දුසිරිතෙන් දුකම ය
සුසිරිතෙන් සැපතම ය
කඩුගන්නාව කඳන්ගම
ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති
හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් කෘත්‍යාධිකාරී
මල්වතු මහාවිහාර පාර්ශ්වයේ
යටිනුවර ප්‍රධාන සංඝනායක, කර්මාචාය¸,
ආරණ්යවංශික ශ්‍රී සීලානන්ද
කහගල ශ්‍රී ධම්මරක්ඛිත නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යොපාන මතිපාතෙති
මුසාවාදංච භාසති
ලොකෙ අදින්නං ආදියති
පරදාරංච ගච්ඡති
සුරාමෙරය පානංච
යො නරො අනුයුංජති
ඉධෙව මෙසො ලොකස්මිං
මූලං ඛණති අත්තනො’
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි
පන්සියයක් පමණ උපාසක පිරිස අරබයා ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක.
සැවැත්නුවර ජේතවනාරාමය නන්දෙසින් පැමිණෙන ජනී ජනයාගෙන් පිරී පවත්නා ජන
හදවත් තුළ ශ්‍රද්ධාදී කුසල චේතනාවන් ජනිත කරවන එකම පින් කෙතක් විය.
ඇතැම් අය පුද පූජා පවත්වති. තව කෙනෙක් දහම් අසති. සුදෝසුදුවතින් සැරසී
තවත් බොහෝ දෙනා පෙහෙවස් සමාදන් වෙති. බොහෝ ජනයා පෙරවරු පැමිණ බුදු
රදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පුද පූජා පවත්වමින් පින් රැස් කර
ගනිති. සන්ධ්‍යා භාගයේ තෙල්මල් සුවඳ ගිලන් පස ආදී පූජා පවත්වා ධර්ම
දේශනා ශ්‍රවණය කරති. රාත්‍රි භාගයේ දෙවි දේවතාවෝ පැමිණ බුදු රදුන් වැඳ
ධර්ම සාකච්ඡා කරති. මෙසේ දෙවියන් මිනිසුන් ගැවසෙන මහා සංඝරත්නය වැඩ
සිටින ජේතවනාරාමය සැදැහැ සිත් ප්‍රබෝධයට පත් කරවන්නේය.
පින්වත්නි, දිනක් පන්සීයක් පමණ පිරිසක් අතරින් විවාදයක් පැන නැංගේය.
ඇතැම් අයෙක් ප්‍රාණ ඝාතයෙන් වැළකී ‘අප කරන හැටි’ යහපතැයි කීය. ඇතැම් අය
‘අදින්නාදානයෙන්’ වෙන්ව ‘අපගේ කුසලය හොඳයැයි’ද තවත් අය ‘
කාමමිථ්‍යාචාරයෙන්’ වැළකී ‘අප කළදෑ යහපතැයි’ ද කීය. මෙසේ තම තමන්ගේ
කැමැත්තෙන් දැනීමෙන් කළ කී, දෑ පිළිබඳ වාද විවාද කරමින් එහිදී විශාල
ඝෝෂාවක් එම විවාදය නිසා හටගත්තේය. බොහෝ වේලාවක් වාද විවාද කළ එම පිරිස
ඊට විසඳුමක් පතා බුදුරදුන් වෙත ගියහ. බුදුරජාණන් වහන්සේ එම පිරිසේ
නොසන්සුන්තාවය සංසිඳුවා එම පංච පාපයෙන්ම වැළකී, පන්සිල් ආරක්‍ෂා කිරීමේ
ආනිශංස දක්වා අවස්ථානුරූපව ධර්මය දේශනා කළ සේක.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි “ පින්වත්නි” ප්‍රාණඝාතය
අයහපතකි. ඉන් වැළකීම යහපතකි. අකුසල චේතනා නිසා ප්‍රාණඝාත අකුසල් කරන
පුද්ගලයා සමාජයෙන් දුරස්ථ වන්නේය. එක් භවයකදී උදර පෝෂණය සඳහා ප්‍රාණඝාත
අකුසලය කොට සසරදී අප්‍රමාණ ආත්මභාවයන් හිදී සතර අපායේ ඉපිද මහත් දුක්
වේදනා විඳින්නේමය. අදත්තාදානයේ දුර්විපාක වශයෙන් මෙලොවදීම විවිධ
දඬුවම්වලට භාජනය වේ. එමෙන්ම මරණින් මතු නරක තිරිසන් ප්‍රේත අසුර යන සතර
අපායේ ඉපිද දුක්වේදනා විඳ යළි මිනිස් බවක් ලදුයේද, භවභෝග සම්පත්
හීනදීනව දුගී දුප්පත් ජීවිත ගත කරමින් යාචක තත්ත්වයට පත්වන්නේය. සොරකම්
කළවුන්ගේ සියලු සම්පත් කුමන ක්‍රම විධියකින් හෝ විනාශ වන්නේය. භෞතික
සම්පත් රැස්කර ගත යුතු වන්නේ දැහැමෙන් සෙමෙන් උපයා සපයා ගැනීමෙනි.
බොරුව, වංචාව, සොරකම, අධාර්මික ජීවනෝපාය ආදියෙන් ධනය තමන් සතුකර
ගැනීමෙන් තමන් පමණක් නොව ආශ්‍රිත ජනතාවද මහත් ව්‍යසනයන්ගෙන් අවිනිශ්චිත
ජීවන ගමනේ පරිහානියටම පියවර තබන්නේමය. පින්වත්නි, පරදාර සේවනය කළාහු මේ
ජන්මයේම විවිධ ලෙඩරෝග වේදනා සන්තාප ආදියෙන් තැවි තැවී මරණින් මතු
නරකයෙහි ඉපිද අපමණ දුක් විඳිමින් ඉඳ ඉන් මිදී මිනිස් ලොව උපන්නේ නම්
එහිදී ද දුක් විඳී. ‘මුසාවාද’ පාපකර්මයෙන් පුද්ගලයන් මෙන්ම ලොවක්
මුලාකරන්නට විනාශ කරන්නට ඉඩ කඩ ඇත. නෛතික වශයෙන් මෙන්ම ආගමික සාමාජික
වශයෙන්ද ‘මුසාවාදය’ මහා අකුසලයක් වන අතර එවැනි වංචනික අදහස් ඇති අයට කළ
නොහැකි පාපයක් ද නැති බව පෙනේ. දිය බඳුන මුනින් අතට හරවා ජලය වත් කළත්,
දිය බිඳුවක්වත් නොරදන්නාසේ මුසාවාදයෙන් චිත්ත සන්තානයේ සියලු කුසල්
අහෝසි වන්නේය. එවිට එම හිස් සන්තානයට ඇතුළු වන්නේ ‘තණ්හාදී’ අකුසල්
සිතිවිලි ය.
සන්තානය කුසල් පක්‍ෂයෙන් හිස් වන විට එම රික්තයට අකුසල චේතනා ඇතුළුවීම
චිත්ත නියාමයයි. ඉඳුරන් අරමුණු සමඟ ගැටීමෙන් රැස්වන සිතුම් පැතුම්වල
හොඳ නරක විශ්ලේෂණය වන්නේ ප්‍රතිවිපාක දෙන විටය. එබැවින් චිත්ත සන්තානය
තුළ බුද්ධාදී තෙරුවන් අරමුණු කරගත් විට එම ආරම්මන චිත්ත වීථි මගින්
හදවත පිරී ඉතිරීයන්නේ කුසල් සිතුවිලිය. සිත නිදහස් වන්නේ කුසලා කුසල
සියලු අපේක්‍ෂා සම්පූර්ණයෙන් සමුච්ඡේද කළ විටය. මෙලොවදීම සමාජයෙන්
අප්‍රසාදයට පත්වන, පරලොව දුගති සංඛ්‍යාත සතර අපායේ ඉපදී දුක්වේදනා
විඳින්නට වන මිනිසත් බව ලද විටද අප්‍රසන්න බස් වහරින් අසන්නාගේ මනස
සංකීර්ණ කරවන ‘මුසාවාදය’ දුරින් දුරුකොට ‘සත්‍යවාදීව‘ ජීවන ගමන යන්නේ
නම් කවදා හෝ බෝධිසත්වයන් වහන්සේ සත්‍යපාරමිතා පුරා චතුරාය¸ සත්‍යය
අවබෝධ කළාසේ, නිවන් පසක් කරගැනීමේ අවස්ථාව ලැබෙන්නේය. ‘සුරා පානය’
හලාහල විෂක් වැන්න සුරාපානය කළෝද මරණින් මතු නරකයෙහි ඉපිද සසර පුරා
දුක් විඳිති. එයින් මිදී මිනිසත් බව ලදින් උම්මත්තකවේ. ලජ්ජා බිය
දුරුවේ. බුද්ධ දේශනාව අනුව ‘සුරාපානය’ කරන්නාගේ ක්‍රියාකාරිත්වය
විවිධාකාර පාප ධර්මයන් කරා ව්‍යාප්තවීමයි. ප්‍රකෘති ලෝකයෙන් මිදී
විකෘති ලෝකයන් මවාගෙන එහි වැජඹීමට උත්සාහ කරති. ජනසම්මතයෙන් සකස් වීමට
නොහැකි මිනිසා නීතියෙන් හෝ දුසිරිතේ යෙදීමෙන් වලක්වා ලීමට කටයුතු
කැරේ. සදාචාර සම්පන්න සමාජ සිද්ධාන්ත වශයෙන් සිතාමතා ස්වයං තීරණයෙන්ම
‘සුරාපානය’ බැහැර කොට ප්‍රකෘති සිහියෙන් යථාර්ථ ලෝකයෙහි දුක සැප
බෙදාගෙන ජීවත්වන්නා පුද්ගලික වශයෙන් තමාටත් සමාජයටත් විශාල සේවාවක්
සිදුකළ හැකි වේ. සුරාපානයෙන් සමස්ත ලෝක සදාචාරයට මෙන්ම මානව සම්පත්වලට
වන හානිය අපමණය. මිනිසාගෙන් මිනිසාට සැකයෙන් ජීවත්වන්නාට සිදුවන්නේද?
මානව කුසලතා මගින් අනර්ඝ නිර්මාණ අහිමිවන්නේද,යාන්ත්‍රික ලෝකයේ අති
භයානක අතුරු අන්තරා වැඩිවන්නේද, ගෙදරක කුඩා පවුලේ සිට සමස්ත මානව
සමාජයද මෙතරම් ධන සම්පතක් ශ්‍රමයක්, කාලයක් අපතේ යවන්නේද මත්පැන් පානය
නමැති අශෝභන ක්‍රියාවට යොමුවීම නිසාමය. සුරාපානයෙන් බැහැර විය යුතු
වන්නේය. එය මානව සමාජයට කරන යහපතකි.
දුසිරිත් දුරින් දුරුකොට පන්සිල් ආරක්‍ෂා කරන්නේ නම් එම සීලමය ගුණයෙන්
ලබන යහපත අපමණ වන්නේය.
පස්පවින් වලකින්නේ නම් මරණාසන්න යේදී චිත්ත ප්‍රසාදයෙන් නිදා
පිබිදියාක් මෙන් සුගතියෙහි උපදින්නේ ය. සසර කෙළවර නිවනින් සැනසීමට
මහෝපකාරී වන්නේය.
ඔබ සැමට තෙරුවන් සරණයි.
|