ධර්ම විජය පිරිවෙන් විහාරයේ කොත නිරාවරණය හා දෙදියවල නා හිමි ජන්ම දින
සැමරුම
දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ අභිනව චෛත්‍ය රාජයාණන්
වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය හා සාංචි තොරණ විවෘත කිරීම ඇතුළුව
දෙදියවල දේවසුමන නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පින්කම්
මාලාවක් පෙබරවාරි 01 දා සිට 07 දක්වා එම පිරිවෙන් ආයතනයේ දී පැවැත්වේ.
ඉතිරිය»
උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවි
ප්‍රාප්ත
සිරි මුනිවර වංසාලංකාර විනයවාදිනී සාහිත්‍ය ශිරෝමණි පණ්ඩිත,
ශාස්ත්‍රපති පණ්ඩිත
මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය
උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියට අභිනවයෙන්
පත් වූ මාදිපොල ධම්මික මහ ස්ථවිරයන් වහන්සේ දහරවියේ සිටම අපගේ
ධර්මාන්තේවාසී ඡාත්‍රයෙකු ලෙසින්, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය
පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රෝද් ග්‍රහණය කළ අවධිය අදද මට සතුටින් සිහිපත්
කළ හැකි ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පමා නොවීමෙන් වැඩෙන යසස
දියුණුව යහපත කැමැති
කෙනෙක්නම් වහ වහාම, දැන් දැන්ම කළ යුතු දේ කළ යුතුයි.
‘අප්පමාදො අමත පදං පමාදො
මච්චුනො පදං’ නොපමා බව
දියුණුවට මඟ වන අතර, පමාවීම පරිහානියට මඟ බව බුද්ධ
දේශනාවයි.
පමා නොවී වහ වහාම වැඩ කටයුතු කරගෙන තම
විමුක්තිය පිණිස කටයුතු කරන්නැයි, බුදුරජාණන් වහන්සේගේ
අන්තිම බුද්ධ වචනය තුළින්ද දේශනා කර ඇත.
ඉතිරිය»
|