ඉතිහාසය ප්‍රබන්ධයක් නො වේ
අතීතය හා අනාගතය යා කැරෙන පාලම තැනීමට ඉතිහාසය නමැති විෂය
අවශ්‍ය කැරේ. ඉතිහාසයේ පියා යැයි හැඳින්වෙන ගී‍්‍රක ජාතික
හෙරඩෝටස් ගේ රචනා මෙන් ම සිරිලක ප්‍රධාන වංශ කතාව ලෙස සැලැකෙන
මහාවංසය ද අතීතය හා අනාගතය යා කිරිමට ගත් අනඟි උත්සාහයන් ය. එ
බඳු රචනා හා පුරාවිද්‍යාඥයන් දැරූ අපමණ වෙහෙස නිසා අතීතය
පිළිබඳ යම් දැනුමක් අපට ලැබී තිබේ. එම දැනුම අනුව ගෞතම බුදුන්
වහන්සේ (ක්‍රි.පූ. 623 – 543 ) උත්තර භාරතයේ බිහි ව ලෝක ආගමක්
බවට පත් බෞද්ධ දර්ශනයේ නිර්මාතෘවරයා යැයි අපි පිළිගනිමු.
ජෝර්ජ් පි‍්‍රන්සෙප් විසින් 1842 දී බ්‍රාහ්මී අක්‍ෂර මාලාව
හඳුනා ගත් තැන් සිට බුද්ධ චරිතය හා සම්බන්ධ ස්ථානවල අශෝක
අධිරාජයා පිහිටුවා තිබූ සෙල් ලිපි හෙළිදරවු වන්නට විය. මෙ සේ
ලුම්බිනි, කපිලවස්තු, බුද්ධගයා, සාරානාත්, ශ්‍රාවස්ති,
කුසිනාරා, ආදී සෑම ස්ථානයක් ම මේ වන විට ඉන්දියානු
පුරාවිද්‍යාඥයන් විසින් නිශ්චිත ව සොයාගෙන ඇත. එහෙත්, පසුගිය
පොසොන් පොහොය දා ප්‍රකාශයට පත් කළ ‘‘අප උපන් මේ හෙළබිම බුදුන්
උපන් ජන්බුද්වීප යයි’ නමැති පොතෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර
හිමියන් පවසන්නේ ඊට පටහැනි කතාවකි. අපි එහි කොටස් කිහිපයක්
උපුටා දක්වමු.
‘සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත්තුමා උතුම්
බුද්ධත්වයට පත් වූයේත්, ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ අපවත් වීම
සිදු වූයේත් ජන්බුද්වීපයේ දී ය. වසර හතළිස් පහක් තරම් දීර්ඝ
කාලයක් තුළ ම බුද්ධ ධර්මය දේශනා කළේත්, ජන්බුද්වීපයේ ම ජනයාට
ය. ජන්බුද්වීපය යනු (ජන් + බුද් + ද්වීපය) බුදුන් ජන්මය ලබන
දීපය යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. (9 වන පිටුව)’
‘අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක්, ධර්ම රාජ්‍යයක් මෙන් ම කෘතිම
ජන්බුද්වීයක් ද ඉන්දියාවේ ස්ථාපිත කළේ තමා යුද්ධ කැර අල්ලා ගත්
විශාල අධිරාජ්‍යය ධර්මානුකූල ව ආරක්‍ෂා කැර තම බලය පවත්වා
ගන්නටත් යුද්ධයෙන් තොර වූ ධර්ම මාර්ගයක් තම රටේ පවත්වා ගන්නටත්
පමණි. නිවන පිළිබඳ ව කිසිම දැනුමක් ඔහුට නො වී ය. විශ්වාසයක් ද
නොවී ය.’ (27 වන පිටුව)
‘කපිලවස්තු පුර සුද්ධෝදන මාලිගාවේ සිට දෙව්දහ නුවරට – එදා
සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානයට - හෙළ දිව
ජම්බුද්වීපයේ නියම වශයෙන් ම පැවැති දුර සැතපුම් 40 ක් පමණ වූ
දුරකි. ඒ අද දිඹුලාගල සිට කුණ්ඩසාලය තෙල්දෙණිය අසල ප්‍රදේශයට
යි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි හඳුනා ගත් තැන සිට
නේපාලයේ ලුම්බිනියට දුර කී.මී. 3000 ක් පමණ වේ.’
‘හෙළදිව ජන්බුද්වීපයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අදත් වැඩ සිටින
හිරිවඩුන්නේ සිට කසීරට පිහිටි නියම ඉසිපතනාරාමයට (අද මැදවච්චිය
අසල පිහිටි ඉසින් බැස්සගල නම් ස්ථානයට) ගෞතම බුදුන් එදා පස්වග
මහණුන් සොයා ඇවිද්ද දුර කී.මී. 70 ක් පමණ වූ දුරකි.’ (32 වන
පිටුව)
“ බුදුපියාණන් අලව්යකු (ආලවක යක්‍ෂයා) දමනය කළේ අද අලව්ව යන
නමින් පිහිටි ස්ථානයේ ය.” (46 වන පිටුව)
“ගෞතම බුදුන් වහන්සේ පිරිනිවියේත් ආදාහනය කළේත්, ද්‍රෝණ බමුණා
ධාතු බෙදා දුන්නේත් මේ හෙළදිවේ දී ම ය. එදා මල්ල රට යනු අද
බලංගොඩට පහළින් පිහිටි මහවලතැන්න, උග්ගල් කල්තොට, වේලිඔය සිට
සංඛපාල තෙක් ඇති ප්‍රදේශයයි. අද බුදුගල කුරගල නමින් බලංගොඩට
පහළින් කල්තොට පාරේ පිහිටි ප්‍රදේශය එදා ගෞතම බුදුන් පිරිනිවී
ස්ථානයයි. (69 වන පිටුව)
මේ සියලු කරුණු ලංකා ඉතිහාසයෙන් පමණක් නො ව ඉන්දීය ඉතිහාසයෙන්
ද සනාථ කළ යුතු ඒවා ය. එහෙත්, එ බඳු ඓතිහාසික මූලාශ්‍ර හෝ
පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් මෙහි දක්වා නොමැත. ගෞතම
බුදුරදුන් ගේ ධර්මය ලක්දිවට රැගෙන ආවේ අසූ මහා ශ්‍රාවක පුණ්ණ
හිමියන් යැයි ජයරත්න පතිරආරච්චි මහතා කළ ප්‍රකාශයක් ද වරක් අපි
පළ කළෙමු. එහෙත් එය යාල වනයේ ගොනාගල ප්‍රදේශයේ ඇති
සෙල්ලිපියකින් සනාථ වන බවට ඔහු කළ ප්‍රකාශයක් නිසා ය. එ සේ
නොමැති ව අලව්ව යන ග්‍රාම නාමය ආලවක යක්‍ෂයාට සබඳතාවක් ඇතැයි
කීම කිසිසේත් ශාස්ත්‍රීය සම්ප්‍රදාය නො වේ. මෙහි දී කරුණු
දෙකක් පාඨකයන් ගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු. එහි පළමු
වැන්න නම්, මහාවංසයේ ප්‍රථම පරිච්ඡේදයේ සඳහන් මේ වාක්‍යය යි.
“ඒ මහා මුනි තෙමේ මගධ රට උරුවෙල් දනව්වෙහි බෝමුල දි වෙසඟ
පුරපසළොස්වක් හි උත්තම වූ සම්බෝධියට පැමිණියේ ය.” දෙවන කරුණ
නම්, ඛුද්දක නිකායේ සූත්‍ර නිපාතයේ මහා වග්ගයේ එන පබජ්ජා
සූත්‍රයෙහි බිම්බිසාර රජුට බුදුන් වහන්සේ වදාළ මේ කරුණ යි.
“රජතුමනි, මෙහි සිට සෘජුව ම පිහිටි හිමාල පර්වත ප්‍රාන්ත
ප්‍රදේශයේ ධනයෙන් හා වීර්යයෙන් සම්පන්න වූ එක් ප්‍රදේශයක් ඇත.
එය කොසොල් රටට ඇතුළත් වෙයි. එහි වසන්නවුන් ගේ ගෝත්‍රය ආදිත්‍ය
නමි. ඔවුන්ට ශාක්‍ය යැයි ද කියති. රජතුමනි, මම ඒ කුලයෙන්
පැවිදිවීමි. එ සේ පැවිදි වූයේ කාමොපභෝග සඳහා පැවැති ආශාව
මුලිනුපුටා දමා ය.”
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ගේ ‘‘අප උපන් මේ හෙළබිම
බුදුන් උපන් ජන්බුද්වීපයයි” නමැති කෘතිය ගැන කතා කිරීමට අප
පෙළඹූ හේතුව පාඨකයන් නො මඟ යෑමෙන් වළකා ගැනීම ය. එ සේ නොමැති ව
එහි කිසිදු වටිනාකමක් ඇතැයි සිතූ නිසා නො වේ. |