වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය - මහණෙනි! මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහි ම මම
ලෝකයත් - ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිණි ප්‍රතිපදාවත්
පනවමි. (සං.නි. රෝහිතස්ස සූත්‍රය ) මෙම සූත්‍රයෙන් ලෝක යන්නෙන් අදහස්
වන්නේ දුක පිළිබඳයි පැහැදිලි කරන්න.
පිළිතුර - එම සූත්‍ර දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ තමන්ගේම උත්තරීතර
ඤාණයෙන් (මයා සම්ම දක්ඛාතො) ප්‍රත්‍යක්ෂ කරගත් (භාවිතො) චතුරාර්ය
සත්‍යය පිළිබඳව දැක්වේ. මේවා සනාතන (සදාකාලික) සත්‍යයන් නිසා කාලයත්
සමග වෙනස් වන්නට ඉඩක් නැත. එමෙන්ම ඒවා (පුබ්බේ අණනුස්සු තෙසු ධම්මේසු).
පෙර නොඇසූ විරූය. ‘දුක්ඛ’ යන්න උසුලා ගැනීම දරා සිටීම, අපහසු බව. යන
අර්ථය ගෙනෙයි. ලෝකය පිහිටා ඇත්තේ දුක මතය. දුක දනවන දෙයෙහි හරවත් දෙයක්
නැත. එහෙයින් එය හිස්ය. පිළිකුල් ජනකය.
ශාරීරික හා මානසික යන දෙයාකාරයක දුක පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළහ.
වද වේදනා ජරාවට පත්වීම, වෙහෙසීම ආදිය වැනි කායික හැකි සියලු වේදනාවන්
ශාරීරික වේදනා. බිය මානසික වශයෙන් වෙහෙසීමට පත්වීම. කනස්සල්ල,
අසහනකාරීබව, තනිවීම සහ වෙනත් බලාපොරොත්තු සුන්වීම්, මානසික වේදනාවන්
වේ. ජීවත්වීම යනු විශාල වශයෙන් හෝ අඩු වශයෙන් දුක් වේදනා විඳ දරා
ගැනීමයි. බුදුන් වහන්සේ පී‍්‍රතිය සතුට පවතින්නේ නැතැයි යන්න මෙහිදී
අවධාරණය නොකෙති. සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති ඉහළම සතුට පස්කම් විඳීමයි.
එබඳු තාවකාලික කාමාස්වාදයෙහි අපේක්ෂාව වින්දනය හා නැවත සිහිපත් කිරීම
යන කවර අවස්ථාවක වුවද මොහොතක සැපතක් ඇතිබව අසත්‍යයක් නොවේ. එහෙත් ඒ
සියල්ල මායාවකි. තාවකාලිකය. බුද්ධ වචනය අනුව විරාගය කාම වස්තූ®න් ගෙන්
වෙන්වීම උතුම්ම සැපතකි.
විශ්වාස කරනවා යයි කියනු ලබන දේ වලට වඩා දන්නා (සම්මදක්ඛාත) සත්‍යය
උතුම්ය. දුකින් පෙළීම යනු සංකල්පයක් නොවේ. එය සත්‍යයකි. දුකින් පෙළීම
ධර්ම ග්‍රන්ථ, වල සඳහන් වී තිබෙන නිසා පමණක් අප පිළිගන්නා විශ්වාසයක්
නොවේ. එය තම තමන්ගේ් පළපුරුද්දෙන් දන්නා අත්දැකීමකි .
ප්‍රශ්නය - තුන්වන ආර්ය සත්‍යය නම් දුක මුළුමනින්ම අවසන් කිරීම වූ
නිර්වාණයයි. බෞද්ධයන්ගේ අවසාන අරමුණ මෙම නිවන් සුවය අත්පත් කර ගැනීමයි.
තෘෂ්ණාව සහමුලින් නිරුද්ධ කිරීමෙන් (උදුරා දැමීමෙන්) එය සාක්ෂාත් කර ගත
හැකිය. නිර්වාණය සාක්ෂාත් කර ගත හැකිවන්නේ සියලු බාහිර වස්තූ®න් කෙරේ
පවත්නා අභ්‍යන්තර ආශාවන් දුරුකර දැමීමෙනි. බෞද්ධයාගේ අවසාන අරමුණ වූ
නිවන් සුවය (නිබ්බාණං පරමංසුඛං) පිළිබඳව පෙළ දහමට අනුව පැහැදිලි කරන්න.
පිළිතුර - ‘නිබ්බාණ’ යන පාලි වචනය නිර්මාණය වී ඇත්තේ මෙසේය. ‘නි’ පූර්ව
‘වාණ’ යන්නේ හි ‘නි’ යන්න නිෂේධනාර්ය (වලක්වන) උපසර්ග පදයකි. ‘වාණ’
යන්නෙහි අරුත ගෙතීම හෙවත් තෘෂ්ණාව යන්නයි. මෙම තෘෂ්ණාව බන්ධනයක්
(ආවලියක් -බැම්මක්) සේ ක්‍රියා කරයි. ‘වාණ’ නම් වූ තෘෂ්ණාවෙන් වෙන්වීම,
ඉවත්වීම යන අර්ථයෙන් එයට ‘නිබ්බාණ’ යැයි කියනු ලැබේ.
බුදු දහමෙහි ඉගැන්වෙන පරම ආගමික නිෂ්ටාව නිවනයි. මේ ගැඹුරු
‘ප්‍රස්තුතය’ සම්බන්ධයෙන් මොන තරම් විවරණ ඉදිරිපත් කළත් පත පොත කියවා
තේරුම් ගැනීම අතිශයින්ම දුෂ්කරයි. බුද්ධ වචනය අතිශයින්ම තර්කානුකූ®ලය.
එහෙත් බුදු සමයෙහි පරම නිෂ්ටාව වූ නිර්වාණය තර්ක විෂය ක්‍ෂේත්‍රයෙන්
පරිබාහිරය.
තෘෂ්ණාවෙන් අප බැඳී සිටින තෙක් නව කර්ම රැස්වන අවස්ථාවක ජාති, මරණ,
සංසාරයෙහි, කවර අවස්ථාවක වුවද ඒවා විපාක දිය යුතුය. සියලු ආකරයේ
තෘෂ්ණාවන් මුලින් උදුරා දමනවිට කර්ම ශක්තිය ක්‍රියාත්මක වීම නැවතී ජාති
ජරා මරණයන් ගෙන් මිදී නිර්වාණය සාධනය වෙයි. ‘සසර මිදීම’ සංසාර
විමුක්තිය පිළිබඳ බෞද්ධ අදහස හුදෙක් පාපයෙන් හා අපායෙන් මිදීම පමණක්
නොව නිරතුරුව ක්‍රියාත්මක වන උපත හා විපත කේන්ද්‍ර කොටගත් සංසාර
චක්‍රයෙන් මිදීමය.
නිවන පිළිබඳ විස්තර කිරීමක්. මිළින්ද ප්‍රශ්නයේ එයි. ඒ අනුව නිවන යනු
නිරෝධයයි. ලොව සියලු අනුනයෝ (අනුවණයෝ) ඉන්ද්‍රිය මගින් පසිඳුරන්
ඇසුරුකොට ලෝක විෂය ආස්වාද කරමින් එහිම ඇලී ගැලී සිටිති. ලෝක විෂය
පසිඳුරන් මගින් ආශ්වාද කිරීම, තෘෂ්ණාව නිසාම වේ. තෘෂ්ණාව නිරෝධය කළේනම්
උපාදන හා භව නිරෝධයත් ඒ හේතුවෙන් පුනර් ජන්ම නිරෝධයත් වේ. මෙසේ සියලු
කෙලෙසුන් නැසීම නිරෝධය නම් වේ. (මිළින්ද පඤ්භ - 251 පිටු)
ප්‍රශ්නය - කෙනෙකු පිරිසුදු වන්නේ හෝ කිළිටි වන්නේ ඔහුගේ සිතුවිලි
නිසාය. (චිත්තෙන සංකිලිස්සති) සිතිවිලි වලින් ඔහුගේ ස්පරූපය විනිශ්චය
වන අතර අනාගතයද හැඩගැසේ. නරක සිතිවිලි නිසා (පදුට්ඨෙනචෙතසා) පුද්ගලයා
පහත්වන අතර හොඳ සිතිවිලි නිසා (පසන්නෙන චෙතසා) ඔහු උසස් වේ. සමහර විට
එක සිතිවිල්ලක් ලොවම විනාශ කිරීමට හෝ රැක ගැනීමට සමත් විය හැකිය. බුදු
දහෙමී සම්මා සංකප්ප සම්මා දිට්ඨි යනුවෙන් එම ප්‍රස්තුත (නිගමන) විවරණය
කොට ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර - මෙහිදී සිතිවිලි (චේතනා) නිවැරැදි බව වටහා ගැනීම පළමුවෙන් කළ
යුතුය. ඒ අනුව නිවැරැදි සිතිවිලි ආකාර තුනක් බව වටහාගත යුතුය. එනම් 1.
නෙක්ඛම්ම සංකප්පය, ලෞකික වූ කාමාස්වාදයන් අත්හැර දැමීම හෝ රාගය
ආත්මාර්ථය, ආත්මමානය, වැනි දේට විරුද්ධ වූ නෛරාත්මය වැඩීම මින් අදහස
වෙයි. (2) අව්‍යාපාද සංකප්ප - මෛත්‍රීය , දයාව, කරුණාව යනු ද්වේෂය,
වෛරය, ක්‍රෝධය වැනිදේට විරුද්ධ සංකල්ප වර්ධනයයි. (3) අවිහිංසා සංකප්ප,
කෲරකම හා රුදුරුකමට ප්‍රතිපක්ෂ අවිහිංසාව හා කාරුණිකත්වය, සහිත
සිතිවිලි වැඩීමයි.
මේ කුසල හා අකුසල සිතිවිලි සියලු දෙනාගේම සිත්තුළ සැඟවී තිබේ. පුහුදුන්
පුද්ගල සන්තානය තුළින් අනපේක්ෂිත අවස්ථාවල පාලනය කරගත නොහැකි තරම්.
වේගයෙන් යුතුව මතුවිය හැකිය. රහත් බව ලබන විට මේවා මුළු මනින්ම නැසීයන
හෙයින් විඤ්ඤණ ස්‍රෝතය සෑම අතින්ම පිරිසිදු වෙයි. මෝහය හා එක්වූ රාගය,
හා ද්වේෂය මේ මුලා වූ ලෝකයෙහි සියලු පාපයන්ගේ මූලික හේතුවයි. සමස්ත
ලෝකයාගේම සතුරා රාගයයි. සත්ත්වයන් වෙත සියලු පාපයන් ළඟා වෙන්නේ රාගය
නිසාය. මෙම රාගයට යම් සම්බාධකයක් එළඹි විට එය ද්වේෂය බවට පරිවර්තනය
වෙයි.
රාගය හා සමාන ගින්නක් නැත
ද්වේශය සමාන ග්‍රහණයක් නැත
මෝහය සමාන දැලක් නැත
තෘෂ්ණාව සමාන නදියක් නැත
බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ ලෝකයෙහි සැපය නම් සියලු කාම
වස්තූන්ගෙන් වෙන්ව ලබන විරාගී සුවයයි.
දෙවන ක්ලේෂය නම් ව්‍යාපාද වශයෙන් හඳුන්වන තරහ, වෛරය, ක්‍රෝධය හෙවත්
ද්වේෂයයි. එය යමෙකුට ඇතිවුවහොත් ඔහු පමණක් නොව අවට සිටින්නෝද එයින්
දැවෙති. සතුරුකම දුරුකිරීම අදහස් වන ‘අව්‍යාපාද’ යන පාලි වචනය ‘මෙත්තා’
නම් ඉතා රම්‍ය ගුණය හා සම්බන්ධ වෙයි. සිංහලෙන් මෛත්‍රීය වන මෙම ගුණය
සියලු ප්‍රාණින්ට හිතමිතුරු බව පැතිරවීම ලෙස දැක්විය හැකිය.
තුන්වන සම්මා සංකප්පය අවිහිංසාව හෙවත් කරුණාවයි. අන්‍යයන්ගේ දුක
දැකීමෙන් යහපත් පුද්ගලයන්ගේ හදවත කම්පාවීම කරුණාවයි. බුදු සමයෙහි
ඉගැන්වෙන මෛත්‍රීය මෙන්ම කරුණාවද අසීමිත ලෙස පතුරුවනු ලබන්නකි. කාරුණික
පුද්ගලයා මලක් මෙන් මුදුය. අනුන් දුක් විඳිනු දැකීම ඔහුට දරාගත
නොහැකිය. යමෙකුගේ සිත ආත්මාර්ථකාමී සිතිවිලි වලින්, වෛරයෙන්,
කුරිරුකමින් තොරද පරාර්ථකාමයෙන්, මෛත්‍රියෙන් හා අහිංසාවෙන් පිරී ඇත්ද
ඒ තැනැත්තා සැනසිල්ලේ ජීවත් වෙයි. එය තමාට මෙන්ම අනුන්ටද ආශිර්වාදයකි.
ප්‍රශ්නය - පෙල දහමට අනුව සද්ගුණවතෙකු සතු ගුණ ධර්ම මොනවාද යන්න
පැහැදිලි කරන්න.
පිළිතුර- ධනය සම්පතකි. එය හුදෙක් භෞතික වූවක්ම නොව බුදු දහමට අනුව
දැහැමි සම්පත් පහක් එකතුව ‘පංච ධනානි’ සද්ගුණවත් ධනවතෙකු හඳුනාගත
හැකිය. එම ගුණදහම් නම් (සද්ධා) ශ්‍රද්ධා ධනය (සීල) ශීල ධනය (සුත)
උගත්කම (චාග) පරිත්‍යාගය (පඤ්ඤා) ප්‍රඥාව.
ප්‍රශ්නය - බෞද්ධ ශ්‍රාවක හැම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහිකළ
යුතු (අභිණ්හං පච්චවෙක්ඛි තබ්බෙ) ධර්ම කරුණු පහක් බුදු හිමියන් විසින්
දේශනා වලදී සඳහන් කොට ඇත. වර්තමානයෙහි දී වුවද මෙබඳු සිහි ගැන්වීම්.
කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම නිතර
සිහිගැන්විය යුතු ධර්මතා මොනවාද?
පිළිතුර - පෙල දහමෙහි (අ.නි. ) පංච අභිණ්හං පච්ච වෙක්ඛිතබ්බං යනුවෙන්
ධර්ම කරුණු පහක් සඳහන්ව ඇත. එනම්, (අහං ජාති ධම්මොමිහි) මම උපත උරුමව
සිටිමි. (ව්‍යාධි ධම්මොම්හි) රෝගී බව උරුම කොට ඇත. (පියෙහි විප්පයොගො)
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම (කම්ම පටිසරණො කළ්‍යාණං වා පාපකංවා) යහපත් හෝ
අයහපත් කර්මය උරුම කොට ඇත්තෙමි. මෙම දහම් නිතර මෙනෙහි කිරීම ත්‍රිවිධ
තෘෂ්ණාව ප්‍රහාණය සඳහා බෙහෙවින් පිටිවහලක් වනු ඇත.
|