පූර්වගාමි දේවකතා පුරාණය තේරුම් ගන්නට දරන උත්සාහයේ එක් ලක්ෂණයක් වන
ක්‍රියාමාර්ගය පැහැදිලි හේතුවක් නිසා ඒවා උපත ලද සංස්කෘති තුළ, නිදහස්ව
දෝලනය වන්නා සේ පෙනෙන්නක් බවට පත්ව ඇත. මෙය නන්විධ යුග සහ පසුබිම්
වෙතින්
ඉදිරිපත් වන මූලාශ්‍රයන්ගේ අල්පත්වය හා ව්‍යාකූ®ලත්වය සහ ඒ ඒ
සංස්කෘතියේ ආගමික ජීවිතය තුළ මේ දේවකතා විසින් ඉටු කරන ලද කාර්යභාරය
විෂයයෙහි ස්ථාවර සාධක වල හිඟයකින් පටන් ගනී. කෙසේ වෙතත්, 20 වැනි
සියවසේ, මානව විද්‍යාව බිහිවීම හා සජීවි සාම්ප්‍රදායක සංස්කෘති
අධ්‍යයනය, ආදී ආගමට ආදි පුරාණ දේවකතාවේ
සම්බන්ධය මත එක්තරා ආලෝක
ධාරාවක් විහිදුවා ඇත.
චාල්ස් එච්. ලෝංග්
පරිවර්තනය - නාරාවිල පැට්රික්
කෙල්ට් වර්ගයා මූලික වශයෙන් දකුණු ජර්මනියට හා බෝහිමියාවට අයිති
ප්‍රදේශයක ජීවත් වූහ. ක්‍රිපූ. 05 වැනි සියවසේ අග හරියේ දී ඔවුහු
අයිබීරියානු අර්ධ ද්වීපයට ව්‍යාප්ත වී සිටියහ. ක්‍රි.පූ. 590 දී ඔවුහු
රෝමය කොල්ල කෑහ. නැගෙනහිරින් ඔවුහු ඇනටෝලියාව තරම් ඈතටත් ගියහ.
බටහිරින් ක්‍රි.පූ. 05 වැනි සියවසේ දී බ්‍රිතාන්‍යයටත්, ක්‍රිපූ..03
වැනි සියවසේදී අයර්ලන්තයටත් පර්යටනය වූහ. සියවස් කීපයක් පුරා ඔවුන්ගේ
සංස්කෘතිය බලපෑ නොයෙක් රටවල අත්හැර දැමුණු පුරාවිද්‍යාත්මක නටඹුන්
වලින්, කෙල්ට් වර්ගයා ගැන සම්භාරයක් දේ උගත හැකි ය. කෙල්ටික් සංස්කෘතිය
හා ආගම ගැන ලියන ලද බොහෝවක් දෑ අයර්ලන්තයෙන් වන අතර, ඒවා ක්‍රි.ව. 12
වැනි සියවසින් පටන් ගන්නා ඒවා ය. ඒවා ලියන ලද්දේ ක්‍රිස්තියානි
අනුග්‍රහය යටතේයි.
අනෙක් ඉන්දු යුරෝපීය සංස්කෘතීන්හි මෙන් කෙල්ටික් සමාජ සංවිධානයේත්,
පැහැදිලි තෛ‍්‍රපාර්ශ්වික ව්‍යුහයක් දක්නට ලැබෙයි. ප්‍රධාන බෙදීම්
වන්නාහු රජවරු ද, සෙබළු ද, ගවපල්ලෝ ද වෙත්. ආගමික නායකත්වය ද
තෛ‍්‍රපාර්ශ්විකය. එනම්, පරිපාලකයන් සේ සේවාව කරන අතර පූජක තනතුර දරන
ගිහියෝ ද, යන්ත්‍ර, මන්ත්‍ර හා අනාවැකි කීම පිළිබඳ පළපුරුදු කාරයෝ ද,
වාචික සාහිත්‍යය හා ගද්‍ය කාව්‍යය විෂයය කොට ගෙන ගී ගයන්නෝ ද වෙති.
කෙල්ටික් වර්ගයා වලය සීමා කිරීමේ නැඹුරුව කෙරෙහි නිපුණත්වයක් දක්වති.
ඔවුන් ස්වතන්ත්‍ර ද, අරාජක ද, ප්‍රාදේශීය සම්ප්‍රදාය කෙරෙහි සැලකිල්ලක්
දක්වන්නාක් සේ ද පෙනේ.එහෙත් ඔවුන්ගේ සමාජ සංවිධානයේ සහ දේවකතා
පුරාණාත්මක ඉතිහාසයේ මූලික එකමිති ලක්‍ෂණයක් ප්‍රකටව දක්නට ලැබේ.
කෙල්ටික් විශ්ව දේව සමූහයක් පැහැදිලිව දැකිය නොහැකි ය. සිය ගණනින් වූ
නන්විධ දෙව් පරපුරක නම් දකිනු හැකි ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක්
ප්‍රාදේශීය දෙවිවරුන් වන බව පෙනේ. රෝම යුගය අතරවාරයේ බොහෝ කෙල්ටික්
දෙවිවරු, රෝම දෙවිවරුන් සමග අනන්‍ය වූහ. අයර්ලන්තයේ දී ‘ලූග්’ නමින්
හැඳින්වුණු බෙහෙවින් වැදගත් වූ දෙවියෙක් බුධ සමඟ අනන්‍ය විය. අයිරිෂ්
දේවකතා පුරාණ පද්ධතිය, ප්‍රධාන බෙදීම් හතරකට යොමු කළ හැකි ය. පළමු
වැන්න ඓතිහාසික දේවකතා පුරාණ පද්ධතියයි. වැදගත් ප්‍රධාන කෘති දෙකක් මේ
පද්ධතියේ කොටසක් වේ. ‘ලෙහාර් ගහාලා’ (ආක්‍රමණ පිළිබඳ පොත) අයර්ලන්තයේ
දේවකතා පුරාණාත්මක ඉතිහාසයකි. ‘දින්ෂෙනේහාඞ’ (තැන් පිළිබඳ ඉතිහාසය)
අයර්ලන්තයේ දේවකතා පුරාණාත්මක භූගෝල විද්‍යාවකි. ඓතිහාසික දේවකතා පුරාණ
පද්ධතියේ ප්‍රධාන තේමාව මඟින් අයර්ලන්තය ජනාවාස කිරීමත්, අයිරිෂ්
දේවකතා පුරාණාත්මක ආදී මුතුන් මිත්තන් වූ දනාන් දෙවඟනගේ මිනිසුන්ගේ
ඉරණමත් ගැන සලකා බැලේ.
දෙවන බෙදීම ‘අල්ස්ටර් සයිකල්’ නම් මේ පුරාණ දේවකතා ‘කොන්චොබාර්’ රජුගේ
සෙබළුන් පිළිබඳ කථාන්තරයයි. මේවායේ තේමාව වන්නේ ‘කුචුලේන්’ වීරයා සහ
ඔහුගේ වීරක්‍රියා වටා ගෙතී ඇති ඔහුගේ ගෞරවය හා කීර්තියයි. තෙවන බෙදීම
‘ෆිනියන්’ නම්. මේ ෆිනියන් දේවකතා පද්ධතියෙන් විස්තර වන්නේ ෆින් මැක්
කුම්හේල් සහ ඔහුගේ සගයන්ගේත් වීරක්‍රියා යි. ඒ අතර පූජා විධි සහ සුළු
රජුන්ගේ ආරම්භය සහ ඔවුන්ගේ රාජ්‍යත්වය හා සම්බන්ධයි. මෙහිදී තෙවන හා
සිවුවන යුගළය වඩාත් ගැළපෙන පරිදි ජනකතා ගණයට වැටෙයි. එබැවින් මෙහිදී ඒ
ගැන විමසීමට ලක් නොකැරේ.
අයිරිෂ් ප්‍රවේශයේ පුරෝගාමීන්
ඓතිහාසික දේවකතා පුරාණාත්මක පද්ධතියේ අයිරිෂ් ප්‍රවේශයේ පුරෝගාමීන්
පිළිබඳ කථාන්තරය පහත දැක්වෙයි. අයර්ලන්තයට පැමිණෙන පළමු වන පිරිස
මෙහෙයවන ලද්දේ සිසයිර් නම් කාන්තාවක විසිනි. ඇගේ පිරිසෙහි බහුතරය
වුවාහු කාන්තාවෝ ය. ඔවුන් එන්නේ (බයිබලයේ සඳහන්) මහා ජල ගැල්මට පෙරාතුව
යි. එහෙත් එකකු හැර අන් සියල්ලෝ ජලගැල්මෙන් විනාශයට පත් වෙති. ඉතිරි
වූයේ ‘ෆින්ටන්’ පමණි. ඔහු ස්වරූපයෙන් සල්මන් නම් මාළුවෙක්, රාජාලියෙක්
හෝ උකුස්සෙකි. ඉන් පසු සිදු වූ සියලු ජනාවාස බිහිවීම් හෙතෙම අත්දකී.
සාම්ප්‍රදායික දැන උගත්කමේත්, කථාන්තර කීමේත් උපදේශකයා වූයේ ඔහු ය. ඉන්
පසු පැමිණි පිරිස මෙහෙයවන ලද්දේ ‘පර්තලන්’ විසිනි. එහෙත් ඔහුත්, ඔහුගේ
පිරිසත් වසංගතයකින් (මහාමාරිය) මැරෙති. ඉක්බිති ‘නොමිද්’ විසින් තෙවන
පිරිසක් මෙහෙයැවෙති. අපමණ දුක් කරදර විඳි ඔවුහු කොටස් තුනකට බෙදී
අයර්ලන්තය අත්හැර යති. ඔවුන්ගෙන් පිරිස් දෙකක්, එනම් බොල්ග් මිනිස්සු
සහ දනන් දෙවඟනගේ මිනිස්සු පසු කාලීන ඉතිහාසයේ පුරෝගාමියෝ වෙති.
ඔවුන්ගෙන් පළමුවෙන් බොල්ග් පිරිස යළිත් අයර්ලන්තයට එති. ඔවුහු
අල්ස්ටර්, ලයින්ස්ටර්, මන්ස්ටර්, කොනැක්ට් සහ මෙත් නමින් වූ පළාත් පහකට
බෙදී යති. එසේ ම ඔවුහු රජ පදවිය ද හඳුන්වා දෙති. දනන් දෙවඟන සහ ඇගේ
පිරිස පැමිණීමෙන් පසු දිවයිනේ අයිතිය සම්බන්ධයෙන් දෙපිරිස සහජීවනයෙන්
ජීවත් වන්නට එකඟ වුණු බව එක් වෘත්තාන්තයක් සඳහන් කරයි. ඩුමෙසිල්ගේ
විවරණයේ හැටියට මේ ප්‍රතිඵලය සම්භාව්‍ය ඉන්දු යුරෝපීය ආකෘතිය පිළිබිඹු
කරයි.
දනන් දෙවඟනගේ ජනතාව හෙවත් තුවතාවරු උප දෙවිවරුන් ලෙස විස්තර කැරෙත්.
ඔවුහු මනා රුවැත්තෝ ය. සංගීතයෙහි හා වෙනත් කලාවන්හී ඬපුණයෝ ය. ඔවුහු
නිතර ම සිය සම්භවයේ සජීවත්වය විවරණය කැරෙන මනඞකල්පිත ඉන්ද්‍රජාලික බලය
හා ප්‍රාතිහාර්යයන් පිළිබඳ සන්දර්භයක් තුළ සිට ඒ ගැන කතා කරති. තුවතා
වරුන්ගේ පුරාණ දේවකතාවේ කේන්ද්‍රිය තේමාව මැග් තූයිරිද්හි දෙවන සටන යි.
පළමු වන මැග් තුයිරිද් සටනේ දී තුවතා වරුන්ගේ රජකු ලෙස කටයුතු කිරීමට
නොහැකි වෙයි. එහිදී රජ පදවිය ඔහුගේ හදා වඩා ගත් පුතුට පැවරේ. ඔහු
බ්රෙස් ය. බ්රෙස්ගේ පියා ෆොමොයිර් වර්ගයාගේ රජයි. ෆොමොයිර්වරු, ඊට
කලින් නොමිද් සහ ඔහුගේ වර්ගය සමඟ සටන් කළ පිරිසකි. කෙසේ වෙතත් බ්රෙස්ගේ
මව වූ ඉරියු, තුවතා කාන්තාවකි. සැබවින්ම බ්රෙස් තෝරා ගැනීම පැහැදිලි
ලෙසම තුවතාවරුන් හා ෆොමොයිර් වරුන් අතර පොදු පෙරමුණු අරමුණක් ගොඩනැඟීමේ
ප්‍රයත්නයකි.
කෙසේ වෙතත් බ්රෙස් තුවතා වරුන්ගෙන් අසාධාරණ කප්පමක් ඉල්ලා නොයෙක්
ලෙසින් ඔවුනට හිංසා කරයි. මෙහිදී තුවතා වරුන් අතරින් ප්‍රතිවාදියකු ලෙස
ලූග් නැඟී සිටී. ලූග් සියලු ආකාර ඉන්ද්‍රජාලික කලා සහ යුද්ධ ශිල්පයෙහි
ප්‍රවීණයෙකි. මේ අතර කලින් සටනේ දී අංග විකලත්වයට ගිය නුවදා රජ,
රිදීමුවා අවියකින් සන්නද්ධව යළිත් රජකමට පත් වෙයි. ඉක්බිති නුවදා, ලූග්
සමඟ සාකච්ඡා කරයි. එකල්හි බලසම්පන්න දෙවියා වූ දග්දා ඉන්ද්‍රජාලික
කල්දේරමක් සමඟ සාකච්ඡා කරයි. අනෙක් අය සටනට සූදානම් වීම පිළිබඳව
ෆොමොයිර් වරුන් සමඟ සාකච්ඡා කරති. අන්තිමට සටන් පටන් ගත් කල්හි
තුවතාවරු මරා දැමෙති. එහෙත් ඔවුහු ඉන්ද්‍රජාලික බලයෙන් පුනර්ජීවය ලබති.
ලුග් ද මායා බලය යොදා විපත්තිදායක ඇස් ඇති බැලර් පරදවයි. ෆොමොයිර් වරු
පරදවනු ලැබ පලවා හැරැති.
අල්ලා ගනු ලැබූ බ්රෙස් මුදා හැරෙයි. ඒ සීසා ගොවිතැන් කිරීමට සහ අස්වනු
නෙළීමට සුදුසු කල් දැන උපදෙස් දීමේ පොරොන්දුව පිට යි. වෙනත් ඉන්දු
යුරෝපීය දේවකතා පුරාණයන්හි සඳහන් එවන් සටන් වලදී මෙන් දෙවන මැග්
තුයිරිද් සටනේදී දෙපිරිස අතර පුද්ගලයන් හුවමාරු කරගෙන මුසු වීමකින් හෝ
සමඟි සන්ධානයකින් අවසානයක් දකින්නට නොලැබෙයි. කෙසේ වෙතත් බ්රෙස් බෙදා
දෙනු ලැබූ කෞශල්‍යයෝ, ස්ථාවර සමාජය තුළ එයට අවශ්‍යව තිබුණු බලාපොරොත්තු
සපුරමින් අදාළ සේවාව ඉටු කරත්.
තුවතා වරු පසුව පරදවනු ලැබූහ. ඒ ඔවුන්ගේ ම මිලේගේ පුතුන් විසිනි. ඔවුහු
අයිරිෂ් වරුන්ගේ ආසන්න මුතුන්මිත්තෝ ය. තුවතාවරු අයර්ලන්තයේ මිහිකුස
තුළ සුරාංගනාවන්ගේ් කොටසේ ජීවත් වෙතියි කියනු ලැබේ. එහි සුරාංගනාවෝ
ඔවුනට යටත්ව සිටිති. මෙයට සමානත්වයක් දක්වන දේවකතා පුරාණාත්මක
ඉතිහාසයක් ‘ද ෆෝ බ්රාන්චස් ඔෆ් ද මැබිනෝගි’ නම් වේල්ස් දේවකතා පද්ධතියේ
සඳහන්ව ඇත.
අල්ස්ටර් පිළිබඳව දේවකතා පද්ධතියේ කුචුලේන්ගේ වික්‍රමාන්විත නිපුණත්වය
ගැන සඳහන්ව තිබේ. ඇතැම් සංස්කරණයක කුචුලේන්, අල්ස්ටර්ගේ හදා වඩා ගත්
දරුවෙකි යි කියනු ලැබ්. සමහර කරුණු අතින් ඔහුගේ පෞරුෂ්‍යය, ඓතිහාසික
දේවකතා පුරාණාත්මක පද්ධතියේ ලුග්ට ප්‍රතිරූපගත කර තිබේ. ඔහු නිරූපණය කර
ඇත්තේ පටු නළල් තලයක් ඇති රවුළක් නැති, උතුරා ගිය ප්‍රමෝදයෙන් පිරි
අයකු ලෙසයි. සටන්බිමට එළඹි කල ඔහු වෙත මවිතකර වෙනසක් දකිනු හැකිය.
හෙතෙම උස මහතින් වැඩෙයි. ඔහුගේ සිරුර ගැහෙයි. සමට යටින් මස්පිඬු කය වටා
රැළි ගන්වමින් දිවෙයි. ඊට අනුව ඔහුගේ ඉදිරිපස අ¼ගපසඟ පසු පසට ගමන්
කරයි. ඔහුට වරකට දෑසින් එකක් බගින් පසු පසට කරකවා ගෙන යා හැකි ය. ඔහුගේ
කෙස් ටිකක් පාසා අගට ම කෙළින් සිටී. එකෙකක් අග ලේ බිඳුවක් දිදුලයි.
සංග්‍රාම උන්මාදයෙන් උත්තේජිත කල්හි වටපිට අසුවන කවරකුට නමුත් පහර
දෙයි. එහිලා සතුරු මිතුරු වෙනසක් නැත.
අල්ස්ටර් වෘත්තාන්තයේ කේන්ද්‍රීය කථාන්තරය, කුවේල්න්ජගේ ගවපට්ටි පැහැර
ගැනීම පිළිබඳව යි. කොනැක්ටිහි මෙබ් රැජිණ සහ ඇගේ යුද පෙරමුණ, අල්ස්ටර්
ජනයා විසින් හිමිකර ගෙන සිටි දොන් කුවේල්න්ජ නම් මහා වෘෂභයා සොරා ගන්නට
යත්න දරති. ෆින්බෙනක් නම් විශාල, සුදු, අං සහිත ගොනා අයිති සිය හිමි
අයිලල් රජුගේ සම්පත් වලට තමාගේ සම්පත් ද සමග වෙති යි සිතූ® නිසා මෙබ්
රැජින මේ මහා වෘෂභයාට කැමැත්තී ය. මේ කථාන්තරයේ ව්‍යුහයට අනුව, කවුලේන්
සහ ඔහුගේ සගයන් වන කොනෝර් සර්නැක් සහ ලොයිගයිර් බුවදක්ගේත් වීර ක්‍රියා
අතර සම්බන්ධයක් ඇත. මෙබ් රැජිනට එරෙහි යටනේදී, තමාට විරුද්ධව සංවිධානය
වූ සුපිරි බලයකට එරෙහිව තමා යුද වදිතියි කුචුලේන් වටහා ගනී.
මූර්තිම්හි මහා සංහාරය නම් අවසන්තම සටනට පෙ කුචුලේන් සිය ‘ගීසා’ වල
පරස්පර ක්‍රියාකාරිත්වය හඳුනා ගනී. මෙහි සඳහන් ගීසා යනු දරුණු විපාක
විඳීමෙන් තොරව පුද්ගලයකු විසින් තමාට මිදිය නොහැකි බව ප්‍රකාශ කැරෙන
පෞද්ගලික ගිවිසුමකි. උදාහරණයක් ලෙස මෙසේ දැක්විය හැකි ය. මෙබ් රැජිනකගේ
මන්තරකාරයෝ බල්ලකුගේ මස් උයමින් සිටිති. කුචුලේන් එතැන පසු කර ගෙන යයි.
ඔහුගේ එක් ගිවිසුමක්, තමා විසින් පසු කර යැවෙන ඕනෑ ම උදුනකින් ආහාර ගෙන
කන්නට බල කරයි. ඔහුගේ ම වෙනත් ගිවිසුමක් අනුව බලුමස් තහනම් ආහාරයකි.
ඔහු බලුමස් කන විට ඔහුගේ ශක්තියෙන් යම් කොටසක් ඔහු හැර යන බව ඔහුට
හැෙ¼ගයි. මෙලෙසින් ඔහු සිය මහා ශක්තිය අඩු කරගනී. අන්තිමට ඔහු සටනේදී
මරණීය තුවාල ලබයි. ඉක්බිති ඔහු කෙළින් සිටුවා කුලුනකට තබා බඳිනු ලැබේ.
ඒ නිසා ඔහුට හිටගෙන ම මැරෙන්නට සිදුවෙයි.
පුරාණ දේවකතාව සහ සංස්කෘතිය
පූර්වගාමි දේවකතා පුරාණය තේරුම් ගන්නට දරන උත්සාහයේ එක් ලක්ෂණයක් වන
ක්‍රියාමාර්ගය පැහැදිලි හේතුවක් නිසා ඒවා උපත ලද සංස්කෘති තුළ, නිදහස්ව
දෝලනය වන්නා සේ පෙනෙන්නක් බවට පත්ව ඇත. මෙය නන්විධ යුග සහ පසුබිම්
වෙතින් ඉදිරිපත් වන මූලාශ්‍රයන්ගේ අල්පත්වය හා ව්‍යාකූ®ලත්වය සහ ඒ ඒ
සංස්කෘතියේ ආගමික ජීවිතය තුළ මේ දේවකතා විසින් ඉටු කරන ලද කාර්යභාරය
විෂයයෙහි ස්ථාවර සාධක වල හිඟයකින් පටන් ගනී. කෙසේ වෙතත්, 20 වැනි
සියවසේ, මානව විද්‍යාව බිහිවීම හා සජීවි සාම්ප්‍රදායක සංස්කෘති
අධ්‍යයනය, ආදී ආගමට ආදි පුරාණ දේවකතාවේ සම්බන්ධය මත එක්තරා ආලෝක
ධාරාවක් විහිදුවා ඇත.
මානව විද්‍යාව විෂයයෙහි ඉංගිරිසි සම්ප්‍රදායිකි යි කිය හැක්කන් ඇරඹෙන
ගුරුකුලයක්, පුරාන දේවකතාව, සංසිද්ධීන්ගේ ස්වභාවය කෙරෙහි විශේෂ කැප
කිරීමක සම්බන්ධය පැහැදිලි කරන්නක් වුවත්, සාමාන්‍ය පොදු ජනතාවට
විශිෂ්ටයන්ගේ තත්ත්වයේ පවත්නා උත්තරීතර භාවය සාධාරණීකරණය සඳහා දෙවියන්
විසින් සංස්ථාපිත දිව්‍යමය ආයතනයක් පිළිබඳ කාරණයක් හෝ විවරණාත්මක
උත්සවකාරියක් ඉටු කිරීමට පටන් ගැනුණක් ලෙස දකිති. මෙසේ පුරාණ දේවකතාව,
සමාජය හා සොබාදහම තේරුම් ගැනීම සඳහා අත්දැකීම් සපයන්නක් ලෙස සේවාවක්
ඉටු කරයි. ඩර්ක්හයිම්ගෙන් පටන් ගන්නා ප්‍රංශ සම්ප්‍රදාය, මිනිස් හෝ
සමාජ අවශ්‍යතාව විවරණය කරන්නක් ලෙස, පුරාණ දේවකතාවට වැඩිකර අවධාරණයක්
දෙයි. මෙලෙස ඔහු කිසියම් සංස්කෘතියක දේවකතා පුරාණය, ඒ සංස්කෘතිය විසින්
ප්‍රත්‍යක්ෂ කර ගන්නා ලද්දක් ලෙස, එකී සංස්කෘතියක සතු සියලු
අංගෝපාංගයන්ගේ සාමූහික නියෝජනයක් ලෙස දකී. එහිලා එවන් විවරණයකටත් වඩා,
ඒ සමඟ සාමාන්‍යයෙන් බද්ධ වූ පුරාණ දේවකතාව සහ වත්පිළිවෙත්, සමාජ
එකමුතුකම පවත්වා ගෙන යෑම මඟින් සංස්කෘතිය ස්ථාවරත්වයට පත් කරන්නක් බවට
පත් වෙයි. මෙකී ප්‍රවේශය තුළ මතිමතාන්තරයන්ගේ් පුළුල් පරාසයක් දක්නට
ලැබෙයි. ඒ අතර වත්මන් කාර්ය පද්ධතිය තුළ කාල්පිකයන් පුරාණ දේවකතා
සමස්තයේ සන්ධානය සහ විභජනය, විවරණයක් ලෙස සේවාවක් ඉටු කරන බව දක්වන්නට
යත්න දරා ඇත. ඒ එක්ක ම ඔවුහු පුරාණ දේවකතාව එය කේන්ද්‍ර කොට පවත්නා
ලෝකයට, සංස්කෘතියේ ප්‍රත්‍යක්ෂ ඥාතිත්වය සහ එතුළ ජීවත් වන ජනතාවගේ්
අන්තර් සම්බන්ධතාව සංකේතවත් කරන බවත් කියති. |