එම අතිඋත්කර්ෂවත් පින්කම අමතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා මෙසේ කීය. අපේ රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් අතිමහත් සේවාවක් කළ අපේ රටේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත් දිනාගත් මහා නායක ස්වාමීන් වහන්සේට වසර 80 ක් සපිරෙන මේ අවස්ථාවේදී උන්වහන්සේ වෙනුවෙන් ආශිර්වාද පින්කමක් රජරට පුරවරයේදී පැවැත්වීමටත්, ඒ සඳහා සහභාගී වීමට ලැබීමත් මහත් භාග්‍යයක් සේ සලකනවා. රජරට පුරවරයට මෙම අවස්ථාව ලැබීම පිළිබඳව රජරට ජනතාව සතුටු වෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස මහා විශාල පුණ්‍ය කර්මයක් සිදුකළා. අප සියලු දෙනා උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. රුවන්වැලි චෛත්‍යය අබියසට පැමිණිලා දහස් ගණනක් ජනතාව මහා සංඝරත්නය ඒකරාශි වී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සිදු කරනවා. අලංකාර විදුලි බුබුළු ආලෝක පූජාව, නෙළුම් මල් කෝටියක් පූජා කිරීම සිදුවූවා. මේ පින්කම අංග සම්පූර්ණයි. අද ආශිර්වාද වර්ෂාවක්ද රජරටට ඇද හැලුනා. රජරට වියලි භාවය නැතිකළා. මහා උෂ්ණත්වයක් තිබුණ මෙම ප්‍රදේශය දහම් සිසිලෙන් මෙන්ම වර්ෂාව නිසාද සිසිල් වුණා. එය හාස්කමක් ලෙස සලකනවා. උන්වහන්සේට ස්වභාව ධර්මයා විසින්ද ආශිර්වාද කළායැයි අප හිතනවා. ඔබ වහන්සේ සිදුකර ඇති සේවාව පිළිබඳව මේ හැම කරුණකින්ම සිතා ගන්න පුළුවන්. ඔබ වහන්සේ පිළිබඳව මහත් ගෞරවයක් හැගීමක් භක්තියක් තිබෙනවා. එනිසා අද දවසේ මේ ආශිර්වාද කරන්න දීර්ඝායුෂ පතන්න අපට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා පමණක් නොව ඔබ වහන්සේ මුළු මහත් රජරට ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී රජරටට වැඩම කිරීම පිළිබඳව අප ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. එය අපට මහත් ආඩම්බරයක්. ඔබ වහන්සේට හැම විටදීම උදව් කරනව.
අනුනා හිමියන් වැඩම කිරීමත් ප්‍රභූන් රාශියක් සහභාගි වීමත් මහා සංඝ රත්නය විශාල පිරිසක් සහභාගී වීමත් රජරටට මහත් වාසනාවක්. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ මෙම උත්සවය වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදුකළා. මහත් වෙහෙසක් දැරුවා. මේ අලංකාර උත්සව අවස්ථාවේදී රජරට ජනතාව වෙනුවෙන් මුළු රටවාසී ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය. අගවිනිසුරුතුමා, පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් සේවා වල නිලධාරීන් එම පින්කම සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි, අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, අනුරාධපුර අටමස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, අනුරාධපුර ජයන්ති විහාරාධිපති මල්වතු පාර්ශවයේ මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, අස්ගිරි විහාරීය කාරක සංඝ සභාවේ මංගල නා හිමි, එහි ලේඛකාධිකාරී නාහිමි, අස්ගිරි පරිවෙනාධිපති හිමි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල්, දිසානායක, අගවිනිසුරු සරත් එන්. ද. සිල්වා මහතා උතුරුමැද පළාත් ආඥාපති සනත් කරුණාරත්න, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පතිරණ, බාලසුරිය, මැදිවක යන මහත්වරුන් සිල්මෑණිවරුන් කොළඹ නගර සභා නාගරික කොමසාරිස්තුමිය, දළදා මාලිගාවේ කෝරාල , උතුරුමැද, පළාත් නියෝජ්‍ය පොලිස්පති තුමා, ජයන්ත හෙට්ටිආරච්චි පියතුමා, ජීවක එදිරිසිංහ, උතුරුමැද පළාත් සභා ලේකම් ආනන්ද කුලරත්න යන මහත්ම මහත්මීන් සමග දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය බැතිමතුන් විශාල පිරිසක් එම උදාර පින්කම සඳහා සහභාගි වූහ. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි චෛත්‍ය අතර මාර්ගය කහවතින් සුදුවතින් බැබලුන එකම වියනක් ලෙසින් දිස්විය.
|
||||
©
2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම |