සසර ගමනේ බියකරු බව
සහ
කුසලයේ වැදගත්ම
මහඋල්පත
සුනීත ධම්මාලංකාර හිමි
දිනක් තථාගතයන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබා භික්‍ෂූන් අමතා,
‘මහණනි, මේ පොළවේ ඇති
පස්වලිනුත්, මගේ නිය පිට ඇති පස් වලිනුත් කවරක් වැඩි දැයි විචාළ සේක.
භික්‍ෂූහු, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ නිය පිට ඇති පස
ඉතා ස්වල්පයකි.
මහ පොළවේ පස් ඉතා බොහෝ යැයි පැවසූහ.
එකල් හි තථාගතයන් වහන්සේ
‘මහණනි, මගේ නිය පිට ඇති පස මඳ වන්නාක් මෙන් මිනිස් ලොවින් චුතව නැවත
සුගතිවල උපදින සත්වයෝ මඳ වෙතියි, වදාළ සේක.
අපේ බෞද්ධ සමාජයේ බොහෝ දෙනා, විශේෂයෙන් ග්‍රාමීය පරිසරයේ ජීවත් වන්නන්
තම අසල්වැසි කෙනකුගේ වියෝවක් දැක අනේ අනිච්චං සංසාරේ හැටි යනුවෙන් දහම්
කරුණු ඇතුළත් වාක්‍යයක් ප්‍රකාශ කරති. ඒ තුළින් බුදු දහමේ උගන්වන
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්‍ෂණ යන්තමින් හෝ ප්‍රකට වෙයි.
එනමුත් මිනිසා සහ තිරිසන් සත්වයන් ගැනවත්, ඔවුන් මැරි මැරී උපදින මේ
සංසාරය ගැනවත් පූර්ණ යථාර්ථයක් මිනිසුන්ගෙන් ප්‍රකාශ නොවෙයි.
සංසාරය යනු, සත්වයා කුසලා කුසල කර්ම රැස් කිරීමෙන් ලබන ප්‍රතිඵලයකි.
සත්වයා යනු සිතක් ඇති මිනිස්, තිරිසන්, දේව, බ්‍රහ්ම, යක්‍ෂ,
ප්‍රේතාදී අනන්ත සතුව සමූහයයි. සත්වයා භවයක් ලැබ එහිදී කරන කියන
කුසලාකුසල කර්ම වලට අනුව ඔහුගේ සංසාරය පෝෂණය වෙයි. මේ සසරේ ආරම්භයවත්
එය කෙදිනක අවසන් වේ ද කියාවත් ප්‍රකාශ කිරීමට නොහැකි ධර්මය පසක් කර
නිර්වාණය අවබෝධ කර ගත් ද, සංසාරය නිමවනු ඇත.
සසරේ නිමාවක් එලෙස දුටුව ද ආරම්භයක් නම් දැකගත නොහැකි ය. මේ සසර ඉතා
දිගු ය. අසවල් කාලයේ එපිට මේ සත්ත්වයෝ නොවූහ. මේ තත්ත්වය ඇති වූයේ,
අසවල් කාලයේ පටන්ය කියා කාලයක් දැක්වීමට නොහැකි ය. එබැවින් තථාගතයන්
වහන්සේ මේ සංසාරය පටන් ගැනීම් වශයෙන් මුලක පැනවිය නොහැකි බව වදාළ සේත.
ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි සත්වයකුට නිත්‍ය වශයෙන් ජීවත්විය හැකි
භාවයක් නැත.
කොතැනක උපන්නත්, මරණයෙන් ඒ භවයෙන් ඉවත් වන්නට සිදුවන්නේ ය. මරණයට
පැමිණෙන සත්වයකුට සුගතියක උපදින්නට ලැබෙන්නේ ද, කලාතුරකිනි. මැරෙන
සත්වයන් බෙහෙවින් උපදින්නේ දුගතිවල ය.
දිනක් තථාගතයන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබා භික්‍ෂූන් අමතා,
‘මහණනි, මේ පොළවේ ඇති පස්වලිනුත්, මගේ නිය පිට ඇති පස් වලිනුත් කවරක්
වැඩි දැයි විචාළ සේක. භික්‍ෂූහු, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, නුඹ
වහන්සේගේ නිය පිට ඇති පස ඉතා ස්වල්පයකි. මහ පොළවේ පස් ඉතා බොහෝ යැයි
පැවසූහ.
එකල් හි තථාගතයන් වහන්සේ ‘මහණනි, මගේ නිය පිට ඇති පස මඳ වන්නාක් මෙන්
මිනිස් ලොවින් චුතව නැවත සුගතිවල උපදින සත්වයෝ මඳ වෙතියි, වදාළ සේක.
සුගතියේ උපදින සත්වයන් මඳ බව ලෝකය දෙස බැලීමෙන් ද ප්‍රත්‍යක්‍ෂ කර ගත
හැකි ය. මේ ලෝකයේ අපේ ඇස්වලට නොපෙනෙන සත්වයෝ බොහෝ ය. අපේ ඇස්වලට පෙනෙන
සත්වයන් ගැන බැලූවද මිනිසුන් කිප දෙනකු ජීවත්වන අක්කරයක් දෙකක් තරම්
ඉඩමක මුළු ලොවම ඉන්නා මිනිසුන් තරමේ තිරිසන් සත්ව සමූහයක් ඇති බව දැකිය
හැකි වෙයි.
හේතු, ඵල නියාම ධර්මයට අනුව මිනිසා ඇතුළු විශ්වයේ උපදින ජීවත්වන මැරෙන
සත්වයා නිර්මාණය ඇති කොටස් දෙකකි. එනම් නාම හා රූප යන දෙක ය. රූප නම්,
පියවි ඇසට පෙනෙන, සත්වයාගේ ශරීරයයි. මෙය නිර්මාණය වීඇත්තේ, සමස්ත
විශ්වයේ පැතිර පවතින මූල ධර්ම හතරක (4) සංයෝගයෙනි. ඒවා නම් පඨවි, ආපෝ,
තේජෝ, වායෝ යන සතර මහා භූතය. මෙලෙස සැදුම් ලත් ශරීර කූඩුව, යන්ත්‍රයක්
යැයි, විශුද්ධි වග්ගය නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.
“නාමේන රූපංච ඉධත්ථි සච්චතො
න හොෙත්‍ථ සභෙභා මනුජොව විජ්ජති
සුඤ්ඤං ඉදං යන්තමිවාති සංඛටං
දුක්කස්ස පුඤෙජා තිණ කට්ඨ සාදිසො”
“සත්‍ය වශයෙන් නාමරූප දෙසා මෙහි ඇත. සතෙක් හො මිනිසෙක් හෝ නොමැති මේ
සිරුර යන්ත්‍රයක් මෙනි. නිතර ලෙඩවන සුළු ය.”
යන්ත්‍රයක් කලින් කලට දිරාපත් වන්නාසේම ශරීරය ද ජරාජීර්ණ වෙයි. රූපය
පවතින්නේ නාමය සමඟින්මය. රූපය නොමැති තැන් ද නාම ධර්මයක් ද නැත. නාම
ධර්ම යනු ෙඓතසික ධර්මය. මෙම චෛතසික ධර්ම රූපය ඇසුරුකොට පවතී. රූපය ද
එසේම චෛතසික හෙවත් නාම ධර්ම ඇසුරුකොට පවත්නේ වෙයි.
“යමකං නාම රූපංච
උභෝ අඤේඤාඤ්ඤ නිස්සිතා
ඒකස්මිං භිජ්ජ මානස්මිං
උභෝ භිජ්ජන්ති පච්චයාති”
යනුවෙන් විශුද්ධි මග්ගයේ දක්වනුයේ එයයි. එහිම එක් විසිතුරු උපමාවකින්
මේ කරුණු විස්තර වෙයි. කෝටුවකින් බෙරයට පහර දෙන විට, ශබ්දය ඇති වෙයි.
මෙහි ශබ්දයත්, බෙරයත් අන්‍යෝන්‍ය ලෙස බැඳී පවතී. ශබ්දයේ පැවැත්මට බෙරය
අත්‍යවශ්‍ය වේ. ශබ්දය නොමැති කල්හි බෙරය ද ශුන්‍යය දෙයකි. මෙසේ දෙක
අන්‍යොන්‍ය වශයෙන් පැවැත්මට බලවත්වයි. නාම රූප දෙක පිළිබඳ මෙසේ දත යුතු
ය.
චෛතසික ධර්ම සතරාකාර ය. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුවෙනි. එයින්
ප්‍රධාන වන්නේ මන, චිත්ත, සිත යන නම් වලින් හැඳින්වෙන විඤ්ඤාණ ධාතුව
යි.
සිත හෙවත් චිත්ත ශක්තිය ඒ සියලු නාම ධර්ම පාලනය කරයි. ‘චිත්තෙන නීයති
ලොකො’ යනු බුදු වදන සිත විසින් සකල ලෝකය මෙහෙය වන බව අවධාරණය කරයි.
ද්‍රව්‍යමය ශරීරය ක්‍රියා කරවන්නේ සිත මඟිනි.
ඕනෑම සත්ව ශරීරයක් බාහිර සමාජ පරිසරය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ සිරුරේ
පිහිටා ඇති ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රිය මගිනි. මනසද
ඉන්ද්‍රියයක් ලෙස සැලසෙන හෙයින් ඉන්ද්‍රිය සය වැදෑරුම් ය. මේවාට ගෝචර
වන අරමුණ ද සයකි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යනු ඒ සයයි. උපන්
හැම සත්ත්වයකුම මරණයට පත්වනතුරු ඔහු සතු ඇස්, කන් ආදිය මඟින් රූප
ශබ්දාදී අරමුණු ගනියි.
ඒ තුන් ආභරයකිනි. මෙහි ලා සංඥා ස්ඛන්ධය ප්‍රධාන වෙයි. ඇසට සම්මුඛ වන
රූප පිළිබඳ සුබ අසුබ හෝ උපේක්‍ෂා යන සංඥා ඇති වෙයි. කන, නාසය, දිව,
ශරීරය මන ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ද එසේම ය. මේ සියල්ලටම ඉහළින්
ක්‍රියා කරන සිත පි‍්‍රය මනාප රූප විෂයෙහි ඇලීම ද, අපි‍්‍රය රූපයන්හි
ගැටීම ද සිරිතයි. ප්‍රිය හෝ අපි‍්‍රය බවකින් තොර මධ්‍යස්ථ අරමුණු
ගැටීමේ දී නොඇලෙන නොගැටෙන උපේක්‍ෂාව උපදී.
සත්වයා තම ඉන්ද්‍රිය මගින් ගන්නා අරමුණු හේතුකොටගෙන කුසලා කුසල වශයෙන්
සංස්කාර පරපුරක් ඇති වෙයි. ඒවා අලෝභ, අදෝස, අමෝහ මුල් කරගෙන ඇතිවන
චේතනා නම් ඒවා කුසල සංස්කාර නම් වෙයි. මේවා සත්වයාට මෙලොව පරලොව මූලිකව
පවත්නා චේතනා අකුසල සංස්කාර ලෙස ගිණිය හැකි ය. මේවා නිසා සත්වයාට
මෙලොවත් පරලොවත් දුක් වේදනා භුක්ති විඳීමට සිදු වෙයි.
මෙසේ සත්ත්වයා තුළ ඇතිවන සංස්කාර ධර්ම විඤ්ඤාණ ධාතුව සමඟ බැදෙයි.
ඇසින් යම් රූපයක් දැක ඇති වන්නේ චක්කු විඤ්ඤායයි. කන සමග ශබ්දය සම්මුඛ
වී සෝක විඤ්ඤාණය ඇති වෙයි. නාසය සමඟ ගඳ සුවඳ හමු වී ඝාණ විඤ්ඤාණය ඇති
වෙයි. සත්වයා මරණාසන්නයේ දී පහළ වන චුති සිත සකස් වන්නේ, ඔහු ජීවිතය
තුළ රැස් කළ කුසලා කුසලා කර්ම වල ශක්තිය මුල්කරගෙනයි.
කුසල කර්ම චුති සිතට සම්බන්ධ වුවහොත් සුගතියක ද, චුති සිත සමඟ අකුසල
කර්ම සම්බන්ධ වුවහොත් දුගතියක ඔහු ප්‍රතිසන්ධීය ලබයි. ‘සංසාරය’ නමින්
බුදු දහමේ හඳුන්වන්නේ මෙය යි. මෙලෙස කුසලාකුසල කර්ම රැස් කරන සත්වයා
නැවත නැවත සුගති හා දුගති වල ප්‍රතිසංන්ධිය උපත ලබයි. නාම, රූප දෙක
පවතින තෙක්, සත්වයා මෙලෙස සසර උපදියි.
“බන්ධානං පටිපාටි
ධාතු ආයතනානිච
අබිභොචිඡින්නං වත්තමානං
සංසාරරොති පවුච්චති”
යන බුදු වදන අනුව සත්වයාගේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම,
‘සංසාර’ නම් වෙයි. සත්වයා ස්කන්ධ පෝෂණය කරමින් අකුසල කර්ම රැස් කරමින්
දිවි ගෙවන්නේ නම්, ඔහුගේ සංසාරය තවත් දිගුª වනු ඇත. සත්වයා දැඩි
අධිෂ්ටානයෙන් යුතුව වීර්ය උපදවාගෙන පින්දහම් කරමින් දිවි ගෙවන්නේ නම්
ඔහුගේ සසරෙහි කෙළවර ද වැඩි ඈතත නොවනු ඇත.
|