Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මියැන්මාරයේ බුදු දහම

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පසුව (308 BC) සෝණ සහ උත්තර යන භික්ෂූන් වහන්සේ ස්වර්ණ භූමිය තැටෝන් (Thaton) නම් ප්‍රදේශයට පැමිණ බුද්ධාගම ප්‍රචලිත කිරීම සඳහා ගී‍්‍රමාශෝක රජු හමුව කරුණූ පැහැදිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගී‍්‍රමාශෝක රජු මෙම ස්ථානය දැක බලා ගෙන සතුටට පත්ව වල් බිහි වූ සියලු ස්ථාන යළි සකස් කර රියන් 40 ක් උස දාගැබක් සහ එයට ගැලපෙන සේ කූ®ඩාරමක හැඩයෙන් වහලක් තනනු ලදීන් යළිත් වරක් භික්ෂු ශාසනය සහ බුද්ධාගම ස්ථාපිත කරන ලද බව කියයි

මැතක් වන තුරුම බුරුමය වශයෙන් හැදින් වූ මියන්මාර් ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය මෙන් 16 ගුණයකින් යුක්ත ප්‍රාන්ත 16 කින් සමන්විතය. ජනගහණය මිලියන 60 කි. සියට 97 ක් බෞද්ධයෝය. ඉන්දීය, මුස්ලිම් සහ වෙනත් සම්භවයන් ඇති අය සියයට 3 කි. බුරුම භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවක් රට තුළ ව්‍යවහාර වන්නේ නැත.

එරට බිම් ප්‍රමාණයෙන් අති විශාල බිම් ප්‍රමාණයක වී ගොවිතැන ප්‍රමුඛ වෙනත්, ශ්‍රී ලංකාවේද වැවෙන කොස්, පොල්, අල, බතල, දෙහි දොඩම් ආදි පලතුරු වර්ග ආදිය දැකිය හැකිය. ඇතැම් ප්‍රදේශ කාන්තාර ස්වභාවයක් ගනී. සියලුම වැසියන් සරළ ජීවිත ගත කරති. ඔවුන්ට ආගමින් බැහැර ජීවිතයක් නැති තරම්ය.

එහි පවතින්නේ හමුදා නිලධාරින් පාලනය කරන රජයකි. නමුත් යටත් පිරිසෙන් එකම හමුදා සෙබෙලෙකුවත් නිල ඇදුමින් සැරසී මහා මාර්ග වල රාජකාරි නොකරති. මාර්ගය අසල පොලිස් ස්ථාන නොමැත. යැන්ගොන් (රැන්ගුන්) සිට මණ්ඩලේ දක්වා මාර්ගයේදී එක් පොලිස් මුර පොලකින් විදේශිකයින්ගේ වීසා බලපත්‍ර පරික්‍ෂා කරනු ලබයි.

සසුන් ගතවීම

සෑම පුරවැසියකුම ළමා කාලය, තරුණ කාලය ඇතුළු මිය යාමට පෙර (මැදි වයසේ) සිට අවස්ථා තුනකදී මහණ දම් රැකිය යුතුය. ළමා කාලය එක් මාසයක් පැවිදි වී සිටිය යුතුව ඇත. මුල් දින 15 පිරිත් තුන් සූත්‍රය සහ වසල සූත්‍රය පාඩම් කළ යුතු අතර, විවාහ ජීවිතයට බල පවත්නා කරුණු සහිත බෞද්ධ ධර්මය ප්‍රගුණ කෙරේ. මෙහිදී ඇති විශේෂත්වය නම් පැවිදි නොවූ තැනැත්තකුට විවාහයට තරුණියක් සොයා ගත නොහැකි වීමය. තෙවන වර පැවිදි වීමෙන් දිගටම අවශ්‍ය නම් සසුන්ගතව සිටීමට පුළුවන.

දන් පිළිගැන්වීම සහ පිණ්ඩපාතය

සෑම උදෑසනකම යැන්ගොන් නගරයේ පමණක් සෑම වයසකම පසුවන භික්ෂූන් වහන්සේ ලක්‍ෂයක් පමණ පිණ්ඩපාතයේ වැඩම කෙරේ. එම සංඛ්‍යාව පාසල් නිවාඩු කාලයේ තවත් වැඩි වන අතර, සමස්ත මියන්මාර් රාජ්‍යයේ දිනකට පිණ්ඩපාතයේ වඩින භික්‍ෂූන් සංඛ්‍යාව ලක්‍ෂ 31 ක් පමණ වේ.

කේශ ධාතුන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 49 වන දින අසිතංජන නුවර පදිංචිව සිටි තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් සහ ඔවුන්ට අයත් ගැල් පන්සියක් සමග ගොස් බුදුරදුන් වැඩ සිටි බෝ රුක මුල වෙතට ගොස් මී පැණි පූජා කරනු ලදීන් උන්වහන්සේ වැළඳීමෙන් පසුව තම සිරසින් කේශ ධාතු අට නමක් ගලවා තපස්සු භල්ලුකයන් වෙත ප්‍රදානය කරන ලද සේක. මෙම කේශ ධාතු රතු මැණික් කරඬුවක තැන්පත් කර ආපසු පැමිණෙන ගමනේ එවකට බුරුම දේශයේ රජකල අප්හත්ත නම් රජතුමා හමුව මේ බව සැළ කරන ලදුව රජුගේ ඉල්ලීමට අනුව කේශ ධාතු දෙනමක් රජුට පිළිගැන්වීය.

නාග රජු - ජයසේන

වෙළද දෙබෑයන් ඔවුන් ගමන් කල නැව් මගින් නෙග්රේස් (Cape Ngeras) වලට පැමිණ එවකට එහි රජ කල නාගරජු ජයසේන වෙතද කේශ ධාතු දෙනමක් පූජා කළ පසු නාග රජු ජයසේනයන් විසින් භූමින්තර ප්‍රදේශයේ පිහිටි නාග රාජ්‍යයට වැඩම කරන ලදී. ඉතිරි ධාතුන් වහන්සේ සිව් නමද මුතු ඇටයක හැඩය ඇති චෛත්‍යයක ආකෘතියක බහා රැගෙන විත් ඒ බව එරට රජ කල ඔක්ක්ලාප(Okkalapa/Ukkapala ) නම් රජුට දන්වා සිටියහ. රජු විසින් ඇත්, අස්,රිය පාබල හමුදා සහිතව පෙරහරින් ගොස් එම චෛත්‍ය පැදකුණු කොට කේශ ධාතුන් වහන්සේ සමග රජු සහ වෙළද දෙබෑයන් ඔවුන්ගේ උපන්ගම වන අසිතංජන ප්‍රදේශයට ගෙන ගොස් සිංගුත්තර නම් අසිතංජනයට නැගෙනහිරින් පිහිටි ටීන්කොතාරා (Theinkothara) නම් කඳුකරයට වැඩම කරන ලදී. මෙම ප්‍රදේශයේ ගෞතම බුදුරදුන්ට පෙර සිටි කකුසඳ බුදුරදුන් ජල පෙරණය, කෝණාගම බුදුරදුන් ගේ සිවුරු, කස්සප බුදුරදුන්ගේ කාර්ය මණ්ඩලය ද සිටි ස්ථානයයි.

මෙම කේශ ධාතූන් වහන්සේ කින්කෝනාරා කදු මුදුනේ රියන් (Cubits) 44x44x44 ප්‍රමාණය කුටියක පුර පසලොස්වක පැවති දිනයකදී ප්‍රදේශයේ රජු වන සක්ක රජතුමා තපස්සු භල්ලුක සහෝදරයින් සමග එක්ව තැන්පත් කලහ. මෙහි ඇති විශේෂත්වයක්ද වේ. එනම් දණහිස දක්වා වූ උසට මෙම කුටිය තුළ නොයෙකුත් වර්ග වලට අයත් මැණික් අතුරා ඇති බව ද මේ මත ස්වර්ණාභරණ වලින් නිම වූ නැවක් යොදා ගෙන සිව් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේ තැන්පත් කරන ලද බව සදහන් වේ.

රත්රන් ආලේපිත ගල් තහඩු මගින් මෙම ධාතුන් වහන්සේ ආවරණය කර රියන් 44 ක් උසින් යුතු රන්, තඹ, ලෝකඩ, යකඩ, කිරිගරුඩ සහ ගඩොලින් නිම කල දාගැබ් ඉදි කරනු ලැබ ඇත.

ලෝක ප්‍රසිද්ධ ස්වේදගොන් චෛත්‍ය

බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කර ඇති බව හා පසුකලෙක චාරිත්‍ර වාරිත්‍ර වල පසුබෑමක් හේතුවෙන් මෙම පූජනීය ස්ථානය තවදුරටත් වන්දනා කිරීමට මිනිසුන් නොපෙළඹීම නිසා මෙම චෛත්‍ය වල් බිහි වීමට භාජනය වී ඇත.

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පසුව (308 BC) සෝණ සහ උත්තර යන භික්ෂූන් ස්වර්ණ භූමිය තැටෝන් (Thaton) නම් ප්‍රදේශයට පැමිණ බුද්ධාගම ප්‍රචලිත කිරීම සඳහා ගී‍්‍රමාශෝක රජු හමුව කරුණූ පැහැදිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගී‍්‍රමාශෝක රජු මෙම ස්ථානය දැක බලා ගෙන සතුටට පත්ව වල් බිහි වූ සියලු ස්ථාන යළි සකස් කර රියන් 40 ක් උස දාගැබක් සහ එයට ගැලපෙන සේ කූ®ඩාරමක හැඩයෙන් වහලක් තනනු ලදීන් යළිත් වරක් භික්ෂු ශාසනය සහ බුද්ධාගම ස්ථාපිත කරන ලද බව කියයි. 1453 - 1472 දී රජ කල බනියා යූ (Bania -U) රජතුමාගේ දියණිය වන ෂින්ෂාවුබු (Shinashawbu) කුමරිය විසින් ඇගේ බරට රත්‍රං ප්‍රදානය කර ස්ෙවිදගොන් චෛත්‍යයට නව මුහුණුවරක් දෙනු ලැබුවාය. තවදුරටත් විහාර භූමියේ නඩත්තුව සදහා හෙක්ටයාර් 9000 (අක්කර 22500) ප්‍රදානය කර ස්ෙවිද ගොස් පරිශ්‍රය ආසන්නයේ පදිංචි වූවාය.

1852 අපේ‍්‍රල් 14 වන දින 18 වන රෝයල් අයිරිෂ් රෙජිමේන්තුවේ කර්නල් කුටි විසින් ආක්‍රමණය කරනු ලැබ ස්ෙවිදගොන් පරිශ්‍රය බ්‍රිතාන්‍ය හමුදා අතට පත්වීමෙන් පසු බුරුම හමුදා නගරය හැර ගියෝය. මෙම දාගැබ අභ්‍යන්තරයට උමං මාර්ගයක් සාදා වෙඩි බෙහෙත් ගබඩාවක් කිරීමට හමුදා ඉංජිනේරුවන්ට අවශ්‍ය වුවද එවකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අග්‍ර ආණ්ඩුකාරයා වූ ඩැල්හවුසි (Dal Hausey)  සාමිවරයා විසින් නිකුත් කරන ලද නියෝගයකින් ලෝක පුජිත ස්ථාන වලට ගර්හා කිරීම, ඒවා අනවශ්‍ය ලෙස පරිහරණය කිරීම දඬුවම් ලැබිය හැකි බරපතල වැරැදි බව ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුව එම අදහස වැලකී ගියේය. යුද්ධය අවසාන වීමෙන් පසුව යැන්ගොන් සහ ස්වේදගොන් පරිශ්‍රයද බ්‍රිතාන්‍යයන්ට අහිමි විය. එහි සිටිතාක් ඔවුන් එය බලකොටුවක් සේ පාවිච්චි කර ඇත. 1878 - 1885 අතර රජ කල කොන්බොන් (Konbaung)  රජු ස්ෙවිදගොන් රාජ්‍ය පාලනයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම මියන්මාර් ජනතා අයිතියට පත් කරන ලදී. බ්‍රිතාන්‍ය පාලනයේ අවුරුදු 80 ක් පමණ කාලයක් පැවති ස්ෙවිද ගොන් පරිශ්‍රය 1929 සැප්තැම්බර් මස යළි ආපසුදීම නිසා 1930 මාර්තු මස 02 වන දින සම්ප්‍රදායක උත්සවයකින් පසුව බටහිර පඩි පෙළ මහජනයා වෙත විවෘත කරනු ලබූහ. ස්ෙවිදගොන් පරිශ්‍රයේ දැන් තත්වයන්ට පෙර භූ චලන, ගිනිගැනීම් වැනි ස්වභාවික ආපදා වලින් වරින් වර හානි පැමිණි නමුත් 1980 -1990 අතර ප්‍රතිසංස්කරණ වලින් පසුව අද වන විට මෙම දාගැබට පරිවාර චෛත්‍ය 6300 ක් ද බුද්ධ ප්‍රතිමා 6000 ක්ද ටොන් 16 ක් බර රන් ආලේපයකින්ද සමන්විත ය. සම්පූර්ණ භූමි ප්‍රදේශය ආරක්‍ෂිත තාප්ප වලින්ද සමන්විතය. කිසිදු සංඝ පරම්පරාවකට මෙහි අයිතියක් නොමැති අතර භික්ෂූන් සතුව ඉඩ කඩම් දේපල වෙහෙර විහාර පූජා භූමි තුළ දේපල අයිතියක් මියන්මාරයේ කිසිදු ප්‍රදේශයක භික්ෂූන්ට අයත් නොවේ. රට වැසියෝ භික්ෂූන් සමග සැමවිටම සමීපව සිටී. බුද්ධ වර්ෂයෙන් 207 - 247 දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද අනුරාධපුර ථූපාරාම දාගැබට සමගාමීව ස්ෙවිදගොන් දාගැබද ප්‍රතිසංස්කරණ කටයුතු වලට භාජනය වී ඇත. .

ඝණ්ඨාරය

ස්ෙවිදගොන් චෛත්‍යයට බටහිර ශාලාවට යාබදව 1776 - 1781 සමයේ රජ කල කොන්බොන් රජ පෙළපතේ 4 වන රජු වන සිංගු නම් රජු විසින් ප්‍රදානය කරන ලද ඝණ්ඨාරය දැකිය හැක. මෙහි බර මෙට්‍රික් ටොන් 24.6 කි . මීටර් 2.1 උසය. මීටර් 2 ක විශ්කම්භයෙන් යුතුය. ඝණකම සෙන්ටිමීටර් 30 කි. 1825 දී මෙය ඉංගී‍්‍රසින් විසින් ඔවුන් උත්සාහයෙන් දිනාගත් තෑග්ගක් වශයෙක් සලකා රැගෙන යාමේදී යැන්ගොන් ගඟට වැටීමෙන් එය අත්හැර දමා යාම නිසා 1826 දී මියන්මාර් ජනතාව විසින් ගොඩ ගෙන නැවත ස්ෙවිදගොන් හි සවි කරන ලදී.

දුටුගැමුණූ සහ අනවරත රජවරුන් (Dutugemunu &Anawratha)  -බගන්

මෙම රජවරුන් දෙදෙනාම අති මිත්‍රයන් වන නමුත් එකිනෙකා කිසි දිනෙක දැක නැත. එහෙත් බගන් ප්‍රදේශයේ රජ කල අනවරත රජු වෙත දුටුගැමුණූ රජතුමාගෙනුත් දුටුගැමුණූ රජ වෙත අනවිරත රජතුමාගෙනුත් තුටු පඩුරු හුවමාරුව සිදු වී ඇත. බගන් ප්‍රදේශයේ ඒරාවතී ගඟ අසබඩ (යැන්ගොන් සිට කිලෝමීටර් 752 ත් පමණ දුරින්) ලෝකානන්ද නම් දාගැබ කරවා දුටුගැමුණූ රජු විසින් ප්‍රදානය කරනු ලැබූ සර්වඥ ධාතුන් එහි තැන්පත් කර ඇත. එසේම දුටුගැමුණු රජතුමා විසින් යවන ලද රුවන්වැලි සෑයේ අනුරුවක් අනවිරත රජතුමාට ඔහුගේ උපන්දිනය දා ලැබුණෙන් ඒ ආකෘතියට අනුව සාදවන ලද චෛත්‍යයට කොත් පැලදවීමට අනවිරත රජතුමාට නොහැකි වී ඇත.

පළමු කේශ ධාතුව තැන්පත් කිරීම

තපස්සු, භල්ලුක, දෙබෑයන් විසින් වැඩම කරන ලද කේශ ධාතුන් වහන්සේ තැන්පත් කරනු ලැබුවේ ඔක්ක්ලා නම් ප්‍රදේශයේය. පසුව එය ඩැගොන් ලෙස සහ හා ඉන් අනතුරුව යැන්ගොන් ලෙසත් සංශෝධනය කරන ලදී. තපස්සු , භල්ලුකගෙන්, වැඩිමහල් සහෝදරයා විසින් ඉදි කරනු ලැබූ (යැන්ගොන් නදිය අසල ) බොටැටොං (Botataung) චෛත්‍යයේ ප්‍රථම වරට තැන්පත් කරනු ලැබූ අතර , තපස්සු භල්ලුක දෙබෑයන් වෙත එක් කේශ ධාතුව බැගින් බෙදා දී ඉතිරි ධාතූන් වහන්සේ යැන්ගොන් හි ටින්කොතාරා කඳු මුදුනේ ස්වේදගොන් හි තැන්පත් කර ඇත.

වෙහෙර විහාර දාගැබ් අතුරින් අති දැවැන්ත භූමි ප්‍රදේශයන් තුළ පවත්නා සෙසු පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කමකින් යුතු බෞද්ධ සංස්කෘතික උරුමයන් මියන්මාරයේ සෑම ප්‍රදේශයකම විසිරී ඇත. මේ අතරින් බෞතගී (Bauthagi)  සුලේ (Sule) ලෝකානන්ද බුපායා (Buphaya) ) මහාමුණී මීටර 65 ක දිගින් යුතු සැතපෙන පිළිම වහන්සේ සහිත මෙවිත්කලා, චීනයෙන් ප්‍රදානය කරනු ලැබූ දන්ත ධාතුන් වහන්සේ සහිත තනි රත්තරනින් නිම කර ඇති බුදු පිළිම වහන්සේ පස්නමක් සහිත සෙවිතෝ විහාරය හි (කබායි) ශ්‍රී මංගල විහාරය අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය සහ මඩිහේ මහා නායක ස්වාමින් වහන්සේලාගේ නියෝජනයක්ද සහිතව පවත්වන ලද 6 වන සංඝායනාව පැවති කෘතිම ගල් ගුහාවක (දැන් ත්‍රිපිටක විභාග පිළිබඳ මධ්‍යස්ථානය) ආනන්ද , චෛත්‍ය, සුල්ලුන්ඒකා) භාවනා මධ්‍යස්ථානය වේ.

මියන්මාර් විශ්වවිද්‍යාල ඉතිහාස පර්යේෂණ මධ්‍යස්ථානයේ සහකාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩෝ මින්ටි මින්ටි (Daw Myint Myint ) මහතා විසින් ප්‍රසිද්ධ කර ඇති ‍ෙස්විදගොන් නැමැති කෘතිය ආශි‍්‍රතව හා ගාල්ලේ භාවනා මධ්‍යස්ථානාධිපති බුරුම භාෂා ප්‍රවීණ මාලිගාවිල අස්සජි ස්වාමින් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙම ලිපිය පිලියෙළ කිරීමට අවශ්‍ය තොරතුරු සටහන් කර ගත් බැවින් ඊට පින්දෙමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.