දියකළමුල්ල සංඝමිත්තා මහා පෙරහර
කුලියාපිටිය – දියකළමුල්ල ශ්රීපති පිරිවෙන් මහා විහාරස්ථානය මඟින්
වාර්ෂිකව පවත්වන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ පිළිරුව වැඩම වන
සංඝමිත්තා උඳුවප් මහා පෙරහර මෙවර ද උඳුවප් පුර පසළොස්වක් පෝදා
දියකළමුල්ල විහාරාධිකාරී පරිවේනාධිපති ශාස්ත්රපති පණ්ඩිත අත්තංගනේ
ශාසන රතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරේ.
විහාරස්ථ උඳුවප් මහා පෙරහර සංවිධානයේ සම සභාපති වරුන් වන දේශබන්ධු
එච්.ජී. නිව්ටන් ද සිල්වා මහතා සහ ශිලා මුතුකුඩ මහත්මියගේ මූලිකත්වයෙන්
ප්රදේශයේ රාජ්ය හා පෞද්ගලික ආයතනයන්ගේත්, ව්යාපාරික භවතුන්ගේත්,
ප්රදේශයේ විදුහල්වල හා විහාරස්ථ සියලු දායකකාරකාදීන්ගේත්, උඳුවප් මහා
පෙරහර සංවිධානයේ සියලු සාමාජික සාමාජිකාවන්ගේත්, සංඝමිත්තා, කුළඟන
සමිතියේත් පූර්ණ අනුග්රහයෙන් පැවැත්වේ.
උඩරට, පහත රට සහ සබරගමු නැටුම් සම්ප්රදායන්ට අයත් නැටුම් කණ්ඩායම්
තිහකට අධික ප්රමාණයකින් අලංකෘත වන මෙම පෙරහර බෞද්ධ චාරිත්රයන්ට මුල්
තැන දෙමින් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට උඳුවප් මහා පෙරහර
සංවිධානය කටයුතු යොදා ඇත. එම පෙරහර කුලියාපිටිය, මීගහකොටුව ශීල්ප
ශාලිකාව අසලින් ආරම්භ වී මීගහකොටුව නගරය හරහා පන්නල මාර්ගයේ පැමිණ
දියකලමුල්ල විහාරස්ථානයට ගෙවැදීමට නියමිය. |