සසර සයුරේ රළ වේගය බිඳින
සැදැහැ සිත
ශාස්ත්‍රවේදී ඒ.ඇම්.තිලකරත්න
බුදුරජාණන් වහන්සේ අලවූ නුවරදී ආලවක යක්ෂ සේනාධිපතියාට දේශනා කළ ආලවක
සූත්‍රයේ සඳහන් වන
සද්ධාය තරතී ඔඝං
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චෙති
පඤ්ඤාය පරිසුජ්ඣති”
යන ගාථාවෙහි පළමු වන පදයෙන් ප්‍රකාශ වන්නේ සසර දුකින් මිදීම සදහා
ශ්‍රද්ධාව කොතරම් විශිෂ්ට උපකාරයක් වන්නේ ද යන්න යි. ශ්‍රද්ධාව,
අප්‍රමාදය, වීර්යය හා ප්‍රඥාව සංසාර විමුක්තිය සඳහා වර්ධනය කරගත යුතු
කාරණා වශයෙන් ප්‍රකාශ වන අතර, ඉන් ශ්‍රද්ධාවේ විශිෂ්ටත්වය පැහැදිලි
කිරීම, මෙම ලිපියේ අරමුණයි.
‘ඕඝය” යනු වේගයෙන් පහළට ගසාගෙන යන ජල ප්‍රවාහය කි. රාග, ද්වේෂ ආදී
කෙලෙසුන්ගෙන් කිළිටි වූ පුහුදුන් දෙවි මිනිසුන් ඇතුළු සත්ත්වයෝ
ප්‍රචණ්ඩ ප්‍රවාහ හතරකට හසුව ගසාගෙන යති. ඕඝ හෙවත් එම සැඩ පහරවල් නම්,
කාමෝඝ, භවෝඝ දිට්ඨෝඝ, අවිජ්ජෝඝ යන හතර යි. කාමෝඝ යනුවෙන් අදහස් වන්නේ
පංච කාම සම්පත් නමැති චණ්ඩ ප්‍රවාහය යි. පුහුදුන් සත්ත්වයා ඇස, කන, දිව
, නාසය හා ශරීරය පිනවීම සඳහා රූපාදී කාච වස්තූන්හි ගිජුව සිටී, පස්කම්
සුවය පසුපස හඹා යන සත්ත්වයන් සිතිය නො හැකි ලෙස; පුදුම සහගත ලෙස
ක්‍රියා කරනු දැකිය හැකි ය. එහිදී ලැජ්ජා භය රහිතව, ඇතැම් විට සදාචාර
සීමා අබමල් රේණුවක් තරම්වත් ගණන් නොගෙන ක්‍රියා කරන හැටි විශ්මය ජනක ය.
කාම රාගයට ගිජු වූ කුස රජතුමා මුළු දඹදිවටම අධිරාජයකුව සිටිය දී කුඹල්
හල්වලත්, අශ්ව ගාල්වලත්, මුළුතැන් ගෙවල් වලත් සේවය කරමින් දුක් පීඩා
රැසක් ඉසිලූ බව සඳහන් වෙයි. කාම රාගයෙන් උමතු වූ අනිථිගන්බ කුමාරයා
මහමඟ සිට හමුවන සියලු පිරිමින් ඝාතනය කළේ, කාමභෝගී සෙසු පිරිමින්
කෙරෙහි ඔහු තුළ හටගත් මාත්සය¸ නිසා ය. මෙබඳු අතීත හා වර්තමාන කතා සිය
දහස් ගණනක් තුළ කාමයට ගිජුවීමේ ආදීනව දැකගත හැකි ය. කාමාසක්තව සිටින
පුහුදුන් පුද්ගලයා තල්ලු වන්නේ, සංසාර අගාධයට ම ය. භවෝඝය ද සත්ත්වයා
මහත් වූ බියකරු සසර ම රඳවා තබන්නකි. භවෝඝය යනු, දිව්‍ය, බ්‍රහ්ම,
මනුෂ්‍යා දී භවයන් කෙරෙහි ආශාවෙන් ඒවා නැවත නැවත ලබන්නට දක්වන්නා වූ
කැමැත්ත යි. ඒ ඒ භවයන් කෙරෙහි තෘෂ්ණාවෙන් නැවත නැවත එම භවයන්හි ඉපදීමේ
ආශාව පුහුදුන් සත්ත්වයාට උරුම වූවකි. මෙම භව තෘෂ්ණාවද සත්ත්වයා සසර
රඳවන ප්‍රබල ප්‍රවාහයකි. සත්ත්වයෝ, එම ප්‍රවාහයට හසුව අනාදිමත් කාලයක
සිට සසර ගමන් කරමින් සිටිති. කාම, රූපා, අරූප භවයන්හි තාවකාලික සැප
පතමින් සතර අපා දුක් හා ජරා, ව්‍යාධි, මරණා දී දුක් විඳිමින් අනුවණ ලෙස
ක්‍රියා කරති.
සංසාරය දුක්ඛිත බව ද ජරා මරණා දී දුක්වලින් සමන්විත බව ද ඇතැම් විට
තේරුම් ගන්නා නමුත් ඉන් මිදීමේ නිවැරැදි මාර්ගය තෝරා බේරා ගත නොහැකි ව,
සත්ත්වයෝ නොයෙකුත් දෘෂ්ටිවල එල්බ ගනිති. මේ දිට්ඨෝඝයයි. බුදුරදුන් වැඩ
සිටි සමයෙහි දෘෂ්ටිවාද හැම දෙකක් තිබුණු බව බ්‍රහ්ම ජාල සූත්‍රයෙහි
දැක්වෙයි. මවුපපිය උරුමයෙන් (පරම්පරාවෙන්) එන නිසා හෝ කිසියම් ආගමික
දෘෂ්ටිවාදයක එල්බ සිටින මිනිසුන් නිවැරැදි දර්ශනය වෙතට මනස විවෘත කිරීම
විරල බව අද ද දක්නට ලැබෙන්නකි. උපතින් හිමි වූ ආගමික ඇදහීම්
අන්ධානුකරණයෙන් පිළිගැනීම මිස, විචාරශීලීව ඒවා විමර්ශනය කරන බවක් දැකිය
හැකි නොවේ. මේ කරුණු අනුව සලකන විට ද දෘෂ්ටීන්හි එල්බ ගැනීම විමුක්තියට
බාධක වන ප්‍රබල අභියෝගයක් බව හැඳිනගත හැකි ය. මිථ්‍යා දෘෂ්ටීන්හි එල්බ
සිටින්නාගේ අදහස් වැරැදි ය. වැරැදි අදහස් ඇත්තා කරන කියන දේද වැරැදි
යි. එබැවින් සසර අගාධයට ඇදවැටෙමින් ඉදිරියට තල්ලු වනවා මිස සසරින්
බිදීමක් සිදු වන්නේ නැත.
අවිජ්ජාව ද පුද්ගලයා සසරට තල්ලු කරන ඕඝයකි. අවිද්‍යාව නම් දුක්ඛාදී
චතුරාය¸ සත්‍ය නොදැනීම යි. චතුරාය¸ සත්‍ය නොපිළිගැනීම, ප්‍රඥාවෙන්
අවබෝධ කර නොගැනීම මාර්ගඵලාවබෝධයට බාධකයකි. ශ්‍රැති මාත්‍රයෙන් හෝ ඥාන
මාත්‍රයෙන් චතුරාය¸ සත්‍ය දැනීම ප්‍රමාණවත් නොවේ. චතුරාය¸ සත්‍ය
නොදැනීමෙන් සත්ත්වයා, අනවරාග්‍ර සංසාරයෙහි සැරිසරන බව බුදුරදුන් විසින්
නොයෙක්වර දේශනාකොට ඇත.
චතුරෝඝයෙන් සංසාර නමැති සාගරය තුළ ඇදගෙන යනු ලබන්නා වූ සත්ත්වයාට ඉන්
මිදීම සඳහා ශ්‍රද්ධාව උපකාර වන අයුරු මීළඟට සොයා බැලිය යුතු ය. දුක
ඇසුරුකොට ගෙන ශ්‍රද්ධාව උපදී (දුක්ඛුපනිසා සද්ධා) යන බුදු වදනින්
ගැඹුරු අදහසක් ගම්‍ය වෙයි. රෝග පීඩා දී පුද්ගල හා සමාජගත දුක්
කම්කටොළුවලට මුහුණ දෙන ජනතාව ඉන් මිදීම සඳහා දෙවියන් හා අද්භූත බලවේග
කෙරෙහි විශ්වාස තබා ක්‍රියා කරන බව, සුලබව දැකිය හැකි ය.
කෙසේ නමුත් සංසාර දුකින් මිදීමට බලාපොරොත්තු වන පුද්ගලයා සසරින්
මිදුණු, විශ්වාස කළහැකි ශාස්තෘවරයකු සොයයි. බුදුරදුන්ගේ නව අරහාදී ගුණ
සබ්මශ¡නය කරන ශ්‍රාවකයාට බුදුරදුන් සසර දුකින් එතෙර වූ ශාස්තෘවරයකු බව
පසක්වීම නිසා විශ්වාසයක් ගොඩ නැඟෙයි. එම විශ්වාසය මුල්කොට බුදුරඳුන්
සරණ යන ඔහු බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනියි. මී ළඟට එම
ශාස්තෘන් වහන්සේ සංසාරෝඝ තරණය සදහා උගන්වා වදාළ මාර්ගය ස්වාක්ඛාතාදී
සවැදෑරුම් ගුණයන්ගෙන් සමන්විත බව ද, ධර්මය කෙරෙහි විශ්වාසය ගොඩ
නඟාගැනීම සුදුසු බව ද ඔහු අදහා ගනියි. ධර්මයෙහි තෛයානික බව ඔහුගේ
ප්‍රසාදයට හේතු වෙයි. ධර්ඉමය කෙරේ ශ්‍රද්ධාව මෙසේ ඇති කරගනියි.
සර්වඥායන් වහන්සේ කෙරෙහි හා උන්වහන්සේගේ ධර්මය කෙරෙහි සහේතුක
විශ්වාසයක් ගොඩ නඟා ගන්නා අතරම එම ධර්ම මාර්ගය මගින් සසර දුකින් මිඳීම
සොයා ගත් අය ඇති බව කරුණු සහිතව වටහා ගැනීම මීළඟ පියවරයි. එහි දී ඔහුට
ආය¸ මහා සංඝරත්නය මුණගැසෙයි. ආය¸ මාර්ගයෙහි ගමන් කොට සකලක්ලේශ සමුච්ඡේද
වශයෙන් ප්‍රහාණය කළ; සංසාරෝඝය තරණය කළ ආය¸ මහා සංඝරත්නය දකින තැනැත්තා,
සුප්‍රතිපන්නා දී ගුණයෙන් අභිවන්දනීය වූ සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව
හෙවත් විශ්වාසය ඇති කර ගනියි.
මේ අනුව සංසාරෝඝ තරණයට තෙරුවන් පිළිබඳ විශ්වාසය අත්‍යවශ්‍ය බව ඉතා
පැහැදිලි ය. ශ්‍රද්ධාව නැති විට ආය¸ මාර්ගයෙහි ගමන් කිරීමක් සිදු
නෙවෙයි.
|