නව අරහාදී
බුදු ගුණ වන්දනාව
ශාස්ත්‍රවේදී
අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න
අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගුණ නුවණ සපුරා සම්මා
සම්බුද්ධත්වයට පත්වූ සේක. උන් වහන්සේ ගේ අසීමිත ගුණ සමුදාය වැනුමට
පොහොසත් වූ කෙනෙක් තුන් ලොවම නැත.
බුද්ධො පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පං පි චෙ අඤ්ඤ මහා ස මානො
ඛියෙථ කපෙපා චිර දිසි මන්තරේ
වණෙනා න ඛීයෙථ තථාගතස්ස
යනුවෙන් සඳහන් කළ ආකාරයට බුදු කෙනෙකුන් වුව ද කල්පයක් තිස්සේ බුදුගුණ
වැණුවත් කල්පය ගෙවී යනු මිස බුදුගුණ අවසන් නොවේ.
මෙම අනන්ත වූ බුදුගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා එය ගුණ නවයක් වශයෙන්
කෙටි කර දක්වා ඇත. මෙය අරහං ගුණයෙන් ආරම්භ වන බැවින් නව අරහාදී බුදුගුණ
නම් වෙයි.
එය මෙසේ දැක්වෙයි.
ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක
විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති
යනුවෙනි.
මෙය නව අරහාදී බුදුගුණ වශයෙන් හඳුන්වා ඇත්තේ අරහං ආදී වශයෙන් බුදුගුණ
නවය දක්වන හෙයින් ය.
අරහං
මෙහි පළමුව සඳහන් වන්නේ අරහං ගුණය යි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය
සත්‍ය අවබෝධයෙන් වාසනාවත් වූ සේක. සියලු කෙළෙසුන් නැසූ සේක. සසර බැමි
බිඳලූ සේක. රහසින්වත් පවු නොකළ සේක. සියලු පූජාවන්ට සුදුසු වූ සේක.
සම්‍යක් ප්‍රතිපත්තිවලින් පිරිපුන් වූ සේක. එසේම මිථ්‍යා
ප්‍රතිපත්තින්ගෙන් දුරු වූ සේක. එමනිසා බුදු රජාණන් වහන්සේ අරහං නම් වන
සේක.
මෙම අරහං ගුණය පමණක් වුවද විශේෂයෙන් දැක්වීම එතරම් පහසු නැත. මයුරපාද
ස්වාමීන් වහන්සේ අරහං ගුණය පමණක් ගෙන පූජාවලිය නම් ධර්ම ග්‍රන්ථය රචනා
කළහ.
ඒ බව උන්වහන්සේ, ‘නව අරහාදී බුදු ගුණයෙහි පළමු වන අරහං යන අකුරු තුනෙන්
කීවා අරහත් ගුණය ගෙන පූජාවලී නම් ධර්ම කථාවකින් අප මහා ගෞතම බුදුන්ගේ
ගුණෙක දේශයක් වර්ණනා කරමි.’ යනුවෙන් සඳහන් කළහ.
මයුරපාද හිමියෝ පූජාවලිය ප්‍රථම පරිච්ඡේදයේදී නවගුණ ගැන මෙසේ සඳහන්
කරති.
නව අරහාදී බුදුගුණ වෙන වෙනම වනා නිමවන්නට මා සේ වූ එක නුවණෙකින් යෙදුණා
වූ සත්ත්වයෙකුට බැරිම ය.
මෙම අරහං ගුණය සීල, සමාධි, පඤ්ඤා, විමුක්ති, විමුක්ති ඥාන දස්සන යන අංග
පසකින් යුක්ත ය.
පූජාවලියෙහි සෑම පරිච්ඡේදයක් අවසානයේදී අරහං යන්න මෙම ගාථාවෙන් දක්වා
ඇත.
පූජා විසෙසං සහපච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො
අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං
මේ නිසා පූජාවලිය අර්හත් යන නාමයෙන් ද හැඳින්වෙයි.
සම්මා සම්බුද්ධ
බුද්ධ යනු අවබෝධය යි. විශේෂයෙන් චතුසත්‍ය අවබෝධය බුද්ධ යනුවෙන් අදහස්
කෙරේ. බුදුරජාණන් වහන්සේ එම චතුරාර්ය සත්‍ය සිය නුවණින් තනිව අවබෝධ
කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය බෞද්ධ සාහිත්‍යයේ නොයෙක්
ග්‍රන්ථවල සඳහන්ව ඇත. බුදුගුණාලංකාරය රචනා කළ වීදාගම හිමියෝ සම්මා
සම්බුද්ධ ගුණය මෙසේ දැක්වූහ.
තුන් කල්හි ම පැවති
පදරුත් සියල් ලොව ඇති
අතැඹුල සෙ දැනගති
එයින් සම්මා සම්බුදුන යෙති
විජ්ඡා චරණ
මෙහි විජ්ජා යන්නෙන් නිර්වාණ රසය නිසි ලෙස විඳ ගන්නේ ය. යන විඳ ගැනීමේ
අර්ථයත්, අවිද්‍යා නමැති ගණ අඳුර දුරු කරන ඤාණා ලෝකය වන හෙයින්
ඤාණාර්ථයත් ගම්‍ය වෙයි.
බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන්
යුක්ත වන හෙයින් විජ්ජාචරණ නම් වන සේක.
අෂ්ට විද්‍යා නම්
1. විදර්ශනා ඤාණය
2. මනෝමය සෘද්ධි ඤාණය
3. මනෝමය සෘද්ධි විධ ඤාණය
4. දිව්‍ය ශ්‍රෝත ඤාණය
5. පර චිත්ත විජානන ඤාණය
6. පුර්වෙනිවාසානුස්මෘති ඤාණය
7. දිව්‍ය චක්ෂුරාභි ඤාණය
8. ආශ්‍රවක්‍ෂයකර ඤාණය යන අටයි.
පසළොස් චරණ ධර්ම නම්
1. සංවර ශීලය
2. ඉන්ද්‍රිය සංවරය
3. ආහාරයෙහි පමණ දැනීම
4. නිදි වැරීම
5. ශ්‍රද්ධාව
6. පවට ලජ්ජාව
14. තෘතිය ධ්‍යානය
7.පවට බිය
8. බහුශ්‍රැත භාවය
9. වීර්යය
10. ස්මෘතිය
11. ප්‍රඥාව
12. ප්‍රථම ධ්‍යානය
13. ද්විතීය ධ්‍යානය
15. චතුර්ථ ධ්‍යානය
යන පසළොසයි.
සීල, සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවෙන් ද දැක්වෙන්නේ මෙම විජ්ජාචරණ
ධර්මයෝ වෙති.
සුගතො
සුගත යන්නෙන් යහපත් ගමන් මාර්ගය දැක්වෙයි. බුදුරජාණන් වහන්සේ මැදි
පිළිවෙත අනුව ගමන් කොට නිවනට පැමිණි සේක. එහෙයින් සුගත නම් වෙයි.
එසේම උන්වහන්සේ ගේ ගමන් විලාශය ද සුගත නම් වෙයි. බුත්සරණ රචනා කළ
විද්‍යා චක්‍රවර්ති පඬිවරයා නාලාගිරි දමනයේදී බුදුන් වහන්සේගේ ගමන්
විලාශය මෙසේ වර්ණනා කර ඇත. ‘මෑත එබූ එබූ පයින් මිහිකත සනස සනසා වඩන
බුදුරජාණෝ ය.
සුගත යන්නෙහි වචනාර්ථය මෙසේ ද දැක්වෙයි.
බුදුරජාණන් වහන්සේ දෙලොවට වැඩ ඇති නිධානයක බඳු (නිධානවතිං) වචන තෙපලන
බැවින්ද, පි‍්‍රයමනාප වචන ඇති බැවින් ද කිසිවෙකුට වෙනස් කළ නොහැකි
බැවින්ද (අප්පතිවත්තියං) යථාවාදී තථාකාරී වන හෙයින් ද සුගත නම් වන සේක.
ලෝකවිදූ
විනාශ වෙයි, පළුදු වෙයි යන අර්ථයෙන් ලෝක නම් වෙයි.
ලෝකය ත්‍රිවිධ ය
1. සත්ව ලෝකය
2. ඕකාස ලෝකය (සතුන්ට පිහිටා සිටීමට ආධාර වන භෞතික ලෝකය )
3. සංඛාර ලෝකය
බුදුරජාණන් වහන්සේ ලෝක පිළිබඳ සියලු දේ හොඳින් අවබෝධ කරන ලද බැවින්
ලෝකවිදු නම් වන සේක.
අනුත්තර පුරිසදම්ම සාරථි
බුදුරජාණන් වහන්සේ තමන්ට වඩා ගුණයෙන් උසස් කිසිවෙක් නැති හෙයිනුත්,
සමාන කෙනකුත් නැති හෙයිනුත්, අනුත්තර නම් වන සේක.
හික්මවිය යුතු පුද්ගලයන් හික්මවන්නෙනුයි පුරිස දම්ම සාරථි නම් වන සේක.
බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිවෙකුට සමාන නොවන ආකාරයෙන් දමනය කළ යුතු
වූවන් දමනය කළ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක.
ගුරුළු ගෝමීන් විසින් අමාවතුර නම් දහම් ග්‍රන්ථය රචනා කර ඇත්තේ
බුදුරජාණන් වහන්සේගේ පුරිස දම්ම සාරථි ගුණය විස්තර කිරීම සඳහාය. ඒ බව
කතුවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.
‘නව ගුණ හැම කියත් නො පිළිවනින් එහි පුරිස දම්ම සාරථි යන පදය ගෙන...
(අමාවතුර -1 පිටුව)
සත්ථා දේව මනුස්සානං
ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලෝ පරලෝ, නිවන් යන ත්‍රිවිධ අර්ථයෙන් දෙවි
මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් සත්ථා දේව මනුස්සා නම් වන සේක.
බුද්ධො
බුද්ධ යන වචනයෙන් අවබෝධ කළ යන්න අදහස් වේ. තවද උන්වහන්සේ අවබෝධ කරගත්
දෙය (ධර්මය) ඒ ආකාරයෙන්ම අන්‍යයන්ට අවබෝධ කරවීමට සමත් වන දේශනා ඤාණය ද
එයින් අදහස් වේ.
සම්මා සම්බුද්ධ යනු තමන් වහන්සේම අවබෝධ කළ ප්‍රතිවේධ ඤාණය යි.
චතුස්සත්‍ය අවබෝධ කරගන්නා බුදුවරු තිදෙනෙක් වෙති. එනම්
1. සම්මා සම්බුද්ධ
තමා විසින් ම සත්‍ය අවබෝධ කරගෙන අන්‍යයන්ට ද අවබෝධ කරවන බුදුරජාණන්
වහන්සේ
2. පච්චෙක බුද්ධ
තමා අවබෝධ කරගත් ධර්මය අන්‍යයන්ට අවබෝධ කරවිය නොහැකි පසේ බුදුවරු
3. චතු සච්ච බුද්ධ
අන්‍ය උපදෙසින් සත්‍ය අවබෝධ කරගත් රහතන් වහන්සේ
භගවා
බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගෙන් යුක්ත ය. කීර්තිමත්ය.
පිරිවර සහිතය. අධිපතිය. පරාර්ථකාමීය. රාගාදි කෙළෙසුන් නැසූහ. භාවනාවෙන්
නිවනට පැමිණිසේක. ෂට් විධ භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත හෙයින් භගවා නම් වන
සේක.
බුදු ගුණ වන්දනාව
නව අරහාදී බුදුගුණ වන්දනාවේදී ඉතිපිසො ගාථාවේ එක් එක් වචනයේ අර්ථ
මෙනෙහි කරගෙන වන්දනා කළ යුතුය. එසේ නො මැතිව ගාථාව කීම පමණක් නියම
බුදුගුණ වන්දනාවක් නොවේ.
ඉතිපිසො ගාථාව එක් අතකින් බුද්ධ මන්තරයකි. තමන්ට ඇති වන භය සහ සියලු
උපද්‍රවලදී සිහි කිරීමෙන් සෙතක් ශාන්තියක් උදාකර ගැනීමට පුළුවන.
එය නවවර, එකසිය අටවර සහ දහස්වර කීමෙන් බොහෝ අය තම අපල උපද්‍රව දුරුකර
ගනිති. දෙලොවට ම වැඩදායක වන මෙම බුදුගුණ වන්දනාවෙන් යහපතක් සිදුකර
ගැනීමට සියල්ලෝ අධිෂ්ඨාන කර ගනිත්වා!
|