Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය

මෙය බුදුරජාණන් වහන්සේගේ පී‍්‍රති උදාන වාක්‍යයකි. මිත්‍රවරුනි, ඒකාන්තයෙන්ම කොණ්ඩඤ්ඤ ධර්මය අවබෝධ කරගත්තේය. ‘එතැන් පටන් ‘ තේරුම් ගත් යන අර්ථයෙන් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් වූහ.” මෙම උදාන වැකියත්, එතද්ග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤාතානං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤොති “ යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේද චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතරෙහි අග්‍රවෙයි. මෙම බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කෙතරම් විනිවිද දක්නා සුළු දැක්මක්ද? බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.

පිළිතුර

මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සමාජ සාමාජිකත්වය තහවුරු කරගනී. එම සාමාජිකත්වය (සක්කො) ස්ව හැකියාව (ශක්තිය) මෙන්ම පිළිවෙත (උජූච සූජූච) අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වන රහත්ඵලය හා බුද්ධත්වය දක්වාම ගමන් කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත කථාවලින් හුදු කල්පිතයක් නොව ප්‍රායෝගික වශයෙන් සමාජය අත්විඳි සිදුවීමක් බව ඉහත සඳහන් උදානයෙන් පැහැදිලි වෙයි. බෞද්ධ පෙළ දහමට අනුව කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ ගමන් මගට ප්‍රශ්නාර්ථයෙන් හෝ අභියෝගයක් ශ්‍රාවක පිරිස් අතරෙන් එදත් අදත් කවදත් පැන නො නගී. ඊළඟ අවස්ථා දෙක මහා පඤ්ඤානං යද්දං සාරිපුත්තො ඉද්ධිමන්තානං යද්දං මහා මොග්ගල්ලානො මහා ප්‍රාඥ වූ (නුවණින් අගතැන් ) ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් ශාරිපුත්ත හිමියන්ද ඍද්ධිමතුන් අතරෙන් මහා මොග්ගල්ලාන හිමියන් නම් කිරීම බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු ප්‍රදානය කළ බවට පසුකාලීන ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් මතවාද ගොඩනැගුණාද? ඒවාට පැවැත්මක් නොලැබුණේ සුදුස්සාට සුදුසු තැන ඔහු විසින්ම ලබාගැනීමයි. හුදු ප්‍රදානයක් නොව තම ශක්‍යතාවය මත ලබාගත් තනතුරක් බව සෙසු ශ්‍රාවකපිරිස අවබෝධ කැර ගැනීමයි.
අගතනතුරු හා උපස්ථායක තනතුරුවලට පිළිවෙළින් සැරියුත් මුගලන් මහ තෙරුන් වහන්සේ හා ආනන්ද හිමියන්ගේ පත් වීම බුදුන් වහන්සේ විසින්ම ප්‍රදානය කෙරුණකි. ‘චන්න’ මුල් තනතුරු කෙරෙහි බලවත් විරෝධතාවය ප්‍රකාශ කළේය.
අභිනිෂ්ක්‍රමණය ගමනෙහිදී මූලික අනුග්‍රාහකයා මෙන්ම බැරෑරුම් වගකීම් ද ඔහු වෙතින් නො වළහා ඉටු විය. පිය මහ රජාණන් ආදරණීය බිරිඳ හා මාලිගයෙහි රැකවලුන් සියල්ලන්ගෙන් මේ ගමන පිළිබඳව රහස්‍යභාවය.
ඔහු විසින් අකුරටම පිළිපදින ලදී. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ වෙත ඔහු විසින් ඉතා යටහත්ව සැළ කළේය. එපමණක් නොව සමීපතම හිතවත් සගයාට බුදු හිමියන් හමුවීම පවා “ ඡන්නට “ දුෂ්කර වූ බව පැහැදිලි කළේය. සියල්ලටම ඉතා කරුණාවෙන් සවන්දුන් බුදුරජාණන් වහන්සේ “ ඡන්න” ඉක්මන් නොවන්න , ඔබ මට කළ උපකාර අනන්තය. එහෙත් මෙම පෙන්වා දුන් මාර්ගයේ දුරගමනක් යා යුතුය. එහි ආරම්භය වත් ඔබ තුළින් මා දැක නැත.
එසේ උත්සාහ නොකොට මෙසේ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පැවරීම සුදුසු නැති බව දෙතුන්වර පැහැදිලි කළත් ඔහු මෙල්ල නොවීය. අවසානයේදී “සංඝ සම්මුතියෙන්” (බ්‍රහ්ම දණ්ඩය “ මූලික අයිතිවාසිකම් ) තහනම් විය.
මේ කරුණු වලින් පැහැදිලි වන එක් කරුණක් නම් සුදුසුකම් හැර හිතවත්කම් හා වෙනත් සමීපතම කරුණු පුද්ගල පැවැත්ම සඳහා බෞද්ධ මාර්ගයෙහි වැදගත් නොවන බවයි. ඒ නිසාම කොතෙක් ගැටලු ඇති වුවත් බුද්ධ කාලය තුළ සංඝ සාමගි‍්‍රය පැවැතීමට එක් සද්ගුණයක් නම් සුදුස්සාට සුදුසු තැන නිරායාසයෙන් ලැබීමය.



ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සමූහය වෙත නිර්වාණය පසක් කරලීම සඳහා යොදා ගත් විවිධ ප්‍රමාණයෙන් දේශනා පාලියෙහි දී දක්නට ලැබේ. මෙහිදී ගැඹුරු ධර්ම කරුණු වලින් පරිබාහිරව නිර්වාණාවබෝධය සඳහා උපකාරී වන දේශනා උද්ධෘතයන් ශ්‍රාවක සමීපතම භාෂිතයන් වූ පිරුවානා පොත් වහන්සේ සටහන්ව ඇත. මේ උද්ධෘතය දම්සක් පැවතුම් සූත්‍රයෙහි සඳහන් වන එබඳු අවස්ථාවකි. “යො තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධා චාගො පටිනිස්සග්ගෝ මුත්ති අනාලයො “ මේ උද්ධෘත සටහන කෙරෙහි අවධානය කර ධර්මානුකූ®ල විවරණයක් කරන්න.

පිළිතුර

මෙම දේශනා පාඨයට අනුව නිවන යනු තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඉතිරි නොකොට නැතිකිරීම නො ඇලීම නිවනයි. මේ අනුව දුක නැති කිරීමට නම් “ආශාව“ මුළුමනින් නැති කළ යුතු බව ප්‍රකාශ වෙයි. යම් අරමුණක් පියවඩන මිහිරි ස්වභාවයෙන් යුක්ත නම් ඒ අරමුණෙහි උපන් ආශාව එහිදීම නැති කළ යුතුය. දුක් නැතිකිරීම ආශාව නැති කිරීමෙන්ම සිදුවන බැවින් ඒ ආශාව නැතිකිරීමට උත්සාහ වැඩිය යුතුය.
තෘෂ්ණාව ප්‍රහාණය කිරීම ක්‍රම තුනකින් සිදු කෙරේ. එයින් පළමුවැන්න තදංග ප්‍රහාණයයි. දානාදී පින්කම් කරනවිට තෘෂ්ණාව තදංග (තාවකාලික ) වශයෙන් ප්‍රහාණය (යටපත්වීම) සිදුවෙයි. දෙවැන්න විෂ්කම්බන ප්‍රහාණයයි.
සමථ භාවනාවෙන් පළමුවන ධ්‍යානය ආදි ධ්‍යානයන් වඩා ගැනීමෙන් එය සිදු වුවත් එයද තාවකාලිකය. ජල තටාකයක භාජනයක් අතින් ඔබාගෙන සිටින විට උඩට මතු නොවූනත් අත ඉවත්කළ මොහොතෙහිම භාජනය වතුරෙන් උඩට මතුවේ. ධ්‍යානයෙන් සිත ඉවත් වූ විගසම නැවතත් මුල් අවස්ථාව පැවැති තත්ත්වයට පැමිණේ.තෙවැන්න සමුච්ඡේද ප්‍රහාණය විදර්ශනා මාර්ගයෙන් මාර්ග ඤාණය ලැබීමෙන් කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය (නැතිවීම) සිදුවෙයි. නැවත කෙලෙස් ඉපදීම සිදු නොවෙයි. ඒ නිසාම කර්ම රැස් නොවීමෙන් පුනර්භවයක් සිදු නොවේ. තෘෂ්ණාව අසේස විරාග නිරෝධය දුඞඛ නිරෝධය නම් වෙයි.
මේ දුඞඛ නිරෝධය ආර්ය මාර්ග ඤාණයෙන්ම කළ යුතු බැවින් දුඞඛ නිරෝධාර්ය සත්‍ය නම් වෙයි. දුක සම්පූර්ණයෙන්ම නැති කළ හැකි වන්නේ අනුසය සහිත තෘෂ්ණාව සහමුලින් සිඳලීමෙනි.
 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.