කුප්පියාවත්තේ ශ්රී ජයශේඛරාරාමයේ පෝ දින පින්කම්
කොළඹ 10, කුප්පියාවත්තේ ශ්රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී බක් පුර
පසළොස්වක පොහෝදා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්රධාන අධිකරණ
සංඝනායක ත්රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්රධාන
අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ
සංවිධායකත්වයෙන් ශීලභාවනා පින්කම් රැසක් පැවැත්වේ. එදින පෙරවරු 6.00 –
06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්රපති රජවත්තේ
වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම
තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8 – 9 ශාස්ත්රපති රජවත්තේ වප්ප හිමි
මෙහෙයවන භාවනා වැඩ සටහන, 09.15 - 10.15 දහම් දෙසුම පණ්ඩිත නෙලුවා
කන්දේ ඤාණානන්ද හිමි, 10.15 – 11.00 දවල් ආහාර සම්බුද්ධ පූජාව
මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.30 – 1.00 සෙත් පිරිත්
සජ්ක්ධායනාව විමලදාස පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන්, 1 – 2 විහාරස්ථ
උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2 – 3 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල
නාහිමි, 3.00 – 3.45 තලල්ලේ සිරිමහින්ද නාහිමි මෙහෙයවන භාවනාව, 4.30 –
5.30 දහම් දෙසුම ආටිගල අමිතදේව හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ
සිරිමහින්ද නා හිමි, 7.00 – 07.30 ගිලන්පස මල් පහන් සම්බුද්ධ පූජාව
මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, රාත්රී දහම් දෙසුම 07.45 – 08.45
දෙමටගොඩ ශාස්ත්රපති රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමියන් විසිනි. |