නාරද හිමි
පරිවර්තනය,
නාරාවිල පැට්රික්
බුදු දහම පරමාර්ථ
සත්‍ය වශයෙන් අනන්‍ය
සත්ත්වයකු හෝ
ස්ථාවර පැවැත්මක් නැතැ යි කියයි. එහෙත් යම් ක්‍රියාවලියක
අවිච්ඡින්නතාවක් නැතැයි නොකියයි.
පුද්ගලයා සඳහා යෙදෙන බෞද්ධ
දාර්ශනික භාෂිතය “සන්තති”යනුයි. එනම් ප්‍රවාහය හෝ
අවිච්ඡින්නතාව
යනුයි. නාම – රූප හෙවත් සිත - කය දෙකින් තොරව, මේ ව්‍යවහාරික ඊනියා
ජීවියා හෙවත් සත්ත්වයා නියෝජනය කරන, එසේ ම ගුප්ත ක්‍රමයක් මගින්, ගුප්ත
ප්‍රභවයකින් මිනිසා විසින් ලබා ගන්නා ලද අමරණීය ආත්මයක හෝ සර්වකාලීන
පරම්පරාවක හෝ පැවැත්මක් වෙතියි බුදුදහම සහතික කරන්නේ නැත.
සර්වකාලීන හෝ අමරණීය ආත්මයක් වනාහි අනිවාර්යයෙන් කවරාකාර හෝ වෙනස්
වීමකින් තොරව සදහට ම එක ම ආකාරයකින් මූර්තිමත් විය යුතු ය. මිනිසාගේ
ජීවය ලෙස සලකනු ලබන ආත්මය අමරණීය වන්නේ නම්, එකල්හි උපත හෝ මරණය යන්නක්
තිබිය නොහැකි ය. එසේ වන්නේ නම්, ආරම්භක අවස්ථාවේ දී, එතරම්
විවිධත්වයකින් නියෝජනය කැරෙන විවිධ පුද්ගල ආකෘති ඇති වූයේ කෙසේ දැයි
කිසිවකුට විග්‍රහ කළ නොහැකි ය.
සදාකාලික ස්වර්ග රාජ්‍යයක් තුළ අනන්ත සෞභාග්‍යයක් සහ සදාකාලික අපායක්
තුළ කෙළවරක් නැති උග්‍ර පීඩනයක පැවැත්ම සාධාරණීකරණය සඳහා අමරණීය
ආත්මයක් ඇතැ යි මුල සත්‍යයක් ලෙස අනිවාර්යයෙන් පිළිගත යුතු වෙයි.
මේ ජීවිතයෙන් වෙනත් ජීවිතයක් වෙත ගමන් කරන ආත්මයක හෝ ජීවයක ආකෘතියක්
හෙවත් මූර්තියක් නොවන්නේ නම්, පුනරුත්පත්තිය යනු කුමක්ද? මෙසේ ප්‍රශ්න
කරන විට පුනරුත්පත්තියක් ලැබීමට තරම් වන යම් කිසිවක් ඇතැයි පිළිගන්නට
සිදුවෙයි. සියවස් කීපයකට පෙර, ‘මම සිතමි, එබැවින් මම වෙමි’ යි තර්ක කරන
ලදී. එහෙත් ඇත්තට ම ‘මමෙක්’ සිටිය යුතු බව පළමුවෙන් ඔප්පු කළ යුතුව
තිබේ. හිරු පෙරදිගින් උදා වෙතියි ද, අපරදිගින් බැස යතියි ද අපි කියමු.
එසේ වෙතත් ඇත්ත වශයෙන් ම එය එසේ නොවන බව සහිතකව අපි දනිමු. අනන්‍ය
හෙවත් එකම තැනක්, එකම පුද්ගලයාට වුවත් දෙවරක් ස්පර්ශ කළ නොහැකි බව අපට
පිළිගන්නට සිදු වෙයි. පෙනෙන හැටියට නම් අපට කළ හැකි යයි හෝ අප එසේ කර
ඇතැයි හෝ සිතෙනු ඇත. (අනාත්ම දර්ශනයට අනුව එසේ කරන්නට හැකි වන පරිදි
ක්ෂණ භංගුර නොවන, ස්ථාවර වූ තැනක් හෝ පුදගලයෙක් යථාර්ථය තුළ නැත්තේ
නොවේ ද? – පරිවර්තක)
හැම දෙයක් ම එසේ වෙනස් වෙයි. ඇයි ද යුත්, අනුගාමී, ක්ෂණයක්, ඇසිල්ලක්
හෝ මොහොතක් අනන්‍ය වශයෙන් අපටත් සාධාරණ හෙයිනි. කීර්තිමත් මනෝ
විද්‍යාඥයෙක් වූ වොට්සන් මෙසේ කියයි. ‘කිසිවෙක් කිසි දාක ආත්මයක්
ස්පර්ශ කර හෙවත් ඉන්ද්‍රිය ගෝචර කර නැත. පරීක්‍ෂණ නළයක් තුළ දැක නැත.
අප අපේ දිනපතා අත්දැකීමට අනුව වාස්ත්වික වශයෙන් ද්‍රව්‍ය ලෝකය සමඟ
සබඳතා පවත්වන පරිදි ආත්මය සමඟ ගනුදෙනු කර නැත.
කෙසේ වෙතත් ආත්මයක පැවැත්ම පිළිබඳ සැක කිරීම මිථ්‍යාදෘෂ්ටියකි. එයින්
යම් විටක එසේ කරන්නා නියතයෙන් උන්මත්තකයකු බවට පත් කරන්නට පුළුවන. අද
පවා සමාජයේ වගකිය යුතු තත්ත්වයක් දරන කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න කරන්නට
තරම් එඩිතර නොවෙති.
ආත්මය පිළිබඳ ප්‍රශ්නයේ දී මහාචාර්ය විලියම් ජේම්ස් මෙසේ ලියයි.
“ ස්චේතනික අත්දැකීම මඟින් සහතික කරන ලද සිද්ධාන්තයට අනුව සලකා බැලීමේ
දී ආත්මවාදී මතය මුළුමනින් ම සීමාන්තික වාදයකි. නිශ්චිත විද්‍යාත්මක
හේතු අනුව එය පිළිගන්නා ලෙස බල කරන්නට කිසිවකුට නොහැකි ය.”
“තව දුරටත් මගේ මේ පොතේ අවස්ථානුකූල විසඳුමක් ලෙස අපේ අවසාන නිගමනය
මෙසේ සටහන් කළ යුතු ය. සිතිවිලි වනාහි තුමු ම සිතන්නෝ ද වෙති.” (එනම්
සිතිවිලි වලින් තොර සිතන්නෙක් නැත – පරිවර්තක)
මේ වනාහි ගංගා මිටියාවතේ මින් වසර 2500 කට පමණ පෙර බුදුන් වහන්සේගේම
හඬෙහි දෝංකාරයකි. බුදුදහම මනසකින් තොර මනෝ විද්‍යාවක් උගන්වමින්, ජීවි
සත්වයා සිත සහ ද්‍රව්‍ය ලෝකය හෙවත් නාම හා රූප ලෙස යෝජනා කරයි. රූප
හෙවත් කායිකත්වය බලය හෙවත් ශක්තිය සහ ගතිගුණ ස්වභාවයෙන් යුක්ත වන අතර
සිත හෝ විඥානය ක්ෂණ භංගුර මනෝ ස්වභාවයෙන් යුක්ත ය.කෙනෙකුගේ
පෞද්ගලිකත්වය වන්නේ, මෙකී ක්‍ෂ්ණ භංගුරත්වයෙන් හෙවත් අහඹු වේගයෙන්
විපරීතත්වයට පත් වන මූල සාධකයන්ගේ සංයෝගයයි.
අපි මහා සාගරය තුළ අපරිමිත ව්‍යාප්තියෙන් සමන්විත ජලස්කන්ධයක් දකිමු.
එහෙත් ඒ සාගර ජලස්කන්ධය අසංඛ්‍ය හෙවත් අගණනීය බිඳිති සම්භාරයෙන්
සංයුක්ත වෙයි.
තවද අනන්ත සංඛ්‍යාත වාලුකා අංශුහු සමුද්‍ර තීරය නියෝජනය කරත්. එහෙත් එය
දකින්නට ලැබෙන්නේ අනන්ත වූ එක ම ස්තරයක් ලෙස යි.
සාගර ජල තරංග පන්තීහු උච්චාවචනය වෙමින් අවුත් සමුද්‍ර තීරයේ ගැටෙති.
එහෙත් යථාර්ථයෙන් කියතොක්, එක ම ජල තරංගයක් වත් වෙරළාසන්නයේ දී සිය
අනන්‍යත්වය සුනුවීසුනු කර ගන්නට නිල්වන් ගැඹුරු මුහුදේ සිට නොඑන්නේම ය.
අපි සිනමා යන්ත්‍රයකින් නිකුත් කැරෙන සංචලිත දර්ශන දකිමු. එහෙත් ඒ
සංචලන නියෝජනය වන්නට නම්, ක්ෂණ භංගුර සංචලන සංහතියක් රිදීතිරය මත
දර්ශනය විය යුතු ය.
මලක සුවඳ රඳා පවතින්නේ සමස්ත විසින් මලෙහි ම හෙයින්, ඒ සුවඳ මල්
පෙත්තෙහි, පුෂ්ප කීලයෙහි හෝ වර්ණයෙහි වෙතියි කියන්නට නොහැකි ය. එසේ ම
කෙනෙකුගේ පෞද්ගලිකත්වය යනු නාම – රූප හෙවත් සිත –කය දෙක්හි සංයෝජනයකි.
එබැවින් ක්ෂණ භංගුරව, අඛණ්ඩව ඇති වෙමින්, නැති වෙමින් යන මනෝ භෞතික
අසිරිමත් සංසිද්ධිය බුදුන් වහන්සේ විසින් ඇතැම් විට ‘මම’ හෝ අත්ත
(ආත්ම) නම් වූ සාම්ප්‍රදායික ව්‍යවහාරයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් එය
ක්‍රියාවලියක් පමණි. මේ කරන ලද පරිදි අනන්‍ය වූවක් නොවේ. එහෙත්
බුදුදහම, ප්‍රත්‍යක්‍ෂ මූලක අර්ථයෙන්, පුද්ගලත්වය පිළිබඳ පැවැත්ම
සාකල්‍යයෙන් ම නැත කියන්නේ නැත. බුදු දහම පරමාර්ථ සත්‍ය වශයෙන් අනන්‍ය
සත්ත්වයකු හෝ ස්ථාවර පැවැත්මක් නැතැ යි කියයි. එහෙත් යම් ක්‍රියාවලියක
අවිච්ඡින්නතාවක් නැතැයි නොකියයි. පුද්ගලයා සඳහා යෙදෙන බෞද්ධ දාර්ශනික
භාෂිතය “සන්තති”යනුයි. එනම් ප්‍රවාහය හෝ අවිච්ඡින්නතාව යනුයි. මේ පාලනය
කළ නොහැකි ‘සන්තතිය, ප්‍රවාහය හෝ කර්මය විසින් තීන්දු කරන ලද මනෝ භෞතික
අසිරිමත් සංසිද්ධිය ආරම්භයකින් තොර අතීතයක් හෝ දිගින් දිගට යන අනාගතයකට
හේතුව තේරුම් ගත නොහැකිව තිබියදී, අනෙක් ආගමික සම්ප්‍රදායයන් තුළ,
ස්ථාවර පරම්පරාවක් හෝ සදාකාලික ආත්මයක් පිළිබඳ ගැටලුවට පිළිතුරක් ලෙස
බෞද්ධ ආදේශකය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙසේ තිබියදී, යළි
උපදින්නට ආත්මයක් නැති කල්හි පුනරුත්පත්තියක් සිදුවිය හැක්කේ කෙසේද?
බුදුදහමට අනුව උපතක් යනු ස්කන්ධයන්ගේ හටගැනීම හෙවත් පහළවීමයි. මේ වනාහි
රූප, වේදනා, සඤ්ඤා, සංඛ්‍යාර සහ විඤ්ඤාණනම් වූ පඤච උපාදානස්කන්ධයන්ගේ
පාතුභාවයයි.
හේතුවක් වශයෙන් පූර්වංගම තත්ත්වයකින්, භෞතික හෙවත් කායික තත්ත්වයකට
යොග්‍ය කොට හටගැනීමක් ඇති වන කල්හි එහි උපතට පෙරටු වූ හේතුව විසින්,
මනෝ භෞතික සංසිද්ධිය උත්පාදනය කරනු ලැබේ. අනුරූපිතය එනම්, හේතුපාදක
ප්‍රතිඵලය හෙවත් උපතේ වර්තමාන (විද්‍යාමාන) ක්‍රියාවලිය වන්නේ
පූර්වගාමී භවය තුළ ක්‍රියාත්මකවීම සඳහා වූ තෘෂ්ණාවේ ප්‍රතිඵලයයි.
ඉක්බිති වර්තමානය නෛසර්ගික තෘෂ්ණාව අනාගත භවයක් තුළ ජීවය තත්ත්වගත
කරයි.
ස්ථාවර අස්තිත්වයකින් තොරව එක් චිත්තක්ෂණයකින් තවත් චිත්තක්ෂණයකට
පිවිසිය හැකි නිසා එක් ජීවන කාලයක් පිළිබඳ ක්‍රියාවලිය සිදුවිය
හැක්කක්ව තිබේ. එබැවින් අන් කිසිවකින් තොරව එක් භවයකින් තවත් භවයකට
සංක්‍රමණය විය හැකි නිසා භව සන්තති ශ්‍රේණියක් පවතින්නට පුළුවන.
බෞද්ධ පුනර්භව දර්ශනය, ආත්මයක සසර ගමන සහ එහි නිත්‍ය භෞතික පුනර්භවය
සූචනය කරවන පුනර්භව සිද්ධාන්තයෙන් විභේදනය කර දැක්විය යුත්තකි.
(මේ පරිවර්තනය 2009.02.24 වැනි දා බුදුසරණ පුවත්පතේ පළවූ පූජ්‍ය නාරද
හිමියන්ගේ What is it that is re – born ලිපියෙනි)
|