ශ්‍රී සුමන අභය දාන පුණෝත්සවය
බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ දී මෙම 05 වනදා
පස්වරු 3.00 ට ශ්‍රී සුමන අභයදාන පුණෝත්සවය පැවැත්වේ.එදින මරණයෙන්
නිදහස් කරන ලද ගවයින් රැගත් රිය පෙරහර ගිරිඋල්ල නගරයෙන් ප.ව.2.00 ට
ආරම්භ වී ප.ව.3.00 පමණ විහාරස්ථානයට ළඟාවීම. පෙරහර පිළිගැනීම ගිරිඋල්ල
මහජන බැංකු ශාඛා කාර්යාලීය නිලධාරි මණ්ඩලය මගිනි.උත්සව සභාව විහාරස්ථ
සභා ශාලාවේදී ප.ව.4.00 ආරම්භ වේ. මූලාසනය විහාරාධිපති කටුගම්පල
හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හුණුවිල ශ්‍රී සුමනරතන නාහිමියන්
විසිනි.
විශේෂ ආරාධිත අමුත්තන් අතර ජනමාධ්‍ය හා තොරතුරු සහ ආයෝජන ප්‍රවර්ධන
අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන
කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා සහ හිටපු ජලකලමණාකරණ අමාත්‍ය
, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සහ රජයේ මැති ඇමතිවරු හා පළාත් සභා
මන්ත්‍රීවරුන් ද වේ. ප්‍රවීණ ගත්කතුවර, ගීත රචක, නීතිඥ ඩබ්.ඒ.අබේසිංහ
මහතා,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත්
අබේසුන්දර මහතා ඇතුළු වියතුන්ගේ දෙසුම්ද අගනුවර තරුණ කවි සමාජයේ සභාපති
ගාල්ලේ බර්ලින් කිවිඳු සහ කිවිපති නන්දා මීගස්තැන්න කිවිඳියගේ විශේෂ
කවි සංවාදයක්ද ගුවන්විදුලි ගායිකා දිමිත්‍රා රත්නායක මහත්මියගේ මියුරු
ගායනාද ඇතුළත් වේ. කෝපි කඩේ රංගන ශිල්පීන්ද සහභාගි වීමට නියමිතව
ඇත.ගිහිපැවිදි වියත් හරබර දේශන වලින් අනතුරුව ඉතා සුවිශේෂ වූ සම්මාන
උපහාර පිරිනැමීමේ අවස්ථාවක්ද සිදුවේ. විශිෂ්ට ගීතය සඳහා ‘දේශශක්ති’
සම්මානය එම ගීතය රචනා කළ මීගහවෙල සුමනශාන්ත හිමියන්ටද එම ගීතය සංගීතය
නිර්මාණය කොට ගායනා කළ සුප්‍රකට ගායක නිහාල් නෙල්සන් මහතාට ද මෙදින මෙම
විශේෂ සම්මාන පිරිනමනු ලැබේ. |