Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
නිරය(අපාය) දිව්‍යලෝකය යන සංකල්ප දෙක බුදු දහමට අනුව මිනිසාට බෙහෙවින් සමීපවූ විවරණයකි. ඉපැරැණි විහාර ආරාම වල පෙළහර හා ප්‍රථමා ගෘහයෙහි මෙම සංකල්ප දෙක මනාව විවරණය කොට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
වර්තමානිකයන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මුල් කොටගත් විද්‍යාව නිදසුන්කොට තබා ගනිමින් එයින් බාහිර සංකල්ප පිළිගැනීමට මැලිකමක් දක්වයි. බුදුන්වහන්සේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයෙන් ඔබ්බට යමින් අනින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය උපයෝගී කරගනිමින් දහම් මග හෙළි කළහ. ඒ සඳහා උන්වහන්සේ ‘අනුමානය’ පිළිබඳ මූලධර්ම ඉදිරිපත් කරති. (අනුමානය යනු හේතුඵල සිද්ධාන්තය මත පදනම් වූ ස්ථිර නිවැරැදි ඤාණයයි. සිංහලයෙහිදී අනුමානය යන්න ‘සැක සහිත දැනුම’ යන අර්ථයෙන් යෙදේ. එහෙත් පෙරදිග දර්ශන ඉතිහාසයේ අනුමානය යන්න යෙදී ඇත්තේ ප්‍රත්‍යක්‍ෂය මෙන් නිවැරැදි ස්ථිර ඤාණය සඳහා ය.

අපාය සහ දිව්‍යලෝක පිළිබඳ විචිත්‍ර විස්තර ‘පෙතවත්ථු විමාන වත්ථු’ යන ධර්ම ග්‍රන්ථවල ඇතුළත්ව ඇත. එසේම ජාතක කථා මාධ්‍ය කොටගෙන අපාය හා දෙව්ලොව පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇත. මේ සියලු වාර්තා වලට අනුව මිනිසාගේ පැවැත්ම හෙවත් සදාචාරය අනුව නිරයගාමී හා සුගති ගාමී පිළිවෙත සකස්වී ඇත. අපාය සහ දෙව්ලොව මිනිසා සමීපතමව නිර්මාණය වී ඇත. දෙව්ලොවට අධිපති ශක්‍ර පදවිය පවා ලබා ඇත්තේ ‘සක්කචිචං දානං අදාසීති’ සක්කො යනුවෙන් සකසා දන්දීමෙහි විපාකයක් වශයෙනි.

මඝ මාණවක කථා ගුත්තිල ජාතක කථා ආදී සෑම තැනක් හිමි ම යුක්ති ගරුක මිනිසෙකු දේව සංකල්පයට එකතුව ඇත. පෙළ දහමට අනුව අ.නි. පංචක නිපාතයෙහි ‘යථාභූත සුත්‍රා ගත තොරතුරු වලට අනුව ‘යථාභුතං නික්ඛිත්තො නිරයේ’ මරණින් මතු පුද්ගලයෙකු අපාගත වන්නේ ගෙණවූත් වහා තබන්නා සේ උපත, ලබන්නේ සැදැහැසිත් නැතිවීම, පවට ලැජ්ජා සහ බිය නැතිකම, කුසීතකම, මෝඩකම යන මිනිස් චර්යාවන්ය.

දෙව්ලොව ගමනට සාධක වන්නේ සැදැහැති, පවට ලැජ්ජාව හා බිය ඇති වීරිය වත් නැණවතෙකු වූ විටයි. මෙයින් පෙනී යන්නේ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ඉන්ද්‍රියානු බද්ධ සිද්ධාන්තයක් නොවුනත් හේතු ඵල ධර්මානුකූලව අනුමානයෙන් මිනිස් චර්යාව ආශ්‍රයෙන් දෙව්ලොව හා අපාය හඳුනාගත හැකි බවයි.

ප්‍රශ්නය
බෞද්ධ සදාචාරය පිළිබඳව පැන නගින්නා වූ සුවිශේෂයෙන් වැදගත් වන්නා වූ ගැටලු කිහිපයක් ඇත. එයින් ප්‍රධානතම ගැටලුව වන්නේ මිනිසා දෙව්ලොව ගමනට සදාචාර වීමත් දුරාචාරයෙන් නිරයගාමී වන බවත් සිද්ධාන්ත වශයෙන් පිළිගෙන පුද්ගල හේතුවත් මම යන සංකල්පයත්, ඔස්සේ ආත්මවාදී ධර්ම විරෝධී සංකල්පයත් ගොඩ නඟා ගනීද, ආත්ම හෙවත් මාමායනයෙන් තොරව සදාචාරයක හෝ දුරාචාරයක පැවැත්මක් තිබේද – පැහැදිලි කරන්න.

පිළිතුරු
ත්‍රිලක්‍ෂණය හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සිද්ධාන්ත නිසා පුද්ගල හෝ ආත්ම පිළිබඳ සංකල්පයන් බුදුදහම තුළින් ගොඩනැඟිය නොහැකි ය. ඒ අනුව පුද්ගල, ආත්ම ආදී වදන් සම්මුති මාත්‍රයක් පමණි.

පුද්ගලයා යන්න සෑදී ඇත්තේ ස්කන්ධ (ගොඩකොටස්) එක්තැන් වීමෙනි. මෙම ස්කන්ධ (රූප, වෙදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ) එකතු වීමෙන් පුද්ගල සම්මුතිය භාවිතාවට යයි. කොටස් කිහිපයක් (යථා හි අංගාර සම්භාරා හොති සද්දො රථො ඉති) එකතු වීමෙන් කරත්තය යන සම්මුතිය බිහිවේද පුද්ගල සම්මුතිය ද එසේ ය. තවද මෙම ස්කන්ධ (කොටස්) පහම නිරතුරුව විපරි නාමයට (වෙනස්වීමට) භාජනය වෙමින් පවතින බවයි. තත්ත්වය මෙසේ නම් පුද්ගලයෙකු කියා කෙනෙකු නැත්නම් සදාචාරය, පරාථචර්යාව වැනි සිද්ධාන්ත පිළිබඳ ගැටලු මතුවීම නොවැලක්විය හැකි ය. පෞද්ගලික වගකීම පුද්ගල අනන්‍යතාවය, පුද්ගල කර්තෘත්වය සහ සදාචාර බැඳී සිටීම වැනි සංකල්ප පිළිබඳ නව අර්ථ කථනයන් සොයාගත යුතු යි. ආත්මය හෙවත් පුද්ගල සංකල්පය අප පිළිගතහොත් ඉහත සඳහන් ගැටලු පහසුවෙන් විසඳාගන හැකි ය. එහෙත් බුදුදහමට අනුව ආත්මය යන්න කුමන ආකාරයකින් වත් අර්ථ සම්පන්න කරගත නොහැකි අදහසක් බවයි.

තවද අප (අන්තර්වර්තීව) අප තුළටම එබී බලා ඒ තුළ ආත්මය ඇද්දයි සලකා බැලුවොත් අපට දෙන්නේ මොහොතෙන් වේගයෙන් වෙනස් වේගෙන යන සිතුවිලි සහ හැඟීම් ධාරාවන් සමූහයක් පමණි.

පුද්ගලයකු යැයි කෙනෙකු පරමාර්ථ වශයෙන් පවතින්නේ නැතැයි බුදුසමය පවසන අතර ස්කන්ධ පංචකයෙන් සකස්වුනු සම්මුති වශයෙන් පවතින්නාවූ නිසා සංස්කෘත වූ (සකස්කරගත්) පුද්ගලයෙකුගේ පැවැත්ම පිළිගෙන ඇත.

ප්‍රශ්නය
නුවණ ඤාණය සිතෙහි එකඟ බව යහපත් අදහස් වලක්වන ‘පංච නීවරණං’ නමින් කෙලෙස් කරුණු පහක් දහමෙහි සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර
පංච නීවරණානි, නීවරණ පහකි. එනම් කාමච්ඡන්ද නීවරණය, කාම සම්පත් විඳීමට ඇති කැමැත්ත කාම රාගය ව්‍යාපාද ව්‍යාපාද නීවරණය අනර්ථයක් මට කළේ ය. අනර්ථයක් මට කරයි. යනුවෙන් වෛරය, ක්‍රෝධය, ද්වේෂය ව්‍යාපද නීවරණ නමි ගත සිතෙහි හැකිලෙන බව අක්‍රියශීලී බව යනු ථීන මිද්ධ නීවරණය.

උද්ධච්ච කුක්කුච්ච - සිතෙහි නොසන්සුන් බවයි.
විචිකිච්චා - සැකය අවිශ්වාසය
බුද්ධාදී අටතැන්හි සැකය යයි යනුවෙනි.

ප්‍රශ්නය
බුදු දහම ලෞකික මිනිස් ගති ලකුණු අමතක කර දමා ලොකෝත්තර (මරණින් මතු) සුවදායක සිහිනයක් මවන්නක් නොවේ. මෙලොව මිනිසා (සබ්බත්ථමපරාජිතා) ජයග්‍රාහක විය යුතු ය. එය මිනිසා පරිසරය හා පුද්ගල විහරණය අනුව සිදුවන්නකි.

අඹු, සැමි සබඳතාවය බුදු සමය ප්‍රතික්‍ෂේප නොකර අතර එහි අන්තර්ගතය ‘සදාර බ්‍රහ්මචර්ය’ සදාර සන්තුට්ඨි යන සද්ගුණය පැවතිය යුතු ය. ඒ අතර පුරුෂයකු සිත් හද බැඳගන්න මාගමක් කාන්තා ගති ලක්‍ෂණ ද පෙළදහමට එක්ව තිබීම ඉහතින් සඳහන් කළ අඹුසැමි සබඳතාවය දහම පිළිගත් බවට සාධකයකි. නිකායාගත තොරතුරු අනුව කාන්තාවක් පුරුෂයෙකුගේ මන බඳනා කාන්තා ගතිලක්‍ෂණ මොනවාදැයි පහදන්න.

පිළිතුර
(සං.නි. 111 – 288 පිටු) (මාගමක්) කාන්තාවක් පිරිමි අයකුගේ මනාපය සඳහා හේතුවන කරුණු පහකි. (පංචහි අංගෙහි සමන්නාගතො මාගමො පුරිසස්ස මනාපො හොති) එනම් (රූපවා) සුරූපී බව (භොගවා) සම්පත් ඇතිබව (සීලවා) සිල්වත් වීම (දුක්ඛොච හොති අනල සො) කුසීත නොවීම පජඤ්චස්ස ලභති (නොවඳ බව) මෙබඳු කාන්තාවකට බොහෝ පුරුෂ මනාපය ලබාගත හැක.

ප්‍රශ්නය
ධර්මශ්‍රවණයෙහි අරමුණ සූත්‍රාගත තොරතුරු ඇසුරෙන් පහදන්න.

පිළිතුර
පංච ආනිසංසා ධම්ම සවනෙ ධර්ම ශ්‍රවණයෙන් පස් ආකාර ආනිසංසයන් ශ්‍රාවකයාට ලැබෙන්නේ ය. එනම්, (අස්සුතං සුණාති) නො ඇසුදෙය ඇසීම. (සුතං පරියොදපෙති අසා ඇති දෙය පිරිසුදුවීම (කංඛා විරති) සැක දුරු කර ගැනීම (දිටඨිං උජුං කරොති) විශ්වාසය තරවීම (චිත්තං පසීදති) සිත පැහැදීම යන ආනිශංස පහය.

ප්‍රශ්නය
මිනිසා අවනතියට හේතුවන කරුණු පරාභව සුත්‍රාගත දේශනාවලින් පැහැදිලි වෙයි. ඊට අමතරව තමා ආශ්‍රය, නිශ්‍රය පරිසරය හා සමීපතමව පිරිහීමේ කරුණු පෙළදහමට එක්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර
(ඡ පරිහානියා ධම්මා) පුද්ගල පරිහානිය සඳහා යොමුගත කරුණු අතර ප්‍රධාන කරුණු හයක් අටුවා ග්‍රන්ථ වලට එයි.

එයින් පළමුවැන්න ඔලාරික බව යමක් පිළිබඳව කෑදරකම, ඇලීම (කම්මාරමතා) දෙවැන් නම් දොඩමළු, වාචාලකමයි.

(භස්සාරාමතා) නිද්‍රාසීලි බව නින්දට ලොල් බව තෙවැන්නයි. සංගනික, නිරතුරුව සභාසීලී බව සීමා රහිත කථාව (නිද්දාරාමතා සංගනිකා රාමතා) නොහික්මුණු බව, නිරතුරුව එකිනෙකා කෙරෙහි ගැටීම (දොවස්සතා) පවිටු මතිතුරන් ඇතිවීම (පාපමිත්තතා)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.