කතරගම කිරිවෙහෙර
ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී දුරුතු පෝදා පින්කම් රැසක් ඌව
විශ්වවිද්‍යාල කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම
කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත
නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන්
අටසිල් සමාදන් කරවීම, මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජා මධ්‍යයේ
කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ් වර්ණයෙන් යුත් සාටකයක් පැළඳවීමේ කප්රුක්
පූජාව පැවැත්වේ.
අනතුරුව භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව
කිරිවෙහෙර රාජමහා විහාරවාසී වරාපිටියේ රාහුල හිමියන් විසින් දුටුගැමුණු
ධර්මශාලාවේ දී පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර
රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් පවත්වා සිල් සමාදන් වූ උපාසක
උපාසිකාවන් ඇතුළු සැමට ඔසුපැන් පිළිගැන්වීම සිදු කෙරේ.
කිරිවෙහෙර රජ මහා විහාරයේ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ
මහා විහාරස්ථානයේ සිට අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර
අෂ්ඨඵල බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් පසුව බෝධි පූජාව පවත්වනු
ලබන්නේ අෂ්ඨ ඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී පූජ්‍ය
මිද්දෙණියේ උදිත හිමියන් විසින්. කිරිවෙහෙර 3වන මළුව අසල පහන් දස දහසක
ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා
පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස්
අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය
මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය
කර ඇත. |