිමැදීමට සැලැස්වූහ. අතෙහි දහඩිය හා
දූවිල්ල ස්පර්ශවීම නිසා, පිරිසුදු රෙදිකඩ දුර්වර්ණ වන ආකාරය පිළිබඳ
චුල්ල පන්ථකගේ සිත යොමු කරවීමෙන් අනිත්‍ය පිළිබඳ ගැඹුර අවබෝධයක් ඔහු
තුළ ගොඩනැගෙන්නට සැලැස්වූහ. ඒ මගින් චුල්ලපන්ථක මාර්ගඵල ලාභියෙක් බවට
පත්කරලීමට බුදුන් වහන්සේට හැකිවිය. තම එකම දරුවා මළ සොවින් සිහි
විකල්ලෙන් දිවගිය කිසාගෝතමී ද දරුවන් සමඟ සැමියාද පවුලේ සියල්ලද එක
දිනම මරණයට පත්වීමෙන් ඇඳිවත පවා නොමැතිව සිහිවිකල්ව දිවගිය පටාචාරවන්ද
සුවපත් කළේ සියුම් මනෝවිද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමිනි. ඒ ඒ වයස්
කාණ්ඩ වලට ගැළපෙන පරිදි අධ්‍යාපනය කෙසේ ලබාදිය යුතුද යන්න සම්බන්ධව
‘රාහුලෝවාද සූත්‍රයෙන්’ බොහෝ කරුණු ඉගෙනගත හැකිය. වර්තමාන මනෝ
විද්‍යාඥයෝ දරුවන්ගේ වයසට අනුරූප වන ආකාරයෙන් අධ්‍යාපනය ලබාදිය යුතු බව
පෙන්වා දෙති. මෙම අධ්‍යාපන උපදේශනය ඉතිහාසයේ මුල්වරට ලබාදී ඇත්තේ
බුදුන් වහන්සේ ය. වයස අවුරුදු හතක් වූ රාහුල හිමියන්ට සත්‍යයෙන් තොර
තැනැත්තා හිස් පුද්ගලයෙකු බවට වටහා දුන්නේ වතුර පිර වූ භාජනයක් උඩු යටි
කරවීමෙනි. ඇතැම් කරුණු රාහුල හිමියන්ට ඉගැන්වූයේ දෙදෙනා වහන්සේ
පිඬුසිඟා වැඩ සතුටින් පන්සලට පැමිණෙන අවස්ථාවේදීය. ත්‍රිලක්ෂණය
අන්තර්ගත ගැඹුරු දහම කියාදුන්නේ වයස අවුරුදු දාහතේදීය. මෙම වයස ගැඹුරු
දහමක් ග්‍රහණය කරගත හැකි වකවානුවක් ලෙස පිළිගැනේ. සාකච්ඡා හා ප්‍රශ්න
විසර්ජන ක්‍රම මඟින් බුදුන් වහන්සේ බොහෝ කරුණු සිය ශ්‍රාවකයින්ට
ඉගැන්වූහ. මහණෙකු විසින් පිළිපැදිය යුතු විනය කරුණු රාහුල හිමියන්ට
ඉගැන්වූයේ වයස අවුරුදු විසිඑක සම්පූර්ණ වූ විටය. ඉතාම ප්‍රචණ්ඩ
පුද්ගලයෙකු වූ ආලවකද මිනීමරුවෙක් වූ අංගුලිමාලද දමනය කළේ අවි බලයෙන් හෝ
කාය බලයෙන් නොව, ඔවුන් තුළ සියුම් මානසික විපර්යාසයක් ඇතිකරලීමට
සැලැස්වීමෙනි. බුදුන්වහන්සේ ගේ මෙම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මූල ධර්ම
වර්තමාන අධ්‍යාපනවේදීන්ට බොහෝ ප්‍රයෝජනවත්ය.
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය
අධ්‍යාපන ක්‍රම වේදය පුද්ගල විෂමතා හඳුනා ගැනීමද ඉතා වැදගත් අංශයකි.
බුදුදහමට අනුව ඇතැම් පුද්ගලයින් කෙලෙස් අඩු, කෙලෙස් වැඩි තියුණු
ඉන්ද්‍රිය ඇති, මෘදු ඉන්ද්‍රිය ඇති, යමක් පහසුවෙන් අවබෝධ කළ හැකි,
පහසුවෙන් අවබෝධ කළ නොහැකි වශයෙන් බෞද්ධ විනය පිටකයේ වාර්ගීකරණය කර ඇත.
වර්තමාන අධ්‍යාපන විශේෂඥයින් පුද්ගලයින් බාධික, සුභග, දන්ධ වශයෙන් තුන්
කොටසකට බෙදා ඇත. නමුත් බුදුදහමේ පුද්ගල විෂමතා විග්‍රහය වර්තමාන
අධ්‍යාපන විද්‍යාවේ ඉගැන්වෙන ක්‍රමවේදයට වඩා විශිෂ්ටය. බුදුදහමේ
විමංසනයට, චින්තනයට, ස්වච්ඡන්දතාවයට, ඉඩකඩ දෙමින් ශිෂ්‍යයා වෙත යමින්
ඔහුට ගැලපෙන පරිසරය සකස් කරමින්, පරිසරයට සංවේදී වෙමින් අධ්‍යාපනය
ලබාදීමේ ක්‍රමය උගන්වා ඇත. ළමා කේන්ද්‍රීය ශිෂ්‍යයාගේ කායික, මානසික
දුබලතා හඳුනා ගැනීම වැදගත් වේ.
‘පියවර පාඩම් ක්‍රමය’ බුදුරජාණන් වහන්සේ භාවිතා කළ තවත් ක්‍රමවේදයකි.
පියවරෙන් පියවර අරමුණ කරා ළඟා වීමට අවස්ථාව සැලසීම මේ මගින් සිදුකෙරේ.
‘ක්‍රියාවෙන් අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීම’ බුදුන් වහන්සේ ගේ තවත්
අධ්‍යාපන උපාය මාර්ගයකි. ‘දෘෂ්‍යාධාර භාවිතා කිරීමද’ බුදුන් වහන්සේ
භාවිතා කළ තවත් ප්‍රබල අධ්‍යාපන ක්‍රමයකි.
ගුරු සිසු සබඳතාව
ගුරු සිසු සබඳතාව බුදුන් වහන්සේ පෙන්වා දි ඇති තවත් අධ්‍යාපන
උපදේශනයකි. ‘සිඟාලෝවාද සූත්‍රයේ’ ගුරු භූ®මිකාව සම්බන්ධ වැදගත්
සදූපදේශයක් සපයයි. ගුරුවරයා විසින් ශිෂ්‍යයා මනාකොට හික්මවීමද
(සුවිනීතං විනෙත්ති) යහපත් ලෙස ඉගැන්වීමද,, (සුග්ගහිතං ගහාපෙන්ති) තමන්
දන්නා ශිල්ප අඩු නැතිව දීමද, (සබ්බ සිප්පසුතං සමක්ඛායිකා භවන්ති) හිත
මිතුරන් හඳුන්වාදීමද, (මිත්තා මච්චේසු පටියාදෙන්ති) යම් අන්තරායක් වේ
නම්, එය වැළැක්වීමද (දිසාසු පරිත්තානං කරෝන්ති) යන කරුණු පහකින්
සංග්‍රහ කළයුතු බව දක්වා ඇත. ශිෂ්‍යයා ගුරුවරයා කෙරෙහි ගුරු ගෞරවය
දක්වා හුනස්නෙන් නැගිටීම (උට්ඨානෙන) උවටැන් කිරීමද, (උපට්ඨානෙන) උගන්වන
දේ මනාකොට ඇසීමද (සුස්සුසාය) වතාවත් කිරීමද (පාරිචරියාය) සකස් කොට
ශිල්පය ග්‍රහණය කර ගැනීමද (සකච්චං සිප්ප පටිග්ගහණෙන) යන කරුණු පහකින්
ගුරුවරයා කෙරෙහි පැවතිය යුතු බව පෙන්වා දෙති. ගුරු සිසු දෙපිරිසම
නිරතුරුවම පිය - පුතු සෙනෙහසින් බැඳී සිටින පිරිසක් විය යුතුය.
බුදුදහමේ උගන්වා ඇති මෙම උපදේශනය නිසි ලෙස ක්‍රියාත්මක වේ නම්,
වර්තමානයේ පවතින අධ්‍යාපන අර්බුද බොහෝමයක් නිරාකරණය වනු ඒකාන්තය.
දහම් පාසල් අධ්‍යාපනය
අප රටේ ක්‍රියාත්මක වන දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය බෞද්ධ අධ්‍යාපන
ක්‍රියාවලියෙහි ඉතා වැදගත් අංශයකි. දැනට අප රටේ උද්ගත වී ඇති අධ්‍යාපන
ක්‍ෂේත්‍රයේ අර්බුද විසඳීමට , පාසල් දරුවන් තුළ ඇති වී තිබෙන
විෂමාචාරයන් නැතිකොට ඔවුන් අනාගතයේ යහපත් පෞරුෂත්වයක් ඇති මිනිසුන් බවට
පත්කරලීමට මේ මඟින් හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි. නැණ - ගුණ දෙකින්
පිරිපුන්, යහපත් පෞරුෂයකින් යුත් දරුවන් බිහි කිරීම දහම් පාසල්
අධ්‍යාපන ක්‍රමයේ පරමාර්ථයයි. දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය
පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස් වන කරුණු කිහිපයකි. සාමාන්‍ය පාසල් වල
බොහෝ විට ඥානය (පොතේ පතේ දැනුම) ලබාදෙන්නා වූ මාර්ගයක් වන අතර ගුණය
(සාදාචාර පැවැත්ම) ලබාදීම සිදුවන්නේ ඉතාම අල්ප ප්‍රමාණයකින් බව, ඇතැම්
සාමාන්‍ය පාසල් වල දරුවන්ගේ යහගුණය පිරිහී ඇති ආකාරයෙන් පෙනී යයි.
පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ගේ ගුණාත්මක පක්ෂය කෙතරම් පිරිහී ඇත්ද යන්න
මෑත කාලයේ අප රටේ සාමාන්‍ය පාසල් වල සිදු වී ඇති යම් යම් සිදුවීම්
වාර්තා ඇසුරින් පෙනී යන කරුණකි. දහම් පාසල් සියල්ලම වාගේ පවත්වනු
ලබන්නේ ආගමික පරිසරයක් තුලය. බෞද්ධ දහම් පාසල් සියයට සියක්ම වාගේ
විහාරස්ථානවල පවත්වනු ලැබේ. දහම් පාසලට පිවිසෙන දරුවා සාමාන්‍ය පාසලට
පිවිසෙන අයෙක් නොව, දාගැබ, බෝධිය, පිළිමවහන්සේ යන වන්දනීය තිබෙන ශාන්ත
පරිසරයකට පිවිසේ. බුදුගෙය ඇතුළත ඇති ශාන්ත ස්වභාවයෙන් මනස සමාධියට
පත්වේ. සුදෝ සුදු දාගැබ, මද පවනින් බෝපත් සෙලවෙන බෝධීන් වහන්සේ ළමා මනස
තුළ අපූර්ව චමත්කාරයක් ඇතිකරවයි. විහාරගෙය තුළ බිත්ති වල අඳින ලද ජාතක
කථා නැරඹීමෙන් බෝධිසත්වයන් වහන්සේගේ ආදර්ශවත් චමත්කාරයක් ඇතිකරවයි.
විහාරගෙය තුළ බිත්ති වල අඳින ලද ජාතක කථා නැරඹීමෙන් බෝධි සත්වයන්
වහන්සේගේ ආදර්ශවත් චරිත තුලට දරුවා මනසින් පිවිසේ. ඔහු තුල ස්වයං
ශික්ෂණයක් ඇතිකර ගනී. සාමාන්‍ය පාසල් වල මෙම ශික්ෂණය දරුවා තුල
ඇතිකරලීමේ මඟ විරලය.
සාමාන්‍ය පාසල් මෙන් නොව දහම් පාසල් වල උදෑසනම තිසරණ පංචසීලය සමාදන් වී
මල් ගිලන්පස පූජාවන්ට සහභාගි වී දවස පටන්ගෙන බුද්ධ චරිතය ශාසන ඉතිහාසය,
බෞද්ධ සංස්කෘතිය, බුද්ධ ධර්මය ආදි විෂයන් හදාරමින් භාවනා ආදී චිත්ත
අභ්‍යාස වැඩවලට සහභාගී වීමෙන් දිනකට පැය පහකට සමීප කාලයක් දහම්
පරිසරයක් තුල ගත කරන්නට සැලැස්වීමෙන්, ඔවුන් අනාගත යහපත් පුරවැසියන්
වීමට අවශ්‍ය පසුබිම ඇතිකරවයි. වර්තමානයේ දහම් පාසල් තුල, සාමාන්‍ය
පාසල් වල මෙන් දරුවන් විවිධ තරග වලට සහභාගි කරවීම බාහිර ක්‍රියාකාරකම්
වලට දවසේ වැඩි කාලයක් යෙදවීම ආදිය හේතුවෙන් දරුවන්ට ලැබිය යුතු ආගමික
පෝෂණය යම් පමණකින් අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. සතර බඹ විහරණ
වර්ධනය වන්නා වූ නැණ ගුණ දෙකින් පිරිපුන් යහපත් දරුවන් සමාජයට දායාද
කරන්නට සැලැස්වීමෙන් දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයේ යහපත් ප්‍රතිඵල නෙලා
ගැනීමට හැකිවනු ඇත.
බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් පෙන්වාදී ඇති ශ්‍රේෂ්ඨ ආචාර ධර්ම පද්ධතිය
තුළ පිහිටා කටයුතු කිරීමෙන් වර්තමාන අධ්‍යාපන ගැටලු බොහෝමයක් විසඳාගත
හැකිවන අතර, තිරසාර සංවර්ධනයක් ඇතිකරලීමට එමඟින් ප්‍රබල ආලෝකයක්
සැපයෙනු ඇත. |