ජාතික වෙසක් උත්සවය
වෙහෙරහේන රජ මහා විහාරයේ දී
බෞද්ධයා නිසි මඟට ගැනීමේ අරමුණ ඇතිව ශාසනාරක්ෂක බල මණ්ඩලයක් ග්‍රාමීය
මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සංවිධාන ජාලයක් ඇති කිරීමට මේ වන
විටත් කටයුතු කරන අතර, වෙසක් පොහොය දිනය වන විට ප්‍රාදේශීය ශාසනාරක්ෂක
බල මණ්ඩල
මට්ටමින් බල මණ්ඩල 17 ක් බිහිවෙනු ඇත. ශාසනාරක්ෂක බල මණ්ඩලයේ
ව්‍යවස්ථාවට සමගාමීව ගමක වෙසෙන සියලු බෞද්ධයන් බෞද්ධ ආකල්ප මෙන් ම
ක්‍රියාවන් තුළින් ද යහමඟට ගැනීමට මෙමගින් හැකිවනු ඇත.
ඉතිරිය»
ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?
දුටුගැමුණු රජු කල
අපවත් වූ මලියදේව
හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත්
අවුරුදු
550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත.
අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන්
හිමි කියන
මහානාම රජු කල මහා
විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම
රහතන් වහන්සේලා විය හැකි ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නොපිරිහෙන
ගිහි දිවියකට
‘ඉත්ථි දුත්තෝ’ ආදී ගාථාවෙන් බුදුරදුන් පැහැදිලි කරනුයේ යමෙක් ස්ත්‍රීන්
කෙරේ ලොල් වේ ද, සුරාවට ලොල් වේ ද, ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ
කරයි ද, එය පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච
සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම සහ
සුරාව ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජුවීම ද,
උපයන ධනය නිකරුණේ වැය කිරීම ද පරිහානියේ ලක්ෂණයන් ය.
ඉතිරිය»
|