බැලුම්මහර ගොඩගෙදර
රාජමහා විහාරය
ජී. වීරසිංහ
නවීකරණය කළ චෛත්‍යය |
නුවර, කොළඹ මහා මාර්ගයේ බැලුම්මහර මංසන්ධියට කි.මී. එකක් නුදුරින්
මනරම් වෙල්යායකට මුහුණලා ඇති මෙම ඓතිහාසික විහාරය සියනෑ කෝරළයටම
මුදුන්මල් කඩක් බඳුවූවකි.
වසර ගණනාවක් තිස්සේ ගරා වැටීමට ආසන්නව තිබූ මෙම රාජමහා විහාරය
ප්‍රදේශයේ පිහිටා ඇති පිළිකුත්තුව, ඌරුවල, මාලිගාතැන්න හා කොස්සින්න
වැනි සමකාලීන විහාරයන් අතර ප්‍රමුඛස්ථානය ගන්නකි. ක්‍රි.පූ. 103 – 89
කාලපරිච්ඡේදයේ දී රාජ්‍ය බලයෙන් පැරදි පලාගිය වළගම්බා රජුට රැකවරණය
දුන් ප්‍රදේශයක්ව පැවතිය අතර, නැවත බලයට පැමිණි පසු එතුමා විසින් මෙම
විහාරය ස්ථාපිත කළ බැව් ජනප්‍රවාදයේ සඳහන් වේ.
දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ |
පැරැන්නන් පවසන අන්දමට ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරය එවකට
ගොඩමඩ ඉඩම් අක්කර 600 ක ප්‍රමාණයකින් සමන්විතව තිබූ අතර,
පණ්ඩිත,ජී.පී.වික්‍රමාරච්චි වැනි මහා පඬිවරුනට සෙවන දුන් උත්තරමුල
පිරිවෙනද විහාරයට මහඟු සම්පතක් විය. එහෙත් පසුකාලීනව ඇති වූ යම් යම්
අභාග්‍යසම්පන්න කාල වකවානුවන් ලෝවාසී සියලු සත්වයන්ට පමණක් නොව, ස්වභාව
ධර්මයටද විශාල බලපෑම් ඇති කළ බැව් රහසක් නොවේ.
පසුකාලීනව මෙම විහාරස්ථානය නැවත ප්‍රතිස්ඨාපනය කෙරුණු අතර, මුලදී පැවති
ස්ථානය හෝ තිබූ ඉඩකඩම් ද අහිමි විය. එවකට නඩත්තු කිරීමේ අපහසුව නිසා
විද්‍යෝදය පිරිවෙනට අනුබද්ධ කළ උත්තරමූල පිරිවෙන පවා මේවනතුරු ලබා ගත
නොහැකි විය. එහෙත් උත්සාහවන්තයා ජයගනී යන්න පසක් කරමින් ක්‍රි.ව. 1860
පමණ මෙහි විහාරාධිපති පදවියට රඹුක්පොත ශ්‍රී පඤ්ඤාසාර නාහිමියන්
විහාරස්ථානයට ආලෝකයක් වෙමින් විහාර මන්දිරයේ හා චෛත්‍යයේ කටයුතු ආරම්භ
කළහ. එකළ ශ්‍රී පාදස්ථානයේ පවා අධිපතිත්වය ඉසුලූ උන්වහන්සේ
අපවත්වනතුරුම එහි කටයුතුවල නිමාවක් නුදුටුවහ.
අට විසි බෝධි ප්‍රකාරය සහිත
බෝධීන් වහන්සේ |
පසුව විහාරාධිපති පදවියට පත් ස්වාමීන් වහන්සේලා අතර, කින්නම්මහර ශ්‍රී
සුමනතිස්ස නාහිමි කාලය නැවතත් විහාරයට දියුණුවේ මංපෙත් විවර වූ අතර,
එතෙක් විහාර භූමිය දෙකඩ වනසේ ගම මැදට ගමන් ගත් ප්‍රධාන පාර භූමියෙන්
පිටතට පත් කිරීමත්, විහාරයත් බෝධියත් ආවරණය වනසේ ආරක්‍ෂක පවුරක්
ඉදිකිරීමත් මූලික වූ අතර, ඉරුදින දහම්පාසල ආරම්භ කිරීම, විහාර මන්දිරය
වටා පිට විහාරයක් ඉදිකිරීම හා විදුලි බලය ලබාගැනීමට ද සිදු විය.
උන්වහන්සේගෙන් පසුව ක්‍රි.ව. 1975 දී පමණ විහාරාධිපති පදවියට පත්
තලගුනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමි කාලයේ දී එතෙක් ගම්වාසීන්ගේ භුක්තිය
සඳහා අයිතිකරගෙන තිබූ විහාර භූමියේ ඇතැම් කොටස් නැවත විහාරයේ අයිතියට
ලබා ගත්තා පමණක් නොව, විහාර සංවර්ධන සමිතිය 1995 දී පිහිටුවා විශාල
සංවර්ධන කාර්යකට මුල පිරූහ.
1996 වෙසක් පොහෝ දින මුල් අදියර වශයෙන්, දහ අට රියන් මහා බුද්ධ
ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීම විහාර ශාලාව වර්ග අඩි 1250 දක්වා
පුළුල් කිරීම වර්ග අඩි 10000 උමං විහාරයක් නිර්මාණය කිරීම ආරම්භ කළහ.
විහාර මන්දිරය |
ගොඩගෙදර, හෙනරත්ගොඩ, කිඹුල්ගොඩ හා බැළුම්මහර යන සතර පේරුවේ දායකත්වයෙන්
ශ්‍රමයෙන් සහ ධන පරිත්‍යාගයෙන් මේ කටයුතු ක්‍රම ක්‍රමයෙන් නිමවිණි.
එහෙත් දායක අයිතියට පත් කිරීමට පළමු 2005 වසරේ දී උන්වහන්සේ හදිසියේ
අපවත් වූහ. පසුව විහාරාධිපති පදවියට පත් මඩුගල්ලේ ධම්මසිද්ධි හිමි එවකට
එම පදවිය ලැබූ දිවයිනේ ලාබාලතම භික්‍ෂූන් වහන්සේ වූහ. පළපුරුද්ද හා
අත්දැකීම් අඩුවුවද, දායකයින්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ඉදිරි කටයුතු
ආරම්භ කෙරිණි. මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ හා විහාර ශාලාවේ සියලු කටයුතු
නිමකර උමං විහාරයේ කොන්ක්‍රීට් තට්ටුව වර්ග අඩි 5000 ක් ද අතුරා, 2006
වෙසක් මස පුර පසළොස්වක් දා දායක අයිතියට පවරා දුන්හ. ඉතිරි වර්ග අඩි
5000 ඇතිරීම සඳහා මේ වනවිට මුල් අඩිතාලම දමා ඇති අතර, මේ වසර තුළ දී එය
නිමා කළයුත්තේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මළුව වශයෙන් එය යොදා ගන්නා
හෙයිනි. විශාල පිරිවැයක් දැරිය යුතු මේ කාර්යයන් කාලානුරූපව සිදු
වෙමින් පවත්නා අතර, විහාරස්ථානයට අත්‍යවශ්‍ය අංගයන් වූ අටවිසි බෝධි
ප්‍රාකාරය විදුලි පහන් කණු සහිත වළාකුළු බැම්ම, බුද්ධ ප්‍රතිමා වහන්සේ
අභියස දර්ශනීය පොකුණක් හා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත්
කිරීමද මෑත කාලීනව සිදු විය.
පැරැණි ධර්ම ශාලාව |
එසේම දොළොස්මහේ පහන් රාජයාගේ කටයුතු ද භික්‍ෂු නේවාසිකාගාරයේ කටයුතු ද
මේ වන විට නිම වෙමින් පවතියි. ඒ අතරම විහාරස්ථානයට අවශ්‍ය අංගයන් වූ
පොදු පහසුකම් හා විදුලි බලය මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, මේ සියලු
දෙයම සතර පේරුවේ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් නිමකළ බැව් පවසනුයේ
මහත් අභිමානයෙනි. එහෙත් කළ යුතු විශාල කාර්ය භාරයක් තවත් ඉතිරිව ඇත.
සියනෑ කෝරලයේ සියලු විහාරයන් අතර, මුදුන් මල්කඩක් බඳු මෙම ඓතිහාසික
සිද්ධස්ථානය ලක්වාසී සියලු සැදැහැවතුන් සිත් සතන් පහන් කිරීමට සමත් වේ.
|