කැලණියේ දුරුතු
පූජෝත්සවයට
දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා
විහාරයේදී ඓතිහාසික දුරුතු මහා පූජෝත්සව දම් දෙසුම් මාලාව දිනපතා
රාත්‍රී 7-8 දක්වා පැවැත්වේ.
ඉතිරිය»
බුදුරදුන්ගේ ජන්ම භූමිය මහා භාරතය
භාරත වර්ෂ, භාරත, ජම්බුදීප, ආර්ය වර්ථ හා ඉන්දියාව යන විවිධ නාමයන්ගෙන්
ඉන්දියාව අර්ධද්විපය හඳුන්වනු ලැබේ. දීර්ඝ කාලයක් පැවැති කුරු - පාණ්ඩව
යුද්ධය නිසා භාරත වර්ෂ යන්න ඊට ව්‍යවහාර වී ඇත. දුශ්‍යන්ත පුත්‍ර භාරත
නිසා ‘භාරත’ නම් විය. පුරාණ වෘත්තවල සඳහන් දඹ ගසක් නිසා ‘ජම්බුදීප’
විය. පාඨලී නමැති වෘක්ෂයක් නිසා ‘පාඨලිපුත්‍ර’ යන නගර නාමය විය.
‘පාඨලීපුත්‍ර’ දැනට හඳුන්වනු ලබන්නේ පැට්නා යනුවෙනි. බිහාර් ප්‍රාන්ත
රාජ්‍ය අගනුවර ඉන්දු ගංගා නිම්න ශිෂ්ඨාචාරයෙන් පසු (ක්‍රි. පූර්ව
4000) දැනට ඉරායන යන ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාව හින්දු නමැති
වෛදික ආගම ව්‍යාප්ත කරන ලද අතර ඉන්දු ගංඟා නිම්න ජනයා ඉන්දියාවේ දකුණු
ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. එම ජනයාට ද්‍රවිඩ යන නාමය භාවිතා විය.
ද්‍රවිඩ යනු දකුණේ මිනිසා යන්නය. දැනුදු එම ජනයා ඉන්දු ශිෂ්ඨාචාරයෙ
ලිංග පූජාව වෘක්ෂ වන්දනාව, ගින්න ජලය සුළඟ යන දෑ දේවත්වයෙන් වැදුම්
පිදුම් කරති. ඉන්දීය අර්ධ ද්වීපය ලෝකයේ පැරණි ශිෂ්ඨාචාරයන් බිහි වූ
රටවල් අතුරෙන් ප්‍රධාන තැන්හි ලා සලකනු ලැබේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බොදු දිවි පෙවෙත හඳුනා ගනිමු
මේවාට පඤ්ච දුශ්චරිතයැයි දහමෙහි ව්‍යවහාර වී ඇත. මෙහි සිංහල අනුවාදය
මෙසේය. යමෙක් ප්‍රාණඝාතය කෙරෙත් ද සොරකම් කෙරෙත්ද කාම මිථ්‍යාචාරයෙහි
හැසිරෙත් ද බොරු කියත් ද සුරාපානයෙහි යෙදෙත්ද හෙතෙම තම දිවි පෙවෙතෙහි
මූලය හෙවත් වටිනාකම විනාශ කර ගන්නේය.
මේ කරුණු දෙස විමසා බැලීමේදී පෙනෙන්නේ මෙම පඤ්ච දුශ්චරිත කවදත් සමාජය
යහගුණ දහමින් පරිහානියට පත් කරන බවයි. මේ හේතුකොට මනා බොදු දිවි
පෙවෙතක් අධිෂ්ඨානශීලීව ගත කිරීම සදහා මෙම දුසිරිත් පහෙන් වැළකෙන ලෙස
තුන්කල් ඇතැඹුලක් සේ දත්, බුදුරජාණන් වහන්සේ වදාළහ.
ඉතිරිය»
|