අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී උඳුවප් පෝදා දවස පුරා
පින්කම්
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති උතුරු
මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ
අනුශාසනා පරිදි නාවලපිටිය සත්යාලෝක පුන්‍යායතනය මෙහෙයවන උඳුවප් පොහොය
මහා පින්කම් මාලාව උඳුවප්පෝදා සහ පසුදා ද පැවැත්වේ.
ඉතිරිය»
විශ්මයජනක විශාලත්වයකින් යුතු චීනයේ ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ
මේ කථාව ඔබට ලිවීමට මා ආරම්භ කළේ 2009 සැප්තැම්බර් මස 26 වැනි දින
චීනයේ ලීසාන් නගරයේ පිහිටි ලෝකයේ අති විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේ
අබියස සිටයි. අද ලෝකයේ මහා බලවතා ලෙස වැජඹෙන ඇමරිකාව සමඟ කරට කර සිටින
තව නොබෝ කලකින් ඇමරිකානු බලවතා පරදා ඉදිරියට එන මහජන චීනය යෝධ වැඩවලට
ලෝක ප්‍රසිද්ධ ජාතියකි. චීනයේ කිසිම සුළු වැඩක් නැත. සියල්ලම මහා යෝධ
වැඩය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
‘අනුන්ගේ දොස් සෙවීම සැපතට මඟ නොවේ’
අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය යි. ඉහත සඳහන් කළ මාතෘකා ගාථාවෙන්
අර්ථවත් වනුයේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම පිණිස
අනුගමනය කළ යුතු පිළිවෙතක් ගැන ය.ලෝකයාගේ සාමාන්‍ය පිළිවෙත වනුයේ
අනුන්ගේ දොස් පරොස් ගැන සොයා බැලීම යි. එවැනි දෑ මගින් , එවැනි අය ,
පරිහානියට පත් වනු මිස , යහපතක් සිදු නොවේ. ඉන් පසක් වන තවත් එක්
සත්‍යයක් වනුයේ පුහුදුන් මනුෂ්‍යයා තුළ දුර්වලතා අඩුපාඩු දක්නට ලැබෙන
බවයි.ඊට හේතුව නම් බුදුදහමෙන් පෙන්වා දුන් මිනිස් සිතේ ඇති ක්ලේශයන්හි
ස්වභාවය යි. එම ක්ලේශ පුහුදුන් සත්වයන් තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ
සසර පැවැත්ම අනුව එහි අඩු වැඩි බවක් දක්නට ලැබෙයි.
ඉතිරිය»
|