සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
පහත සඳහන් නාමයන්ගෙන් හැඳින්වෙන පුද්ගලයන් බුදු සිරිතට බෙහෙවින් සමීපතම
පුද්ගලයෝ වූහ. පැහැදිලි කරන්න. සහම්පති, ආළාරකාළාම, උද්දකරාමපුත්ත
පිළිතුර
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරු ව ලෝකයාට දහම් දෙසීමෙන්
තමන්වහන්සේට වන වෙහෙසක් විනා යහපතක් නොවන බවට උකටලී වු, බව දැනගත්
‘සහම්පති’ බ්‍රහ්මයා දහම් නොදෙසීමෙන් ලෝකයට අයහපතක් වන බව සිතා
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඇඳිලි බැඳ වැඳ දහම් දෙසීමට ආරාධනා කෙළේ ය.
ආළාර කාලාම තවුසාබ්‍රහ්මාරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ කාහට දහම් දෙසම්දැයි සිතූහ.
එවිට උන්වහන්සේට ප්‍රථමයෙන් ම උපකරී වූ කෙළෙස් රජසින් හීන වූ ආළාරකාළාම
තවුසාට දහම් දෙසීමට සිත් විය. එවිට ඔහු දෙවතාවක් උන්වහන්සේ ඉදිරියෙහි
පෙනී සිට සත් දිනකට පෙර ඒ තවුසා මියගිය බව දැන්වූහ.
උද්දකාරාම පුත්‍ර
බුදුරජාණන් වහන්සේට දෙවනිව මහෝපකාරී වූ කෙළෙස් රජසින් හීන වූ
උද්දකරාමපුත්ට දහම් දෙසීමට සිත් විය. එවිට ඔහුද පෙර දින රෑ මළ බව
උන්වහන්සේගේ ඤාණයට හෙළි විය.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේට ඝෝෂිතාරාමය කුක්කුට්ටාරාමය, පාවාරිකාරාමය යන ආරාම
තුන කරවා පූජා කළ දායකවරුන් කවුද?
පිළිතුර
ඝෝසිත සිටුතුමා, කුක්කුට සිටුතුමා පාවාරික සිටුතුමා.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ දසවැනි වස්කාලය ගත කළේ කොහිදී ද? එහිදී සිදු වූ
වැදගත් සිදුවීම කුමක්ද?
පිළිතුර
පාරිලෙය්‍ය වනයේ වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේට ඇතෙකු ගේ උපස්ථානය
ලැබිණි.
ප්‍රශ්නය
පුරාණ මණ්ඩලගිරි විහාරය නමින් හැඳින්වෙන තමන්කඩුව දිස්ත්‍රික්කයේ
පිහිටා ඇති මෙම බෞද්ධ ආගමික ගොඩනැඟිල්ල කුමක්ද?
පිළිතුර
මැදිරිගිරිය වටදාගෙය.
ප්‍රශ්නය
අනුරාධපුර මහාථූපය වශයෙන් සැලකෙන ස්වර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේටත්
වඩා විශාල වූ මෙම ස්ථූපයේ නම කුමක්ද? එය කරවූ තැනැත්තා කවුද?
පිළිතුර
අනුරාධපුර අභයගිරි ස්ථූපය, වළගම්බා රජතුමා විසින් කරවන ලදී.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ එකොළොස් වන වස්කාලය ඒකනාලා නම් බමුණුගම වස් විසූ
අවදියෙහි දී එක්තරා විශේෂිත බමුණෙක් බුදුරජාණන් වහන්සේ වෙතින් තෙරුවන්
නැමද උපාසකයෙක් විය. මේ තැනැත්තා කවුද?
පිළිතුර
කසීභාරද්වාජ බමුණා ය.
ප්‍රශ්නය
එක්තරා සිටුවරයෙක් තම ලේලිය මවු තනතුරෙහි තබා සැලකීය. මැය මිගාරමාතා
නමින් පසුකළ ප්‍රසිද්ධ විය. මේ තැනැත්තිය කවුද?
පිළිතුර
විශාඛා මහා දේවිය.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන්කොට ශ්‍රී ලංකාවේ ඉදිකළ
ස්ථූපය කුමක්ද? එය ඉදි කළ තැනැත්තා කවු ද?
පිළිතුර
අනුරාධපුර ථූපාරාම ස්ථූපය වේ. දේවානම් පියතිස්ස මහරජතුමා විසින් එය
ඉදිකරවන ලදී.
ප්‍රශ්නය
ඉපැරණි ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍ය උරුමයේ සංකේතය වශයෙන් සැලකුණේ
කුමක්ද?
පිළිතුර
ශ්‍රී දළදා වහන්සේ
ප්‍රශ්නය
ගසක වැඩීමට හා නොසැලී පැවැත්මට මුල් උපකාරී වන්නාසේ කුසලා කුසල
ක්‍රියාවන්ට මූලිකවන චෛතසික කුසල මූල හා අකුසල මූල වශයෙන් ධර්මයෙහි
සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර
කුසල මූල, අලෝහ, අදෝස, අමෝහ
අකුසල මූල - ලෝභ, දෝස, මෝහ
ප්‍රශ්නය
කර්මය විපාක දෙන අවස්ථාවෙහි දී සම්පත්ති වශයෙන් හා විපත්ති වශයෙන්
බලපාන සාධක මොනවාද?
පිළිතුර
කර්මය ක්‍රියාත්මක වන විට ඊට අනුබල දෙන හා ඊට බාධා පමුණුවන තවත් බලවේග
වශයෙන් මේ කරුණු
04 ධර්මයෙහි සඳහන් වේ.
ගති - උපත
කාල – කාල
උපධි - පෞරුෂ හෝ කායික පෙනුම
පයෝග - උත්සාහය
මේවා - සම්පත්ති 04 කි.
විපත්ති 04 කි.
ප්‍රශ්නය
පුනර්භවය පිළිබඳ ව අපේ උසස් ම අධිකාරිය භාග්‍යවතුන් වහන්සේ ය.
බුද්ධත්වය සාක්‍ෂාත් කරගත් රාත්‍රියෙහි ප්‍රථම යාමෙහි දී උන්වහන්සේ සිය
පූර්ව ජන්මයන් දැක ගැනීමේ ඤාණය ලබාගත්හ. මෙම ඤාණයෙහි නම කුමක්ද?
පිළිතුර
පුබ්බේ නිවානුස්සති ඤාණය
ප්‍රශ්නය
නිර්වාණය වෙදයිත සුවයක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ නම්
‘නිබ්බාණං පරමං සුඛං’ යන වැකියට අනුව නිවන පරම සැපයෙකැයි කියන්නේ
කෙසේද? පැහැදිලි කරන්න.
පිළිතුර
පරම සුවයක් වන්නේ දුකින් මිදීම පිළිබඳ සැපයක් වූ නිසයි. එය කිසිම
ආකාරයකින් සුවදායක අරමුණක් වින්දනය කිරීම නිසා ඇතිවන ‘වේදයිත’ සුවයක්
නොවන්නේම ය.
ප්‍රශ්නය
අප්පමඤ්ඤ සතරෙකි. ධර්මානුකූල හැඳින්වීමක් කරන්න.
පිළිතුර
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර ය. මේවාට බ්‍රහ්ම විහාර යනුවෙන්
ද සඳහන්ව ඇත. අප්‍රමාණ වූ ලෝක සත්වයා විෂයෙහි පැතිර විය යුතු බැවින් ඊට
අප්පමඤ්ඤ යන නම යෙදී ඇත.
ප්‍රශ්නය
මේ පද්‍ය ලෝකෝපකාරය නම් ග්‍රන්ථයෙනි. අදහස පැහැදිලි කරන්න. නිදුකින්
සව් ඉසුරු, මදව ලබෙතත් නුවණ ඇත්තෝ අනුන් නසා ලබන ඉසුරු සලකත් වසුරු
මෙන්.
පිළිතුර
දැහැමින් නිදුකින් ලබන සැපත අඩුවූවත් අදහමින් අනුන් නසා ලබන යස ඉසුරු
සම්පත් නුවණැති සත්පුරුෂයෝ ‘අසුචි’ මෙන් පිළිකුල් කරති.
ප්‍රශ්නය
කාමාවචර කුසල ක්‍රියා මොනවාද?
පිළිතුර
දානය, සීලය, භාවනා, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, පින් දීම, පින්
අනුමෝදන් වීම, බණ ඇසීම, බණ දෙසීම, දෘෂ්ඨිය සෘජු කිරීම ය.
ප්‍රශ්නය
බුද්ධ ධර්මයට අනුව ලොව ඇති සියල්ල අවිඤ්ඤණක හා සවිඤ්ඤණක වශයෙන් කොටස්
දෙකකට බෙදිය හැකි ය. මේ බෙදීම පැහැදිලි කරන්න.
පිළිතුර
අවිඤ්ඤණක සිත් නැති, අචේතනික, ගස් ගල් ආදිය වේ.
සවිඤ්ඤණක - සිත් ඇති, මිනිස් තිරිසන් ආදී සත්ව ලෝකය වේ.
ප්‍රශ්නය
බුද්ධ ශාසනය තෙවදෑරුම් බෙදීමකට මුල් යුගයේ දීම පැවතිණි. පැහැදිලි
කරන්න.
පිළිතුර
පර්යාප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේධය වශයෙනි.
|