මිරිසවැටිය ළමා සමාජය මගින් සංවිධානය
කළ උපහාර තිළිණ පිරිනැමීමේ උත්සවයක් පසුගියදා
අනුරාධපුරයේදී පැවැත්විණි. එහිදී අටමස්ථානාධිපති ආචාර්ය
පල්ලේගම සිරිනිවාස නා හිමියෝද, ස්වර්ණමාලි
චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝද, මිරිසවැටිය
විහාරාධිකාරී ඊතලවැටුනවැවේ ඤාණතිලක හිමියෝද උපහාර තිළිණ
ලැබූහ. උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල්
දිසානායක මහතා ද එම අවස්ථාවට සහභාගි වූ අතර එහිදී
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත උතුරුමැද
පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් උපහාර
තිළිණය පිරිනැමූ අයුරු මෙහි දැක්වේ.
අනුරාධපුර දිසා විශේෂ වෝල්ටර් දයාරත්න |