ත්‍රිකාය සංකල්පය
නිර්මාණ කාය යනු
ධර්ම කායේම තවත් ආකාර මාත්‍රයකි. නිර්මාණ කාය මඟින් බුදුවරු සාමාන්‍ය
මිනිසුන්ට
පිහිටවනු ලබයි. ධර්මචක්‍ර දේශනා කිරීම් ආදී ලෙසින්
යමාමහ පෙළහරපෑම් ආදී ලෙසින් මිනිසුන් ඉදිරියෙහි පෙනී සිටින්නේ මෙම
ධර්මකාය ය.
බුදුරජාණන් වහන්සේගේ
නිර්මාණ කාය අසීමිතය. මුළු විශ්වය පුරා පැතිරවීමට
බුදුරජාණන් වහන්සේට හැකි ය. දහස් ගණින් බුද්ධ ක්‍ෂේත්‍රයන්හි එකවර, එකම
ස්වරූපයෙන් පෙනී සිටීමට නිර්මාණ බුද්ධ කායට පුළුවන්කමක් ඇත.
කෝට්ටේ
ආනන්ද ශාස්ත්රාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති
බෝදාගම සීලවිමල හිමි
ත්‍රිකාය සංකල්පය පිළිබඳ ඉගැන්වීම් සියලු මහායානිකයන්ට පොදු ය.
ත්‍රිකාය සංකල්පයේ මූලබීජ දැකිය හැකි වන්නේ මහායානයට පෙර බිහි වූ
මහාසංඝික ලෝකෝත්තරවාදීන් තුªලය. ‘ලෝකෝත්තරවාදීහු’ ‘‘බුදුරජාණන් වහන්සේ
මානසික හා කායික වශයෙන් ලෝකය ඉක්ම වූ උත්තමයකු ලෙසත් ඒ අනුව බුදුරජාණන්
වහන්සේ සදාකාලික බවත්, එම සදාකාලික බුදුරජාණන් වහන්සේ නිර්මාණ
ස්වරූපයෙන් කාලයෙන් කාලයට මිනිස් ලොව පහළ වන බවත් සිද්ධාර්ථ ගෞතම යනු
එසේ පහළ වූ එක් අවස්ථාවක් බවත් පැහැදිලිය’’. ලෝකෝත්තරවාදීන් ඉදිරිපත්
කළ එම අදහස මහායානයෙන් වර්ධනය වී බුද්ධ සංකල්පය ත්‍රිකායක් බවට පත්
විය. එම ත්‍රිකාය නම්,
01. නිර්මාණ කාය
02. සම්භෝගකාය
03. ධර්මකාය නම් වේ.
මුල්ම මහායාන ග්‍රන්ථය ලෙස හැඳින්වෙන අෂ්ට සහශි‍්‍රක ප්‍රඥාපාරමිතාවේ
කාය දෙකක් ගැන සඳහන් වේ. එනම් නිර්මාණ කාය හා ධර්මකායයි. මූලික මහායාන
ග්‍රන්ථවල නවයෙන් එකක් වූ ලංකාවතාර සූත්‍රයෙහි ත්‍රිකාය සංකල්පයෙහි
දියුණු අවස්ථාවක් ප්‍රකට වනු දක්නට ලැබේ. එහිදී බුදුරජාණන් වහන්සේ
හැඳින්වීමට,
01. ධර්ම බුද්ධ
02. ධර්මතා බුද්ධ
03. මූලතථාගත
04. නිෂ්‍යන්ද බුද්ධ
05. නිර්මාන බුද්ධ
06. විපාක බුද්ධ
07. ධර්මකාය
යන වචන භාවිත වේ. ලංකාවතාර සූත්‍රයේ ධර්ම බුද්ධ හා ධර්මතා බුද්ධ විස්තර
වන්නේ ඉහතින් සඳහන් කළ කායනුයේ එන ධර්ම කාය විස්තර කරන ආකාරයටය. එම
ධම්ම බුද්ධ ප්‍රතීත්‍යසමුත් පන්න නොවේ. එය ඉන්ද්‍රිය ක්‍රියාකාරකම්
ඉක්මවා ඇත. ලංකාවතාර සූත්‍රයට අනුව ධර්මතා බුද්ධ දහම් නොදෙසයි. ධර්මය
දේශනා කරන්නේ නිර්මාණ බුද්ධයයි. ලංකාවතාර සූත්‍රයට අනුව ලෝකය චිත්ත
මාත්‍රයක් පමණක් යැයි පෙන්වා දෙන්නේ නිෂ්‍යන්ද බුද්ධයි. නිෂ්‍යන්ද
බුද්ධ ඇතිවන්නේ ධර්ම බුද්ධගෙනි. ලෝකය චිත්ත මාත්‍රතාවක් පමණකැයි
ගැඹුරින්ම දේශනා කරන්නේ බෝධිසත්වවරුන් බැවින් ඉහතින් සඳහන් කළ
ත්‍රිකායෙහි සම්භෝගකාය යනු බුදුරදුන්ම බෝධිසත්ව වරුන් පිහිටුවන ආකාරය
බැවින් ද නිෂ්‍යන්ද බුද්ධ සම්භෝගකායට සමානය. විපාක බුද්ධ යනු ද
සම්භෝගකායට නමක් යැයි කියති.
ඉහත කරුණුවලින් අනාවරණය වන්නේ ත්‍රිකායේ ආරම්භක අවස්ථාව මහාසාංසිකයන්
බවත් එහි සංවර්ධනීය ස්වරූපය මහායානික ලංකාවතාර සූත්‍රයත් බවත් ය.
ලංකාවතාර සූත්‍රයේ සඳහන් ධර්මබුද්ධ හා ධර්මතාබුද්ධ ධර්මකායට සමාන වේ.
එහි එන නිෂ්‍යන්ද බුද්ධ විපාක බුද්ධ සමිභෝගකායට සමාන වේ. එහි එන
නිර්මාණබුද්ධ නිර්මාණකායට සමාන විය.
ධර්මකාය
ධර්මකාය යනු බුදුරජාණන් වහන්සේගේ නියම ස්වරූපයයි. යථාර්ථය,
තත්ත්වාකාරය. තථතා, ධර්‍මම මාතෘ ධාතු තථාගත ගර්භ භූත තථතා ගථාගත කාය,
නිර්වාණය, ප්‍රඥා යන නම්වලින් ද මෙම ධර්මකාය හඳුන්වයි. මාධ්‍යමික,
යෝගාචාර යන නිකාය දෙකම පිළිගනී. එහෙත් එය විග්‍රහ කිරීමේ දී වෙනස්කම්
දැකිය හැකි ය.
දෙපිරිසේම අරමුණ යථාභූතය කෙබඳු දැයි පැහැදිලි කර ගැනීමයි. මහායාන
ධර්මතා තුළ ධර්මකාය නොයෙක් ආකාරයෙන් හඳුන්වා ඇත. එය වජ්‍ර සංග්‍රහනිකාය
නමින් හඳුන්වයි.
වජ්‍ර යනු දියමන්තියයි. එය ලොවෙහි ශක්තිමත් දෙකකි. එසේ වූවද සංග්‍රහණනය
කිරීමට හෙවත් සිදුරු කරයාමට ප්‍රඥාවට හැකියාව ඇත. සැබවින්ම මෙය දෙයක්
නොව ප්‍රඥාවමය. වජ්‍ර ඡෙදිකා ප්‍රඥා පාරමිතා යනු එයයි. ස්වර්‍ණප්‍රභාෂ
සූත්‍රයේ එය විස්තර වන්නේ,
අනස්ථි රුධිරෙ කායෙ
කුතො ධාතුර් භවිෂ්‍යතී...
මෙම ධර්මකාය ඇට ලේවලින් තොර බැවින් එහි ධාතු නොමැත
උපායධාතු නිශ්ෂේපඞ
සත්ත්ථානාඞ හිත කාමකා...
එහි ධාතු තැන්පත් කොට ඇත්තේ සත්වයන්ගේ හිත පිණිසයි. එය බුදුරදුන්ගේ
උපායකි. එහෙත් බුදුන් යනුවෙන් පුද්ගලයෙක් නොසළකා ගත යුතු ය. මෙහි
බුදුන්ගෙන් නියෝජනය වන්නේ දුකින් මිදීමෙන් ලද ප්‍රඥාවේ උපරිමයයි. මෙය
රූප කාය හා කිසිසේත් සම්බන්ධ නොවේ. ධර්මකාය හෙවත් මෙම ප්‍රඥාව බුදුන්ට
සමාන වන්නේ ප්‍රඥා මහිමය ප්‍රකට කිරීම පිණිසයි. ධර්මකාය එකක් නොවේ.
බොහෝ වූවකුත් නොවේ. ‘යො නෛකො තාප්‍යනෙකඞ ධර්මකාය තමන්ගේ හා අනුන්ගේ
යහපත පිළිබඳ සම්පත්තියෙහි ආධාර වූ බැවින් එය ධර්මකාය නම් වේ.’
‘ස්වපරහිත මහා සම්පදාධාර භූතො...’
ධර්මකාය වනාහි අභාවයක් හෝ භාවයක් නොවේ.’නෛවාභාවො න භාවඞ ...’ ධර්මකාය
ආකාශයක් මෙන් සියල්ලන් කෙරෙහි පැවතුම් ඇත්තේ ය. “ඛමිවසමර සො...”
ධර්මකාය දුර්වාවබෝධ ස්වභාව කොට ඇත්තෙකි. ‘දුර්වීභාව්‍ය ස්වභාවං...’ එය
වෙනස්වීම හෙවත් විකාරයට පත්වීම් රහිතය. ‘නිර්විකාරම්, එය ශාන්තය.
එහෙයින් ‘සිව‘ නමි. එය ඇතිවන නැතිවන දෙයක් නොවේ. එය අසමසමය. ‘අසමසමම්
එය විශ්වය පුරා සියලු තැන ව්‍යාප්තය. ‘ව්‍යාපිනම්’ එය ප්‍රපංචයන්ගෙන්
නිශ්ප්‍රපංචය. ‘නිශ්ප්‍රපංචම්’ උපමා රහිතය ‘අනූපමං’ එය අභ්‍යන්තරයෙන්
අවබෝධ කළ යුතු ය. (ප්‍රත්‍යාත්ම වෙද්‍යම්...)
සම්භෝගකාය
සම්බෝගකාය යනු ධර්මකායේම හෙවත් බුදුන්ගේම ආකාර මාත්‍රයකි.
බෝධිසත්වවරුන්ට බුදුන් පිහිටවනු ලබන්නේ සම්බෝග කාය මඟිනි. සම්බෝගකාය
පිළිබඳ අදහස සංවර්ධනය වී ඇත්තේ ලංකාවතාර සූත්‍රය තුළයි. ලංකාවතාර
සූත්‍රයේ සම්බෝගකාය හැඳින්වීමට නිෂ්‍යාන්ද බුද්ධ, විපාක බුද්ධ යන නම්
භාවිතා කොට ඇත. සම්බෝගකාය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හා අසූවක්
අනූ ලකුණුවලින් ද යුක්තය. සම්බෝගකාය බුදුවරුන්ට මෙන්ම බෝධිසත්වවරුන්ටද
ඇත. බෝධිසත්වවරුන්ට බුදුන් පිහිටවන ආකාරය සම්බෝග කාය නමින්ද
බෝධිසත්වවරුන් සතු සම්බෝග කාය පරසම්බෝග කාය නමින් ද හඳුන්වයි.
“ලොකාර්‍තතම් අචිනත්‍යම් සූකෘතශතඵලම්
ආතම නොයො විභූසිතම්
පර්‍ෂත්මධ්‍යෙ විචිත්‍රං ප්‍රථයති මගතීන්ඛිමතාම්
පී‍්‍රති හෙතොඃ
බුද්ධානාම් සර්වලෝකප්‍රසෘත මවිරතොදාර
සිද්ධර්ම ඝොෂිම්
වනේද සම්බොගකායං තමහම්හමහා
ධර්‍මරාජ්‍ය ප්‍රතිෂ්ඨාන්....”
ලෝක විෂය මෙන්ම චිත්ත විෂයය ඉක්මවා පවත්නාවූද සිය ගණනක් පුණ්‍ය
ඵලයන්ගෙන් බැබලෙන්නා වූ ආත්ම විභූතියක් ඇති ඤාණවන්තයන්ගේ පී‍්‍රතියට
හේතු වූ විචිත්‍ර දේශනාවක් පිරිස් මධ්‍යයේ දෙසන්නා වූ සියලු ලෝකයෙහි
ව්‍යාප්ත වූ උදාර වූ සද්ධර්ම ඝෝෂා ඇති ධර්මරාජ්‍යයෙහි ප්‍රතිෂ්ඨාව වූ ඒ
සම්බෝග කායට මම නමස්කාර කරමි.
නිර්මාණකාය
නිර්මාණකාය යනු ධර්මකායේම තවත් ආකාර මාත්‍රයකි. නිර්මාණකාය මඟින්
බුදුවරු සාමාන්‍ය මිනිසුන්ට පිහිටවනු ලබයි. ධර්මචක්‍ර දේශනා කිරීම් ආදී
ලෙසින් යමාමහ පෙළහරපෑම් ආදී ලෙසින් මිනිසුන් ඉදිරියෙහි පෙනී සිටින්නේ
මෙම ධර්මකාය ය. නිර්මාණකායෙන් දහම් දෙසන්නේ පුහුදුන් සාමාන්‍ය ජනයාට
පමණි. බුදුරදුන් මිනිස්ලොව පහළ නොවන හෙයින් නිර්මිත බුද්ධ රූපයකින්
මිනිස්ලොව පෙනී සිටිති.
කකුසඳ, කෝණාගම, යන බුදුවරු එසේ වරින්වර නිර්මිත ස්වරූපයකින් පැමිණි
ධර්මකායේම කොටසකි. මිනිසුන් අතර නිර්මාණ ස්වරූපයෙන් පෙනී සිටිමින්
සත්වයන්ගේ මෝක්‍ෂය පිණිස පෙනී සිටිමින් ශිල්ප, ජන්ම අභිසම්බෝධි
මාර්ගයන්ගෙන් හා දාන, සීල, සමාධි, චින්ත, ප්‍රඥා, ඤාණ, ස්කන්ධ ආදී
මාර්ගයන්ගෙන් සත්වයාට නිර්වාණය අවබෝධ කරන්නේ යැයි මහායාන
සූත්‍රාලංකාරයේ දක්වා තිබේ.
බුදුරජාණන් වහන්සේගේ නිර්මාණකාය අසීමිතය. මුළු විශ්වය පුරා පැතිරවීමට
බුදුරජාණන් වහන්සේට හැකි ය. දහස් ගණින් බුද්ධ ක්‍ෂේත්‍රයන්හි එකවර, එකම
ස්වරූපයෙන් පෙනී සිටීමට නිර්මාණ බුද්ධ කායට පුළුවන්කමක් ඇත. බුදුරජාණන්
වහන්සේගේ නිර්මාණකාය රූපකාය නමින්ද හඳුන්වනු ලැබේ.
ත්‍රිකායට නමස්කාර කිරීම සඳහා රචනා කර ඇති සංස්කෘති පද්‍ය 03 ක්
මිහින්තලයේ ගල්තලාවක ලියා ඇති බව ලක්දිව මහායාන අදහස් ග්‍රන්ථයේ ගරු
මොරටුවේ ශාසනරතන හිමියෝ පවසති.
“සත්වයන්ගේ කුසල විපාක හේතුවෙන් ඇතැම් විට අග්නි ස්වරූපයෝ උද්ජ්ලිත වූ,
ඇතැම් විට සම්‍යක් සම්බෝධියෙහි සහ ධර්මචක්‍ර දේශනයෙහි ආකාරයෙන් ශාන්තව
සිටින්නාවූ නොයෙක් මූර්තීන්ගෙන් යුක්ත වූ විශ්වරූපී උපායයන්ගෙන්
ලෝකත්‍රයෙහි භය දුරු කරන දස දිසාවන්හි ව්‍යාප්ත වූ මහත් අර්ථ ඇති ඒ
ත්‍රිකායයට මම නමස්කාර කරමි...” |