ලුම්බිණියේ ‘ ශ්‍රී ලංකා මහා විහාරය ‘
ජනපති සඟ සතු කර පූජා කරයි
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ නේපාලයේ ලුම්බිණි නුවර පින්බිමේ
ශ්‍රී ලංකා රජය ඉදිකළ ශ්‍රී ලංකා මහා විහාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා විසින් 30 වන දා පෙරවරුවේ මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී.
ඉතිරිය»
බුද්ධ කාලයේ ෂට් ශාස්තෘවරු
සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයේ නොයෙක් මතවාද ආගම්
දර්ශනයන්ගෙන් පිරී පැවතුනේය. එහෙයින්, දඹදිව දෘෂ්ටි කෞතුකාගාරයක් බඳු
විය. එකල දෙසැටක් මිත්‍යාදෘෂ්ටි තිබුණ බව ප්‍රකට කරුණකි. බුද්ධ කාලීන
භාරත සමාජයේ ආගමික නායකයන් ලෙස මහත් හරසර ලබමින් විවිධ දෘෂ්ටිවාද
ප්‍රකාශ කළ තමන් බුදුවරුන් යැයි කියා ගත් ශාස්තෘවරු සය දෙනෙක් සිටියහ.
මොහුනට දහස් ගණන් අනුගාමිකයන් සිය ගණන් ශ්‍රාවකයන් සිටිය බැව් බෞද්ධ හා
ජෛන පොත්වල සඳහන් වේ. මේ හැර නාම ගෝත්‍ර අප්‍රකට බොහෝ දෘෂ්ටිවාදීහු
සිටියහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දුසිරිතෙන් දුකම ය
සුසිරිතෙන් සැපතම ය
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි
පන්සියයක් පමණ උපාසක පිරිස අරබයා ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක.
සැවැත්නුවර ජේතවනාරාමය නන්දෙසින් පැමිණෙන ජනී ජනයාගෙන් පිරී පවත්නා ජන
හදවත් තුළ ශ්‍රද්ධාදී කුසල චේතනාවන් ජනිත කරවන එකම පින් කෙතක් විය.
ඇතැම් අය පුද පූජා පවත්වති. තව කෙනෙක් දහම් අසති. සුදෝසුදුවතින් සැරසී
තවත් බොහෝ දෙනා පෙහෙවස් සමාදන් වෙති. බොහෝ ජනයා පෙරවරු පැමිණ බුදු
රදුන් ප්රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පුද පූජා පවත්වමින් පින් රැස් කර
ගනිති. සන්ධ්‍යා භාගයේ තෙල්මල් සුවඳ ගිලන් පස ආදී පූජා පවත්වා ධර්ම
දේශනා ශ්‍රවණය කරති. රාත්‍රි භාගයේ දෙවි දේවතාවෝ පැමිණ බුදු රදුන් වැඳ
ධර්ම සාකච්ඡා කරති. මෙසේ දෙවියන් මිනිසුන් ගැවසෙන මහා සංඝරත්නය වැඩ
සිටින ජේතවනාරාමය සැදැහැ සිත් ප්රබෝධයට පත් කරවන්නේය.
ඉතිරිය»
|