Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දෙබරවැව පශ්චිමාරාම පුරාණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය නිමිත්තෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විනි. චන්දිම නාහිමියන්ගේ තවත් ආගමික සේවාවක් ඉකුත්දා ඇරැඹිණි. එහිදී එම විහාරස්ථානයේ පැවැති උත්සවය සදහා තායිවානයේ දානපතීන් කීප දෙනෙක්ද චන්දිම නාහිමියන් සමග පැමිණියහ. එම විහාරස්ථානයේදී මෙත් බෝසත් දේව පූජාද පැවැත්වේ. මෙම බෝසත් පූජාවට බෝසත් ප්‍රතිමා වහන්සේ නමක් තායිවාන් දානපතීන් වැඩම කරවූ අවස්ථාව. එම බෝසත් පූජාව පවත්වන්නේ මෙත්මුනිගම සිරිසුමන හිමියන් විසින් ය.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.