Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නේපාලයේ බොදු උරුමය

මතු දැක්වෙන ස්ථානවල බෞද්ධ නටබුන් ඇත. තිලඋරාකොට්හි සුද්ධෝදන රජතුමාගේ මාලිග ඇත. එහි සිදුහත් කුමරු ගිගිගෙය අත්හැර මාළිගාවෙන් පිටවූ නැගෙනහිර දොරටුවද ඇත. කුඩාන් තිලඋරාකොට් සිට කිලෝමීටර් 45 ක් දකුණට කසාය ස්තූපයද (භාග්‍යවතුන් වහන්සේ නේපාලයට වැඩි අවස්ථාවේ චීවර පූජා කළ ස්ථානය) පිහිටා ඇත. එහිදී සුද්ධෝදන රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැ දුටුවේ ය. එහි සංඝාරාම වල නටබුන් ද ඇත. ගොට් හාවා තම්ලිහාවා සිට කිලෝමීටර් 3 ක් බටහිරට වූ මෙම ස්ථානය කකුසඳ බුදුරදුන්ගේ ජන්ම භූමිය හා පිරිනිවන් පෑ ස්ථානයයි. මෙහි ක්‍රි.පූ. 6 වැනි සියවසට අයත් ස්තූප හා වෙනත් නටබුන්ද තිබේ. මෙහි අශෝක රජතුමා සිය වන්දනා ගමනේ දී පිහිටවූ කුළුණේ පහත කොටස පමණක් ඇත.

බුදුරජාණන් වහන්සේගේ (සිදුහත් කුමරුගේ) ජන්ම භූමිය නේපාලයේ ලුම්බිණිය වේ. ලුම්බිණියට කිලෝමීටර් 26 ක් උතුරට, සුද්ධෝදන රජතුමාගේ (පියාගේ) රජවාසල නටබුන්ද, ලුම්බිණියට බටහිරට කිලෝමීටර් 56 ක් දුරින් බුදුපියාණන් වහන්සේගේ මෑණියන් වූ මහාමායා දේවියගේ මවුපියන්ගේ කෝලිය රාජධානියේ දෙව්දහ අගනුවර ද පිහිටා ඇත. ලුම්බිණියේ මෑතකදී විදේශ බෞද්ධ සංවිධානවලින් තනන ලද විහාර විසිනවයක් පමණ ද ඇත.


ලුම්බිණි මායාදේවී විහාරය

ඊට අමතරව මතු දැක්වෙන ස්ථානවල බෞද්ධ නටබුන් ඇත. තිලඋරාකොට්හි සුද්ධෝදන රජතුමාගේ මාලිගය ඇත. එහි සිදුහත් කුමරු ගිගිගෙය අත්හැර මාළිගාවෙන් පිටවූ නැගෙනහිර දොරටුවද ඇත. කුඩාන් තිලඋරාකොට් සිට කිලෝමීටර් 45 ක් දකුණට කසාය ස්තූපයද (භාග්‍යවතුන් වහන්සේ නේපාලයට වැඩි අවස්ථාවේ චීවර පූජා කළ ස්ථානය) පිහිටා ඇත. එහිදී සුද්ධෝදන රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැ දුටුවේ ය. එහි සංඝාරාම වල නටබුන් ද ඇත. ගොට් හාවා තම්ලිහාවා සිට කිලෝමීටර් 3 ක් බටහිරට වූ මෙම ස්ථානය කකුසඳ බුදුරදුන්ගේ ජන්ම භූමිය හා පිරිනිවන් පෑ ස්ථානයයි. මෙහි ක්‍රි.පූ. 6 වැනි සියවසට අයත් ස්තූප හා වෙනත් නටබුන්ද තිබේ. මෙහි අශෝක රජතුමා සිය වන්දනා ගමනේ දී පිහිටවූ කුළුණේ පහත කොටස පමණක් ඇත.


හොට්හාවා

නිග්ලිහාවා - තම්ලිහාවා සිට කිලෝමීටර් 7 ක් දුරින් උතුරට පිහිටා ඇත. මෙහි අශෝක රජතුමා තැනූ කුළුණකි. එහි ඇති සෙල්ලිපිය ප්‍රාකාර එම ස්ථානය කෝනාගම බුදුරදුන්ගේ ජන්මභූමියද බුද්ධත්වයට පත් වූ ස්ථානයද වන බැවින් අශෝක රජු එහි තිබූ ස්තූපය දෙගුණයකින් විශාල කළ බැව් ද සඳහන් වේ.

සග්‍රහාව - තම්ලිහාවාසිට කිලෝමීටර් 12 ක් උතුරේ පිහිටි එම ස්ථානය විදුදහ කුමරු ශාක්‍යයන් ක්‍රි.පූ. 6 වැනි සියවස සමුල ඝාතනය ස්ථානයයි.අව්රෝ ර කොට් – තම්ලිහාවාසිට කිලෝමීටර් 10 ක් නැගෙනහිරින් පිහිටි මෙම ස්ථානය කෝනාගමන බුදුන් උපන් නගරය වේ.

දෙව්දහ – ලුම්බිනිය සිට කිලෝමීටර් 56 ක් නැගෙනහිරින් පිහිටි මෙම ස්ථානය මහා මායා දේවියගේ මව්පියන්ගේ කෝලිය ජනපදයේ අගනුවරයි.

රාමග්‍රාම – ජරාහි ගංගාවේ අසබඩ මීටර් 7 ක් පමණ උසැති දැනට නටබුන් සහිත වූ ස්තූපය, කුසිනාරාවේදී ශාක්‍යයන්ට ලැබුණු බුදුරදුන්ගේ ධාතූන් වහන්සේ නිදන් කර තැනූ ස්තූපයයි.


සිදුහත් කුමරු පිට වූ උතුරු දොරටුව

එක්තරා බෞද්ධ වෘතාන්තයක් කියැවෙන නේපාලයේ අගනුවර වන කත්මන්ඩු මිටියාවත ආරම්භවූයේ නැගෙනහිර සිට පැමිණි මන්ජු ශ්‍රී බෝධිසත්වයන් පිළිබඳ කතාවකිනි. සිංහයෙකුගේ පිට පැමිණි; විද්‍යාව හා කලාවේ ආරක්‍ෂකයා වූ ඔහු සිය අසිපතින් එක්වරම නාගවංස ගැඹුරු වැවේ දිය ඉවත් කර මෙම මිටියාවත සැකසූ බවත් කියැවේ. එමෙන්ම හින්දු ආගමික සිද්ධාන්ත අනුව විෂ්ණු, ක්‍රිෂ්ණ දෙවිවරුන් හා මහා භාරත දෘශ්‍ය කාව්‍යයේ වීරයා වූ බිම්සේන මෙහිදී දේවත්වයට පත් වූ බවට ද පිළිගැනීමක් ඇත.

නේපාල රාජධානියේ භූගෝලීය පිහිටීම අනුව දැනට එහි වෙසෙන ප්‍රධානතම ජන වර්ග දෙකකි. නැගෙනහිර සිට නේපාලයට සංක්‍රමණය වූ ඉන්දීය ආභාෂය ලත් මොන්ගෝලියන්වරු වූ නේවාර් ජන කොටසද, බටහිර ඉන්දියාවේ රාජස්තාන් සිට ක්‍රි.ව. 12 වැනි සියවසෙහි පමණ සංක්‍රමණය වූ ආර්ය සම්භවයක් සහිත වූ ගුර්කාස නොහොත් ගොර්කාස් ජනයාද ඒ කොටස් 2 යි.

එවකට වූ වෙනත් ජන කොටස් සමග සම්මිශ්‍රව ඔවුහු ගුර්කාස් ජනතාව බවට පත් වූහ. ගුර්කාවරුන්ගේ (ගුරුක්හාලි වශයෙන් ද හඳුන්වයි) භාෂාව නේපාලි වන අතර නේවාර් ජනයාගේ භාෂාව නේවාරි නොහොත් නේපාල් භාෂාව වෙයි. මෙම භාෂාව තිබ්බත, බුරුම භාෂාවෙහි සම්මිශ්‍රණයක් වන අතර ඉන්දීය භාෂා වචන විශාල ප්‍රමාණයක් ද ඇති බව පෙනේ.

ගුර්කාස්වරු සංක්‍රමණය වූයේ රාජස්තානය මුස්ලිම් ආධිපත්‍යයට 12 වන විසිවසෙහි පත් වූ අවස්ථාවේ ය. එම ජනයා විසින් සිය පැරැණි හින්දු ධර්මයද සංස්කෘතියද නේපාලයට රැගෙන එන ලදී. නේවාර්වරු බෞද්ධයන් වූ අතර ඔවුන් ඇදහූ දහම හින්දු සිව තන්ත්‍ර ධර්මය සමඟ බුදු දහමෙහි සම්මිශ්‍රණයකි. ඒ අනුව ඔවුන්ගේ බොදු දහම වජ්රායනය වේ. තෙවැනි බෞෟද්ධ සංගායනාවෙන් පිළිපන් නේවාර්වරු දේශපාලන වශයෙන් හෝ හමුදා බලයක් වශයෙන් හෝ බලවත් පිරිසක් නොවූ නමුත් ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය හා කලා ශිල්ප ගුර්කාස් වරුන්ට වඩා අතිවිශිෂ්ටය. දැනට නේවාර් ජනගහණය ලක්‍ෂ 5 ක් පමණ වෙයි.


නිග්ලිහාවා

පළමුවන මල්ල රජ දරුවන් දවස සිට (ක්‍රි.ව. 1200 –1480) නේවාර්වරු නේපාලයේ විද්‍යා හා කලා පසුබිම සැකසූ අතර මෙම ශිෂ්ටාචාරය ක්‍රි.ව. 1480 සිට 1768 දක්වා කත්මන්ඩු, පවාන් (ලලිත්පූර්) සහ භත්ගැඩ්න් (භක්තපූර්) හි කේන්ද්‍රගත විය. ජයස්තිති මල්ල රජු (ක්‍රි.ව. 1382 – 95 ) දක්වා රජ කළ නේපාලයේ සංස්කෘත කේන්ද්‍ර ස්ථානය වූ පතාන් නගරය

බෞද්ධ නගරයක් වූ අතර, බටහිර පිහිටි හත්ගඩ්න් මිටියාවත හින්දු සමයේ මූලස්ථානයක් විය. කත්මන්ඩුව. ක්‍රි.ව. 1500 න් පසුව බෞද්ධ හා හින්දුන්ගේ ද දේශපාලන කේන්ද්‍රස්ථානය විය.

හින්දු පාලකයන් නේවාර් සම්භවයක් නොමැති අය වූ අතර ඔවුහු සිය රාජ්‍ය පාලනය ඉන්දීය ආකෘතිය අනුව සකසා ගත්හ. එනමුත් ඔවුහු නේපාල සංස්කෘතිය හා කලාශිල්ප පෝෂණය කළහ.

එනමුත් 1768 දී විවිධ රාජධානි අතර යුද ගැටුම් ඇති වූ අතර මල්ල රාජධානි ගුර්කාස්වරුන් විසින් යටපත් කර ගැනීමෙන් ඉක්බිතිව, ගුර්කාස්වරු නේපාලයේ බටහිර අංශයේ පදිංචි වී, අතිවිශාල විපර්යාසයක් සිදු කළහ. මෙම ගුර්කාස් හින්දුන්ගේ පරපුරේ පළමුවැනි රජ ෂා ප්‍රතිව් නාරායන් (1768 – 75) විය.


සුද්ධෝදන රජ මාළිගය

බෞද්ධයන් වූ නේවාර්වරුන් අතර ධර්ම ධර හා ගුරු වශයෙන් භික්‍ෂූන් වහන්සේ දෙකොටසක් වේ. මෙම දෙකොටස සංස්කෘත භාෂාවෙන් වජ්‍රාචාර්ය යනුවෙන් හඳුන්වයි.

හින්දු බ්‍රාහ්මණ පූජකයන් මෙන් නේපාල භික්‍ෂූහුද, මන්ත්‍ර, දරනි, තන්ත්‍රීය, චාර්ය ගායනය වැනි හින්දු සංකල්පද අනුගමනය කරති. පැවිදි කිරීම් සිදු කරනු ලබනුයේ වජ්‍රාචාර්ය භික්‍ෂූන් විසිනි. හින්දුන් මෙන් නේපාල බෞද්ධයෝ ද, දරුවකු බිහි වූ අවස්ථාවේ පෙකෙනි වැල කැපීම, උපතින් පසුව ශුද්ධ පවිත්‍ර කිරීම හිස් මුදුන බූ ගෑම පිරිම දරුවන්ගේ කුඩා අවධියේදී සිදු කරති. මෙම හිස් මුදුන බූ ගෑම් පිරිමි දරුවන් තුන්වැනි හෝ සත්වැනි වියට පත්වීමෙන් සිදු කරන අතර මෙය ප්‍රවර්ඡාය නොහොත් බෞද්ධයකු වීම ලෙස සලකනු ලැබේ.

මෙම කුල සිරිත සිදු කරනුයේ ළමයාගේ පියාටද ඔහුගේ මුතුන් මිත්තන්ටද එම පුද සිරිත සිදු කළ විහාරයේදීමය. ළමයාට සිවුරු පෙරවූ පසු, විහාරයේම රැඳී සිට දින සතරක් ඔහු පිණ්ඩපාතයේ වඩී. ඉන්පසු ගුරු භික්‍ෂුව දරුවා නැවත ගිහි ජීවිතයට යොමු කරවයි.

පූර්ණ වශයෙන් දීර්ඝ කාලීනව පැවිදි කිරීම් සිදු කරනුයේ ද විහාරයේමය. එසේ පැවිදි කිරීමෙන් අනතුරුව එම සාමණේරයන් වෙත වජ්‍රාචාර්ය චීවරය හා ඉතා ලස්සන ඔටුන්නක්ද පුද පූජාවල යෙදීමට විවිත‍්‍ර චීවරද දකුණතට වජ්‍රයක්ද වම් අතට සීනුවක්ද, පිරිනමනු ලැබේ.මෙම පැවිදි කිරීම් තන්ත්‍ර ක්‍රමයටම අනුකූල වෙයි. දැනුදු නේවාර් බෞද්ධ විහාර වල වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ හඳුන්වනු ලබණුයේ, වජ්‍රාචාර්ය, ශාක්‍ය භික්‍ෂු යනුවෙනි.

වෙනත් භික්‍ෂු පිරිසක් වූ, වෙළඳ කුලයේ තුලාදාර භික්‍ෂූන් නේවාර්වරුන් වුවත් ඔවුනට එම විහාරවලට පිවිසීමට අවසර නොමැති බව කියැවෙයි. බෝධිසත්ව අවලෝකිතේශ්වර (භුමියේ ජනයින්ගේ ආරක්‍ෂක යන අර්ථය දෙන නාමය) නේපාල බොදු දහමේ මත්සයෙන්දුනාත් සහ අචලෝකිතේ ස්වර ලෝකනාථ යනුවෙන් සලකන අතර, මෙම සංකල්ප මත නේපාල බුදු දහම පාදකව ඇති බව පෙනේ.


කුඩාන්

නේපාලයට යසඉසුරු උදාකරනු ලබුයේ යැයි විශ්වාස කරන මෙම බෝධිසත්වයන්ට පුද පූජා පවත්වනුයේ පතාන්හි ‘රතුමත්ස්යෙන්ද්‍රනාත්’ ලෙසත් කත්මණ්ඩුවේ ‘සුදු මත්ස්යේන්ද්‍රනාත්’ ලෙසය.

පතාන්හි මෙම බෝධිසත්වයනට පවත්වන උත්සවය සතියක් පමණ පවත්වනු ලැබේ. එම උත්සවයේදී ඔහුගේ පිළිමයක් උස් රථයක තබා පෙරහරක් වීදි සංචාරය කරයි. මෙයින් වැසි වර්ෂා නියමිත කාලයට ලැබෙන බැව් සැලකේ.

ජනවාරි මස 8 වැනි දින උත්සව හමාර වනුයේ එම බෝධි සත්වයන්ට උඩුකය වස්ත්‍රය පුද පූජා කිරීමට ජනතාවට සැලසීමෙන් ය. කත්මන්ඩුවේ එම උත්සවය හමාර වනුයේ එම පිළිමය ස්නානය කරවීමෙන් ය.

මෙම පෙරහරවල වජ්‍රාචාර්ය භික්‍ෂූහු ගාථා ගායනා කරමින් නටමින් සහභාගි වෙති. මේ අනුව දැනට නේපාල ජාතිකයන්ගේ බොදු දහමත් හින්දු ආගමික වතාවත් අතර ඉතා සමීපත්වයක් පවතී. නේවාර් ජාතික ගිහි බෞද්ධයින් පොහෝ දිනවල සිල් සමාදන් වන අතර දවල් දානය සැපයීමට රජය විහාරවලට මුදල් ආධාර සපයනු ලැබේ.

රාත්‍රී 8.00 ට පමණ එක්තරා කැඳ වර්ගයක් පානය කර සිල් පවාරණය වී සිය නිවෙස් බලා යති. දැනට නේපාලයේ ජනගහණය මිලියන 23 කි. ජනවාර්ගික කොටස් 70 කින් සමන්විතය.

සුප්‍රසිද්ධ කුමාරි විහාරය පිහිටා ඇත්තේ කත්මන්ඩුවේ බසන්තපුර් ගඩ්ඩි බයිතක් ශාලාව අසලය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.