ජපානයේ බොදු පුබුදුව වඩන
අගොන්ශු වෙහෙර අසිරිය
ඌරුගමුවේ අස්සජී හිමි
ජපානය වර්තමාන ලෝකයේ තාක්ෂණය හා ආර්ථිකය අතින් අද්විතීය බලවත්
රාජ්‍යයකි. ෆුජියාමා වැනි කඳු පන්තීන්ගෙන් සමලංකෘත වූ සකුරා, මලින්
ගැවසී ගත් ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙස ජපානය හඳුන්වා දිය හැකි
ය.ඓතිහාසික වාර්තාවලට අනුව පෙනෙන්නේ ක්‍රි.ව. සයවන සියවස මැද භාගය පමණ
වනවිට බුදු සමය නිල වශයෙන් ජපානයට පැමිණි බව යි. කොරියාවේ පයික්චේ රජ
විසින් ජපානයට බුදුසමය හඳුන්වා දෙන ලදී. එතෙක් ඉතා සංකීර්ණ බහුදේව
වාදයක් පදනම් කරගත් ආගමක් ජපානයේ පැවතිණි. එම ආගමේ පදනම වූයේ විශ්වය
පුරා පැතිර පවත්නා ස්වභාව ධර්මයේ විවිධාකාර බලවේගයි. එහෙත් මෙය භය,
සන්ත්‍රාසය ආදී චිත්තාවේගවලට පිළියමක් ලෙස ජපන් වැසියෝ භාවිතා නො කළ හ.
සෞන්දර්යාත්මක රසවින්දනයක නිරතවීමට ඔවුන්ට තිබූ අසීමිත ඇල්ම මෙම ඇදහීම්
තුළින් ප්‍රකට කෙරිණි. ඒ හැර දේව විශ්වාසයක් එහි නො වී ය. ජපානය වැනි
රටක නිරන්තරයෙන් සිදුවන භූමිකම්පා, දැඩි කුණාටු , ජල ගැලීම් වැනි
ස්වභාවික ආපදාවන්ට ගොදුරුවන බලවේග මුල්කරගත් දේව විශ්වාසයක් බිහි නොවීම
පුදුමයට කරුණක් බව මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා පවසයි. (ජපන් සංස්කෘතික
ඉතිහාසය 27 පිට)
20 වන සියවසේ දී ජපානයේ දැවයෙන් සාදන ලද විශාලම ගොඩනැගිල්ල ලෙස සැලකෙන
කියතෝහි අගොන්ශු ප්‍රධාන විහාරස්ථාන ගොඩනැගිල්ල |
පළමුවෙන්ම ජපානයට බුදුදහම හඳුන්වා දුන්නේ කොරියාවෙන් බව ඉහත කියැවුණි.
කොරියාවේ පයික්චේ රජු ලෝහ බුදු පිළිමයක් ධර්ම ග්‍රන්ථ කිහිපයක් ද සමග
විශේෂ පණිවුඩයක් එවකට ජපන් අධිරාජ්‍යා වූ කිම්මෙයි රජුට එවීය. එම
පණිවුඩයේ සඳහන් වූයේ ‘අවබෝධ කර ගැනීම අතිශයින් දුෂ්කර වුවත්, සියලු
ඉගැන්වීම්වලට වඩා පරමෝත්තම වූත්, ලෝකයේ යථා ස්වභාවය ඉතා නිවැරැදිව
පෙන්වා දෙන්නාවූත්, මේ ධර්මය පිළිගනු මැනවැ’ යි යනුවෙනි.
මෙම ත්‍යාග හා පණිවුඩය ලැබීමෙන් කිම්මෙයි අධිරාජයා ඉමහත් සොම්නසට
පත්වූයේ ය. ජපානයට මෙවන් උත්තරීතර හඳුන්වාදීමක් සිදුකළ කොරියාව බුදුසමය
හඳුනාගත්තේ චීනයෙනි. ඒ අනුව චීනයෙන් කොරියාවටත්, කොරියාවෙන් ජපානයටත්
බුදුසමය පැමිණි බව පැහැදිලි ය. ජපන් බුදුසමයේ මුල් යුගයේ පුරාවෘත්තය එය
වුව ද පසුව ක්‍රි.ව. සත්වන සියවස පමණ වනවිට සෘජු ලෙසම චීනයෙන් ජපානයට
බුදුසමය පිළිබඳ අදහස් හුවමාරු වූ බව ඓතිහාසික වාර්තාවලින් කරුණු හෙළි
වී තිබේ.
චීනයේත්, කොරියාවේත් පවත්නේ මහායාන බුදු සමය බව අපි දනිමු. ඒ අනුව එකී
රටවල ආභාෂයෙන් ජපානයට ලැබුණේ ද මහායාන බුදු සමය යි. බුදු සමය තුළින්
ජපන් කලා හා ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි ඇති කළ බලපෑම විශ්මය දනවන්නකි.
එසේම ජපන් ජාතිකයින් උසස් සංස්කෘතියකට උරුමකම් කියන ප්‍රෞඪ ජාතියක්
වශයෙන් ලොව බැබලවීමට ද මග පෑදුණේ මෙකී බෞද්ධ ආභාෂය යි.
ජපානයේ අගොන්ශු විහාරයේ නිර්මාතෘ සහ මහා නායක සෙයියු කිරියමා නා හිමි |
බුදුසමය වඩාත් ස්ථාවර පදනමක් මත ජපානයේ ප්‍රධාන ආගමෙහි තත්ත්වයට
පත්කිරීමට පුරෝගාමී වූයේ ෂෝතොකු තයිෂි කුමරු ය. බුදු දහමෙහි බුද්ධිමය
හා ආචාර ධර්මාන්විත ආස්වාදය හා ආශිර්වාදය පොදු මහජනතාවට ලබාදීම ෂෝතොකු
තයිෂි කුමරුගේ මූලික අභිප්‍රාය විය. ඒ අතරම බෞද්ධ වෙහෙර විහාර
ඉදිකරවීම, උත්සව පැවැත්වීම ද හේ මහත් උනන්දුවෙන් සිදු කෙළේය. එමතු නො ව
ෂෝතොකු තයිෂි කුමරුගේ පාලන සමය තුළ රදළ පවුල්වල සාමාජික සාමාජිකාවෝ
එකිනෙකා පරයමින් රටපුරාම බෞද්ධ වෙහෙරවිහාර තැනීමෙහි නිරතවූහ.
ක්‍රි.ව. 710 ඇරැඹෙන නරා යුගය ජපන් බුදු සමයේ පෝෂණයෙහිලා විවිධ අංශයන්
ගෙන් වැදගත්වෙයි. මේ යුගයේදී බෞද්ධ සම්ප්‍රදායන් සයක් බුදුදහමට එක් වූ
බව ආචාර්ය වල්පොල විමලඤාණ හිමියන් ගේ ‘ජපන් බුදු දහම හා සංස්කෘතිය’
නමැති ග්‍රන්ථයේ සඳහන් ව තිබේ. ඒවා නම් අභිධර්ම කෝෂ, සත්‍ය සිද්ධි
විනය, යෝගාචාර, මාධ්‍යමික, අවතංසක හණ්ඩව්‍යුහ යන සම්ප්‍රදාවන් ය. නරා
යුගයේ දී එක් නිකායක් හෝ සම්ප්‍රදායක් එකිනෙකින් වෙන්කොට දැකිය හැකි
නොවී ය. සෑම බෞද්ධ සම්ප්‍රදායකින්ම විශාල ආගමික හා සමාජ සේවාවන්
සිදුවිණි.
ජපන් ඉතිහාසයේ දෙවැනි යුගය වූයේ ‘හෙයියන් යුගය’ යි. මෙකල අගනුවර
නරාවලින් කියොතෝ නුවරට ගෙනයාම සුවිශේෂී සිදුවීමකි. කියොතෝ අවට රමණීය
කඳු ශිඛරයන් හි විහාරස්ථාන ඉදි කරගෙන ජීවත් වූ භික්ෂූන් වහන්සේ නිසා
මේ යුගයේ බුදු සසුනට ඉමහත් සේවාවක් සිදු වුණි. කඳු ශිඛරයන්හි ආරාම
ඉදිකිරීමේදී ඒවායෙහි භූ විෂමතා ලක්ෂණ නො නසා අවට කඳුකර පරිසරයට ගැලපෙන
අයුරු ගොඩනැගිලි නිර්මාණයට දැක් වූ උනන්දුව නිසා මේ යුගයේ චමත්කාරජනක
වටපිටාවක් ඇතුළත ඉතා දර්ශනීය ගොඩනැගිලි පන්ති ඉදිවිය. කියතෝ නුවර
හෙයිඅන් - ක්යෝ (සාමයේ හා සැනසීමේ නගරය) වශයෙන් නම් කෙරිණි. මේ වනවිට
කියොතෝ හි බෞද්ධ ආරාම විශාල දේපොලක් හිමි මධ්‍යස්ථාන බවට පත් වී
තිබුණි. ඒ නිසා එකී ආරාමයන් තුළින් සුවිශාල ආගමික හා සමාජ සේවාවක්
සිදුවුණි.
එදා මෙදාතුර අඛණ්ඩව ජපානයේ සෑම නගරයක සේ ම කියොතෝ නගරය ආශි‍්‍රතව ද
බෞද්ධ විහාරස්ථාන ඉදිකෙරිණි. ඒවා සියල්ල ජපන් ගෘහ නිර්මාණ ශිල්පයේ
දියුණුව මේ යැයි, කියාපාන දැවැන්ත ගොඩනැගිලිවලින් යුක්ත විය.
බෝ පුදට ජනතාව රැස් වූ අවස්ථාවක්.
ඉදිරිපස පෙනෙන්නේ බෝ රදුන් රෝපණය කර ඇති උද්‍යාන ගෘහය යි. |
ඉතා මෑත යුගයේ ජපානයේ කියොතෝ නුවර කේන්ද්‍ර කරගෙන බිහි වූ සුවිශාල
බෞද්ධ විහාරයක් ලෙස කියොතෝ හි අගොන්ශු විහාරය හඳුන්වා දිය හැකි ය. වර්ෂ
1978 දී ජපානයේ බිහි වූ අගොන්ශු නිකායේ මූලස්ථානය වනුයේ ද මෙම අගොන්ශු
විහාරය යි. අගොන්ශු නිකායේ හා තදනුබද්ධ අගොන්ශු විහාර සමූහයේ
නිර්මාතෘවනුයේ අතිගරු සෙයියු කිරියමා ( Seiyu
Kiriyama )
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ජපානයේ මහායාන බෞද්ධයෙකු ලෙස උපත ලැබූ
අතිගරු සෙයියු කිරියමා නාහිමියෝ බුදුරදුන් ගේ නිර්මල ඉගැන්වීම් පිළිබඳ
රටවල් ගණනාවකට ගොස් පුළුල් පර්යේෂණවල නිරත වූ හ. මහායාන බුදු දහමට
අමතරව ථෙරවාද බුදුදහම ද තිබ්බතයේ පවත්නා ගුප්ත බුදුදහම ද පිළිබඳ
ප්‍රාමාණික පර්යේෂණයන් හි නිරතව එකී සම්ප්‍රදාය ත්‍රිත්වයේ සංකලනයක්
ලෙස අගොන්ශු බෞද්ධ සම්ප්‍රදාය ( The Agon Shu
Buddhist tradition )
ජපානයේ ස්ථාපිත කොට එය ලොව පුරා ප්‍රචලිත කරවීමේ කාර්යභාරයෙහි නිරතව
සිටිති. ඉතා කෙටි කලක් තුළ අගොන්ශු විහාරය ලෝකයේ ප්‍රබලතම බෞද්ධ
මධ්‍යස්ථානයන් ගෙන් එකක් ලෙස දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් සිදු
කිරීමෙහිලා සෙයියු කිරියමා නාහිමි දැක් වූ නොමද කැපවීම බෞද්ධ ලෝකයා ගේ
අතිශය ගෞරවාදරයට ලක්විය යුත්තකි. මේ වනවිට ජපානයේ මෙන්ම ලොව පුරා ශාඛා
පිහිටුවා ඇති මෙකී අගොන්ශු විහාරයේ මූලස්ථානය පවත්නේ කියොතෝ හි
යමාෂිනා කඳු ගැටය මුදුනේ ඉතා රමණීය පරිසරයක ය. 1980 අග භාගයේදී ආරම්භ
කොට වසර තුන හමාරක් තිස්සේ ශිල්පීන් දහස් ගණනක ගේ් සහභාගිත්වයෙන්
ඓතිහාසික ජපන් විහාරස්ථාන සම්ප්‍රදායට අනුව නිම වූ අගොන්ශු ප්‍රධාන
විහාරස්ථානය 20 වැනි සියවසේ දී ජපානය තුළ දැව භාවිතයෙන් ඉදිකළ විශාලම
ගොඩනැගිල්ල සේ සැලකේ.
1991 අපේ‍්‍රල් මාසයේ දී කියොතෝ හි මෙකී අගොන්ශු ප්‍රධාන විහාරය මහත්
උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණි. මෙම ඓතිහාසික අවස්ථාවට ලෝකයේ විවිධ
රටවලින් විශේෂ බෞද්ධ දූත පිරිස් සහභාගි වූ හ. ලංකාවෙන් ඒ සඳහා විශේෂ
ඇරයුම් ලැබ සහභාගි වූයේ, එවකට තන්තිරිමලේ රාජමහා විහාරාධිපතිව වැඩසිට
අපවත් වී වදාළ කෝන්ගස්කඩවල ඤාණවිමල නාහිමි හා 1986 දී බෞද්ධ අධ්‍යයන
පර්යේෂණ කටයුතු සඳහා ලංකාවට සැපත් අතිගරු සෙයියු කිරියමා නාහිමියන් ගේ
සමීපතම මිත්‍රයෙකු බවට පත් වූ දැනට අගොන්ශු නිකායේ දකුණු ආසියානු
කලාපීය උපදේශක තනතුර හොබවන සෝමසිරි ඒ. පතිරණ මහතා ය. කිරියමා නාහිමි
ථෙරවාද බුදුසමය කෙරෙහි දක්වන විශේෂ ගෞරවය පිළිබඳ සෝමසිරි ඒ. පතිරණ
මහතාට අද්දැකීමෙන් ම මනා අවබෝධයක් තිබුණි. එබැවින් අගොන්ශු විහාරය
විවෘත කිරීමේ උත්සවයට පතිරණ මහතාගේ කාරුණික ඉල්ලීම පරිදි කෝන්ගස්කඩවල
නාහිමියෝ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පිහිටි බෝධි වෘක්ෂයේ
අංකුරයක් ද වැඩමවා ගෙනගොස් පූජනීය වස්තුවක් ලෙස එරටට පරිත්‍යාග කිරීමට
තීරණය කළහ. එය අගොන්ශු විහාරය විවෘත කිරීමේ ඓතිහාසික උත්සවයේදී
කෝන්ගස්කඩවල නාහිමි හා සෝමසිරි ඒ. පතිරණ මහතා විසින් සෙයියු කිරියමා
නාහිමියන් වෙත පිළිගන්වන ලද හ.
ඒ අනුව ඝර්ම කලාපීය වෘක්ෂයක වන එම බෝ අංකුරයට සරිලන ඝර්ම කලාපීය
දේශගුණික තත්ත්වයක් වායු සමන යන්ත්‍ර ආධාරයෙන් කෘතිමව පවත්වා ගෙනයනු
ලබන බව එහි දැනගන්නට තිබේ. එමතු නොව දිගින් හා පළලින් අඩි 25 ක් ද,
උසින් අඩි 35 ක් ද, පමණ වූ යකඩ සැකිල්ලක් මත වීදුරු තහඩු සවිකොට
උද්‍යාන ගෘහයක් තනවා බෝ අංකුරය ඒ ගෘහය තුළ රෝපණය කිරීමටත්, එයට ඇවසි ඇප
උපස්ථාන කිරීම් වස් ශාඛ විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු පූර්ණකාලීනව
සේවයේ යෙදවීමටද කටයුතු කර ඇත.
ලාංකික භික්ෂූන් වහන්සේ පෙරටු කරගත් ජපන් හිමිවරුන් අගොන්ශු වෙහෙර
ආගමික වතාවත් සඳහා පෙරහරින් වැඩම කරවු අයුරු. |
එදා මෙදාතුර එකී බෝධීන් වහන්සේ ඉදිරියේ දී ථෙරවාද හා මහායාන
සම්ප්‍රදායානුකූ®ලව බෝධිපූජා හා පිරිත් දේශනා පැවැත්වීම ද අඛණ්ඩව
සිදුවෙමින් පවතියි. පසුගිය කාල පරිච්ඡේදය තුළ එකී ආගමික වතාවත්
මෙහෙයවීම සඳහා සහභාගිවීමට ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා හා ගිහි
ප්‍රභූන් රැසකට අවස්ථාව උදාවුණි. මීට වසර කිහිපයකට පෙර එකී ආගමික උත්සව
ආරම්භයේදී ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් ගේ සහභාගිත්වයෙන් ලාංකික බෞද්ධ
සම්ප්‍රදායානුකූලව පෙරහරක් පැවැත්වීම ද අඛණ්ඩව සිදු කෙරෙයි.
අගොන්ශු විහාරයේ මෙහෙයවීම මත ඇරැඹි ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම
( Sri Lanka Agon - Shu friendship Foundation) පිළිබඳවද ද මෙහිදී
වෙසෙසින් සඳහන් කළ යුතු ය. මෙම පදනම බිහිවූයේ 1994 ජනවාරි 12 වැනිදා ය.
එය අගොන්ශු විහාරය කේන්ද්‍රකර ගනිමින් අතිගරු කිරියාමා නාහිමියන්
විසින් ආරම්භ කරන ලදුව සෝමසිරි ඒ. පතිරණ මහතා වෙත භාර කෙරිණි. මෙහි
මූල්‍යමය අනුග්‍රාහකත්වය හා උපදේශකත්වය කිරියාමා නාහිමියන් විසින්
සපයනු ලබන අතර මෙමගින් අපේක්ෂිත පරමාර්ථ කිහිපයකි. එනම්,
1. ආර්ථික අපහසුතා මධ්‍යයේ ධෛර්යයෙන් යුතුව අධ්‍යාපන කටයුතු කරගෙන යන
සිංහල - බෞද්ධ දරු දැරියන්ට උදව් උපකාර කිරීම.
2. දුෂ්කර බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීම.
3. තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම
4. මහලු අසරණ හා රෝගී පුද්ගලයන්ට ද්‍රව්‍යමය හා ඖෂධමය ආධාර ලබාදීම.
5. පාසල් හා පිරිවෙන් පුස්තකාල පහසුකම් හා යටිතල පහසුකම් වැඩිදියුණු
කරවීම යනාදී කරුණු ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය.
ලෝක සාමය උදාකරවීම සඳහා පුරෝගාමී නායකත්වයක් සැපයීම හා මෙකී අත්‍යුදාර
සමාජ සේවාවන් පිළිබඳ ප්‍රසාදයට පත් ලෝක ප්‍රජාව ගෙන් අතිගරු සෙයියු
කිරියමා නාහිමියන් වෙත ලැබුණු සම්මාන හා උපහාර බෙහෙවි. ඒ අතර සියම් මහා
නිකායේ මල්වතු පාර්ශ්වීය මහා සංඝ සභාව මගින් 1992 දී ‘කීර්ති ශ්‍රී
සාමදුත’ යන ගෞරවනාම සම්මුතියෙන් උන්වහන්සේ පුදනු ලැබීම ලංකාවෙන් ලැබුණු
ඉහළම ගෞරවෝපහාරයක් ලෙස නම් කළ හැකි ය. තවද 1986 දී එවකට ජනාධිපතිව සිටි
ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ දී කිරියාමා
නාහිමියන්ට පූජනීය සර්වඥ කරඬුවක් පූජාකොට උපහාර දැක්වීම ද වෙසෙසි තැනක්
ගනියි.
ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම ( SLAFF ) ලංකාවේ දසදෙසින්
තෝරාගත් සිංහල බෞද්ධ දරුදැරියන් වෙත මේ වනවිට අධ්‍යාපන ශිෂ්‍යත්ව
8000ක් පමණ ප්‍රදානය කර ඇත. ඒ වෙනුවෙන් අඛණ්ඩ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව
16ක් මෙතෙක් පවත්වා ඇති අතර තරුණ තරුණියන් 710 දෙනෙකු සඳහා වෘත්තීය
පුහුණුවක් ද ලබා දී තිබේ. මොරවක ප්‍රදේශයේ මෙම පදනම මගින් පිහිටුවා
තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී එකී වෘත්තීය පුහුණුව සිදුකෙරේ.
මෙවර ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 17 වන වාර්ෂික ශිෂ්‍යත්ව
ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 29 වැනි දින ප.ව. 2.30 ට කොළඹ බණ්ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට මේ වනවිට සියලු විධිවිධාන
යොදා තිබේ. රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, සියම් මහා නිකායේ ශ්‍රී
රෝහණ පාර්ශ්වයේ මහානායක අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ
ජ්‍යෙෂ්ඨ අනුනායක ෆුකද සෙයිඅ හිමියන් ප්‍රමුඛ අගොන්ශු දූත පිරිසක් ද
සහභාගි වෙති. සම්භාවනීය මැතිඇමතිවරුන් සහ ප්‍රභූන් රැසක් සහභාගි වන මෙම
උත්සවය ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරේ. |