සිරිපා වන්දනා සමය
උඳුවප් පෝ දා සිට ඇරැඹේ
සීසර් සුදුසිංහ
2009 - 2010 සිරිපා වන්දනා සමයේ සමාරම්භක උත්සවය හා රිය පෙරහර ඉකුත් 30
වනදා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ
කැරිණි.
එදින අලුයම 1.30 ට පූජා භාණ්ඩ දොරට වැඩමවීම සිදු කැරුණු අතර අලුයම 1.45
-5.30 දක්වා සමන් දේව පූජාවද පැවැත්විණි. ඊට සමගාමීව ගල්පොත්තාවල
ශ්‍රීපාද රජ මහා විහාරයේදී 29 වන දා රාත්‍රී අටවිසි බුද්ධ පූජාවක් සහ
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්විණි.
අනතුරුව නොවැම්බර් 30 වනදා අලුයම 6.30 ට ගල්පොත්තාවල රජ මහා විහාරයේ
සිට සිරිපා මළුව වෙත තුණුරුවන් පෙරටු කරගත් ඓතිහාසික සමන් දේව
ප්‍රතිමාව රැගත් රිය පෙරහර නල්ලතන්නිය දක්වා ගමන් කැරිණි.
රත්නපුර ඓතිහාසික සමන් දේවාලයේදී 30 වන දා පෙරවරු 9.30 ට විශේෂ බුද්ධ
පූජාවක් හා දේව පූජාවක් පැවැත් වීමෙන් පසු රිය පෙරහර නැවත ගමන් අරඹා 30
වනදා මධ්‍යම රාත්‍රිය වන විට නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානය
වෙත ලඟාවීමට කටයුතු යොදා තිබිණි.
එහිදී රත්නපුර හා නුවරඑළිය දිසාපතිවරුන්ගේ සංවිධානයෙන් ඒ ඒ ප්‍රාදේශීය
ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් හා අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහත්ම
මහත්මීන්ගේ මෙහෙයවීමෙන් පිළිගැනීම් උත්සව සංවිධානය කැර තිබිණි.
උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති දෙසැම්බර් 1 වනදා යෙදෙන සුබ
නැකතින් 2009 /2010 සිරිපා වන්දනා වාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලු
පියවර ශ්‍රී පාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි
සිදු කර ඇති බව ශ්‍රී පාදස්ථානයේ භාරකාර දම්පහළ සීලානන්ද හිමියෝ
‘බුදුසරණ’ ට පැවැසූහ.
සුබ නැකතින් ශ්‍රීපාද පද්මය දෝවනය කර ශ්‍රීපාද මළුවේ සමන් දේවාලය සුවඳ
පැනින් පවිත්‍ර කර පූජාභරණ තැන්පත් කැරේ.
ශ්‍රීපාද පද්ම වහන්සේට අලුයම සම්බුද්ධ පූජාව පවත්වා බැතිමතුන්ට
වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කැරෙන අතර සමන් දේව පූජාව පවත්වා
බැතිමතුන්ට දේව ප්‍රතිමාවට පූජාවන් පැවැත්වීමට අවස්ථාව සලසා ඇතැයි ද
උන්වහන්සේ පැවැසූහ.
ඒ අනුව 2010 වෙසක් පුර පසළොස්වක පෝදාට පසු දින දක්වා ලක්ෂ සංඛ්‍යාත
බැතිමතුන්ගේ වන්දනා සමය සඳහා ශ්‍රී පාද පද්මයේ ආගමික වතාවත් සිදු කැරෙන
බවද සීලානන්ද හිමියෝ පැවැසූහ. |