දකුණු කොරියාවේ යෝ රේ නිකාය ආරම්භකොට
වසර 45 ක් සපිරීම නිමිත්තෙන් යෝ රේ නිකායේ මහනායක
Suk In Wang මහ නාහිමියන්ගේ
අනුශාසකත්වයෙන් යෝරේ නිකාය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ
මැතිතුමාගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ඉදිකැරෙන ලෝක බෞද්ධ
සංස්කෘතික මධ්‍යස්ථානයේ කොරියාවේ බෞද්ධ සම්ප්‍රදායට අනුව
ඉදිකෙරෙන විහාරය පිළිබඳව ගිවිසුම අත්සන් කිරීම යෝරේ නිකාය
සමඟ අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන්, කොරියාවේ ශ්‍රී ලංකා
තානාපතිතුමා වන අසිත පෙරේරා මහතා පසුගිය දා සිදු කළේය.
පානදුර පිංවත්තේ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනේ
කෘත්‍යාධිකාරී තලල්ලේ මෙත්තානන්ද නාහිමියෝද ඊට සහභාගි වූහ.
එහිදී විශේෂ සමරු ඵලකයක් ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම
පුරාණ මහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති අමුගොඩ
සෝමානන්ද නාහිමියන් එම නිකායේ මහනායක සොක් ඉන් වොං
නාහිමියන් වෙත එම විශේෂ උත්සව සභාවේදී පිළිගැන් වූ
අවස්ථාව. |