බටුගොඩ උතුර ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති, ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි
සුභද්‍රාවන් මතු මහල් තලයේ
තම කාමරයෙහි තිබූ මල් මිටි
අටක් ගෙන ‘මාගේ ආරාධනාව
බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා’යි ප්‍රාර්ථනා කරමින්
එම මල් මිටි අහසට දැමුවා ය. ඇයගේ ශ්‍රද්ධාවේ බලයෙන් අහසින් ගිය එම මල්
බුදුරදුන් දම් දෙසන තැන වියනක් මෙන් පිහිටියේ ය. මෙයින් චූල
සුභද්‍රාවන්ගේ ඇරයුම වටහා ගත් බුදු හිමියෝ
පන්සියයක් රහතන් වහන්සේ සමග පසු දිනම සාකේත නුවරට
වැඩම කළහ.
උග්‍ර සිටුතුමනි, බොහෝ කලෙකින් මේ පැත්තේ....? කුමක් අරභයාද, වැදගත්
කරුණක් අරභයා පැමිණි සැටියකි. වෙළඳ කටයුත්තක් සම්බන්ධවද....? ‘නැත...
නැත... මා මිතුරු සුදත්තයනි, මම එයට වඩා වැදගත් කාරණයක් අරභයා
තකහණියෙන් පැමිණියෙමි....’ ‘කිමෙක්ද මා මිත්‍ර කාලයනි, නොවලහා කියව.
හැකි දෙයක් නම් නොපමාව ඉටු කරන්නෙමි....’ මිත්‍රය, මා පුතනුවන් විවාහයට
නිසි වයස එළඹ ඇත. තොපගේ දියැණිය වූ ‘චූල සුභද්‍රාව’ ද නිසි වයසෙහි
පසුවන්නීය.
මා පුතනුවන්ට තොප දියැණිය හොඳින් ගැළපෙන බවක් මට සිතෙයි. අප පවුල් දෙක
අතර දිගු කලෙක සිට මිත්‍ර සම්බන්ධතාවය තවදුරටත් තහවුරු වේවි’.
‘සැබෑව කාලයනි, ඔබ කියන කරුණ මම ද පිළි ගනිමි. මගේ අකැමැත්තක් නැත.
එහෙත් මිතුර, මගේ ශාස්තෘ වූ බුදුහිමියන් දෙව්රම වැඩ වෙසෙති. මා මෙතෙක්
කාලයක් මගේ සියලු කටයුතු කරනුයේ උන්වහන්සේගේ අදහස් විමසා බලාමය.
එබැවින් මිතුර, අහිතක් නොසිතනු මැනවි. මම උන්වහන්සේගෙන් මේ පිළිබඳ
කරුණු විමසා බලන්නෙමි. “කමෙක් නැහැ සුදත්ත, එය ඔබගේ කැමැත්ත නම් එසේ
විමසා බැලීමෙහි වරදක් මම නොදනිමි”
පසු දින දෙව්රමට ගිය ‘සුදත්ත’ තෙමේ බුදු හිමියන් වෙත සියලු තතු නොවළහා
සැළ කැර සිටියි. ‘ස්වාමීනී, ‘සාකේත’ නුවර වෙසෙන මා මිත්‍ර ‘කාල’
සිටුතුමා ඔහුගේ පුතුට මාගේ දියැණිය ‘චූල සුභද්‍රාවන්’ ආවාහ කැර දීමට
විමසයි. එනමුත් ස්වාමීනි, ‘කාල’ සිටු පවුල අප පවුලට කොහෙත්මැ ගැළපෙන
බවක් මට නොපෙනෙයි. වත් පොහොසත්කම්, සමාජ තත්ත්වය වැනි කරුණු වලින් අප
පවුල් දෙක අතර සමානකම් පැවතිය ද, ආගමික පැත්ත අනුව බලන විට ඔවුහු
නිරුවතින් සිටින නිවටුන් සරණ ගියෝ වෙති. එබැවින් ස්වාමීනි, මා පි‍්‍රය
දියැණිය ඔවුන්ගේ පවුලට එක් වුවහොත් ඇය නිවටුන් සරණ යන්නියක් බවට පත්
වේදැයි සැකයක් ඇත්තෙමි.’
‘බිය සැක දුරු කැර ගනුව සුදත්තයනි, තොප දියැණිය කාල සිටු පුතුට පාවා
දීමෙහි කිසිදු වරදක් නොමැත්තේ ය. ඇය ඉතා නැණවත් වන්නීය. බුද්ධිමත්
වන්නීය. ඇගේ බුද්ධිමත් බව නිසාමැ කෙදිනකහෝ ඇය කාල සිටු පවුල සමිදුටු
බවට පත් කැර ගන්නීය. නොබෝ දිනකින් චූල සුභද්‍රාවගේත්, කාල සිටුපුතුගේත්
සරණ මංගල්‍යය දෙපසේම නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාදය මැද්දේ උත්සවාකාරයෙන්
සිදුවුණි. ඉන් පසු සුපුරුදු පරිදි දිනපතා කාල සිටු මාලිගයේ නිවටුන්
සඳහා දානය පිරිනැමීම සිදු විය. කාල සිටුවරයා තම ලේලිය වන චූල
සුභද්‍රාවන් ලවා නිවටුන්ට වැන්දවීමට උත්සාහ කළත්, ඔවුනට වැඳීම තබා අසළට
යාමට පවා ඇය ලැජ්ජාශීලී වූවා ය.
තම ලේලිය නිවටුන්ට නොවඳින බව කාල සිටුවරයා ඔහුගේ බිරිඳට ද දැනුම් දුන්
අතර, ඇය ද ලේලිය ලවා නිවටුන් වැන්දවීමට උත්සාහ ගත්තා ය.
‘ඇයි දියැණියනි, නුඹ අපගේ ශ්‍රාවකයන් වහන්සේලා වන නිඝණ්ඨයන් වහන්සේලාට
නොවැඳ සිටීමට කරුණ කිමැ....? උන්වහන්සේලා රහතන් වහන්සේලා වෙති. සියලු
තෘෂ්ණාවන් දුරු කළ, කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් නැති උන්වහන්සේලා අඩු
තරමින් ඇඳුමක් වත් නොඅඳිති’
‘මෑණියනි, ඒ ඔබගේ ශ්‍රාවකයන් වහන්සේලා විය හැකියි. එහෙත් ඔවුන් මගේ
ශ්‍රාවකයන් වහන්සේලා නොවෙති. මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ වෙති.
එබැවින් මෑණියනි, මම වඳින්නේ උන්වහන්සේලාට පමණෙකි.’ ‘දියණියනි, කිමෙක්
ද තොපගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ වෙනස...? පැහැදිලි කරව. ඔවුනුත්
නිඝණ්ඨ ශ්‍රාවකයන් මෙන් වස්ත්‍ර නොඅඳිත් ද....? ඇලීම්, බැඳීම් වලින්
තොර වූවෝ වෙත් ද....? කියන්න දියැණියනි.’
එසේනම් මෑණියනි, කියන්නෙමි... සාවධානවැ අසා සිටිනු මැනවි. මාගේ බුද්ධ
ශ්‍රාවකයන් වහන්සේලා මොනවගේ පිරිසක් ද කියා ඔබලාට අවබෝධ කැර
දෙන්නෙමි..... ඇය මිහිරි සරින් ගයයි.’
‘සන්තින්ද්‍රියා සන්තමානසා සන්ත තේජා ගුණමග්ග සණ්ඨිතා ඔක්ඛිත්ත චක්ඛු
මිතහාණී තාදිසා සමනා මම....’ මාගේ රහතන් වහන්සේලා ශාන්ත වූ
ඉන්ද්‍රියයන් ඇත්තෝ ය. ශාන්ත සිත් සහ ශාන්ත තේජස් ඇත්තෝ ය. බිමට හෙලන
ලද ඇස් ඇත්තෝ ය. පමණ දැනගෙන කථා කරන්නෝ ය.
සියලු බැඳීම් වලින් නිදහස්වැ වෙසෙන්නෝ ය. මගේ බුද්ධ ශ්‍රාවකයන්
වහන්සේලාගේ වාග් කර්මය නොකිලුටු ය. කයින් සිදුවන කටයුතු පිරිසුදු ය.
මනස ඉතාමත් සුවිසුද්ධය. එපමණක් නොවෙයි. උන්වහන්සේලාගේ ඇතුළත, පිටත
පවිත්‍ර වන්නාහු ය. සත් මුතු සේම පවිත්‍රය. ශුද්ධ ගුණ දහමින් පවිත්‍රය.
තවදුරටත් පවසමි.... මාගේ ශ්‍රමණයන් වහන්සේලා අන් බොහෝ දනන්ට වඩා
සුවිශේෂී වෙති. බලනු මැන ලෝකයේ බොහෝ දෙනෙක් ලාභයේ දී උදව් වෙති. අලාභයේ
දී කම්පා වෙති.
එසේ වූවත් මගේ ශ්‍රමණයන් වහන්සේලා ලාභ අලාභ දෙකෙහිමැ වෙනසක් නැතිවැ
අකම්පිතවැ වැඩ වෙසෙති. එපමණක් ද නොවේ මගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා
අයසෙන් මෙන්මැ, යසසෙන් ද, නොවෙනස්වැ වැඩ වෙසෙති. ලෝකයේ බොහෝ දෙනා
ප්‍රසංසාවේ දී සතුටට පත් වෙති. නින්දාවේදී දුකට පත් වෙති. එහෙත් මාගේ
ශ්‍රමණයන් වහන්සේලා, නින්දා, ප්‍රසංසා දෙකෙහිදීමැ නොවෙනස්වැ අකම්පිතවැ
වැඩ වෙසෙති.
‘දියැණියනි, අපට නම් පුදුමයි... ඔබගේ ශ්‍රමණයන් වහන්සේලාගේ ගුණයන්
පිළිබඳ අසන විට ඇත්තටම පුදුමයි... අප මෙතුවක් කලක් මේවා දැන නොසිටීම
ගැන හිතට දුකක් ඇති වෙනවා දියැණියනි... උන්වහන්සේලාගේ ගුණ ගැන අසන විට
අප සිත්වලට ඇති වන්නේ අපමණ සතුටකි.කියනු මැන දියණියනි, තව දුරටත් ඒ
ශ්‍රාවක ගුණයන් අසන්නට අපි කැමැත්තෙමු.....’ එසේය පියාණනි, මෑණියනි,
ලෝකයේ බොහෝ දෙනෙක් සැප ලබන විට අපමණ සතුටට පත් වෙති. දුකක් එළඹුන විට
අපමණ කනස්සල්ලට පත් වෙති. එහෙත් මගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සැප දුක
දෙකෙහිදී මැ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී, අකම්පිතවැ සිටිති. ‘අහෝ
දියැණියනි, අප මෙතුවක් කාලයක් අන්ධකාරයේ සිටියෙම්ද...? අප ගමන් කළේ
කුමන දිසාවකටද...? ඔබ අපට ලේලියක් නොව, මෑණි කෙනෙක් හා සමානයි.
දියැණියනි අපට නුඹගේ ශ්‍රමණයන් වහන්සේලා දැකගන්නට ඇත්නම් අප දෙනෙත් පිං
කළා මෙන් දැනෙයි....’ ‘එසේය මෑණියනි, මම ඔබලාට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ
රත්නය දක්වන්නෙමි. හෙට දින රහතන් වහන්සේලා පන්සිය නමකට දානය පිළියෙළ කළ
මැනව. උන්වහන්සේලා නිවසට වැඩමවා දීමේ වගකීම මම භාර ගන්නෙමි.’
මෙසේ පැවසූ චූල සුභද්‍රාවන් මතු මහල් තලයේ තම කාමරයෙහි තිබූ මල් මිටි
අටක් ගෙන ‘මාගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා’යි
ප්‍රාර්ථනා කරමින් එම මල් මිටි අහසට දැමුවා ය. ඇයගේ ශ්‍රද්ධාවේ බලයෙන්
අහසින් ගිය එම මල් බුදුරදුන් දම් දෙසන තැන වියනක් මෙන් පිහිටියේ ය.
මෙයින් චූල සුභද්‍රාවන්ගේ ඇරයුම වටහා ගත් බුදු හිමියෝ පන්සියයක් රහතන්
වහන්සේ සමග පසු දිනම සාකේත නුවරට වැඩම කළහ. එහිදී බුදු හිමියන් දේශනා
කරන ලද දහම් අසා කාල සිටු පවුල ඇතුළු බොහෝ දෙනෙක් ධර්මාවබෝධය ලැබූහ.
|