බෞද්ධයා රූපවාහිනියේ සජීව විකාශය
සම්බෝධි විහාරයේ සිට
බෞද්ධයා රූපවාහිනියේ සජීව ඇසළ විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාර
සඳහම් මැදුරේ සිට විකාශය කැරේ. පෝදා පෙරවරු 6 - 7 සීලසමාදානය , බුද්ධ
වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම , ශ්‍රී සම්බෝධි විහාරාධිපති
ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි , 8 - 8.45 ධර්ම දේශනාව ,
සත්කෝරළයේ මහා දිශාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ
නාහිමි, 9 - 10 භාවනා වැඩ සටහන මෙහෙයවීම ත්‍රිපිටකාචාර්ය අධිකාරිගම
සන්තසුමන හිමි, 10 -11 ධම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති , පණ්ඩිත දරණාගම
කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති හිටපු අග
විනිසුරු ධුරන්දර සරත් එන්.සිල්වා මහතා , 11-11.30 සම්බුදු පූජාව
මෙහෙයවීම පොතුවිල ධම්මරතන හිමි, පස්වරු 12.30 - 1.00 මරණයට කැප වූ
ගවයින් නිදහස් කිරීම හා රෝද පුටු , කෘත්‍රීම පාද පිරිනැමීම
1-2 ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 2 -3 ධර්මදේශනාව ,
පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි , 3 සූත්‍ර පිටකය සජ්ක්‍ධායනා කිරීම ,
4.30- 5.30 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙවීම
මහරගම පදුම හිමි . |