දෙණියායේ කොටපොළ ඓතිහාසික ගැටබරු
රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර
චන්දවිමල හිමියන් වෙත, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ
මල්වතු පාර්ශ්වය මගින් “ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල “ ගෞරව
නාම සම්මුතිය සහිත දක්‍ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක පදවිය
පිරිනමා ඇත. පසුගිය (මැයි) 26 වන දා මහනුවර මල්වතු මහා
විහාරස්ථ පෞරාණික රාජ පූජිත උපෝසථාගාරයේ දී පැවැති පුණ්‍ය
මහෝත්සවයේදී ඒ පිළිබඳ අක්ත පත්‍රය මල්වතු පාර්ශ්වයේ
මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානා
හිමියන් වෙතින් චන්දවිමල නාහිමියන් ලබාගත් අයුරු
ඡායාරූපයේ දැක්වේ. නියංගොඩ විජිතසිරි අනුනා හිමිපාණෝ ද
සේයාරුවේ වෙති. |