ජාත්‍යන්තර වෙසක් උළෙල
මෙවරත් තායිලන්තයේ දී
ශ්‍රී බුද්ධ වර්ෂ 2553 හෙවත් ක්‍රි.ව. 2009 ජාත්‍යන්තර වෙසක් උත්සවය
මෙවරත් තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව
ජාත්‍යන්තර වෙසක් උත්සව සංවිධායක කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත,
හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික
මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලි හිමිපාණෝ පැවසූහ.
ඉතිරිය»
සිරි දළදා පුවත
ලෝකවාසී බෞද්ධ
නරපතීන් හා ජනතාව විසින් අපරිමිත ශ්‍රද්ධා භක්තියෙන් පුදනු ලැබූ
ස්වර්ණාභරණයෙන් වැසුණු මේ දළදා
කරඬුව යට තවත් රන් කරඬු හයක් ඇත. දළදා වහන්සේ වැඩ සිටින්නේ එහි යට ම
පිහිටි කුඩා ම කරඬුවෙහි ය. එය හේමමාලා කුමරිය
දඹදිවින් ගෙන ආ කරඬුව යැයි සැලකෙයි.
ඉතිරිය» දළදා මැඳුර තැනූ නිරිඳුන් වග මෙහෙමයි
දළදා වහන්සේ හිමිකරු රටේ නායකයා ය යනු එදා පිළිගැනීම විය. ඒ අනුව
ඉමහත් ගෞරවයෙන් දළදා හිමි පිළිගත් මායාදුන්නේ රජු කුරුවිට දෙමහල්
දෙල්ගමු විහාරයේ දළදා හිමි තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. 1557 සිට
1592 සීතාවක රාජ්‍යය බිඳ වැටෙන තුරු දෙල්ගමු විහාර දළදා මැඳුරේ දියවඩන
නිලමේ පදවිය දැරුවේ මුලින් කෝට්ටේ දළදා මැඳුරේ අන්තිම වරට දියවඩන නිලමේ
පදවිය දැරූ
හිරිපිටියේ
රාළමය. ඒ බව මේ ආසන්න කල ලියවුණු දළදා පුවත කාව්‍ය
ග්‍රන්ථය
කියයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ලොව දුලබ කරුණ
ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම්
නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය.
ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය,
භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ ,
ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින්
සැනසීමට හේතු වෙයි .
ඉතිරිය»
|