සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
බෞද්ධ විමුක්ති මාර්ගයෙහි එන චතුරාය¸ සත්‍යය අතරෙන් සතරවන ආර්ය සත්‍යය
පැහැදිලි කරන්න.
පිළිතුර
සතරවන ආර්ය සත්‍යය නම් දුකින් මිදීමේ මාර්ගය පිළිබඳ සත්‍යයයි. (දුක්ඛ
නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්ච) පහත් ග්‍රාම්‍ය පුහුදුනට අයිති අනාර්ය
අනර්ථකර කාමසුඛල්ලිකානු යෝගය හෙවත් කම් සුවයෙහි ඇලී යෙදීමත් දුක් සහිත
අනාර්ය අනර්ථකර අත්තකිලමථානුයෝගය හෙවත් විවිධවූ කටුක ව්‍රතවලින් කයට
දුක්දීමත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදා(මජ්ඣිමා
පටිපදා) යන නමින්ද ප්‍රකටය.
මේ අන්ත දෙක්හි නිසරුබව වටහාගත් බෝසතාණන් වහන්සේ ඒ අත්දැකීම් ඉවහල්කර
ගෙන ඇස් ලබාදෙන (චක්ඛු කරණී) නුවණ ලබාදෙන (ඤාණ කරණී) උපසමයටත්
අභිඥාවටත් සම්බෝධියටත් නිර්වාණයටත් හේතුවන (උපසමාය අභිඥාය සම්බෝධාය
නිබ්බාණාය) ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධකර
ගත්හ. එම මාර්ගයේ අංග අටනම්
1. සම්මා දිට්ඨි (යහපත් දැකීම)
2. සම්මා සංකප්ප( යහපත් කල්පනාව)
3. සම්මා වාචා (යහපත් වචනය)
4. සම්මා කම්මන්ත( යහපත් වැඩ)
5. සම්මා ආජීව( යහපත් දිවිපෙවෙත)
6. සම්මා වායාම( යහපත් උත්සාහය)
7. සම්මා සති (යහපත් සිහිය)
8. සම්මා සමාධි යයි
පන්සාළිස් වසක් තුළ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු
සද්ධර්මය මෙම මාර්ග සත්‍යයට ඇතුළත්ව ඇත.
ප්‍රශ්නය
බෞද්ධ පිළිවෙතට අනුව (අනුපූව¢) එකිනෙකට යාබදව සමාන්තරව ගමන් කළයුතු බව
ආර්ය අෂ්ඨාංගික මාර්ගය මූලික කොටස් තුනකට පෙළ ගැස්වීමෙන් පැහැදිලි
වෙයි. පෙල දහම් නයට අනුව මෙම කොටස් තුන පිළිබඳව හැඳින්වීමක් කරන්න.
පිළිතුර
බෞද්ධ සදාචාර ප්‍රතිපත්තිවල පරමාර්ථය නම් පුද්ගලයාත් සමාජයත් සුඛිත-
මුදිත බවට පැමිණවීමයි. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික
මාර්ගයෙන් බුදු දහමේ උගන්වන සීල-සමාධි-ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන්
සිදුකෙරෙන්නේ දිවි පෙවෙත පරිපූර්‍ණත්වයට පත්කිරීමයි.
සෑම උසස් ආධ්‍යාත්මික දියුණුවක්ම සීලය මුල්කොට ඇත්තේය. මෛත්‍රියත්
කරුණාවත් මුල්කොට ඇති මේ ශීලයට, සම්මා වාචා සම්මා කම්මන්ත, සම්මා ආජීව
අංග තුන ඇතුළත්ය. මෙයින් සම්මාවාචා හෙවත් යහපත් වචනය නම් බොරු කීමෙන්
(මුසාවාදයෙන්) වැළකීම පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය අසමගිය
ඇතිවීමට හේතුවන කේළාම් කීමෙන් වැළකීම (පිසුණාවාචා) සිත් රිදවන නපුරු
රළු වචන කීම (ඵරුසාවාචා) වැඩකට නැති හිස්බස් දෙඩීම (සම්ඵප්පලාප) යන
මේවායින් වැළකීමය.
සම්මා කම්මන්තය හෙවත් යහපත් කටයුතු වන්නේ අනුන් නැසීම-සොරකම කාමයෙහි
නොනිසි ලෙස යන මෙයින් වැළකී දැහැමින් සමගියෙන් ජීවත්වීමට පුරුදු පුහුණු
වීමයි.
සම්මා ආජීවය යහපත් දිවිපෙවෙතින් අවි ආයුධ මත්පැන්-විෂ වෙළඳාම මස් පිණිස
සතුන් වළෙඳාම සහ මස් වෙළඳාම කූට ව්‍යාපාර යනාදී අනුන්ගේ විපතට
රැකියාවලින් වෙන්වීම යනාදියයි.
සමාධිය යටතේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන අංග තුනත් ප්‍රඥාවට
සම්මා සංකප්ප සම්මා දිට්ඨි යන අංග දෙකත් ඇතුලත් වෙයි.
ප්‍රශ්නය
‘කර’ කිරීමෙහි ධාතුවෙන් හටගන්නා පාළි ‘කම්ම’ යන්නෙහි අර්ථය නම් ‘කිරීම’
යන්නයි. එහෙත් බුද්ධ ධර්මයේ කර්ම වාදයෙහි ලා එහි විශේෂ අර්ථයක් ගනී.
එනම් සියලු ක්‍රියා යනු නොව ‘සචේතනික ක්‍රියා’ යනුය. මෙම සචේතනික
ක්‍රියා හෙවත් කර්ම බුදු දහමට අනුව විපාක දීමේ ක්‍රමවේදය පැහැදිලි
කරන්න.
පිළිතුර
කර්මය විපාක දීමෙහිදී විපාක දෙන ක්‍රම 4ක් ධර්මයෙහි සඳහන් වෙයි. එනම්
ගරුක කර්ම
දෙවන ආත්මභාවයෙහි දී විපාක දීමට සමත් කුසල හා අකුසල කර්ම
ආසන්න කර්ම
ගරුක කර්මයක් නැතිවිට ප්‍රතිසන්ධිය (පිළිසිඳීම) ගෙන දීමට බලවත් කුසල හා
අකුසල කර්ම ආසන්න කර්ම නමින් හැඳින්වේ. මරණාසන්න කාලයෙහි සිදු කළ හෝ
සිහිකළ කර්මයක් ආසන්න කර්ම වශයෙන් ගැණෙන අතර විපාක වශයෙන් අනතුරු
භවයෙහිදී ප්‍රතිසන්ධිය (උපත) සිදුවේ.
ආචිණ්ණ කම්ම
ජීවිත කාලයෙහිදි (ආසෙවිත-භාවිත) බොහෝකොට පුරුදු පුහුණු කරන ලද කුසල හෝ
අකුසල කර්ම ආචිණ්ණ කර්ම ගණයට වැටේ. ආසන්න කර්මයක් විපාක දීමට අවස්ථාවක්
නැතිවිට විපාක දීමට අවස්ථාව ලැබෙන්නේ ආචිණ්ණ කර්මයටයි.
කටත්තා කර්ම
වර්තමාන හා අතීත දුර්වල කර්ම මේ ගණයට වැටේ. කළ මාත්‍රවූ කර්මයම
‘කටත්තා’කර්ම නම්වේ.
ප්‍රශ්නය
උපෝසථාගාරයේ පහන් දල්වමින් සිටියදී ඇවිලෙන පහන්සිළුවක් දෙස බලා සිට
‘තේජෝ කසිණ’ සමාපත්තියට සමවැද සිව්පිළි සිඹියා රහත් ඵලය ලබා ගත්තේ කවුද
පිළිතුර
උප්පලවණ්නා තෙරණියයි.
ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පැවැත්වූ රජවරු අතරෙන් අවසන් වරට දළදා පෙරහර
පැවැත්වූ රජතුමා කවුද?
පිළිතුර
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
ප්‍රශ්නය
ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනිව සිටි ශ්‍රාවකයන් වහන්සේ
කවුද?
පිළිතුර
සැරියුත් මහරහතන් වහන්සේ ය.
ප්‍රශ්නය
සීලය ආරක්‍ෂා කිරීමෙහිදී යම්කිසි සම්පත් කිහිපයක් ලැබෙන බව පෙලදහමෙහි
සඳහන් වේ. සිල්වත් ගුණවතෙකුට ලැබෙන ඒ සම්පත් මොනවාද?
පිළිතුර
ධන සම්පත් ලැබේ. අභීතව පිරිස් මැදට පැමිණිය හැකිය. මරණයට නොබියව මුහුණ
දිය හැකිය. මරණින් මතු දෙව්ලොව උපතකට පවා හේතු වෙයි.
ප්‍රශ්නය
දීර්ඝායුෂ ලැබීමටත්, සතුරන් ඇති නොවීමටත් හේතුවන පින්කමක් හෙවත් කුසල
කර්මයක් වශයෙන් එක්තරා දානයක් පිළිබඳව බුදු දහම අවධාරණය කරයි. මේ කුමන
දානයක්ද?
පිළිතුර
අභය දානය වේ.
ප්‍රශ්නය
පිරිසුදු සිතක් මුල්කොට කරන සෑම ක්‍රියාවක්ම සැප විපාක ලබාදෙන කුසලයකි.
සිතෙහි පිරිසුදු බව (පසන්නේන චෙතසා) යන්න පැහැදිලි කරන්න.
පිළිතුර
ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන්ගෙන් තොරවූ සිතය.
ප්‍රශ්නය
නාම රූප දෙකෙන් යුක්තවූ සත්වයා චතුස්සත්‍යය කෙරෙහි පවත්නා නොදැනීම
ධර්මයෙහි සඳහන් සුවිශේෂ නාමය කුමක්ද?
පිළිතුර
මිථ්‍යා දෘෂ්ඨියයි
ප්‍රශ්නය
ආර්ය සත්‍යය ගැන කථාකරනවිට තෘෂ්ණාව ඉතිරි නොකොට එයින් සම්පූර්‍ණයෙන්ම
මිදීම හැඳින්වෙන්නේ කුමන ආර්යසත්‍යයෙන්ද ?
පිළිතුර
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යාවබෝධය ලැබීමෙනි.
ප්‍රශ්නය
සතිපට්ඨාන සූත්‍රයට අනුව භාවනා ක්‍රම 04ක් පිළිබඳව විස්තර කොට ඇත.
මෙයින් කය මුල්කොට ඇති භාවනා ක්‍රම අතරින් ‘ආනාපාන සති’ භාවනාව
පැහැදිලි කරන්න.
පිළිතුර
ආනාපාන සති භාවනාවේදී සුවිශේෂවූ ශාරීරික ඉරියව්වකින් එනම් බද්ධ
පය¸ංකයෙන් (එරමිණිය ගොතා) හිඳ කය කෙළින් තබා ගෙන සිහි එළවා ගතයුතු බව.
මේ සූත්‍රයෙහි දැක්වෙයි. මේ භාවනාවෙහි දී මූලික වශයෙන් සිදුකෙරෙන්නේ
(ආන+ආපාණ)) ආශ්වාස ප්‍රශ්වාස කිරීම සඳහා සිත යොමු කිරීමයි. ඉතා සරල ඉතා
පහසු භාවනා වලින් එකක් වන ආනාපානසති භාවනාව උසස් ධ්‍යානවලට හේතුවන
චිත්ත ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණුකොට ඇත්තේය. මේ හැර ආනාපාන සති
භාවනාවෙන් වහාම ලැබිය හැකි ප්‍රතිඵලද වෙයි.එය අපේ සෞඛ්‍යයටද,
විශ්‍රාමයටද සුව නින්දට ද දවසේ වැඩ ක්‍රමවත්ව කිරීමටද ඉවහල් වෙයි. සිත
කැළඹී තිබෙන විටක මිනිත්තු කිහිපයක් ආනාපාන සති භාවනාව ප්‍රගුණ
කිරීමෙන් සිතට සාමයත් සැනසිල්ලත් ලැබේ.
|