‘මිලිදු’ තර්ක බිඳ දැමූ
නාගසේන හිමියන්ගේ විසිතුරු පිළිතුරු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යායනාංශයේ
ආර්.ඩී. ශි්රයානි හේමලතා
මිලින්ද ප්‍රශ්නය -සාහිත්‍ය හා දර්ශන දෘෂ්ටි කොණයෙන් ථෙරවාදී බෞද්ධ
ධර්මයට විශාල ගෞරවයක් ලබා දෙයි. මෙනැන්ඩර්ගේ ප්‍රශ්න නිරාකරණය දැක්වීම,
මේ ග්‍රන්ථයේ මුඛ්‍ය පරමාර්ථය වී තිබේ. මේ නිරාකරණය, නාගසේන හිමියන්
විසින් කරන ලද්දකි. එබැවින් මිලිඳු රජු හා නාගසේන හිමියන් විසින් කරන
ලද සංවාදයක් ලෙස, මේ ග්‍රන්ථය ලියා තිබේ.
මිලින්ද ප්‍රශ්නයේ විෂය වස්තුව නැතහොත් අධ්‍යාය, සතකට (07) බෙදා ඇත.
එනම් බාහිර කථා, ලක්ඛණ ප්‍රශ්න, විමනචෙදක ප්‍රශ්න, මෙණ්ඩක ප්‍රශ්න,
අනුමාන ප්‍රශ්න, ධූතාංග කථා, ඔපම්ම කථා යනුවෙනි.
මිලින්ද ප්‍රශ්නය අධ්‍යයනයේ දී එහි පළමු කොටස ඉතා වැදගත් වෙයි. එහි
අන්තර්ගත කරුණු වල, ප්‍රශ්න හා පිළිතුරු සැපයෙන ආකාරයේ, දාර්ශනිකත්වයක්
සාකච්ඡා ස්වරූපයක් ඇතුළත් වෙයි. හින්දු දාර්ශනිකයන්ගේ පුද්ගලවාදයෙන්
ආරම්භ වූ මෙම සංවාදය, බෞද්ධ දර්ශනයට අනුව විසඳී යන අයුරු පැහැදිලි
වෙයි.
“ස්වාමීනි, ඔබ කිනම් නමකින් හඳුන්වයිද? ඔබගේ නම කුමක් ද?” “මහරජ, මා
නාගසේන නාමයෙන් හඳුන්වනු ලැබේ. සබ්‍රහ්මචාරී භික්‍ෂුහු මා මෙසේ කියා
හඳුන්වති. මවුපියවරු දරුවන්ට මේ ආකාරයෙන් නම් තබති. එනම් නාගසේන,
සූරසේන ආදී වශයෙනි. නමුත් ඒ සියලු නම් හුදෙක් ව්‍යවහාරය සඳහා වෙයි.
තාත්වික දෘෂ්ටියෙන් බැලූ කල ඒ ආකාර වූ පුද්ගලයෙක් නැත.”
යථාර්ථ වශයෙන් පුද්ගලයෙක් නොමැති නම්, කවරෙක් වස්තු උපභෝග කරත් ද?
කවරෙක් පින් කරත් ද? කවරෙකු ධ්‍යානයේ යෙදේද? ආදී වශයෙන් නැවැතත් මිළිඳු
රජු විසින් ප්‍රශ්න කර තිබේ. මෙයට පිළිතුරු දෙන නාගසේන හිමියෝ, මේ දත්,
සම, මස්, ශරීරය නාගසේන නොවන බවත්, පඤ්චස්කන්ධයේ සංයෝගයෙන් එම සඤ්ඤා
නාමය ලැබී ඇති බවත්, දන්වා තිබේ. මෙය තවදුරටත් විස්තර කිරීම සඳහා
රථෝපමාව දක්වා තිබේ.
බුදුදහම සියලු සංස්කාර ධර්ම ම අනාත්ම වශයෙන් දක්වයි. ආත්ම වශයෙන් ගත
හැකි කිසි ධර්මතාවක් විශ්වය තුළ දක්නට නැත. පංචස්කන්ධ විභාගය හා
පටිච්චසමුප්පාද දර්ශනය යන ඉගැන්වීම් දෙකින්ම ආත්මවාදය බැහැර කරයි.
සත්වයා, පුද්ගලයා යනු, ස්කන්ධ ධර්ම පහක එකතුවක්, සමවායයක් යැයි දක්වන
බුද්ධ ධර්මය, ඒ හැම ස්කන්ධ ධර්මයක්ම විශ්ලේෂණය කරමින්, ඒ තුළ වෙනස්
නොවන නිත්‍ය ආත්මයක පැවැත්මක් ෙනාමැති බව පැහැදිලි කරයි.
කායික රූපය අනිත්‍ය බවත්, අනිත්‍ය සියලු දේ දුක් වන බවත්, දුක්වන
සියල්ල අනාත්ම බවත් දක්වා තිබේ. මජ්ඣිම නිකායේ අරහත්ත සූත්‍රය,
චුලසච්චක සූත්‍රය, ජඡක්ත සූත්‍රය, සංයුත්ත නිකායේ අරහත්ත සූත්‍රය,
ආදියෙහි දී, බුදුන් වහන්සේ පංචස්කන්ධ විභාගය ඇසුරෙන් අනාත්ම දර්ශනය
පැහැදිලි කර තිබේ.
ආත්මය පිළිබඳ අසත්‍ය අදහස පහළ වන්නේ, ඒ ඒ දේ කෙරෙහි ස්වාමීත්වය පිළිබඳ
හැඟීමෙන් යැයි දක්වන මුල් බුදු සමය, ඊට පිළිතුරු ද සපයා ඇත. රූප,
වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ විෂයෙහි ස්වාමීත්වයක් අපට
ඇතැයි සිතා සිටින නමුත්, ඒවා අපට වුවමනා ලෙස සැමදා නොපවතියි. චූලසච්චක
සූත්‍රයේ දී විස්තර කරන්නේ යම්කිසි රජ කෙනකුට තමා යටතේ සිටින
පුරවැසියකු වරදකට හසු වූ කල රටින් පිටුවහල් කිරීමට හෝ මරණ දඬුවමට ලක්
කිරීමට හෝ බලය ඇතත්, එවැනි බලයක් තම පංචස්කන්ධ විෂයෙහි ඔහුට නොමැති බව
යි. ආත්මය පිළිබඳ කතා කරන උච්ඡේදවාදය හා ශාස්වතවාදය යන අන්ත දෙකම
බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.
පුනර්ජන්මවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී මිළිඳු රජු නාගසේන හිමියන්ගෙන්
අසනුයේ, කවරෙක් උපදියි ද? උපදින පුද්ගලයා ඔහු ම වේද? වෙනත්
පුද්ගලයකුවේද? යනුවෙනි.
ධර්මයන්ගේ ප්‍රවාහයෙන් එකක් උපදියි. නිරුද්ධ වෙයි. දෙවැන්න හට ගනියි.
එය ද නිරුද්ධ වෙයි. සියල්ල මෙසේ වෙයි. එක් ජීවිතයක අවසන් චේතනා
අවස්ථාවෙහි එය නිරුද්ධ වීමෙන් දෙවැනි ජන්මයක ප්‍රථම චේතනා අවස්ථාවට
එයි. මෙසේ ජන්මය ග්‍රහණය කරනුයේ, නාම රූප දෙක විසිනි.
නැවතත් මිලිඳු රජු විමසනුයේ “ස්වාමීනි, නාගසේන ස්ථවිරයන් වහන්ස, නුඹ
වහන්සේ පැවිදිව කී හවුරුද්දෙක්ද?” යනුවෙනි.
“මහරජ, මම උපසම්පදාවී හත් අවුරුද්දෙකි”
“ස්වාමිනි, නුඹ වහන්සේට කවරක් සතවීද?”
මේ පැනයට පිළිතුරු දෙන නාගසේන හිමියෝ,
“මහරජ, තොපගේ මේ ඡායාව පොළෝ පිටත් පැන් භාජනයෙහිත් පෙනෙන්නේ ය. මහරජ
තෙපි රජද? ඡායාව රජද?”
මේ ගැටලුව නිරාකරණයෙහිලා නාගසේන හිමි යොදාගත් “ඡායූපමාව“ මුල් බුදු
සමයේ “සාපේක්‍ෂතාව“ ඇසුරින් සකසා ගත්තකි. බෞද්ධ සාපේක්‍ෂතාවාදය
පැහැදිලි වන කදිම අවස්ථාවක් සංයුක්ත නිකායේ නළකලාප සූත්‍රයෙහි දක්නට
ලැබේ. විඤ්ඤාණය ද නිරපේක්‍ෂක නොවන බව දැක්වීම පිණිස, විඤ්ඤාණය ඇති කල
නාම රූපත්, නාම රූප ඇති කළ විඤ්ඤාණයත් ඇති වන බව, නළ කළප් (බට මිටි)
ඔවුනොවුන් ඇසුරු කොට තිබෙන ආකාරය චක්වීමෙන් පැහැදිලි කර ඇත.
ත්‍රිපිටකයේ නොයෙක් ග්‍රන්ථ හදාළ මිලිඳු රජු, එහි එන ඇතැම් පරස්පර
විරෝධී කරුණු ථෙරවාදයෙන්ම විසඳා ගැනීම සඳහා නාගසේන හිමියන් වෙත
ඉදිරිපත් කර තිබේ.
කාලක්‍රියා කිරීමෙන් අනතුරුව පිළිසිඳ ගන්නේ කවරෙක්ද? නොපිළිසිඳ ගන්නේ
කවරෙක්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු දී ඇත්තේ, සංයුක්ත නිකායේ උපාදාන
සූත්‍රය ඇසුරිනි. ලෞකික නාම රූප ධර්මයන්ගේ ආශ්වාදය නැවත නැවත සෙවීම
නැවත නැවත විඳින්නට උත්සාහ කිරීම, සසර දුක නමැති ගිනි ගොඩට දර දැමීමක්
වැනි බවත්, එසේ දර දැමීම නතර කරන තුරු ගිනි මැලය නොනිවී ඇවිලෙන බවත් මේ
සූත්‍රයේ දී දක්වා තිබේ. එසේම උපාදානය නැති කල පසු, මතු පිළිසිඳ
ගැනීමක් ද නොවන බව පැහැදිලි කොට ඇත.
මුගලන් ස්ථවිරයන් වහන්සේ සෘද්ධිමත් බවින් අනූන ය. එහෙත් උන්වහන්සේ
සොරුන්ගේ මුගුරුවලින් පහර කා හිස පොඩිව පිරිනිවන් පා තිබේ. සෘද්ධියෙහි
අග්‍ර නම් උන්වහන්සේ එසේ පහර කනු ලැබුවේ කෙසේදැයි ප්‍රශ්නයකි.
යම් වේධනීය කර්මයක් කරයි නම් ඊට අනුරූප විපාක විඳිය යුතු ය. (යථා යථා
වේදිනියං අයං පුරිසො කම්මං කරෝති. තථා තථාස්ස විපාකං පටිසංවේදියතීති)
වේදනීය යනු, ‘විඳිය යුතු’ හෙවත් ‘වේදනා ඇති කරවන සුළුය යන්නය. යම්
ක්‍රියාවක් කරන විට, එය අප සිත තුළ තදින් කා වැදී යා නම්, සිතෙහි ඉතා
ගැඹුරු ලෙස සටහන් වේ නම්, එම සිද්ධිය නැවත නැවතත් අප සිතට නැගේ නම්, එය
වේදනීය කර්මයකි. එවැනි වේදනීය කර්මවල විපාක පුද්ගලයාට විඳීමට සිදුවෙයි.
පංච ආනන්තර්ය කර්මවල බරපතලකමද ස්මතු කොට දක්වා ඇත.
පුද්ගලයා විසින් කරන ලද ක්‍රියා වල ප්‍රතිඵල, ඔහුටම විඳීමට සිදු වෙයි.
එය ‘දිට්ඨධම්ම වේධනීය’ ආදී වශයෙන් සිදු වන්නකි. ඝටීකාර කුම්භකාරයන්
පිළිබඳ ප්‍රශ්නය විසඳා ඇත්තේ, කර්මයේ විපාකදීම විග්‍රහ කිරීමෙනි.
තථාගතයන් වහන්සේ සියලු අකුසල් නසා සර්වඥතා ඤාණයට පැමිණි සේක් වී නම්
ලෝහිත පක්‍ඛන්දිකා නම් ආබාධය ඇති වූයේත්, ගල් පතුරක් වැදී ශ්‍රී
පතුලෙන් ලේ වැගිරුණේත් කෙසේද යන්න, පැන නැගුණු තවත් ප්‍රශ්නයකි. එය
විසර්ජනය කරන්නේ, ලෝකයේ පැවැත්ම සඳහා උපකාර වන වාතසමුට්ඨාන,
පිත්තසමුට්ඨාන, සෙම්භසමුට්ඨාන, සන්නිපාත, සෘතු පෙරළීම, විෂම පරිහරණය,
අන්‍ය උපක්‍රම හා කර්මය යනුවෙන් කරුණු අටක් (08) ක් ඇති බවත් කර්මය යනු
ඉන් එක් අංගයක් පමණක් වන බවත් දක්වමිනි.
නාගසේන හිමියන් මෙම ප්‍රශ්නය විසර්ජනය කර ඇත්තේ ගල් පතුරක් වැදී
තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයෙන් ලේ ගැලුයේ කර්මය විපාක දීමක් වශයෙන්
නොව, දේවදත්තගේ උපක්‍රමයක ප්‍රතිඵලයක් වශයෙනි යනුවෙනි. එය අනුන්ගේ
ක්‍රියාවකින් ඇති වූවකි. ලෝභිත පක්‍ඛන්දිකා රෝගය උපන්නේ ද කර්මයකින්
නොව සන්නිපාතයෙකින්ම බව, උන්වහන්සේගේ අදහස වී තිබේ.
මුල් බුදු සමයට අනුව ‘ඒක නාම කිං?” යන්නට පිළිතුර වූයේ “සබ්බේ සත්තා
ආහාරට්ඨිතිකා” යන්නයි. ඉහත දුෂ්කර ක්‍රියා ප්‍රශ්නයට නාගසේන හිමියන්ට
පාදක වූයේ ද මේ කරුණම ය. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව ද මධ්‍යම
පටිපදාව ද, එම ප්‍රශ්න විසර්ජනයට උපකාර කොටගෙන තිබේ.
බුදුන් වහන්සේ ප්‍රශ්න විසඳීමේ ක්‍රම විධි හතරක් උපයෝගී කොට ගෙන තිබේ.
1. ඒකාන්තයෙන්ම විසඳිය යුතු ප්‍රශ්න
2. බෙදා විසඳිය යුතු ප්‍රශ්න
3. ප්‍රශ්න කොට විසඳිය යුතු ප්‍රශ්න
4. නොවිසඳා පසෙක තැබිය යුතු ප්‍රශ්න යනුවෙනි.
චූලමාලුංක්‍ය පුත් භික්‍ෂුව විසින් ඉදිරිපත් කරන ලද ලෝකය සදාකාලික ද?
නැති ද? ජීවයම ශරීරය ද? නැති ද? යනාදී ප්‍රශ්න බුදුන් වහන්සේ අව්‍යාකෘත
ගණයේ ලා සලකා, ඉවත දමා තිබේ. එවැනි තැන්වල බුදුන් වහන්සේගේ ගුරු
මුෂ්ටියක් හෝ නොදැනීමෙක් වේදැයි අසන ලද ප්‍රශ්නයට, නාගසේන හිමියන්
විසින් දී ඇති පිළිතුර ද අපූරු ය.
එමෙන් ම අභෙදා පිරිස් ප්‍රශ්නය, උණු ලේ නිර්ගත ප්‍රශ්නය, සේල ප්‍රශ්නය,
මෝඝ පුරිසවාද ප්‍රශ්නය, අහිංසා නිගුන ප්‍රශ්නය, සංඝ ප්‍රණාමිත ප්‍රශ්නය
යන සියලු තන්හි ද යොදා ගන්නා ලද්දේ, බෞද්ධ ධර්ම සන්නිවේදනයන්හි
අන්තර්ගතව තිබූ කරුණු බව, පැහැදිලි වෙයි.
ධර්ම සන්නිවේදනයට අදාළ තත්ත්වය කෙබඳු ද යන්න ගැන වැදගත් ප්‍රකාශයක්,
දීඝ නිකායේ එයි. බුදුන් වහන්සේ දහම් දෙසීමේ දී තියුණු දේ, සුදුසු කල
සලකා බලා සත්‍යම දෙසති. අර්ථ නිශි‍්‍රතවම දෙසති. නිරර්ථක එක වචනයකුදු
නොදෙසති, යනුවෙන් එහි සඳහන් වෙයි.
එසේම දෙසන දහමක් වෙත් නම්, එය මෘග රාජ සිංහයාගේ නාදය මෙන් ද ඇතකුට පහර
දෙතත්, කවර මට්ටමේ සතකුට පහර දෙතත් සකසාම දෙනවා සේ ඉලක්කයක් ඇතිවම ය.
කළ යුතු බවක්, පෙන්වා දී ඇත. “මහණෙනි, තථාගතයන් වහන්සේ භික්‍ෂූන්ට දහම්
දෙසතත්, භික්‍ෂුණීන්ට උපාසකවරුන්ට, උපාසිකාවන්ට, යටත් පිරිසෙයින්
පුහුදුන් අයට දහම් දෙසතත්, සකසාම දහම් දෙසති. නො සකසා නො දෙසති. මක්
නිසා ද? මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මය ගරු කොට ඇති හෙයිනි.”
උණු ලේ පිළිබඳ ප්‍රශ්නයේ දී අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කිරීමෙන්
භික්‍ෂූන් සැට නමක් උණු ලේ වමනය කොට මිය ගිය ද නිවන් ලත් සංඛ්‍යාව ඊට
වඩා වැඩි ය. සේල ප්‍රශ්නයේදී සේල බමුණාට චක්ඛු ඤාණය, දැක්වූයේ, සැක
සිඳවා නිවන් පසක් කරවීමටය, මෝඝ ප්‍රණයවාද ප්‍රශ්නයේ දී සුදින්න
තෙරුන්ට ‘මොඝ පුරුස’ යැයි කීවේ, දුෂ්ට සිතකින් හෝ උවදුරු කරන අදහසකින්
හෝ නින්දා කරන රිසියෙන් හෝ නොව, කරුණාවෙන් ය. අහිංසා නිගුන ප්‍රශ්නයේදී
නිග්‍රහ කළ යුත්තාට නිග්‍රහ කළ යුතු යැයි කීවේ ද, ඒ අදහසම පෙරදැරි
කරගෙන ය.’ සංඝ ප්‍රණාමිත ප්‍රශ්නයේ දී ඝෝෂා කළ භික්‍ෂු පිරිස පන්නා
දැමුවේ ද ඔවුන් හික්මවීමේ මහඟු අදහසින්ම යනුවෙන් කරුණු දක්වා ඇත.
මෙසේ, මිලිඳු රජු හා නාගසේන හිමියන් අතර ඇති වූ, සංවාදයේ දී බුදුරදුන්
වදාළ ධර්මය ඉතා විචිත්‍රව නා නා විධ උදාහරණ මගින් නාගසේන හිමියන්
විසින් පැහැදිලි කර ඇත.
|