| 
						  “ධර්ම කීර්ති ශ්‍රී සීලරතන” යන 
						ගෞරව නාමය සහිත මල්වතු මහා විහාර පාර්ශ්වයේ විශේෂ 
						කර්මාචාර්ය පදවියට පත් තැඹිලිපොල රාජමහා විහාරය, 
						කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය, ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ 
						ටැම්පිට විහාරය, රුක් අත්තනේ පුරාණ විහාරය යන සිව්මහා 
						විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද හිමියන් වෙත තිබ්බටුවාවේ 
						ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතුමහා විහාර පාර්ශ්වයේ 
						මහා නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී සන්නස් පත්‍රය 
						පිරිනමන ලද අවස්ථාව.  | 
					
					
						| 
						 ගොඩකවෙල, වැල්කෙනියායේ ශ්‍රී 
						සුමණාරාම විහාරස්ථානයේ බුදු මැදුර නවීකරණය කර සංවර්ධනය 
						කිරීමට විහාරස්ථදායක සභාව පියවර ගෙන ඇත. විශාල මුදලක් වැය 
						කර එම නව සංවර්ධන කටයුතු වලින් කොටසක් මේ වන විට නිම කර 
						ඇත. එම විහාරස්ථානයේ නිර්මාතෘන් වහන්සේ වන්නේ අමරපුර 
						වජිරවංශ මහා නිකායේ මහා නායක ධුරන්ධරව වැඩ විසූ 
						වැල්කෙනියායේ ධම්මසේන මහ නාහිමිපාණන් වහන්සේ ය. එම මහ 
						නාහිමියන්ගේ ශිෂ්‍ය වැල්කෙනියායේ ධම්මවංශ හිමියෝ මේ 
						විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති පදවිය උසුලති. 
						උන්වහන්සේගේ ශිෂ්‍ය වැල්කෙනියායේ ධම්මාවාස හිමිගේ 
						අධීක්‍ෂණය යටතේ මේ විහාරස්ථානයේ නව ඉදිකිරීම් කටයුතු සිදු 
						කැරේ. මේ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ බලංගොඩ කොටවෙහෙර මංකඩ 
						මූර්ති හා චිත්‍ර ශිල්පී, ටී.වී. ලීලාරත්න මහතා විසිනි. ඒ 
						මහතා නිර්මාණයක යෙදී සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. 
						මෙහි වම්පස ධම්මාවාස හිමියෝ ද වෙති.  
						ඇස්. චිත්‍රපාල රක්වාන විශේෂ  |