දිළිඳුකම දුරලන දැහැමි විසඳුම්
ශාස්ත්‍රපති
කරපුටුගල ධම්මරතන හිමි
දුප්පත්කම ඇතිවීමට හේතු විග්‍රහකොට , ඒවා දුරු කිරීමට ගත යුතු දේශපාලන
හා සමාජ ආර්ථික විස්තරයක් බෞද්ධ ග්‍රන්ථවල
සඳහන් වේ.නිවන හෙවත්
විමුක්තිය ලැබීමට කළ යුතු වන්නේ සියලු තෘෂ්ණා දුරුකිරීමට කටයුතු කිරීම
ය. එහෙත් තපස් රකින අයකුට හැරෙන්නට අන්ත දුගී දුප්පත් අයකුට එම
දුප්පත්කම ආශිර්වාදයක් නොවන බව කිව යුතුය.
කාමභෝගී ගිහියන්ට දුප්පත්කම දුකක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
බුදු දහම දර්ශනයක් මෙන්ම ආගමක් වශයෙන් හැඳින්වීම නිවැරැදිය. බුදුදහම
දර්ශනයක් වන්නේ එය යොනිසො මනසිකාරයෙන් දැකිය යුතු බැවිනි. බුදුදහම තුළ
දකින “ එහි පස්සිකො” පාලි පාඨය විග්‍රහ කර බලන විට මේ බව පැහැදිලි වේ.
අප සසර සැරිසරන්නේ , දුක් විඳින්නේ තෘෂ්ණාව හෙවත් ආශාව නිසාය.”යායං
තණ්හා පොනොභවිකා යන බුද්ධ වචනයෙන් සනාථ වන්නේ සියලු ගැටලු ඇතිවන්නේ
ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල ධර්ම හේතුවෙනි.
බුදුදහමෙහි සඳහන් සතර අගතිය වන ඡන්දය දේවේෂය, භය, මෝහය යන කරුණු
කෙනෙකුට බලපාන්නේ තෘෂ්ණාව පදනම් කරගෙනය. එමෙන්ම සියලු වැරැදි
සිදුවන්නේද ආශාව පදනම් කරගෙන බව පෙනී යයි. බෞද්ධ විවරණය අනුව විමුක්තිය
ලැබීමට හැක්කේ සිත සකස් කරගෙන, ආශාව නැති කර ගැනීමෙන්ය. මේ සඳහා බුදු
දහම විරාගී චරණයක් ඉදිරිපත් කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද
“නවිරාගය සංවත්තති” යන පාලි පාඨයෙන්ද පෙන්වා දෙන්නේ නිවනට එය හේතු නොවන
බැවින් ප්‍රතික්‍ෂේප කරන බවයි.
යම් දහමක් විරාගයට හේතුවන්නේ නම් එය අර්ථ සම්පන්නය. යම් දහමක් විරාගයට
හේතු නොවන්නේ නම් එය අර්ථ ශූන්‍යය. ඒ අනුව බුදු දහම අර්ථ සම්පන්න
දහමකි. බුදු දහම තුළ පැහැදිලිව විමුක්ති මාර්ගය දක්නට ලැබේ. බුදු දහම
තුළ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ගැටලු වලට විසැඳුම් පෙන්නුම් කරයි. අප
ලෞකික ජීවිතයේ ඇතිවන ගැටලුවකි දරිද්‍රතාවය . මේ සම්බන්ධව බුදුසමය කථා
කොට ඇත.
අප සඳහන් කරන දරිද්‍රතාවය හෙවත් දිළිඳුකමට බුදු දහම තුළ එකම විසඳුමක්
ඉදිරිපත් නොකරන අතර එහිදී බොහෝ අංශයන් වෙත අවධානය යොමු කරන බව කිව
යුතුය. එම ප්‍රශ්නයට විසැඳුම ලෝකෝත්තර මෙන්ම, ලෞකික වශයෙන් දැකිය යුතුව
ඇත. තවත් විදියකින් මෙය ලෞකික දුකක් මෙන්ම, සංසාරික දුකක් වශයෙන් දැකිය
හැකි සදාතනික ප්‍රශ්නයක් බව පිළිගත යුතුව ඇත.
“දුකේඛා ලොකෙ පතිට්ඨිතො” යනුවෙන් අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා
දෙන්නේ මෙම තත්ත්වයයි. කිසිම දිනක නැති බැරිකම , දුප්පත්කම , හොඳ යැයි
කිසිවෙකු ප්‍රකාශ නොකරන බව පැහැදිලිය. අංගුත්තර නිකායේ සඳහන් වන
අත්‍ථකාර සූත්‍රය දෙසට යොමුවීම තුළින් මෙම ප්‍රශ්නයට මානසිකව ලැබිය
යුතු පිළිතුරු නිසි අයුරින් ලැබේ.එහිදී මිනිසාගේ පෞරුෂත්වය ගොඩනැඟීමට
කරුණු ගෙනහැර දක්වයි.
එහි ඒ සම්බන්ධව කරුණු 06 ක්, ගෙන විග්‍රහ කරයි. එහිදී තව දුරටත්
පුද්ගලවගකීමක් පුද්ගලයෙකුට ඇති බව තහවුරු කරයි. එක්තරා බමුණෙක්
බුදුරජාණන් වහන්සේට පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුට පුද්ගලවගකීමක් නැති
බවයි. එහිදී බුදුපියාණන් වහන්සේ මානව පෞරුෂය දක්වන කරුණු පෙන්වා දුන්හ.
ඒවා වශයෙන් ආරම්භක ධාතු, නික්ඛකමධාතු, පරක්ඛමධාතු, ථාමධාතු, ඨිතිධාතු,
උපක්කමධාතු, යනුවෙන් විස්තර කළ හැක.
ඒවා විග්‍රහකර කිරීමේදි මෙසේ දැක්විය හැක.
1.ආරම්භක ධාතු- යමක් ආරම්භ කිරීමට මිනිසාට ඇති හැකියාව
2.නික්ඛම ධාතු- අලසකමින් ඉවත්වීම
3.පරක්ඛමධාතු– ඇරැඹු ක්‍රියාව විර්යෙන් කරගෙනයාම
4.ථාමධාතු - ක්‍රියාවේ ස්ථිරව රැඳී සිටීම
5.ඨිතිධාතු - ස්ථිර වීර්යෙන් යුතුව සිටීමට ඇති හැකියාව
6.උපක්කමධාතු– තම අභිමාර්ථයන් සපුරා ගැනීමේ උපක්‍රම ශක්තිය
එහිදී තව දුරටත් කරුණු විග්‍රහකරන බුදුරජාණන් වහන්සේ මනාව පෞරුෂයට
හේතුවන කරුණු ගණනාවක් පෙන්නුම් කරයි.
1.අත්ථි පුරිෂ බලං - ගැටලු විසඳගත හැකිය
2.අත්ථි පුරිෂ විරියං - අධිෂ්ඨාන ශක්තියක් ඇත
3.අත්ථි පුරිෂකාරො - මිනිස් ක්‍රියා ශක්තියක් ඇත
4.අත්ථි ධොරයහං - බරක් ඉසිලීමේ ශක්තියක් ඇත
5.අත්ථි පධානං - වෙහෙස ගනිමින් දිරි ගනිමින් , යළි යළිත් ඒ දෙය කිරීමට
ශක්තිය ඇත.
6.අත්ථි වසං - ආධිපත්‍ය විහිදිය හැක
7.අත්ථි වායාමං - ප්‍රයත්න දැරිය හැක.
මෙම කරුණු විමසා බැලීමේ දී පෙනීයන්නේ මිනිසාට දෛවය, දිව්‍යමය , බලය,
නැකත්, විශ්ව ශක්තීන් අභිබවා යෑමේ පුදුම ශක්තියක් ඇති බවයි. “අත්තාහි
අත්තනො නාථො “තමාට පිහිට තමාම යන්නද ඒ බව සනාථ කරයි.
දිළිඳුකම දුරු කර ගැනීමට හේතුවන කරුණු අතර, හරිහම්බ කරගන්නා ධනය
අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු බවද එක කරුණකි. එමෙන්ම දියුණුව උදෙසා
ධනය යෙදිය යුතු ආකාරයද මෙහිදී පෙන්වා දෙයි.
එකෙන භොගෙ භුඤෙඡ්‍ය
ද්විහි කම්මං පයොජයෙ
චතුත්‍ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති “
එක කොටසක් අනුභව කිරීමටද, කොටස් දෙකක් ව්‍යාපාර සඳහාද 04 වන කොටස යම්
ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීමටද පෙන්වාදීමෙන් උත්සාහ කොට ඇත්තේ මිනිසා
දිළිඳුකමෙන් ඉවත් කොට යහපත් අයකු බවට පත් කිරීමටය.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා,
කල්‍යාණමිත්තතා, සමජීවිකථා යන කරුණු කෙනෙකුගේ මෙලොව දියුණුවට හේතුවන
කරුණුය. ඒ අනුව කටයුතු කිරීම ආර්ථික වශයෙන් දියුණුවට හේතුවන බවද
කිවයුතුය. කෙනෙකු ආර්ථික වශයෙන් දියුණුවීම දිළිඳුකමින් දුරුවීමටද
හේතුවේ.
සමාජයේ ජීවත්වන අපට සියල්ල ඉබේ අකස්මිකව නොලැබේ. ඒවා දැඩි උත්සාහයෙන්
ලබා ගත යුතුය. සමාජයේ සමහර අය සියල්ල මවුපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්,
ගුරුවරුන්ගෙන් , රජයෙන්, දෙවියන්ගෙන් ලැබෙනතෙක් බලා සිටිති. හුදෙක් ඒවා
සිහිනයක් හා සමානය. රටක ජනතාව සියල්ල රජයෙන් ඉටුවනතෙක් බලා සිටිති. රජය
ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ ද රටේ ජනතාවගෙන් ගන්නා නොයෙක් බදුවලිනි.
මේ අනුව බලනවිට පුද්ගල පෞරුෂයට විශාල කාර්යභාරයක් ඇති බව පෙනේ.
රටක දියුණුවට රජය කටයුතු කරන්නේ රටේ ජනතාවගේ බදුබර වලින් නම්, එරට
ජනතාවට රටේ දියුණුවට කටයුතු කිරීමේ වගකීමක් ඇත. එයින් මිදීමට කිසිවකුට
නොහැකි බව කිව යුතුව ඇත.බුදුසමය අවධාරණය කරන්නේ පුද්ගල දියුණුව සමාජයේ
දියුණුවට,සමාජයේ දියුණුව රටේ දියුණුවට හේතු වන බවයි. බුදු දහම මෙලොව,
පරලොව උභයත්‍ථසංකල්‍යය පෙන්වා දෙමින් එහි දියුණුවට කටයුතු කිරීමේ
වැදගත්කම ද අවධාරණය කරයි.
බුදුදහම පන්සිල් සුරකින සමාජයක ඇති වැදගත්කමද පෙන්වා දෙයි. ඉහත දක්වන
ලද ප්‍රස්තුතය ගෙන බලන විට අපට පෙනීයන කරුණක් නම් දරිද්‍රතාවය හෙවත්
දිළිඳුකම වැඩිවීමට හේතුව නම් මිනිසා පන්සිල් සිල් රැකීමෙන් ඈත්වීම යැයි
කිවහොත් එය නිවරැදිය . එම නිසා අප දැඩිව උත්සාහ කළ යුත්තේ පන්සිල්
සුරකින සමාජයක් බිහිකිරීමයි.
ජනතාව එදිනෙදා හරිහම්බකරන මිල මුදල් කා, බී. විනෝදවීමට, මත්පැන්වලට
සමාජයෙහි උසස් තලයක් පෙන්වීම සඳහා වියදම් කරන්නේ නම් ඉන් පුද්ගල
පරිහානිය මෙන්ම, සමාජයේ පරිහානියද ඇතිවෙයි. මේ අනුව දිළිඳුකම දුරු
කිරීමට පන්සිල් ආරක්‍ෂා කිරීමේ වැදගත්කම බුදුදහම මගින් පෙන්වා දෙනු
ලබයි. එමෙන්ම බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්‍යය මගින් ධනපති පංතියේ
වාසිය පිණිස දුප්පත්කම තහවුරු කරන බව සමහරු ආර්ථකථනය කරති.එසේම පවතින
සමාජ ක්‍රමය තහවුරු කරන බවද ඔවුහු ප්‍රකාශ කර සිටිති. එමෙන්ම කර්මවාදය
පිළිගත් දිළින්දෝ මෙලොව දියුණුවට කටයුතු කිරීමට මැලිවෙති. ජෛන ආගම
මගින් ඉගැන්වෙන කර්මවාදය මගින් පෙන්වා දෙන්නේ මිනිසා මෙලොව ලබන සියලු
සැප දුක් පෙර කර්මයේ විපාක බවයි. දුප්පත්කම ද ඒ අයුරින් පෙර කර්මයේ
විපාක බව පෙන්වා දෙයි.
සමහර ආගමික නායකයන් ඉදිරිපත් කරන මෙම අදහස් සමාජයේ පුද්ගලයාගේ දියුණුවට
ඉමහත් බාධාවකි. බුදුරජාණන් වහන්සේ මෙම අදහස දැඩිලෙස ප්‍රතික්‍ෂේප කරයි.
දුප්පත්කම ඇතිවීමට හේතු විග්‍රහකොට , ඒවා දුරු කිරීමට ගත යුතු දේශපාලන
හා සමාජ ආර්ථික විස්තරයක් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.නිවන හෙවත්
විමුක්තිය ලැබීමට කළයුතු වන්නේ සියලු තෘෂ්ණා දුරුකිරීමට කටයුතු කිරීම
ය. එහෙත් තපස් රකින අයකුට හැරෙන්නට අන්ත දුගී දුප්පත් අයෙකුට එම
දුප්පත්කම ආශිර්වාදයක් නොවන බව කිව යුතුය. කාමභෝගී ගිහියන්ට දුප්පත්කම
දුකක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
පැවිදි ජීවිතයක් ගත කරන අයෙකුට සියලු උපභෝග පරිභෝග වස්තු පරිත්‍යාග
කරන්නට කිසියම් අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍ය වෙයි. ලෞකික ජීවන රටාවෙන්
බැහැර සිටීමට මානසික දියුණුවක් අත්‍යවශ්‍ය වෙයි. හොඳ ගෘහ ජීවිතයකට
ආර්ථික හා ආගමික සදාචාර ජීවිතයක් අවශ්‍ය වෙයි. හොඳ සාර්ථක ගෘහ ජීවිතයකට
කරුණු 04 ක් අදාළ බව අංගුත්තර නිකායේදී පෙන්නුම් කරයි. ඒවා මෙසේ
දැක්විය හැකිය.
1.අත්ථි සුඛය - ප්‍රමාණවත් ධනයක් තිබීම
එයින් තෘප්තිමත් වීම
2.භෝග සුඛය
3.අණණ සුඛය
4.අනවජ්ජ සුඛය
අත්ථි සුඛය පිළිබඳ කරුණු දැක්වීමේදී පෙන්වා දෙන්නේ අසාධාරණ ලෙස ධනය රැස්
නොකොට , සාධාරණව ධනය ලබාගෙන එයින් සතුටුව ජීවත්වීමයි. අද බොහෝ දෙනා
කථාකරන මානවහිතවාදය විශේෂයෙන් බටහිර රටවල් වලට එහා ගිය සබ්බ සත්ත
හිතවාදයක් ගැන බුදුපියාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේදී දක්වා තිබේ.
එහිදී මිනිසා ගැන පමණක් නොව, සියලුම සÀවයන් ගැන මෛත්‍රිය පැතිරවීම සිදු
කැරෙ.
මානව හිතවාදය යන්නෙන් අදහස් වන්නේ මිනිසා වෙනුවෙන් කටයුතු කිරීමයි.
මානවහිතවාදී අයකු කටයුතු කිරීමේදී ප්‍රමුඛත්වය දෙන්නේ පෞද්ගලික
ආත්මාර්ථකාමී පරිභෝජනය සඳහා නොව, ඤාති මිත්‍යාදීන්, ආගන්තුකයින්, ආගමික
උතුමන් සමඟ සාමූහිකව ජීවත්වීමටය. පංච බල සංකල්පය බුදුදහම, පෙන්වා
දෙමින් , ආදායම් බදු මග හැරීමෙන්, තොරව,ගෙවීම යුතුකමක් වශයෙන්ද අවධාරණය
කරයි. එමෙන්ම පුද්ගලයෙකුට සමාජ යුතුකම් ඉටුකිරීමට කුසල් දහම් හි යෙදීමට
ධනය අවශ්‍ය බව බුදුසමය අවධාරණ කර ඇත.
දිළිඳු අයෙකුට කුසලකර්ම කළ හැකිය. එය කළ හැක්කේ තරඟයකට නොව තමන්ගේ
ප්‍රමාණය හැටියටය. දිළිඳු කෙනෙකුට පින්දහම් කළ හැකිය. එය කළ හැක්කේ
බුදුන් වහන්සේට දන් ටිකක්, මලක්, පහනක් , වුවද පූජා කළ හැක. එය මහත් ඵල
මහානිසංස ගෙන දෙන පින්කම් වෙයි. ලෞකික ජීවිතය තුළ දිළිඳුකම ආශිර්වාදයක්
ලෙස බුදු සමය පිළි නොගනියි. සමාජගත සÀවයාට දුප්පත්කම මහා දුකකි.
දුප්පත්කම නිසා සොරකම, ප්‍රාණඝාතය, බොරුව, කේලම, ප්‍රලාපය, වෛරය ,
ඊර්ෂ්‍යාව , මාත්සය¸ය, කාමපරාධ, ඇතිවන ආකාරය කථා පුවතක් ලෙස දක්වයි.
දිළිඳු අය සදාචාරය , සමාජ සංස්ථා විෂයෙහි ගෞරවය ඉවතලා කායිකව, මානසිකව
පිරිහී දුස්චරිතයෙහි ගැලී පිරිහෙන ආකාරය ද පෙන්වා දෙයි. අංගුත්තර
නිකායේ එක් සූත්‍රයකට අනුව දුප්පතා එදිනෙදා වියදමට මුදල් නොමැතිව,
මුදල් ණයට ගෙන එන ගෙවා ගැනීමට නොව, එයට පොළියවත් ගෙවා ගත නොහැකිව ණය
හිමියන්ගේ තාඩන පීඩන ලබන අයුරු මනාව පැහැදිලි කරයි. මේ නිසා දුප්පත්
ගෙවල් වලින් ආමිෂය බලාපොරොත්තු නොවැන්නැයි, භික්‍ෂූන්ට බුදුන් වහන්සේ
අවවාද කරයි. මන්දයත් දුප්පත් අයකුගේ සිත කුසලයට යොමු කළ නොහැකි බැවිනි.
දුප්පත්කම පැතිරෙන්නේ කෙසේද? කවර හේතු නිසාද යන්නට චක්කවත්ති සීහ නාද
සූත්‍රයේදී පිළිතුරු ලබා දෙයි. එහිදී පාලකයා අනුගමනය කළ යුතු ආර්ථික
සංවර්ධන ප්‍රතිපත්තිය පෙන්වා දෙයි. නිර්ධන පන්තියට නිෂ්පාදනයෙහි
නිරතවීමට මූලික ධනයක් අවශ්‍යවන අතර රජය එය සපයා නොදීමෙන් ආර්ථික
කාර්යයන්හි ජනතාව යෙදවීමට නොහැකිවීමත් දිළිදු අය තව තවත් දිළිඳුභාවයට
පත්වෙයි. මේ නිසා ඔව්හු සොරකම ආදි විවිධ දුෂ්චරිතවල පෙළෙඹෙති.
හේතුඵල න්‍යායක් හැටියට මෙය විග්‍රහ කර දක්වයි. මෙය කර්මයේ ප්‍රතිඵලයක්
නොව වර්තමාන ලෝකයේ සමාජ දේශපාලන ක්‍රියාවල ප්‍රතිඵලයකි. කූටදන්ත
සූත්‍රයේ දිළිඳුකම හෙවත් දස්‍යුඛීලා නමැති සමාජ අර්බුදයට විසැඳුම්
ඉදිරිපත් කරයි. එම ප්‍රශ්නයට අමාත්‍ය මණ්ඩලය සැලැස්මක් සකස් කර දෙයි.
එමගින් කෘෂිකර්මය, පශුපාලනය , වානිජ්‍යය, ආදි අංශ දියුණුවට මූලධනය,
උපකරණ, දක්‍ෂතා සම්පාදනය කරදිය යුතු බවයි. රජයේ සේවයෙහි නිරතවීමට
සුදුසු අයට ඊට පහසුකම් සැලසීමටද යෝජනා කර ඇත. මේ ක්‍රමය ප්‍රායෝගික
කිරීමෙන් රටේ ආර්ථික ස්ථාවරත්වයට ගෙන ඒමට රජුට හැකිවිය.මේ ක්‍රමය
පවත්නා ආර්ථික ගැටලු වලට විසඳුම් වෙයි.
සමස්තයක් වශයෙන් ගෙන මෙම ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කළත් මහා නිදාන
සූත්‍රයට අනුව එයට මහා නිදානයක් ඇති බව පෙන්වා දෙයි. මේ අනුව බලන කළ
මෙම ප්‍රශ්නයට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව නිසා මිනිස්සු වඩ වඩාත් ලැබීමට
කැමැති වෙති. ලද දෙයින් සතුටු නොවී, තව තවත් ලැබීමට කැමැතිව කටයුතු
කිරීම මත අන්සතු සතු දෙය නොකැමැතිව ලබා ගැනීමට කටයුතු කිරීම මත පංච
දුශ්චරිතයෙහි ඇලෙයි. මෙය දක්වා මිනිසාගේ මානසික පැත්තය.ආර්ථික විෂමතාව
මත ඇති මහා නිදානය එයවෙයි. මේ අනුව මිනිසා ආර්ථිකමය වශයෙන් පමණක් නොව
අධ්‍යාත්මික වශයෙන්ද දියුණු විය යුතුය. |