‘යතිවර ප්‍රතිභා’
අධ්‍යාපන අමාත්‍යංශයේ සමාජ ඒකාග්‍රතා හා
සාම අධ්‍යාපන උපදේශක
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි
ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම දර්ශනය බුදුදහමයි. එකී දර්ශනය ලෝක
සත්ත්වයාගේ හිතසුව සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඉසිපතනාරාමයේදී
පස්දෙනෙකු අරභයා ආරම්භ කළ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදය හැට දෙනෙකුගේ
කණ්ඩායමකින් ව්‍යාප්ත විය. කිසියම් රටකට ජන කොටසකට කණ්ඩායමකට සීමා නොවූ
එම දහම දෙවි මිනිසුන් ප්‍රධාන සියලු සත්ත්වයන්ගේ අධ්‍යාත්මික හා භෞතික
දියුණුව උදෙසාම වූහ.
භාරතයෙන් ආරම්භ වූ මේ දර්ශනය තෙවැනි ධර්ම සංගායනාවෙන් ලෝකය පුරා
ව්‍යාප්ත විය. එහි විශිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් මිහිඳු මහ රහතන්
වහන්සේගේ ආගමනයෙන් ලක්වැසි අපටද දායාද විය. එදා මහා විහාරිය කාල පාසාද
දීඝසන්ධ සේනාපති, ආදි පිරිවෙන් අප රට පන්සල කේන්ද්‍රගතව ආරම්භ වූ මේ
අධ්‍යාපනය වර්තමානයේ නූතන අධ්‍යාපනය ඉක්මවාගිය විශිෂ්ට තත්ත්වයකට පත්ව
ඇත.
එදා තිබුණු අධ්‍යාපන තත්ත්වය පිළිබඳ පාහියන් භික්ෂූන් වහන්සේගේ දේශාටන
වාර්තාවේ සඳහන් වන්නේ චේතියගිරියේ භික්ෂූන් වහන්සේ 2000ක් සහ තවත් ආයතන
තුළ දහස් ගණන් බෞද්ධ අධ්‍යාපනය හදාළ බවයි.
ලාංකිය අධ්‍යාපනය කිසිසේත් සාම්ප්‍රදායික තත්ත්වයක නොතිබුණි. එයට හේතුව
සිංහල, පාලි, සංස්කෘත, භාෂා ඤාණ ද ත්‍රිපිටක අධ්‍යාපනය මෙන්ම එදිනෙදා
මිනිසුන්ගේ අවශ්‍යතාවයන් උදෙසා සිංහල වෙදකම, ඡ්‍යොතිෂය හොඳින් දැන ඒ
තුළ ජනතාවට සමීප සේවයක් ලබාදීමයි. එමෙන්ම ගණිතය, තර්ක ශාස්ත්‍රය,
කාව්‍ය ශාස්ත්‍රය, චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ආදී කලා
කටයුතුවල දී ද භික්ෂුන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය තුළ කැපී පෙනෙන සමාජ
සේවාවක් කළ හ.
රාජ්‍ය පාලනය තුළ අතීතයේදී භික්ෂුව සක්‍රීයව ක්‍රියාකළ බව ඉතිහාසය
සාක්ෂි දරයි. විටෙක රජු කවරෙක්ද යන්න තීරණය කළේද භික්ෂුවයි. භික්ෂු
අධ්‍යාපනය කොපමණ දියුණුද යන්න මහාවංශය සාක්ෂි දරයි. මහානාම හිමියන්ගෙන්
ආරම්භ වූ අපේ ලිඛිත ඉතිහාසය අපේ ජාතියේ ප්‍රෞඩත්වය අදීන බව කියන්නට
කදිම නිදසුනකි. පිරිවෙන් අධ්‍යාපනය අනුරපුර, පොළොන්නරු යුගවලදී
විශ්වවිද්‍යාල මට්ටමින් පැවතිණි. එය පුරාවිද්‍යාත්මක සාධකවලින්ද
තහවුරුවී ඇත. දඹදෙණි හා කුරුණෑගල යුගවලදී පිරිවෙන් අධ්‍යාපනය
පරිහාණියක් දක්නට ලැබුණද පතිරාජ පිරිවෙන, මයුරපාද, පැරකුම්බා පිරිවෙන,
ආදි විද්‍යස්ථාන දියුණු තත්ත්වයක පැවතී ඇත. කෝට්ටේ යුගය පිරිවෙන්
අධ්‍යාපනයේ තවත් විශිෂ්ට යුගයක් ලෙස හැඳින්විය හැකියි. තොටගමුවේ
විජයබා, කෑරගල පත්මාවතී, දෙවිනුවර තිලක, පැපිළියානේ සුනේත්‍රාදේවි වැනි
පිරිවෙන් ආයතන බිහිවීමෙන් දෙස් විදෙස් දස දහස් ශිෂ්‍යයන් එම ආයතනවල
අධ්‍යාපනය ලබා ඇත.
ජාතියේ අවාසනාවට 1505 දී අසවේදු ගෙන් ආරම්භ වූ බෞද්ධ සංහාරය සහ
පෘතුගී‍්‍රසි, ලන්දේසි ආදි බටහිර ආක්‍රමණත් සමග මෙරට පැවති සම්භාව්‍ය
අධ්‍යාපනය විනාශ වෙන්නට විය. මිෂනාරිහු ඔවුන්ගේ ආගම් ප්‍රචාරය කිරීම
සඳහා පාසල් ආරම්භ කළහ. ගිහි ජනතාව පන්සල හා තිබූ සබඳතා ව බිඳහෙලන්නට
ඔවුහු දක්ෂ උපක්‍රම පාවිච්චි කළහ. එනිසාම භික්ෂු විනය පිරිහී නැවත
සාසනය අරාජික වූහ.
නැවත වතාවක් සසුන බැබළෙන්නේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ යතිවරයාණන්
වහන්සේගෙනි. උපසම්පදාව ඇතිකොට භාෂා ශාස්ත්‍ර දියුණුකොට උඩුනුවර නියම
කන්දෙන් යළිත් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කරන ලදී. එහෙත් 19 සියවස මුලදී
ඇති වූ ඉංගිී‍්‍රසි කුමන්ත්‍රණ නිසා පිරිවෙන් අධ්‍යාපනය බිඳ වැටෙන්නට
විය.
බයිබලයත් බයිනෙත්තුවත් අතටගත් ඉංගී‍්‍රසිහු අපේ රට, ජාතිය ආගම,
සංස්කෘතිය, භාෂාව විනාශ කළහ. ඉංගිී‍්‍රසින් හමුවේ අභීත සටනට පිවිසි
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් 1873 දී ආරම්භ කළ මාළිගාකන්දේ
විද්‍යෝදය පිරිවෙනත් , 1875 දී රත්මලානේ් ශ්‍රී ධර්මාලෝක නාහිමියන්
ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනත් අපේ පිරිවෙන් ඉතිහාසය
ස්වර්ණමය යුගයකට රැගෙන ගියේය . ඉංගී‍්‍රසින්ට විරුද්ධව අපේ ජාතිය
නිදහස්කර ගැනීමේ ජාතික සටනට විරුවන් බිහිකරන අදීන අභීත පිරිවෙන් දෙකක්
විය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්
සහ අනගාරික ධර්මපාලතුමා වැනි ජාතික විරුවන් තනන්නට මේ පිරිවෙන් ආයතන
සමත් විය.
විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් දෙක කේන්ද්‍රගතව නූතන පිරිවෙන්
ව්‍යාප්තිය ඇතිවිය. මේවන විට පිරිවෙන් 700 ය ඉක්මවා තිබීමත් පිරිවෙන්
ශිෂ්‍යයන් 25000 ක් පමණ හා ගුරුභවතුන් 8000 කට ආසන්න ප්‍රමාණයක්
අධ්‍යාපනයේ නියැලීමත් ජාතියේම වාසනාවකි.
අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූ පිරිවෙන් අධ්‍යාපනය වර්තමානයේ කාගේත්
අවධානයට ලක්වී ඇත. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ
අවධානය පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි යොමුකොට පිරිවෙන් ආධාර දීමනා වැඩි
කොට තිබේ. බෞද්ධ අධ්‍යාපනය කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය වෙන කවරදාටත්
වඩා යොමුවීම අප කාගේත් සතුටට කරුණකි. ඒ අතර ‘යතිවර ප්‍රතිභා’ නමින්
පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් උදානය මේ යුගයේ පිරිවෙන්
අධ්‍යාපනයේ තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමට ගන්නා උත්සාහයක් ලෙස
ප්‍රසංශනීයව සිහිපත් කළ යුතුය. කුඩා සාමණේර හිමිවරුන්ගේ දක්ෂතා සමාජයේ
කළඑළි බසින්නට ක්‍රමවේදයක් නොතිබූ යුගයක මෙවැනි අධ්‍යාපනික හා
සංස්කෘතික ප්‍රදර්ශනයක් පැවැත්වීම අනාගතයට සුබ නිමිති පහල කිරීමේ
ඓතිහාසික කාර්යයක් බව සිහිපත් කළ යුතුය. මේ තුළින් රටපුරා බෞද්ධ
ප්‍රබෝධයක් ඇතිවේවායි පතමි.
‘යතිවර ප්‍රතිභා’ අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය ඉකුත් 11, 12, 13
යන දිනයන්හි හෝමාගම විද්‍යාවර්ධන පිරිවනේදී පැවැත්විණි. මෙම ලිපිය කොළඹ
දිස්ත්‍රික් පිරිවෙන් උදානය නිමිත්තෙනි. |