සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය-
බුදු සිරිත දිරිමත්බව හා ක්‍රියාශීලිත්වයේ අග්‍රගණ ඵලය යි. තම පෞද්ගලික
කායික අවශ්‍යතාවයනට යොදන සුළු කාලය හැර දවසේ හැම මොහොතක්ම උන්වහන්සේ
ශාසනික මෙහෙවර සඳහාම යෙද වූහ. තම දෛනික කටයුතු කිරීමෙහිදී විධිමත් හා
ක්‍රමානුකූ®ලව කටයුතු කළ උන්වහන්සේ ශාසනික මෙහෙවර සඳහාම යෙදවූහ.
උන්වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් භාවනානුයෝගී ව විමුක්ති සුව විඳිමින්
බාහිර වශයෙන් ශ්‍රාවක සමූහයා ගුණ නුවණින් පොහොසත් කරනු පිණිස පරහිතකාමී
ව කැපවීමෙන් කාලය ගත කැරිණි. බුදු සිරිත දෛනික චර්යාව වෙන්කොට ගත්තේ ද
ඉහත සඳහන් පරමාර්ථ මුල්කොට ගෙනයි. ඒ අනුව දිනචර්යාව කොටස් පහකට බෙදා
උපරිම මෙහෙවර සඳහාම කැපවූහ. මෙයින් එක් කොටසක්වූ පෙර බත් කිස පිළිබඳව
සටහනක් ලියන්න.
පිළිතුර-
පෙරවරු කාලය උදාවත් සමග තමා වෙතින් පිහිටක් ලැබිය යුත්තා කවරෙක්ද? යන්න
දිවැසින් බලා වදාරණ බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික මෙහෙවරක් තමා වෙතින්
කළයුතු බව දුටු විගස අනාරාධිත බොහෝවිට පා ගමනින්ම වැඩම කරවා සේවාලාභියා
මුණගැසී යහමගට යොමු කරති . නොදැමුණු පාපී පුද්ගලයන් පවා සොයා හුදකලාවම
වැඩම කළ අතර, නිදසුනක් වශයෙන් අංගුලිමාල, ආලවක වැන්නවූන් දමනය කළේ
උන්වහන්සේගේ අපරිමිත කරුණා හා ප්‍රඥා බල මහිමයෙනි. විශාඛා, අනේපිඬු
වැනි සැදැහැ සිතැතියෝද සාරිපුත්ත, මොග්ගල්ලාන වැනි බුද්ධිමත් හූද
උන්වහන්සේ සරණ පතා පැමිණි ශ්‍රාවකයන් අතර වූහ.
විශේෂිත ඇරැයුමක් නොලද විටක පා සිවුරු ගෙන පිඬු සිඟා වඩින උන්වහන්සේ
ශ්‍රාවක සහිතව හෝ හුදකලාව මහමඟ පිඬුසිඟා වඩිති. ගෙපිළි වලින් වඩිමින්
දොරටුව අසල නිහඬව බලා සිට පාත්‍රයට ලැබෙන ඕනෑම අහරක් රැගෙන ආරාමයට ආපසු
වඩිනා සේක. අසූ හැවිරිදිව වියපත්ව පිරිහුණු සෞඛ්‍යය ඇතිව සිටියදී පවා
උන්වහන්සේ විශාලා මහනුවර පිඬුසිඟා වැඩියහ. මධ්‍යහ්නව පෙර දන් වළදා
සැදැහැවතුන්ට කෙටි අනුශාසනාවක් කොට පින් මේරූ අයෙක් සිටීනම් අධිගම
ලබන්නට යොමු කරවති. පැවිදි වන්නට කැමැති අයෙක් වෙත් නම් පැවිදි කරවති.
අනතුරුව සිය ගඳකිළියට විවේකය පිණිස වැඩමවති.
ප්‍රශ්නය -
පෙල දහමට අනුව සිතිවිලි ප්‍රධාන කොටගත් ක්‍රියා (චේතනා පූර්වක ක්‍රියා)
කර්ම (කුසල - අකුසල) වශයෙන් සැලකෙන අතර කර්මයෙහි (ප්‍රායෝගික බව)
කාර්යයන් අනුව වෙන් වෙන්ව සඳහන් කොට ඇත. ඒ අනුව නාමික වශයෙන් හා
කර්මයෙන් සිදුකරන කටයුතු (කෘත්‍ය) මොනවාද යන්න කෙටියෙන් පැහැදිලි
කරන්න.
පිළිතුර :
1. උපත සිදුකරන කර්මය ජනක කර්මය
2. උපත්ථම්භක කර්මය උපකාර කරන කර්මය
3. උපපීඩක කර්මය ජීවත්වීමට බාධාකරන කර්මය
4. උප ඝාතක කර්මය ජීවිතය විනාශ කරන කර්මය
මේ කර්ම හතරේම (කෘත්‍යය) ක්‍රියාකාරිත්වය පිළිබඳ නිදසුනක් වශයෙන්
දෙව්දත් තෙරුන්ගේ චරිතය දැක්විය හැකිය.
දෙව්දත් තෙරුන්ගේ ජනක කර්මය කුසල වූ ගෙයින් උපත රාජකීය එකක්ම විය.
උපත්ථභක කර්මයේ විපාක වශයෙන් රජසිරි විඳිමින් සශ්‍රීක ජීවිතයක්ම
ගතකරන්නට හැකි විය. සංඝයා වෙතින් බැහැරව නින්දා අපහාස විඳින්නට
සිදුවූයේ උපපීඩක කර්මය හේතුවෙනි. අවසානයේ උපඝාතක කර්මයේ විපාක වශයෙන්
අවසනාවන්ත අවසානයක් කරා යොමු විය.
ප්‍රශ්නය -
මිනිස් ජීවිතය සංකීර්ණ වූ ජීවන රටාවක් ලෙස වෙන් වෙන්ව ගත්විට දක්නට
පුළුවන. එහෙත් සියල්ලන්ටම පි‍්‍රය මනාප වූ ඒකීය සම්පත් දසයක් පිළිබඳව
බුදු දහම අවධාරණය කරයි. ඒ මොනවාද?
පිළිතුර-
1. භොගා ධනය
2. වණණෝ පැහැය
3. ආරෝග්‍ය නිරෝගීබව
4. සීලං සීලාචාරවත්බව
5. බ්‍රහ්මචරිය උතුම් හැසිරීම
6. මිත්තා මිත්‍රත්වය
7. පඤ්ඤා නුවණ
8. ධම්මා ධර්මය (යුක්තිය/ සාධාරණය)
9. බාහුසච්චං උගත්කම (බහුශ්‍රැත බව)
11. සග්ගා මරණින් මතු විමුක්තිය
ප්‍රශ්නය -
පුහුදුන් සෑම ජීවියෙක්ම ධනය ගෙවත් භෝගය. ජීවත්වීමේ මාධ්‍යයක් වශයෙන්
සම්පතක් සේ සලකති. එහි අවනතිය හෝ උන්නතිය තම තමගේ පැවැත්ම චර්යාව අනුවම
පවත්නා බව බුදුසමය පිළිගනී. ආර්ථික සමෘද්ධිය අපේක්ෂා කරන මිනිසා විසින්
සැලකිය යුතු කරුණු අතර ප්‍රධාන සාධකය වන්නේ ‘අත්තසම්මාපණිධි’ නම් තමා
මැනවින් පිහිටුව ගැනීම හෙවත් තම තමන්ගේ ජීවන චර්යාව වේ. එහිදී භෝග
මහත්වයට (ධනෝපායනට) හේතු 04 ක් පෙල දහමෙහි සඳහන්ව ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර -
භෝග මහත්වයට පැමිණි යම්කිසි කුලයෝ වෙත්ද ඒ හැම කුලයක්ම මේ සතර කරුණින්
හෝ ඉන් එකකින් පෝෂිත වූ කුලයක්ම වෙති.
1. නට්ඨං ගවේසන්ති- හානියට පත් වූ දෑ පිළිබඳව විමසිලිමත් වීම.
2. ජිණ්ණං පටිසංකරොන්ති - හානියට විනාශයට පත්වූ දෑ ඉක්මන් පිළිසකර
කරයි.
3. පරිමිත පානභෝජනා භොන්ති - පරිමිත ආහාරපාන පරිභෝජනය කරති.
4. සීලවන්තං ඉත්ථිංවා පුරසංවා ආධි පච්චේ ඨපෙන්ති - සිල්වත් ස්ත්‍රියක
හෝ පුරුෂයෙකු අධිපතිබවෙහි තබත්.
ප්‍රශ්නය -
කරණීයමෙත්ත සූත්‍රාගත පාඨයකි. මේ මාතා යථා නියං පුත්තං ආයුසා එක පුත්ත
මනුරක්ඛෙ. එවංපි සබ්බ භූතෙසු මානසං භාවයේ අපරිමාණං’
දරු සෙනෙහසින් ලෝක සත්ත්වයා වෙත අපරිමිත දයාව දැක්විය යුතු බව අවධාරණය
කරන බුදු දහම ඒ අපරිමිත දයාව- සෙනෙහස- මෙත් සිතක රෝපණය විය යුතු බවද
එහි ඵලය තමා වෙත ‘ඇස් පනාපිට’ (සාන්දෘෂ්ඨික) ඵලයන් ඇතිකරවන බව
මෙත්තානිසංස සූත්‍රාගත කරුණු ඇසුරින් පැහැදිලි වෙයි. වඩන ලද මෙත්
සිතෙහි ආනිශංස පැහැදිලි කරන්න.
පිළිතුර-
1. සුව නින්ද හා අවදිවීම (සුඛං සුපති)
2. ආහාර රුචිය වඩවයි (සුඛං පටිපුජ්ඣති)
3. නපුරු සිහින නොදකියි (න පාපකං සුපිනං පස්සති)
4. තමා ජනපි‍්‍රය පුද්ගලයෙක් වෙයි (මනුසසා නං පියෝ හෝති)
5. සියල්ලන්ටම පි‍්‍රය වෙයි (අමනුස්සානං පියො හොති)
6. දෙවියෝ ආරක්ෂා කරති (දේවතා රක්ඛන්ති)
7. පැහැපත් මුහුණක් උදාවෙයි (මුඛ වණ්ණෙ විප්පසීදත්)
8. මරණයෙහිදී මනා සිහියෙන් යුතුවෙයි (අසම්මූල්හෝ කාලං කරෝති)
9. මරණින් මතු බඹලොව උපදී යනුවෙනි. (බ්‍රහ්මලෝකූපගො හොති)
ප්‍රශ්නය -
ජයශ්‍රී මහබෝධීන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමෙන් පස් බෝඵල පසකින්
හටගත් ඵලරුහබෝධි අටක් (අෂ්ටඵලරුහ බෝධි) පිහිටි ස්ථාන නම් කරන්න.
පිළිතුර -
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි පූජෝත්සවයට සමගාමීව නන්දෙසින් සැදැහැවතුන්
පැමිණීම නිමිත්තෙන් උතුරේ තිවක්ක නම් ගම හා දකුණේ කතරගම යනාදී ඈත
ගම්දනව්වල බුදුසමය පැතිරයාම ආරම්භ විණි. බෝධිරෝපණයෙන් අනතුරුව බෝ ඵල
පසෙකින් ඵලරුහ බෝධි අටක් රට පුරා ඒ ඒ තැන් වල රෝපණය විය. ඒ ස්ථාන
වංශකථා තොරතුරු වලට අනුව
1. දඹකොළ පටුන 2. තිවක්ක නම් බමුණුගම, 3. ථූපාරාමය, 4. ඉසුරුමුණිය, 5.
පඨමක චෛත්‍යස්ථානය, 6. සෑගිරිය, 7. රෝහණ ජනපදයේ කතරගම, 8. එහිම සඳුන්ගම
යන තන්හි පිහිටි යේ ය. |